එසකියෙල් Chapter 42

For English

Read එසකියෙල් Chapter 42 Online

Read එසකියෙල් Chapter 42 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.

Choose a Chapter

එසකියෙල් 42

පරිච්ඡේදය 42

1. තවද ඔහු උතුරු දෙසට පිට මළුවට මා ගෙනගොස්, වෙන්වූ මළුවටත් උතුරු දෙසට තිබුණු ගොඩනැගිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙවුවේය.

2. උතුරු දොරකඩ රියන් සියයක් දිග ඉස්සරහ පිට තිබුණේය, පළලද රියන් පනහක්ය.

3. ඇතුල් මළුවේ විසි රියනට ඉදිරිපිටත් පිට-මළුවේ ගල්-බිම ඉදිරිපිටත් පිට-ශාලාවක් ඉස්සරහ පිට-ශාලාවක් වශයෙන් මහල් තුනක් තිබුණේය.

4. කාමර ඉස්සරහ රියන් දහයක් පළල ඇති මාර්ගයක්ද ඇතුළට යාමට එක රියනක් පළල ඇති පාරක්ද තිබුණේය. ඒවායේ දොරකඩවල් උතුරු දෙසට තිබුණේය. ඉහළ කාමර කොටව තිබුණේය.

5. මක්නිසාද ඒ ගොඩනැගිල්ලේ පහළ සහ මැද කොට්ඨාසවලින් ඉඩ අසුවුණාට වඩා ඒවායෙන් පිට-ශාලාවලට ඉඩ අසුවිය.

6. මෙසේ වුණේ ඒවා මහල් තුනක්ව තිබුණු නුමුත් මළුවල කුළුනු වාගේ ඒවාට කුළුනු නොතිබුණු නිසාය. එබැවින් පහළ ඒවාටත් මැද ඒවාටත් වඩා ඒවා බිම සිට ඉහළට යන්ට යන්ට පටුව තිබුණේය.

7. කාමර දිගට පිට-මළුව දෙසට කාමරවලට ඉදිරිපිට පිටතින් තිබුණු තාප්පයේ දිග රියන් පනහක්ය.

8. මක්නිසාද පිට-මළුවේ කාමරවල දිග රියන් පනහක්ය. නුමුත් මාළිගාව ඉදිරිපිට තිබුණු ඒවායේ දිග රියන් සියයක්ය.

9. පිට-මළුවෙන් මේ කාමරවලට පැමිණෙන්ට නැගෙනහිර පැත්තෙන් ඇතුල්වෙන තැන ඒවාට යටින් තිබුණේය.

10. නැගෙනහිර දෙසට තිබුණු මළුවේ තාප්පයේ පළලටම වෙන්වූ මළුවටත් ගොඩනැගිල්ලටත් ඉදිරිපිට කාමර තිබුණේය.

11. මේවා ඉස්සරහ පිට උතුරු පැත්තේ කාමරවල අන්දමටම පාරක් තිබුණේය; ඒවායේ දිගද පළලද ඒවාට ඇතුල්වෙන සියලු තැන්ද ඒවායේ විධිද ඒවායේ දොරකඩවල්ද වාගේ මේවාටත් තිබුණේය.

12. දකුණු පැත්තේ කාමරවල දොරකඩවල් වාගේ ඇතුල්වෙන තැන නැගෙනහිර දෙසට තාප්පය ඉදිරිපිටම තිබුණු මාර්ගයේ මුල දොරකඩක් තිබුණේය.

13. එවිට ඔහු මට කථාකොට: වෙන්වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමරද දකුණු කාමරද ශුද්ධ කාමර වෙත්, එහි ස්වාමීන්වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අති ශුද්ධ දේවල් කන්නෝය. එහි ඔව්හු අති ශුද්ධ දේවල්ද ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද තබන්නෝය; මක්නිසාද ඒ ස්ථානය ශුද්ධය.

14. පූජකයන් එහි ඇතුල්වුණාම ඔව්හු ශුද්ධස්ථානයෙන් පිට-මළුවට නොයන්නෝය, සේවය කිරීමට ඔවුන් අඳින වස්ත්‍රද එහි තබන්නෝය; මක්නිසාද ඒවා ශුද්ධය. ඔව්හු වෙන වස්ත්‍ර හැඳගෙන සෙනඟගේ කාරණාවලට පැමිණෙන්නෝයයි කීවේය.

15. ඔහු ඇතුල් ගෘහය මැන තීන්දුකළ විට නැගෙනහිර දෙසට තිබෙන දොරටුවේ මාර්ගයෙන් මා පිටතට ගෙනගොස් වටේටම ඒක මැන්නේය.

16. මනින දණ්ඩෙන් ඔහු නැගෙනහිර පැත්ත මැන්නේය, ඒක මනින දණ්ඩෙන් වටේට පන්සියයක්ව තිබුණේය.

17. ඔහු උතුරු පැත්ත මැන්නේය, ඒක මනින දණ්ඩෙන් වටේට පන්සියයක්ව තිබුණේය.

18. ඔහු දකුණු පැත්ත මැන්නේය, ඒක මනින දණ්ඩෙන් පන්සියයක්ව තිබුණේය.

19. ඔහු බස්නාහිර පැත්තට හැරී ගොස් මැන්නේය, ඒක මනින දණ්ඩෙන් පන්සියයක්ව තිබුණේය,

20. ඔහු ඒකේ සතර පැත්තම මැන්නේය. ශුද්ධ ස්ථානය පොදු ස්ථානයෙන් වෙන්කරන පිණිස දඬු පන්සියයක් දිග අතටත් පන්සියයක් පළල අතටත් ඇති පවුරක් ඒක වටකරින්ම තිබුණේය.

About එසකියෙල් Chapter 42

Read එසකියෙල් Chapter 42 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එසකියෙල්
Chapter: 42
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එසකියෙල් Chapter 42 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එසකියෙල් Chapter 42?

එසකියෙල් Chapter 42 is part of the Book of එසකියෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එසකියෙල් Chapter 42 online for free with easy chapter navigation.

More Chapters from එසකියෙල්

  1. එසකියෙල් Chapter 24
  2. එසකියෙල් Chapter 5
  3. එසකියෙල් Chapter 28
  4. එසකියෙල් Chapter 45
  5. එසකියෙල් Chapter 40
  6. එසකියෙල් Chapter 17
  7. එසකියෙල් Chapter 9

Explore More from පැරණි ගිවිසුම

  1. දානියෙල් Chapter 1
  2. එසකියෙල් Chapter 18
  3. 2 ලේකම් Chapter 24
  4. හිතෝපදේශ Chapter 26
  5. හිතෝපදේශ Chapter 27
  6. නික්මයාම Chapter 36
  7. මීකා Chapter 3

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 125
  2. යාකොබ් Chapter 1
  3. ශු. මාර්ක් Chapter 15
  4. එළිදරව් Chapter 13
  5. ශු. මාර්ක් Chapter 3
  6. ශු. යොහන් Chapter 16
  7. දේශනාකාරයා Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *