Read උත්පත්ති Chapter 15 Online
Read උත්පත්ති Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 15
පරිච්ඡේදය 15
1. මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; ඔබේ පලිහද ඔබේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.
2. ආබ්‍රම් කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, මට දරුවෙක් නැත, දමස්කයේ එලියේසර් මාගේ උරුමක්කාරයා වෙන්ට සිටින්නේය, ඉතින් ඔබ මට කුමක් දෙනසේක්දැයි කීය.
3. ආබ්‍රම්ද: බැලුව මැනව, ඔබවහන්සේ මට කිසි දරුවෙකු නුදුන්සේක; මාගේ ගෙදර උපන් කෙනෙක් මාගේ උරුමක්කාරයායයි කීය.
4. එවිට ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ: මොහු ඔබේ උරුමක්කාරයා නොවන්නේය; ඔබ තුළෙන් නික්මෙන කෙනෙක්ම ඔබේ උරුමක්කාරයා වන්නේයයි කීය.
5. උන්වහන්සේ ඔහු පිටතට කැඳවා: අහස දෙස බලා තාරකා ගණන්කළ හැකි නම් ඒවා ගණන් කරන්නැයි කීසේක; ඔබේ වංශයද එසේම වන්නේයයි ඔහුට කීසේක.
6. ඔහු ස්වාමීන්වහන්සේ විශ්වාසකෙළේය; උන්වහන්සේ ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණන්ගත්සේක.
7. උන්වහන්සේ ඔහුට කථාකොට: මම වනාහි මේ දේශය උරුමකරගන්ට ඔබට දෙන පිණිස ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරින් ඔබ ගෙනාවාවූ ස්වාමීන්වහන්සේයයි ඔහුට කීසේක.
8. ඔහුද: ස්වාමීවූ දෙවියන්වහන්ස, ඒක මට උරුම වෙන බව කුමකින් දැනගන්නෙම්දැයි කීය.
9. උන්වහන්සේ ඔහුට කථාකොට: තුන් අවුරුදු ගොන්නෑම්බියෙකුත් තුන් අවුරුදු එළුදෙනකුත් තුන් අවුරුදු බැටළුවෙකුත් කොබෙයියෙකුත් පරෙවි පැටවෙකුත් මට ගෙනෙන්නැයි කීසේක.
10. ඔහු ඒ සියල්ලන් ගෙනැවිත් උන් දෙපළුකොට පළුවක් ඉදිරිපිට අනික් පළුව බැගින් තැබීය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළුකළේ නැත.
11. ගිජු පක්ෂීහු වනාහි මළකුණු පිටට බැස්සෝය, ආබ්‍රම් උන් එළෙවුවේය.
12. ඉර බස්නා කල බරවූ නින්දක් ආබ්‍රම් කෙරෙහි පැමුණුණේය; බලව, භයංකරකමක්ද මහත් අන්ධකාරයක්ද ඔහු කරා පහළවිය.
13. උන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: ඔබේ වංසය තමන්ට අයිති නැති දේශයෙක්හි විදේශිවන බවද ඔවුන්ට මෙහෙකරන බවද ඔවුන් අවුරුදු හාරසියයක් ඔවුන්ට පීඩාකරන බවද සැබවින් දැනගන්න.
14. තවද ඔවුන් මෙහෙකරන්නාවූ ඒ ජාතිය මම විනිශ්චයකරන්නෙමි; ඉන්පසු ඔව්හු බොහෝ සම්පත් ඇතුව පිටත්ව එන්නෝය.
15. එහෙත් ඔබ සමාදානයෙන් ඔබේ පියවරුන් වෙතට යන්නෙහිය; හොඳ මහලු වයසේදී තැන්පත්කරනු ලබන්නෙහිය.
16. සතරවෙනි පරම්පරාවේදී ඔව්හු නැවත මෙහි එන්නෝය; මක්නිසාද ආමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ නැතැයි කීසේක.
17. තවද ඉර බැස අඳුරුවූ කල, බලව, දුම් නගින උදුනක්ද ඒ පළු මැදින් යන්නාවූ දැල්වෙන ගිනිහුලක්ද පෙනුණේය.
18. ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරමින්: මිසරයේ ගංගාව පටන් මහත් ගංගාව, එනම්, ප්‍රාත් ගංගාව දක්වා තිබෙන්නාවූ
19. කේනිවරුන්ද කෙනිස්සිවරුන්ද, කද්මොනිවරුන්ද
20. හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද රෙඵාවරුන්ද
21. අමෝරිවරුන්ද කානානිවරුන්ද ගිර්ගාෂිවරුන්ද යෙබූසිවරුන්ද සන්තක මේ දේශය ඔබේ වංශයට දුනිමියි කීසේක.
About උත්පත්ති Chapter 15
Read උත්පත්ති Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 15
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 15 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 15?
උත්පත්ති Chapter 15 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 15 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 19
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 33
- උත්පත්ති Chapter 22
- උත්පත්ති Chapter 35
Explore More from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 16
- යෝබ් Chapter 16
- ගීතාවලිය Chapter 146
- හිතෝපදේශ Chapter 31
- හිතෝපදේශ Chapter 17
- යෝබ් Chapter 17
- 2 සාමුවෙල් Chapter 3