Read ශු. මතෙව් Chapter 15 Online
Read ශු. මතෙව් Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මතෙව් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. මතෙව් and the Holy Bible online.
Choose a Chapter
ශු. මතෙව් 15
පරිච්ඡේදය 15
1. එකල ඵරිසිවරුද ලියන්නෝද යෙරුසලමෙන් යේසුස්වහන්සේ ළඟට ඇවිත්:
2. ඔබගේ ගෝලයෝ වැඩිමහල්ලන්ගේ පරම්පරාගත නියෝග කඩකරන්නේ මක්නිසාද? ඔව්හු කෑම කන විට අත් නොසෝදා කතියි කීවෝය.
3. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාත් නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ ආඥාව කඩකරන්නේ මක්නිසාද?
4. නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මැරුම්කෑ යුතුමයයි දෙවියන්වහන්සේ කීසේක.
5. එහෙත්: කවරෙක් නුමුත් පියාට හෝ මවුට හෝ කථාකොට-මාගෙන් නුඹට ප්‍රයෝජන වෙන්ට පුළුවන්ව තිබුණු දේ දෙවියන්වහන්සේට දෙනලදැයි ඔවුන්ට කියන්නේ නම්, ඔහු විසින් පියාට ගෞරව නොකර සිටිය යුතුයයි නුඹලා කියන්නෝය.
6. මෙසේ නුඹලා නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකළහුය.
7. වංචාකාරයෙනි, යෙසායා නුඹලා ගැන කථාකොට:
8. මේ සෙනඟ තොල්වලින් මට ගෞරවකරති; නුමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරුව තිබේ.
9. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේයයි අනාගත වචන මනාකොට කීයේයයි කීසේක.
10. එවිට උන්වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කථාකොට: නුඹලා අසා තේරුම්ගන්න.
11. කටට ඇතුල්වෙන දෙයින් මනුෂ්‍යයා අපවිත්‍රවෙනවා නොව, මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ කටින් පිටවෙන දෙයින්යයි කීසේක.
12. එවිට ගෝලයෝ ඇවිත්: ඵරිසිවරුන් ඒ වචනය අසා බාධාවූ බව දන්නාසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
13. උන්වහන්සේ උත්තරදෙමින්: මාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ විසින් නොඉන්දූ සියලුම පැළෑටි උදුරනු ලබන්නේය.
14. ඔව්හු නිකම් සිටිත්වා. ඔව්හු මග පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇතැයි කීසේක.
15. එවිට පේතෘස් උත්තරදෙමින්: මේ උපමාව අපට තෝරාදුන මැනවයි උන්වහන්සේට කීවේය.
16. උන්වහන්සේ කියනසේක්: නුඹලාත් තවම තේරුම් නැතුව සිටින්නහුද?
17. කටට ඇතුල්වෙන සියල්ල බඩට පැමිණ වැසිකිළියට යන බව නුඹලාට තේරෙන්නේ නැද්ද?
18. නුමුත් කටින් පිටවෙන දේ නික්මෙන්නේ සිතින්ය; මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ එයින්ය.
19. මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය.
20. මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ මේ දේවලින්ය. නුමුත් නොසේදූ අත්වලින් කෑවාට මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ නැතැයි කීසේක.
21. යේසුස්වහන්සේ එයින් පිටත්ව තීර් හා සීදොන්හි පළාත්වලට ගියසේක.
22. බලව, කානානිය ස්ත්‍රියෙක් එහි සීමාවල සිට පිටත්ව ඇවිත්: දාවිත්ගේ පුත්‍රවූ ස්වාමිනි, මට කරුණාකළ මැනව; මාගේ දුව බලවත්ලෙස යක්ෂාවේශව සිටින්නීයයි කීවාය.
23. නුමුත් උන්වහන්සේ ඈට වචනයකින්වත් උත්තරයක් දුන්නේ නැත. උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත්: මෑ අප පස්සේ මොරගසන බැවින් යන්ට හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.
24. නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: ඉශ්‍රායෙල් වංශයේ නැතිවුණු බැටළුවන් වෙතට මිස අන්‍යයන් වෙතට මම එවනු නොලද්දෙමියි කීසේක.
25. නුමුත් ඈ ඇවිත් උන්වහන්සේට නමස්කාරකොට: ස්වාමිනි, මට පිහිටවුව මැනවයි කීවාය.
26. උන්වහන්සේ උත්තරදෙමින්: දරුවන්ගේ රොටි රැගෙන බල්ලන්ට දැමීම නුසුදුසුයයි කීසේක.
27. නුමුත් ඈ කථාකොට: එසේය, ස්වාමිනි, බල්ලෝ පවා උන්ගේ ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබෙලි කතියි කීවාය.
28. එවිට යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: ස්ත්‍රිය, නුඹේ ඇදහිල්ල මහත්ය. නුඹේ කැමැත්ත ලෙසම නුඹට වේවයි කීසේක. ඒ පැයේ පටන් ඇගේ දුව සුවපත්වූවාය.
29. යේසුස්වහන්සේ එයින් පිටත්ව ගලීලයේ මුහුද ළඟට ගොස් කන්දට නැගී එහි වැඩහුන්සේක.
30. බොහෝ සමූහයෝ කොරුන්, අන්ධයන්, ගොළුවන්, අබ්බාගාතයන් හා වෙනත් බොහෝ දෙනා රැගෙන යේසුස්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේගේ පාමුල ඔවුන් තැබුවෝය; උන්වහන්සේ ඔවුන්ට සුවකළසේක.
31. ඒ නිසා ගොළුවන් කථාකරන බවත් අබ්බාගාතයන් සුවවී ඉන්න බවත් කොරුන් ඇවිදින බවත් අන්ධයන්ට ඇස් පෙනෙන බවත් සමූහයෝ දැක, පුදුමව, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.
32. යේසුස්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා කියනසේක්: මම සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි, මක්නිසාද ඔව්හු දැනට තුන් දවසක් මා ළඟ සිටිති; ඔවුන්ට කන්ට කිසිත් නැත. ඔවුන් බඩගින්නෙන් හරින්ට නොකැමැත්තෙමි, හැරියෙම් නම් මාර්ගයේදී ඔවුන් ක්ලාන්තවෙන්ට පුළුවනැයි කීසේක.
33. ගෝලයෝ උන්වහන්සේට කථාකොට: මෙපමණ මහත් සමූහයක් තෘප්තියට පමුණුවන්ට වනාන්තරයක අපට රොටි කොයින්දැයි කීවෝය.
34. යේසුස්වහන්සේ කථාකොට: නුඹලා ළඟ රොටි කීයක් තිබේදැයි ඇසූසේක. රොටි සතකුත් කූඩා මසුන් ස්වල්පයකුත්යයි ඔව්හු කීවෝය.
35. උන්වහන්සේ සමූහයන්ට බිම හිඳගන්ට අණදී,
36. රොටි සතද මසුන්ද රැගෙන ස්තුතිකොට කඩා, ගෝලයන්ට දුන්සේක, ගෝලයෝද සමූහයන්ට දුන්නෝය.
37. සියල්ලෝම කා තෘප්තියට පැමුණුණෝය. ඉතිරිවූ කැබෙලි එක්කොට කුඩා සතක් පුරවා ගත්තෝය.
38. ස්ත්‍රීන්ද දරුවන්ද හැර, කෑවාවූ පුරුෂයෝ හාරදහසක්ය.
39. උන්වහන්සේ සමූහයන් යන්ට හැර, ඔරුවට නැගී, මගදන් සීමාවලට පැමිණිසේක.
About ශු. මතෙව් Chapter 15
Read ශු. මතෙව් Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මතෙව් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ශු. මතෙව්
Chapter: 15
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ශු. මතෙව්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ශු. මතෙව් Chapter 15 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ශු. මතෙව් Chapter 15?
ශු. මතෙව් Chapter 15 is part of the Book of ශු. මතෙව් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ශු. මතෙව් Chapter 15 online for free with easy chapter navigation.
More Chapters from නව ගිවිසුම
- එපීස Chapter 1
- එපීස Chapter 4
- එපීස Chapter 3
- එපීස Chapter 2
- ශු. ලූක් Chapter 15
- එපීස Chapter 5
- ශු. ලූක් Chapter 23
Explore More from ශු.-මතෙව්
- ශු. මතෙව් Chapter 24
- ශු. මතෙව් Chapter 8
- ශු. මතෙව් Chapter 23
- ශු. මතෙව් Chapter 12
- ශු. මතෙව් Chapter 26
- ශු. මතෙව් Chapter 27
- ශු. මතෙව් Chapter 5