1 රාජාවලිය Chapter 1

For English

Read 1 රාජාවලිය Chapter 1 Online

Read 1 රාජාවලිය Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 රාජාවලිය and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

1 රාජාවලිය 1

පරිච්ඡේදය 1

1. දාවිත් රජ මහලුව වයස්ගතව සිටිය කල වස්ත්‍රවලින් වසනු ලැබූ නුමුත් ඔහුට උණුහුම ලැබුණේ නැත.

2. එබැවින් ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: රජ්ජුරුවන් ඉදිරියෙහි සිටීමටත් ඔබට සාත්තුකාරියක් වී අපේ ස්වාමිවූ රජ්ජුරුවන්ට උණුහුම ලැබෙන පිණිස ඔබගේ ළයෙහි සැතපීමටත් සුදුසුවූ තරුණ කන්‍යාවක් අපේ ස්වාමිවූ රජ්ජුරුවන්ට සොයාදෙන්ට අපට අවසර ලැබේවයි කීවෝය.

3. ඔව්හු ශෝභන තරුණියෙකු සියලු ඉශ්‍රායෙල් සීමා තුළ සොයා ෂුනම්මිය අබිෂග් සම්බවී ඈ රජු ළඟට ගෙනාවෝය.

4. තරුණියද ඉතා ශෝභනව සිටියාය; ඈ රජුට සාත්තුකාරියක් වී ඔහුට මෙහෙවර කළාය. එහෙත් රජ ඈ නොහැඳින්නේය.

5. එකල හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා: මම රජවෙමියි කියා තමාම උසස්කරගෙන රථද අසරුවන්ද තමාට පෙරටුව දුවන පිණිස මනුෂ්‍යයන් පනස්දෙනෙක්ද සපයාගත්තේය.

6. ඔබ මෙසේ කළේ මන්දැයි කියා ඔහුගේ පියා කවදාවත් ඔහුට සැරකළේ නැත. තවද ඔහු ඉතා ශෝභමාන මනුෂ්‍යයෙක් විය; ඔහු අබ්සලොම්ට පසුව උපන්නේය.

7. ඔහු ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සහ අබියාතර් පූජකයා සමඟ මන්ත්‍රණයකෙළේය. ඔව්හු අදොනියාට පක්ෂව ඔහුට උපකාරකළෝය.

8. නුමුත් ශාදොක් පූජකයාද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අනාගතවක්තෘවූ නාතාන්ද ෂිමෙයිද රේයිද දාවිත්ට අයිති බලවන්තයෝද අදොනියා සමඟ නොවූහ.

9. අදොනියා ඒන්-රොගෙල් ළඟ තිබෙන සොහෙලෙත් ගල ළඟදී බැටළුවන්ද හරකුන්ද තර වස්සන්ද මරා රජුගේ පුත්‍රයන්වූ තමාගේ සියලු සහෝදරයන්ද රජුගේ සේවකයන්වූ සියලු යුදා මනුෂ්‍යයන්ද කැඳෙවූවේය.

10. නුමුත් ඔහු අනාගතවක්තෘවූ නාතාන්ද බෙනායාද බලවන්තයන්ද තමාගේ සහෝදරවූ සාලමොන්ද කැඳෙව්වේ නැත.

11. එවිට නාතාන් සාලමොන්ගේ මව්වූ බැත්-ෂෙබාට කථාකොට: අපේ ස්වාමිවූ දාවිත් නොදැනුවත්ව හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා රජවී සිටින බව ඔබට සැලනොවීද?

12. එබැවින් ඔබේ ජීවිතයත් ඔබේ පුත්‍රවූ සාලමොන්ගේ ජීවිතයත් ඔබ විසින් ආරක්ෂාකරගන්න පිණිස ඔබට දැනමුතුකමක් දෙන්ට මට අවසර ලැබේවා.

13. ඔබ ගොස් දාවිත් රජු ළඟට පැමිණ ඔහුට කථාකොට: මගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි-සැබවින් ඔබේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජවී ඔහු මාගේ සිංහාසනය පිට හිඳගන්නේය කියා ඔබගේ මෙහෙකාරීට ඔබ දිවුරුම් දුන්නා නොවේද? එසේවීනම් අදොනියා රජ වී සිටින්නේ මන්දැයි ඔහුට කියන්න.

14. ඔබ එහි රජ්ජුරුවන් සමඟ කථාකරද්දීම මමත් ඔබට පසුව ඇවිත් ඔබේ වචන ස්ථිර කරන්නෙමියි කීවේය.

15. බැත්-ෂෙබා ඇතුල්ගෙයි සිටි රජු ළඟට ගියාය. රජ ඉතා මහලුව සිටියේය; ෂුනම්මිය අබිෂග් රජුට මෙහෙකරමින් සිටියාය.

16. බැත්-ෂෙබා නැමී රජුට වැන්දාය. ඔබට ඕනෑ මොකදැයි රජ ඇසුවේය.

17. එවිට ඈ: මාගේ ස්වාමිනි, ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔබගේ මෙහෙකාරීට ඔබ දිවුරමින්-සැබවින් ඔබේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජ වී මාගේ සිංහාසනය පිට හිඳගන්නේයයි කීවෙහිය.

18. එහෙත් දැන් අදොනියා රජව සිටියි. මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබ එය නොදන්නෙහිය.

19. ඔහු හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද පූජකවූ අබියාතර්ද සේනාපතිවූ යෝවාබ්ද කැඳෙව්වේය. නුමුත් ඔහු ඔබගේ සේවකයාවූ සාලමොන් කැඳෙවුවේ නැත.

20. ඉතින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබට පසුව මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ සිංහාසනය පිට හිඳගත යුත්තේ කවුද කියා ඔබ විසින් ඉශ්‍රායෙල්වරුන්ට දන්වනවා ඇත කියා ඔවුන් සියල්ලෝ බලා සිටිති.

21. එසේ නොකළොත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමන්ගේ පියවරුන් සමඟ සැතපුණාම මාද මාගේ පුත්‍රවූ සාලමොන්ද වරදකාරයන් වෙනවා ඇතැයි ඔහුට කීවාය.

22. ඈ රජු සමඟ කථාකරද්දීම අනාගතවක්තෘවූ නාතාන් ඇතුළට ආයේය.

23. අනාගතවක්තෘවූ නාතාන් ඇවිත් ඉන්නේය කියා රජුට දැන්වූ කල ඔහු රජු ඉදිරියට ඇවිත් මුහුණින් බිමට නැමී රජුට වැන්දේය.

24. නාතාන් කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, අදොනියා මට පසුව රජ වී මාගේ සිංහාසනය පිට හිඳගත යුතුය කියා ඔබ කීයෙහිද?

25. මක්නිසාද ඔහු අද බැස ගොස් හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද සේනාපතීන්ද පූජකවූ අබියාතර්ද කැඳෙවුවේය; ඔව්හු ඔහු ඉදිරියෙහි කා බී-අදොනියා රජු සැරදේවයි කියති.

26. නුමුත් ඔහු මා, එසේය, ඔබගේ මෙහෙකරුවූ මාද පූජකවූ ශාදොක්ද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද ඔබගේ මෙහෙකරුවූ සාලමොන්ද කැඳෙවුවේ නැත.

27. මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට පසු ස්වකීය සිංහාසනයෙහි හිඳගත යුත්තේ කවුද කියා ඔබගේ මෙහෙකරුවන්ට නොදන්වා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් විසින් මේ දේ කරනලද්දේදැයි ඇසුවේය.

28. එවිට දාවිත් රජ උත්තරදෙමින්: බැත්-ෂෙබා මා ළඟට කැඳවාගෙන එන්නැයි කීවේය. ඈ රජු වෙතට ඇවිත් රජු ඉදිරියෙහි සිටියාය.

29. එවිට රජ කථාකොට: සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය මිදුවාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම,

30. සැබවින් ඔබේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජ වී මා වෙනුවට මාගේ සිංහාසනයෙහි හිඳින්නේය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් මා විසින් ඔබට දිවුරුම් දුන් ලෙසම සැබවින් අද දවසේ කරමියි කියා දිවුළේය.

31. එවිට බැත්-ෂෙබා මුහුණින් බිමට නැමී රජුට වැඳ: මාගේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවෝ සදහටම ජීවත්වේවයි කීවාය.

32. තවද දාවිත් රජ: ශාදොක් පූජකයාත් නාතාන් අනාගතවක්තෘත් යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාත් මා ළඟට කැඳවාගෙන එන්නැයි කීවේය. ඔව්හු රජු ඉදිරියට ආවෝය.

33. රජද: ඔබ සැමගේ ස්වාමිහුගේ සේවකයන් කැඳවාගන මාගේ පුත්‍රවූ සාලමොන් මාගේම අශ්වතරයා පිට නංවාගන ගීහොන්ට යන්න.

34. එහිදී ශාදොක් පූජකයා සහ නාතාන් අනාගතවක්තෘ ඔහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේප කෙරෙත්වා. ඔබ සැමත් හොරණෑව පිඹ-සාලමොන් රජු සැරදේවයි කියන්න.

35. එවිට ඔබ සැම ඔහු අනුව නැගී එන්න, ඔහුද ඇවිත් මාගේ සිංහාසනය පිට හිඳ ගනීවා; ඔහුම මා වෙනුවට රජ වන්නේය. ඔහු ඉශ්‍රායෙල්වරුන්ද යුදාවරුන්ද කෙරෙහි අධිපතියා කොට පත්කෙළෙමියි ඔවුන්ට කීවේය.

36. එවිට යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා රජුට උත්තරදෙමින්: ආමෙන්. මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේත් එසේ කියනසේක්වා.

37. ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ සිටියාක් මෙන්ම සාලමොන් සමඟත් සිට ඔහුගේ සිංහාසනය මාගේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවන්ගේ සිංහාසනයටත් වඩා උතුම් කරනසේක්වයි කීවේය.

38. මෙසේ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුද පෙලෙතිවරුද බැස ගොස් දාවිත් රජුගේ අශ්වතරයා පිට සාලමොන් නංවාගන ගීහොන්ට ගියෝය.

39. ශාදොක් පූජකයා කූඩාරමෙන් තෙල් කුලාව රැගෙන ගොස් සාලමොන් ආලේපකෙළේය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝය; මුළු සෙනඟද: සාලමොන් රජු සැරදේවයි කීවෝය.

40. මුළු සෙනඟ ඔහු අනුව ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම්වූ ඔවුන්ගේ ශබ්දයෙන් මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණෝය.

41. එවිට ඔවුන් කා තීන්දුවෙන කොටම අදොනියාටද ඔහු සමඟ කෑමට ඇවිත් සිටි සියල්ලන්ටද ඒ ඇසුණේය. යෝවාබ් හොරණෑ ශබ්දය අසා: නුවර කලඹන මේ ඝෝෂාව මොකක් නිසාදැයි ඇසීය.

42. ඔහු කථාකරද්දීම අබියාතර් පූජකයාගේ පුත්‍රවූ යොනාතාන් ආයේය. එවිට අදොනියා කථාකොට: ඇතුළට එන්න; ඔබ විශ්වාස මනුෂ්‍යයෙක්ය, ඔබ හොඳ ආරංචි ගෙනෙනවා ඇතැයි ඔහුට කීවේය.

43. යොනාතාන් උත්තරදෙමින්: නැත, අපේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවෝ සැබවින් සාලමොන් රජකමට පත්කළාහ.

44. රජ ඔහු සමඟ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද යැවුවේය, ඔව්හු රජුගේ අශ්වතරයා පිට ඔහු නැංගෙවුවෝය.

45. ශාදොක් පූජකයා හා නාතාන් අනාගතවක්තෘ ගීහොන්හිදී ඔහු රජකොට ආලේපකළෝය. නුවර පිළිරුව්දෙන තරම් ඔව්හු ප්‍රීතිවෙවී එතැනින් නැගී ආවෝය. ඔබ සැමට ඇසුණු ඝෝෂාව ඒකය.

46. තවද සාලමොන් රාජ සිංහාසනය පිට හිඳින්නේය.

47. ඇරත් රජුගේ සේවකයෝ අපේ ස්වාමිවූ දාවිත් රජුට ආශීර්වාදකරන්ට ඇවිත්-දෙවියන්වහන්සේ සාලමොන්ගේ නාමය ඔබගේ නාමයට වඩා උසස්කර ඔහුගේ සිංහාසනය ඔබගේ සිංහාසනයට වඩා උතුම්කරනසේක්වයි කීවෝය. රජද යහන පිටදී නමස්කාර කෙළේය.

48. තවද රජ කථාකොට: මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනයෙහි හිඳගැනීමට කෙනෙකු දුන්නාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවයි කීයේයයි අදොනියාට කීවේය.

49. එවිට අදොනියා සමඟ කෑමට ඇවිත් සිටි සියල්ලෝම භයපත්වී නැගිට එකිනෙකා තම තමාගේ ස්ථානයට ගියෝය.

50. අදොනියා සාලමොන්ට භයින් නැගිට ගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය.

51. අදොනියා සාලමොන් රජුට භයවී-සාලමොන් රජු තමාගේ මෙහෙකරුවා කඩුවෙන් නොමරන ලෙස අද මට දිවුරාවායි කියමින් පූජාසනයේ අං අල්ලාගෙන සිටීයයි සාලමොන්ට දන්වනලද්දේය.

52. සාලමොන්ද: ඔහු විශ්වාස මනුෂ්‍යයෙක් බව පෙනුණොත් ඔහුගේ හිසකෙසක්වත් බිම නොවැටෙන්නේය. නුමුත් ඔහු අත නපුරුකම සම්බවුණොත් ඔහු නසින්නේයයි කීවේය.

53. එවිට සාලමොන් රජ මිනිසුන් යවා ඔහු පූජාසනය ළඟින් ගෙන්විය. ඔහු ඇවිත් සාලමොන් රජුට වැන්දේය. සාලමොන්ද: ඔබේ ගෙට යන්නැයි ඔහුට කීවේය.

About 1 රාජාවලිය Chapter 1

Read 1 රාජාවලිය Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 රාජාවලිය
Chapter: 1
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 රාජාවලිය Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 රාජාවලිය Chapter 1?

1 රාජාවලිය Chapter 1 is part of the Book of 1 රාජාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 රාජාවලිය Chapter 1 online for free with easy chapter navigation.

More Chapters from 1-රාජාවලිය

  1. 1 රාජාවලිය Chapter 19
  2. 1 රාජාවලිය Chapter 18
  3. 1 රාජාවලිය Chapter 22
  4. 1 රාජාවලිය Chapter 20
  5. 1 රාජාවලිය Chapter 13
  6. 1 රාජාවලිය Chapter 21
  7. 1 රාජාවලිය Chapter 17

Explore More from පැරණි ගිවිසුම

  1. 1 රාජාවලිය Chapter 11
  2. ගීතාවලිය Chapter 43
  3. නෙහෙමියා Chapter 4
  4. හිතෝපදේශ Chapter 17
  5. යෙරෙමියා Chapter 20
  6. යෙරෙමියා Chapter 25
  7. උත්පත්ති Chapter 41

Related Chapters & Readings

  1. යෝබ් Chapter 18
  2. උත්පත්ති Chapter 2
  3. හිතෝපදේශ Chapter 12
  4. උත්පත්ති Chapter 40
  5. සෙකරියා Chapter 2
  6. ගීතාවලිය Chapter 117
  7. රෝම Chapter 8
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *