Read 2 ලේකම් Chapter 10 Online
Read 2 ලේකම් Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 ලේකම් and the Holy Bible online.
Choose a Chapter
2 ලේකම් 10
පරිච්ඡේදය 10
1. තවද රෙහොබොවම් ෂෙකෙම්ට ගියේය. මක්නිසාද ඔහු රජකමට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරු ෂෙකෙම්ට ආවෝය.
2. සාලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නබොත්ගේ පුත්‍රවූ යෙරොබොවම් මිසරයේදී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේය.
3. ඔව්හු පණිවිඩයක් යවා ඔහු ගෙන්වාගත්තෝය; එවිට යෙරොබොවම්ද සියලු ඉශ්‍රායෙල්වරුද ඇවිත් රෙහොබොවම්ට කථාකොට:
4. ඔබගේ පියාණෝ අපේ වියගහ බර කළහ. ඒ නිසා ඔබගේ පියාණන්ගේ අමාරු සේවයද ඔහු අප පිට තැබූ ඔහුගේ බර වියගහද සැහැල්ලුකළ මැනවි, එවිට අපි ඔබට සේවයකරන්නෙමුයයි කීවෝය.
5. ඔහුද: ඔබ සැම තුන් දවසකින් නැවත මා ළඟට එන්නැයි ඔවුන්ට කීවේය. සෙනඟ ගියෝය.
6. රෙහොබොවම් රජ තමාගේ පියවූ සාලමොන් ජීවත්ව සිටියදී ඔහු ඉදිරියෙහි සිටි වැඩිමහල්ලන් සමඟ මන්ත්‍රණයකරමින්: මා විසින් මේ සෙනඟට උත්තරදෙන පිණිස ඔබ සැම මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඇසුවේය.
7. ඔව්හුද: ඔබ මේ සෙනඟට කරුණාවන්තව, ඔවුන් ප්‍රසන්නකොට, ප්‍රිය වචන ඔවුන්ට කථාකළොත්, ඔවුන් සෑම කල්හිම ඔබගේ මෙහෙකරුවන් වෙනවා ඇතැයි ඔහුට කීවෝය.
8. එහෙත් වැඩිමහල්ලන් ඔහුට දුන්නාවූ දැනමිතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණාවූ තමා ඉදිරියෙහි සිටි තරුණයන් සමඟ මන්ත්‍රණයකරමින්:
9. ඔබගේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනවැයි මට කීවාවූ මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ සැම මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසුවේය.
10. ඔහු සමඟ වැඩුණ තරුණයෝ ඔහුට කථාකොට: ඔබගේ පියාණෝ අපේ වියගහ බරකළහ, එහෙත් ඔබ ඒක අපට සැහැල්ලුකළ මැනවැයි කියා ඔබට කීවාවූ ඒ සෙනඟට ඔබ කථාකොට-මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ හුළගිල්ල ලොකුය.
11. මාගේ පියාණෝ ඔබ සැම පිට බර වියගහක් තැබුවාහ, මම ඔබ සැමගේ වියගහ වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් ඔබ සැමට දඬුවම්කළහ, මම වනාහි ඔබ සැමට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කිය යුතුයයි කීවෝය.
12. තුන්වෙනිදා නැවත මා ළඟට එන්නැයි රජ කී හැටියට යෙරොබොවම්ද මුළු සෙනඟද තුන්වෙනිදා රෙහොබොවම් ළඟට ආවෝය.
13. රජ ඔවුන්ට රළු ලෙස උත්තරදෙමින්, වැඩිමහල්ලන්ගේ මන්ත්‍රණය අත්හැර,
14. තරුණයන්ගේ මන්ත්‍රණය ප්‍රකාර ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ ඔබ සැමගේ වියගහ බරකළහ, මම එය වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් ඔබ සැමට දඬුවම්කළහ, මම ඔබ සැමට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කීවේය.
15. මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ෂිලොනිය අහියා ලවා නබොත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ට කියෙවු ස්වකීය වචනය ඉෂ්ටකරන පිණිස ඒ කාරණය දෙවියන්වහන්සේගෙන් පැමුණුණේය.
16. සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, ඔබ සැමගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්නි, ඔබේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.
17. නුමුත් යුදා නුවරවල විසූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි රෙහොබොවම් රජකම්කෙළේය.
18. එවිට රෙහොබොවම් රජ රාජකාරියේ මුලාදෑනියාවූ හදොරාම් යැවුවේය; ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔහුට ගල්ගසා ඔහු මැරුවෝය. එවිට රෙහොබොවම් රජ යෙරුසලමට පලායන පිණිස ඉක්මනින් රථයට නැගුණේය.
19. මෙසේ අද දවස දක්වා තිබෙන පරිදි ඉශ්‍රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධව කැරළිගැසූහ.
About 2 ලේකම් Chapter 10
Read 2 ලේකම් Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 2 ලේකම්
Chapter: 10
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 2 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
- 📱 Hindi Android Bible App
- 📱 Hindi Christian Songs from waytochurch
- 📖 Read on Malayalam Christian Songs – madely
Continue Reading the Bible
Continue reading 2 ලේකම් Chapter 10 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 2 ලේකම් Chapter 10?
2 ලේකම් Chapter 10 is part of the Book of 2 ලේකම් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 2 ලේකම් Chapter 10 online for free with easy chapter navigation.
More Chapters from 2 ලේකම්
- 2 ලේකම් Chapter 3
- 2 ලේකම් Chapter 18
- 2 ලේකම් Chapter 20
- 2 ලේකම් Chapter 28
- 2 ලේකම් Chapter 16
- 2 ලේකම් Chapter 12
- 2 ලේකම් Chapter 11
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 59
- ගීතාවලිය Chapter 124
- මීකා Chapter 3
- යෙරෙමියා Chapter 31
- යෙසායා Chapter 11
- යෙරෙමියා Chapter 30
- 2 රාජාවලිය Chapter 5