2 ලේකම් Chapter 26

For English

Read 2 ලේකම් Chapter 26 Online

Read 2 ලේකම් Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 ලේකම් and the Holy Bible online.

Choose a Chapter

2 ලේකම් 26

පරිච්ඡේදය 26

1. එකල යුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස්වූ උස්සියා කැඳවාගන ඔහුගේ පියවූ අමශියා වෙනුවට රජකමට පත්කළෝය.

2. රජු තමාගේ පියවරුන් සමඟ සැතපුණු පසු ඔහු ඒලොත් ගොඩනගා එය යුදාට නැවත අයිතිකරගත්තේය.

3. උස්සියා දහසය අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි පනස් දෑවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙකිලියාය, ඈ යෙරුසලමේ ස්ත්‍රියෙක්ය.

4. ඔහු මාගේ පියවූ අමශියා කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.

5. දේවදර්ශන පිළිබඳ තේරුම් ඇත්තාවූ ශෙකරියාගේ දවස්වලදී ඔහු දෙවියන්වහන්සේ සෙවුවේය. ඔහු ස්වාමීන්වහන්සේ සෙවූතාක්ම දෙවියන්වහන්සේ ඔහු සඵල කළ සේක.

6. ඔහු නික්ම ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකොට, ගාත්හි පවුරත් යබ්නෙහි පවුරත් අෂ්දෝද්හි පවුරත් බිඳදමා, අෂ්දෝද් රටෙහිද පිලිස්තිවරුන් අතරේද නුවරවල් ගොඩනැඟුවේය.

7. දෙවියන්වහන්සේ පිලිස්තිවරුන්ටත් ගුර්-බාල්හි සිටි අරාබිවරුන්ටත් මෙයූනිවරුන්ටත් විරුද්ධව ඔහුට උපකාරකළසේක.

8. අම්මොනිවරුත් උස්සියාට තෑගි දුන්නෝය. ඔහු ඉතාම බලවත්වූ බැවින් ඔහුගේ නාමය මිසරයේ සීමාව දක්වා පතළව ගියේය.

9. තවද උස්සියා යෙරුසලමේ කොනේ දොරටුව උඩද මිටියාවතේ දොරටුව උඩද පවුරු මුළුවලද මුරකොටු ගොඩනගා ඒවා සවිකෙළේය.

10. ඔහුට පාත රටෙහිත් සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු කාන්තාරයෙහි මුර කොටු ගොඩනගා බොහෝ ජලාසයන්ද සෑදුවේය. ඔහු ගොවි කර්මාන්තයට ප්‍රසන්නව සිටි බැවින් කඳුවලත් සරු කෙත්වලත් ගොවියෝද මිදිවතු වවන්නෝද ඔහුට සිටියෝය.

11. යුද්ධයට යන්නාවූ සේනාවක්ද උස්සියාට සිටියාය. ලේකම් වන යෙයියෙල් විසින්ද මුලාදෑනියාවූ මයසේයා විසින්ද ඔවුන් ගණන් කළ ගණනේ හැටියට ඔව්හු රජුගේ අධිපතියෙක්වූ හනනියාගේ අත යටතේ හමුදා වශයෙන් සේවයට පිටත්ව ගියෝය.

12. බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගේ පියවංශවල ප්‍රධානීන්ගේ මුළු ගණන දෙදාස් හසියයක්ය.

13. ඔවුන් යටතේ සතුරාට විරුද්ධව රජුට උදව්වන පිණිස බලවත් ලෙස යුද්ධකරන මිනිසුන් තුන්ලක්ෂ හත්දාස් පන්සියයකින් යුත් යුද්ධ සේනාවක් සිටියාය.

14. උස්සියා ඒ මුළු සේනාවට පලිස්ද හෙල්ලද තොප්පිද යුද්ධ සැට්ටද දුනුද වීසිකිරීමට ගල්ද පිළියෙළ කෙළේය.

15. තවද ඔහු ඊගස්වලින්ද ලොකු ගල්වලින්ද විදින්ට මුර කොටු උඩත් කොත් උඩත් තබන පිණිස දක්ෂ මිනිසුන් විසින් සොයා දැනගත් යන්ත්‍ර යෙරුසලමෙහි සෑදෙවුවේය. ඔහුගේ නාමය දස දෙස පතළව ගියේය; මක්නිසාද බලවත්වන ලෙස පුදුමාකාරයෙන් ඔහුට උපකාර ලැබුණේය.

16. නුමුත් ඔහු බලවත්වූ කල, නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟුවිය; ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වීමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව වරද කෙළේය.

17. නුමුත් අසරියා පූජකයාද ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයන්ව සිටි ස්වාමීන්වහන්සේගේ පූජකයන් අසූ දෙනෙක්ද උස්සියා රජු පස්සේ ගොස් ඇතුල්වී,

18. ඔහුට විරුද්ධව සිටිමින්, ඔහුට කථාකොට: උස්සියානි, සුවඳ දුම් ඔප්පුකිරීමට කැපකරනලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ඔබ වරද කෙළෙහිය; මෙය දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේයයි කීවෝය.

19. එවිට උස්සියා උදහස් විය; සුවඳ දුම් ඔප්පුකිරීමට දුම් භාජනයක් ඔහුගේ අතේ තිබුණේය; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දුම් පූජාසනය ළඟ ඔහු පූජකයන් සමඟ උදහස්ව සිටියදී, පූජකයන් ඉදිරියෙහි ඔහුගේ නළලේ කුෂ්ඨරෝගය හටගත්තේය.

20. උත්තම පූජකයාවූ අසරියාද සියලු පූජකයෝද ඔහු දෙස බැලූ විට ඔහුගේ නළලේ කුෂ්ඨරෝගය තිබෙන බව දැක, ඔහු එතනින් වහාම නෙරපාදැමුවෝය; එසේය, ස්වාමීන්වහන්සේ තමාට පහරදුන් නිසා පිටතට යන්ට ඔහුම ඉක්මන්කෙළේය.

21. උස්සියා රජ තෙමේ තමාගේ මරණයේ දවස දක්වා කුෂ්ඨරෝගියෙක්ව සිටියේය, කුෂ්ඨරෝගියෙක් ලෙස වෙන්වූ නිසා ඔහු ගිලන් ගෙයක වාසයකෙළේය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වීම ඔහුට තහනම්ව තිබුණේය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් රජගෙදර ප්‍රධානියාව සිට දේශයේ සෙනඟ විනිශ්චයකෙළේය.

22. උස්සියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ආමොශ්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායා විසින් ලියනලද්දේය.

23. උස්සියා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; මනුෂ්‍යයෝ ඔහු කුෂ්ඨරෝගියෙක් කියා ඔහුගේ පියවරුන් ළඟ රජවරුන්ගේ සොහොන්පළේ පිට්ටනියෙහි ඔහු තැන්පත්කළෝය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් ඔහු වෙනුවට රජවුණේය.

About 2 ලේකම් Chapter 26

Read 2 ලේකම් Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 2 ලේකම්
Chapter: 26
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 2 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 2 ලේකම් Chapter 26 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 2 ලේකම් Chapter 26?

2 ලේකම් Chapter 26 is part of the Book of 2 ලේකම් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 2 ලේකම් Chapter 26 online for free with easy chapter navigation.

More Chapters from 2 ලේකම්

  1. 2 ලේකම් Chapter 18
  2. 2 ලේකම් Chapter 3
  3. 2 ලේකම් Chapter 20
  4. 2 ලේකම් Chapter 16
  5. 2 ලේකම් Chapter 28
  6. 2 ලේකම් Chapter 12
  7. 2 ලේකම් Chapter 11

Explore More from පැරණි ගිවිසුම

  1. 1 රාජාවලිය Chapter 14
  2. යෙසායා Chapter 16
  3. යෙරෙමියා Chapter 41
  4. හබක්කුක් Chapter 3
  5. ද්වීතීය කථාව Chapter 33
  6. එසකියෙල් Chapter 11
  7. 1 ලේකම් Chapter 21

Related Chapters & Readings

  1. විනිශ්චයකාරයන් Chapter 12
  2. 2 ලේකම් Chapter 20
  3. හෙබ්රෙනව් Chapter 13
  4. ගීතාවලිය Chapter 10
  5. ලෙවී කථාව Chapter 21
  6. 1 ලේකම් Chapter 25
  7. රූත්ගේ කථාව Chapter 1
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *