Read විනිශ්චයකාරයන් Chapter 18 Online
Read විනිශ්චයකාරයන් Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of විනිශ්චයකාරයන් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of විනිශ්චයකාරයන් and the Holy Bible online.
Choose a Chapter
විනිශ්චයකාරයන් 18
පරිච්ඡේදය 18
1. ඒ දවස්වල ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටියේය. තවද ඒ දවස්වලදී දාන් ගෝත්‍රය තමුන්ට වාසය කිරීම පිණිස උරුමයක් සෙවීය; මක්නිසාද ඒ දවස දක්වා ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලැබී තිබුණේ නැත.
2. දාන් පුත්‍රයෝ දේශය සෝදිසිකර බලා විභාගකරන පිණිස තමුන්ගේ මුළු ගණනෙන් තමුන්ගේ පෙළපතේ වික්‍රමාන්විත මනුෂ්‍යයන් පස් දෙනෙක් ශොරාද එෂ්තායොල්ද සිට යවමින්: ඔබ සැම ගොස් දේශය විභාගකරන්නැයි ඔවුන්ට කීවෝය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝය.
3. ඔව්හු මීකාගේ ගේ ළඟ සිටිද්දී ලෙවීයයාවූ තරුණයාගේ කටහඬ ඇඳින එහි ගොස් ඔහුට කථාකොට: ඔබ මෙහි ගෙනාවේ කවුද? මෙතන ඔබ කරන්නේ මොකද? මෙහි ඔබට ඇත්තේ කිමෙක්දැයි ඇසුවෝය.
4. ඔහුද: මීකා මට මේ මේ ආකාර කර, මා ඔහුගේ පූජකයාව සිටින පිණිස මා කුලියට ගත්තේයයි ඔවුන්ට කීවේය.
5. ඔව්හු ඔහුට කථාකොට: අප යන්නාවූ අපේ මේ ගමන සඵලවේද කියා අප විසින් දැනගන්නා පිණිස දෙවියන්වහන්සේගෙන් විභාගකරන්නැයි කීවෝය.
6. පූජක තෙමේද: සමාදානයෙන් යන්න; ඔබ සැම යන ගමන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබේයයි ඔවුන්ට කීවේය.
7. එවිට ඒ පස්දෙන පිටත්ව ගොස් ලායිෂ්ට පැමිණ, එහි සිටින සෙනඟ අපරීක්ෂාකාරීව, ශීදොන් වැසියන් හා සමානව නිශ්චලකමින්ද අප්‍රවේසමෙන්ද වාසයකරන බව දුටුවෝය; මක්නිසාද යමක් ගැන ඔවුන් ලජ්ජාකරන්ට පුළුවන්වූ, බලය ලත් කෙනෙක් දේශයෙහි නැති බවත් ඔවුන් ශීදොන්වරුන්ගෙන් දුරව සිටින බවත් කිසිවෙකු සමඟ ගනුදෙනුකිරීමක් නැති බවත් දැක,
8. ඔව්හු ශොරාහිද එෂ්තායොල්හිද සිටි තමුන්ගේ සහෝදරයන් වෙතට ආවෝය. ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන්ට කථාකොට: ඔබ සැම කියන්නේ මොකදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.
9. ඔව්හුද: අපි පිටත්වී ඔවුන්ට විරුද්ධව යමුව. මක්නිසාද ඒ රට ඉතා යහපත් බව අපි දුටිමුව. ඔබ සැම නිකම් සිටිනවාද? ඒ රටට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිස යන්ට මැලිනොවන්න.
10. ඔබ සැම ගියාම අප්‍රවේසමෙන් සිටින සෙනඟක් කරා පැමිණෙනවා ඇත, ඒ රට විශාලය. දෙවියන්වහන්සේ ඔබ සැම අතට ඒක දී තිබේ; එය පොළොවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයක්යයි කීවෝය.
11. එවිට එතැනින් දාන්ගේ පෙළපතේ මනුෂ්‍යයෝ හසියයක් යුද්ධායුධ පැළඳගෙන, ශොරාද එෂ්තායොල්ද සිට පිටත්ව ගොස්,
12. යුදයේ තිබෙන කිරියත්-යෙයාරීම්හි කඳවුරු බැන්දෝය. ඒ නිසා ඒ ස්ථානයට අද දක්වා මහෙන්-දාන්යයි කියති. බලව, ඒක කිරියත්-යෙයාරීම්ට එහායින් තිබේ.
13. ඔව්හු එතැනින් එප්‍රායිම් කඳු රටට ගොස් මීකාගේ ගේ ළඟට පැමුණුණෝය.
14. එවිට ලායිෂ් රට සෝදිසිකරන්ට ගිය පස්දෙන තමුන්ගේ සහෝදරයන්ට කථාකොට: මේ ගෙවල්හි ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද තිබෙන බව ඔබ සැම දන්නවාද? ඉතින් දැන් ඔබ සැම විසින් කළ යුතු දේ කල්පනාකරන්නැයි කීවෝය.
15. ඔව්හු එහි හැරීගොස් තරුණ ලෙවීයයාගේ ගේ වන මීකාගේ ගෙට පැමිණ ඔහුගේ සැප පහසු විචාළෝය.
16. තමුන්ගේ යුද්ධායුධ පැළඳගත්තාවූ, දාන් පුත්‍රයෝ වූ ඒ මනුෂ්‍යයන් හසියය දොරකඩ ළඟ සිටියෝය.
17. රට සෝදිසිකරන්ට ගිය පස්දෙන නැගී ගොස් එහි ඇතුල්ව කැපූ රූපයද ඒඵොද් සැට්ටයද තෙරඵීම් රූපද වාත්තු පිළිමයද ගත්තෝය. පූජකයා සහ යුද්ධායුධ පැළඳගත් මනුෂ්‍යයන් හසියය දොරකඩ ළඟ සිටියෝය.
18. මොවුන් මීකාගේ ගෙට ඇතුල්ව කැපූ රූපයද ඒඵොද් සැට්ටයද තෙරව්ම් රූපද වාත්තු පිළිමයද පිටත ගෙනා විට පූජකයා: ඔබ සැම මක්කරනවාදැයි ඔවුන්ට කීය.
19. ඔව්හුද: නිශ්ශබ්දව අතින් කට වසාගන අප සමඟ ගොස් අපට පියෙක්ද පූජකයෙක්ද වෙන්න. ඔබට වඩා හොඳ කෝකද-එක මනුෂ්‍යයෙකුගේ පවුලට පූජකයෙක් වීමද නොහොත් ඉශ්‍රායෙල් ගෝත්‍රයකටත් පෙළපතකටත් පූජකව සිටීමදැයි ඔහුට කීවෝය.
20. එවිට පූජකයාගේ සිත සතුටුව ඔහු ඒඵොද් සැට්ටයද තෙරඵීම් රූපද කැපූ රූපද රැගෙන සෙනඟ අතරට ගියේය.
21. මෙසේ ඔව්හු හැරී බාලයන්ද සිව්පාවුන්ද බඩුද ඉස්සරකරගන ගියෝය.
22. ඔවුන් මීකාගේ ගෙයින් දුර ගිය කල මීකාගේ ගේ අසල ගෙවල මිනිස්සු එකතුව දාන් පුත්‍රයන් පස්සේ ගොස් ඔවුන්ට ළංව මොරගැසුවෝය.
23. ඔව්හු හැරී බලා: මිනිසුන් රැස්කරගන එන්ට ඔබට වෙලා තිබෙන්නේ මොකදැයි මීකාගෙන් ඇසුවෝය.
24. ඔහු උත්තරදෙමින්: මා සෑදූ මාගේ දේවතාවන් සහ පූජකයාද ඔබ සැම ගෙනගියහුය, තවත් මට ඇත්තේ කිමෙක්ද? ඔබට වෙලා තිබෙන්නේ මොකද කියා ඔබ සැම මාගෙන් අසන්නේ කොහොමදැයි කීවේය.
25. දාන් පුත්‍රයෝ ඔහුට කථාකොට: ඔබ කථානොකර සිටින්න, කථාකළොත් රෞද්‍ර මිනිසුන් ඔබ සැමට විරුද්ධව එන්ට පුළුවන, එවිට ඔබේ ජීවිතයද ඔබේ ගෙයි වැසියන්ගේ ජීවිතද හානිවේයයි ඔහුට කියා යන්ට ගියෝය.
26. ඔවුන් තමාට වඩා බලවත් බව මීකා දැක හැරී නැවත තමාගේ ගෙදරට ගියේය.
27. ඔව්හු මීකා සාදාගන තිබුණු දේද ඔහු වෙත සිටිය පූජකයාද රැගෙන ගොස් නිශ්චලකමින්ද අප්‍රවේසමෙන්ද සිටි ලායිෂ්හි සෙනඟ කරා පැමිණ, කඩුමුවහතින් ඔවුන්ට පහරදී, නුවර ගිනිලෑවෝය.
28. එය ශීදොන් නුවරින් දුර නිසාද කිසිවෙකු සමඟ ඔවුන්ගේ ගනුදෙනු කිරීමක් නැති නිසාද ගළවන්ට කිසිවෙක් නොවීය; එය බෙත්-රෙහොබ් ළඟ පිහිටි මිටියාවතේ තිබුණේය. ඔව්හු නුවර ගොඩනගා එහි වාසයකළෝය.
29. ඉශ්‍රායෙල්ට දාව උපන් තමුන්ගේ පියවූ දාන්ගේ නාමය අනුව ඔව්හු ඒ නුවරට දාන් යන නම තැබුවෝය. නුමුත් පළමුවෙන් ඒ නුවර නම ලායිෂ්ය.
30. දාන් පුත්‍රයෝ කැපූ රූපය පිහිටුවාගත්තෝය. මෝසෙස්ගේ. පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත්‍රවූ යොනාතාන්ද ඔහුගේ පුත්‍රයෝද රටවැසියන් වාලට ගිය දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝය.
31. මෙලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ මණ්ඩපය ෂිලෝහි තිබුණු මුළු කාලයෙහි මීකාගේ කැපූ රූපය පිහිටුවාගෙන සිටියෝය.
About විනිශ්චයකාරයන් Chapter 18
Read විනිශ්චයකාරයන් Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of විනිශ්චයකාරයන් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: විනිශ්චයකාරයන්
Chapter: 18
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading විනිශ්චයකාරයන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading විනිශ්චයකාරයන් Chapter 18 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is විනිශ්චයකාරයන් Chapter 18?
විනිශ්චයකාරයන් Chapter 18 is part of the Book of විනිශ්චයකාරයන් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete විනිශ්චයකාරයන් Chapter 18 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 10
Explore More from විනිශ්චයකාරයන්
- විනිශ්චයකාරයන් Chapter 14
- විනිශ්චයකාරයන් Chapter 11
- විනිශ්චයකාරයන් Chapter 8
- විනිශ්චයකාරයන් Chapter 6
- විනිශ්චයකාරයන් Chapter 9
- විනිශ්චයකාරයන් Chapter 20
- විනිශ්චයකාරයන් Chapter 3