Read එසකියෙල් Chapter 24 Online
Read එසකියෙල් Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.
Choose a Chapter
එසකියෙල් 24
පරිච්ඡේදය 24
1. නවවෙනි අවුරුද්දේ දසවෙනි මාසයේ දසවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2. මනුෂ්‍ය පුත්‍රය, දවසේ, එනම් මේ අද දවසේම නම ලියාගන්න. බබිලෝනියේ රජ මේ අද දවසේදීම යෙරුසලමට ළංවී සිටියේය.
3. කැරළිකාර වංශයට උපමාවක් කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්නහැළිය ලිපේ තබන්න; ඒක තබා වතුරත් එහි වත්කරන්න.
4. ඊට අයිති කෑලි වන සියලු හොඳ කෑලි පස්සා ගාතයද ඉස්සරහ ගාතයද ඇතුව එහි එකතුකර, ඉතා හොඳ ඇට ඇති ඒවායෙන් පුරවන්න.
5. එළු බැටළු රැළෙන් හොඳ එවුන් ගන්න, ඒක යට ඇට ගොඩක් තබන්න. ඒක හොඳට උතුරවා, එහි තුළ තිබෙන ඇටත් තම්බන්න.
6. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක:ලේ වගුරුවන නුවරට දුක්වේ! ඒක මලකඩ ඇති හැළියක්ය, ඒකේ මලකඩ ඒකෙන් ඇරිලා නැත; ඒකේ සෑම කෑලි පිටින්ම එය ඇර දමන්න. ඊට කිසි පසඇටයක් වැටුණේ නැත.
7. මක්නිසාද ඇගේ ලේ ඈ ඇතුළෙහි ඇත්තේය; ඈ ඒවා පස්වලින් වැසීයන්ට පොළොව පිට වගුරුවන්නේ නැතුව පස් නැති පර්වතය උඩ තැබුවාය.
8. ඇගේ ලේ වැසී නොයන හැටියට, පළිගන්න පිණිස කෝපය ඇවිස්සවීමට, මම ඒවා පස් නැති පර්වතය උඩ තැබීමි.
9. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ලේ වගුරුවන නුවරට දුක්වේ! මමත් දර සෑය මහත්කරන්නෙමි.
10. බොහෝ දර දමා, ගින්දර අවුළවා, මස් තම්බාදමා, කලවමක් කර, ඇටත් පුළුස්සා දමන්න.
11. එවිට ඒකේ පිත්තල රත්වී ගිනියම්වී, ඒකේ අපවිත්‍රකම ඒක ඇතුළෙහි උණුවී, ඒකේ මලකඩ නැතිවී යන පිණිස, ඒක ගිනිඅඟුරු පිට හිස්ව තබන්න.
12. ඈ වීර්යකිරීමෙන් වෙහෙසුණු නුමුත්, ඇඟේ බොහෝ මලකඩ ඇඟෙන් පහව නොයයි; ඇගේ මලකඩ ගින්නෙන් පවා පහව නොයයි.
13. නුඹේ අපවිත්‍රකම දූෂිතය. මක්නිසාද මා විසින් නුඹ පිරිසිදුකරමින් සිටි නුමුත් නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදුවුණේ නැත; මාගේ කෝපය නුඹ කෙරෙහි සංසිඳුවාගන්න තුරු නුඹ තවත් පිරිසිදුකරනු නොලබන්නෙහිය.
14. ස්වාමීන්වහන්සේ වන මම ඒක කීයෙමි. ඒක සිදුවන්නේය, මම ඒක කරන්නෙමි; මා පසුබටවෙන්නේවත් දයාවෙන්නේවත් තැවෙන්නේවත් නැත; නුඹේ මාර්ගවලද ක්‍රියාවලද හැටියට ඔව්හු නුඹ විනිශ්චයකරන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
15. ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
16. මනුෂ්‍ය පුත්‍රය, මෙන්න, නුඹේ ඇස්වලට ප්‍රියවූ දේ එක පහරකින් නුඹෙන් ගනිමි. එහෙත් නුඹ විලාප නොකිය යුතුය, නොහැඬිය යුතුය, නුඹේ කඳුළුත් නොවැගිරියයුතුය.
17. නිශ්ශබ්දව සුසුම්ලා, මළවුන් ගැන වැලපීමක් නොකර, නුඹේ තොප්පිය හිසේ බැඳගෙන; නුඹේ වහන් පාදවල දමාගන්න, තොල් වසා නොගෙන, මිනිසුන්ගේ රොටිද නොකා සිටින්නැයි කීය.
18. එබැවින් මම උදයේ සෙනඟට කථාකෙළෙමි; සවස මාගේ භාර්යාව මළාය. මට අණකළ ලෙස උදයේදී කෙළෙමි.
19. සෙනඟද: නුඹ කරන මේ දේ අපට අදාළවෙන හැටි නුඹ අපට නොකියන්නෙහිදැයි මාගෙන් ඇසුවෝය.
20. එවිට මම ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ මෙසේ කීයේය ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඉශ්‍රායෙල් වංශයට කියන්න.
21. බලව, මම නුඹලාගේ බලයේ පාරට්ටුව වූ, නුඹලාගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, නුඹලාගේ ආත්ම ආශාවෙන්නාවූ මාගේ ශුද්ධස්ථානය කෙලහන්නෙමි; නුඹලා විසින් අත්හැර ආවාවූ නුඹලාගේ පුත්‍රයෝද නුඹලාගේ දූවරුද කඩුවෙන් වැටෙන්නෝය.
22. මා කළාක්මෙන් නුඹලාත් කරනවා ඇත. නුඹලා තොල් වසා නොගෙන, මිනිසුන්ගේ රොටිද නොකා සිටිනවා ඇත.
23. නුඹලාගේ තොප්පි නුඹලාගේ හිස්වලද නුඹලාගේ වහන් නුඹලාගේ පාදවලද වන්නේය. නුඹලා විලාප කියන්නේවත් අඬන්නේවත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ෂයවී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනවා ඇත.
24. මෙසේ එසකියෙල් නුඹලාට සලකුණක් වන්නේය; ඔහු කළ සියල්ල ලෙස නුඹලා කරනවා ඇත. මේක පැමිණි කළ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.
25. ඉතින් මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ගේ බලයද ඔවුන්ගේ තේජසේ ප්‍රීතියද ඔවුන්ගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, ඔවුන්ගේ ආත්ම ආශාවෙන්නාවූ දේද ඔවුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද මා විසින් ඔවුන්ගෙන් පැහැරගන්න දවසේදී,
26. මිදෙන තැනැත්තා ඒ බව නුඹේ කන්වලට දන්වන පිණිස නුඹ ළඟට එනවා නොවේද?
27. ඒ දවසේදී නුඹේ මුඛය මිදෙන තැනැත්තා කෙරෙහි ඇරී, නුඹ තවත් ගොළුව නොසිට කථාකරන්නෙහිය. මෙසේ නුඹ ඔවුන්ට සලකුණක් වන්නෙහිය; ඔවුන් මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීය.
About එසකියෙල් Chapter 24
Read එසකියෙල් Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: එසකියෙල්
Chapter: 24
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading එසකියෙල් Chapter 24 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is එසකියෙල් Chapter 24?
එසකියෙල් Chapter 24 is part of the Book of එසකියෙල් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete එසකියෙල් Chapter 24 online for free with easy chapter navigation.
More Chapters from එසකියෙල්
- එසකියෙල් Chapter 5
- එසකියෙල් Chapter 28
- එසකියෙල් Chapter 45
- එසකියෙල් Chapter 40
- එසකියෙල් Chapter 17
- එසකියෙල් Chapter 9
- එසකියෙල් Chapter 34
Explore More from පැරණි ගිවිසුම
- උත්පත්ති Chapter 43
- යෙරෙමියා Chapter 14
- යෙරෙමියා Chapter 8
- ගීතාවලිය Chapter 71
- ගණන් කථාව Chapter 3
- ගීතාවලිය Chapter 118
- විනිශ්චයකාරයන් Chapter 2