නාහුම් Chapter 2

For English

Read නාහුම් Chapter 2 Online

Read නාහුම් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of නාහුම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නාහුම් and the Holy Bible online.

Choose a Chapter

නාහුම් 2

පරිච්ඡේදය 2

1. කැබෙලිකොට කඩන්නා නුඹේ මුහුණට විරුද්ධව නැගී ආයේය. බලකොටුව රැකවල්කර, මාර්ගය මුරකර, ඉඟටි බලවත්කර, නුඹේ ශක්තිය ඉතා බලවත්කරගන්න.

2. එසේය, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ තේජස මෙන් යාකොබ්ගේ තේජසත් නැවත පිහිටුවනසේක. මක්නිසාද හිස්කරන්නෝ ඒවා හිස්කර, ඒවායේ රිකිලි නාස්තිකළෝය.

3. ඔහුගේ බලවතුන්ගේ පලිස්වලට රතු සායම් පොවා තිබේ, යුද්ධකාර මනුෂ්‍යයෝ රතු වස්ත්‍ර ඇඳගන සිටිති. ඔහුගේ සූදානම්වීමේ දවසේදී රථ වානෙන් දිලිහෙති, දේවදාර හෙල්ලද සොලවන්නේය.

4. රථ වීථිවල වේගයෙන් යති, පළල් මාර්ගවල එහා මෙහා දුවති. ඒවායේ පෙනීම පන්දම් මෙන්ය, ඒවා විදුලි මෙන් දුවති.

5. ඔහු තමාගේ උත්තමයන් සිහිකරයි. ඔව්හු යනකොට පැකිලෙමින් එහි පවුරට ඉක්මනින් යති, මුවාවද පිළියෙළකරනු ලබන්නේය.

6. ගංගාවල දොරටු අරිනු ලැබ, මාළිගාව දියවී තිබේ.

7. හුශබ්* නිර්වස්ත්‍රව ගෙනයනු ලබන්නීය, ඇගේ මෙහෙකාරියෝද තමුන්ගේ ළයට ගසාගනිමින්, පරෙවියන්ගේ හඬින් මෙන් සුසුම්ලති. (* බිසොව)

8. නිනිවය පුරාණයේ සිට වතුර පොකුණක් මෙන් (මිනිසුන්ගෙන්) පිරී තිබුණේය. නුමුත් ඔව්හු පලායති; සිටින්න, සිටින්නය කියන නුමුත් කිසිවෙක් හැරී නොබලයි.

9. රිදී කොල්ලකාගන්න, රන් කොල්ලකාගන්න. වස්තුද නිමක් නැත, අනර්ඝවූ සියලු ආකාර බඩු රාශියක් ඇත්තේය.

10. ඈ හිස්ව ශුන්‍යව පාළුව සිටියි. සිත දියවීමද දණහිස් වෙවුලීමද සියලු තුනටිවල රුජාවද තිබේ, ඔවුන් සියල්ලන්ගේ මුහුණුද සුදුමැලිව තිබේ.

11. සිංහයන්ගේ ගුහාවත් තරුණ සිංහයන්ගේ ගොදුරු ඉඩමත් කොයිද? එහි කිසිවෙකුගෙන් භයක් නොලැබ සිංහයාත් සිංහධේනුවත් සිංහපැටවාත් ඇවිද්දෝය.

12. සිංහයා උගේ පැටවුන්ට සෑහෙන පමණ ගොදුරු ඉරාදී, උගේ සිංහධේනුන්ට සතුන් මරාදී, උගේ ලෙනවල් ගොදුරෙන්ද උගේ ගුහාවල් ගොදුරුවලින්ද පිරෙවුවේය.

13. බලව, මම නුඹට විරුද්ධයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; ඇගේ රථ දවා දුම් කරන්නෙමි, කඩුවද නුඹේ තරුණ සිංහයන් කාදමන්නේය. මම නුඹේ ගොදුර පොළෝතලයෙන් සිඳදමන්නෙමි, නුඹේ පණිවිඩකාරයන්ගේ හඬ තවත් නෑසෙන්නේය.

About නාහුම් Chapter 2

Read නාහුම් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of නාහුම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නාහුම්
Chapter: 2
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නාහුම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නාහුම් Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නාහුම් Chapter 2?

නාහුම් Chapter 2 is part of the Book of නාහුම් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නාහුම් Chapter 2 online for free with easy chapter navigation.

More Chapters from නාහුම්

  1. නාහුම් Chapter 1
  2. නාහුම් Chapter 3

Explore More from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 39
  2. 2 ලේකම් Chapter 26
  3. යෙරෙමියා Chapter 15
  4. නෙහෙමියා Chapter 4
  5. යෝෂුවා Chapter 21
  6. ගීතාවලිය Chapter 63
  7. සෙකරියා Chapter 10

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 69
  2. ගීතාවලිය Chapter 54
  3. නෙහෙමියා Chapter 10
  4. දේශනාකාරයා Chapter 10
  5. උත්පත්ති Chapter 3
  6. එසකියෙල් Chapter 29
  7. දේශනාකාරයා Chapter 8
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *