Read ගලාති Chapter 2 Online
Read ගලාති Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of ගලාති in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගලාති and the Holy Bible online.
Choose a Chapter
ගලාති 2
පරිච්ඡේදය 2
1. තවද දසසතර අවුරුද්දකට පසු තීතස්ද මා කැටුව ගෙන බාර්ණබස් සමඟ යෙරුසලමට නැවත ගියෙමි.
2. එහි ගියේ එළිදරව්වීමක් නිසාය. එහි ගොස් මම අන්‍යජාතීන් අතරෙහි ප්‍රකාශකරන ශුභාරංචිය ඔවුන් ඉදිරියෙහි තැබුවෙමි. නුමුත් මා දුවන්නාවූ නොහොත් දිවුවාවූ දිවීම යම් හෙයකින් නිෂ්ඵල නොවන පිණිස, ප්‍රධාන තැනැත්තන්ට එය දැන්නුවේ රහසින්ය.
3. එහෙත් මා සමඟ සිටියාවූ ග්‍රීකයෙක් වන තීතස්ට නුමුත් රහසින් ඇතුල්වුණ බොරු සහෝදරයන් නිසාවත් චර්මඡේද්‍යය ලබන්ට බලකළේ නැත.
4. ඔව්හු ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට ඇත්තාවූ නිදහස්කම ගැන ඔත්තු බලා, අප වහල්කමට පමුණුවන පිණිස රහසින් ඇතුල්වුණෝය.
5. ශුභාරංචියේ සත්‍යතාව නුඹලා අතරේ නොකඩව පවතින පිණිස, යටත්වීමෙන් අපි පැයකටවත් ඔවුන්ට ඉඩ නුදුනිමුව.
6. නුමුත් ප්‍රධානයන්ය කියා සිතනලද තැනැත්තන්ගෙන් මට අමුතු කිසිවක් ලැබුණේ නැත. (ඔවුන් කොහොම අයවල්ව සිටියත් මට කමක් නැත; දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ තරාතිරම නොබලනසේක.) එසේය, ඒ ප්‍රධානයන්ගෙන් මට අමුතු කිසිවක් ලැබුණේ නැත.
7. නුමුත් අනික් අතට පේතෘස්ට චර්මඡේද්‍යයේ ශුභාරංචිය භාරදී තිබෙන්නාක්මෙන් මට අචර්මඡේද්‍යයේ ශුභාරංචිය භාරදී තිබෙන බව ඔව්හු දුටුවෝය.
8. (මක්නිසාද චර්මඡේද්‍යයේ ප්‍රේරිතකමට පේතෘස් තුළෙහි ක්‍රියාකළාවූ තැනන්වහන්සේම අන්‍යජාතීන් උදෙසා මා තුළ ක්‍රියාකළසේක.)
9. එවිට කණු මෙන් සලකනු ලැබුවාවූ යාකොබ්ද කේපස්ද යොහන්ද, මට දෙනලද අනුග්‍රහය දැනගත් කල, මටද බාර්ණබස්ටද පංගුකාරකමේ දකුණත දුන්නෝය. එසේ කළේ අප අන්‍යජාතීන් වෙතටද ඔවුන් චර්මඡේදිතයන් වෙතටද යන පිණිසය.
10. අප විසින් දිළිඳුන් සිහිකරන ලෙස ඔවුන් ඉල්ලුවා පමණක්ය; එම දේ කරන්ට මමද ආශාවෙන් සිටියෙමි.
11. තවද කේපස් අන්තියෝකියට ආ කල, ඔහු වරද කරලා සිටි බැවින් ඔහු ඉදිරිපිටදීම ඔහුට විරුද්ධව සිටියෙමි.
12. මක්නිසාද යාකොබ් වෙතින් සමහරුන් එන්ට පළමුවෙන් ඔහු අන්‍යජාතීන් සමඟ කෑවේය. නුමුත් ඔවුන් ආ කල ඔහු චර්මඡේද්‍යවූවන්ට භයව පසුබැස වෙන්ව සිටියේය.
13. අනික් යුදෙව්වරුද ඔහු සමඟ එසේම වංකකම් කළෝය; එසේය, බාර්ණබස් පවා ඔවුන්ගේ වංකකමට ඇදී ගියේය.
14. නුමුත් මම වනාහි ඔවුන් ශුභාරංචියේ සැබෑවේ හැටියට ඇදනැතිකමින් නොහැසුරුණු බව දැක, සියල්ලන් ඉදිරියෙහි කේපස්ට කථාකරමින්: නුඹ යුදෙව්වෙක්ව සිට, යුදෙව්වරුන් ලෙස නොව අන්‍යජාතීන් ලෙස හැසිරෙනවා නම්, අන්‍යජාතීන්ට යුදෙව්වරුන් මෙන් හැසිරෙන්ට බල කරන්නේ කෙසේදැයි කීමි.
15. තවද අන්‍යජාති පව්කාරයන් නොව ස්වභාවෙන් යුදෙව්වරුන් වන අපි,
16. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨකරනු නොලබන බව දැන, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගතිමුව. මක්නිසාද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක්වත් ධර්මිෂ්ඨකරනු නොලබයි.
17. නුමුත් ක්‍රිස්තුස්වහන්සේ තුළ ධර්මිෂ්ඨකරනු ලබන්ට සොයමින්ම අපිම පවා පව්කාරයෝව පෙනෙමු නම්, ක්‍රිස්තුස්වහන්සේ පාපයේ සේවකයෙක් වනසේක්ද? එසේ නොවේවා.
18. මක්නිසාද මා විසින් කඩා දමනලද දේවල්ම මම නැවත ගොඩනගන්නෙම් නම්, මා වරදකාරයෙකු බව මමම ඔප්පුකරමි.
19. ඇරත් මම දෙවියන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිස ව්‍යවස්ථාව කරණකොටගෙන ව්‍යවස්ථාවට මැරුණෙමි.
20. මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.
21. දෙවියන්වහන්සේගේ කරුණාව නිෂ්ඵල නොකරමි. මක්නිසාද ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව කරණකොටගෙන වේ නම් ක්‍රිස්තුස්වහන්සේ නිකරුණේ මළසේක.
About ගලාති Chapter 2
Read ගලාති Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of ගලාති in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගලාති
Chapter: 2
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගලාති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගලාති Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගලාති Chapter 2?
ගලාති Chapter 2 is part of the Book of ගලාති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගලාති Chapter 2 online for free with easy chapter navigation.
More Chapters from ගලාති
Explore More from නව ගිවිසුම
- 2 තිමෝති Chapter 1
- 2 කොරින්ති Chapter 6
- ක්රිරයා Chapter 15
- 1 කොරින්ති Chapter 9
- 1 තිමෝති Chapter 6
- ක්රිරයා Chapter 10
- ශු. යොහන් Chapter 14