හිතෝපදේශ Chapter 4

For English

Read හිතෝපදේශ Chapter 4 Online

Read හිතෝපදේශ Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of හිතෝපදේශ in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of හිතෝපදේශ and the Holy Bible online.

Choose a Chapter

හිතෝපදේශ 4

පරිච්ඡේදය 4

1. මාගේ පුත්‍රයෙනි, පියෙකුගේ ගුරුකම අසා, නුවණ දැනගැනීමට කන් යොමුකරන්න.

2. මක්නිසාද මම යහපත් ඉගැන්වීම නුඹලාට දෙමි; මාගේ උපදෙස් අත් නොහරින්න.

3. මක්නිසාද මම මාගේ පියාට ප්‍රිය පුත්‍රයෙක්ව, මාගේ මවු ඉදිරියෙහි මෘදුවූ එකම පුත්‍රයෙක්ව සිටියෙමි.

4. ඔහු මට උගන්වමින් මෙසේ කීයේය: ඒ මාගේ වචන නුඹේ සිතේ තබාගන්න; මාගේ ආඥා රක්ෂාකොට ජීවත්වන්න.

5. ප්‍රඥාව ලබාගන්න, නුවණ ලබා ගන්න; එය සිහිනැති නොකරන්න, මාගේ මුඛයේ කීම්වලින් අහක්ව නොයන්න.

6. ප්‍රඥාව අත් නොහරින්න, එවිට ඈ නුඹ ප්‍රවේසම්කරනවා ඇත; ඈට ප්‍රේමකරන්න, ඈද නුඹ ආරක්ෂාකරනවා ඇත.

7. ප්‍රඥාව ප්‍රධාන දෙයය, එබැවින් ප්‍රඥාව ලබාගන්න. එසේය, නුඹ ලබාගන්න සියල්ල ඇතුළුව, නුවණ ලබාගන්න.

8. ඇය ශ්‍රේෂ්ඨකරන්න, ඈද නුඹ උසස්කරන්නීය. නුඹ ඇය වැලඳගත්තාම, ඈ නුඹ ගෞරවයට පමුණුවන්නීය.

9. ඈ නුඹේ හිසට ශෝභන මාලාවක් දෙන්නීය; අලංකාර ඔටුන්නක්ද ඈ නුඹට පළඳවන්නීය.

10. මාගේ පුත්‍රය, කන්දී මාගේ කීම් පිළිගන්න; එවිට නුඹේ ජීවිතයේ අවුරුදු බොහෝ වන්නේය.

11. ප්‍රඥාවේ මාර්ගය මම නුඹට උගන්වා, හරිවූ මාවත්වල නුඹ ගෙනගියෙමි.

12. නුඹ යන කල නුඹේ පාද අවහිරනොවන්නේය; දුවන කල නුඹ නොපැකිලෙන්නෙහිය.

13. ගුරුකම තදින් අල්ලාගෙන, අතනෑර, එය තබාගන්න; මක්නිසාද එය නුඹේ ජීවනයය.

14. දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවන්න. නපුරු මිනිසුන්ගේ මාර්ගයෙහි ගමන්නොකරන්න.

15. එයින් වැලකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න.

16. මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි.

17. මක්නිසාද ඔව්හු දුෂ්ටකම නමැති කෑම කා, බලාත්කාරකම නමැති මුද්‍රිකපානය බොති.

18. නුමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.

19. දුෂ්ටයන්ගේ මාර්ගය අන්ධකාරය මෙන්ය. තුමූ කුමකින් පැකිලෙද්දැයි ඔව්හු නොදනිති.

20. මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීම්වලට නුඹේ කන නමන්න.

21. ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා; නුඹේ සිත තුළ ඒවා තබාගන්න.

22. මක්නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත්වේ.

23. සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

24. වංචා මුඛය නුඹෙන් පහකොට, වංක තොල් නුඹෙන් දුරුකරන්න.

25. නුඹේ ඇස් ඉස්සරහම බලත්වා, නුඹේ ඇසිපියද නුඹ ඉදිරියෙහි කෙළින්ම බලත්වා.

26. නුඹේ පාදවල මාවත සමතලාකරන්න, නුඹේ සියලු මාර්ග ස්ථිරව තිබේවා.

27. දකුණටවත් වමටවත් නොහැරෙන්න. නුඹේ පාද නපුරෙන් පහකරන්න.

About හිතෝපදේශ Chapter 4

Read හිතෝපදේශ Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of හිතෝපදේශ in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: හිතෝපදේශ
Chapter: 4
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading හිතෝපදේශ. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading හිතෝපදේශ Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is හිතෝපදේශ Chapter 4?

හිතෝපදේශ Chapter 4 is part of the Book of හිතෝපදේශ in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete හිතෝපදේශ Chapter 4 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 30
  5. නික්මයාම Chapter 26
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 10

Explore More from හිතෝපදේශ

  1. හිතෝපදේශ Chapter 3
  2. හිතෝපදේශ Chapter 15
  3. හිතෝපදේශ Chapter 1
  4. හිතෝපදේශ Chapter 28
  5. හිතෝපදේශ Chapter 29
  6. හිතෝපදේශ Chapter 5
  7. හිතෝපදේශ Chapter 21

Related Chapters & Readings

  1. ගණන් කථාව Chapter 33
  2. 2 ලේකම් Chapter 13
  3. 1 රාජාවලිය Chapter 18
  4. ගීතාවලිය Chapter 61
  5. නික්මයාම Chapter 40
  6. සාලමොන්ගේ ගීතිකා Chapter 4
  7. යෙරෙමියා Chapter 23
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *