Read එසකියෙල් Chapter 26 Online
Read එසකියෙල් Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.
Choose a Chapter
එසකියෙල් 26
පරිච්ඡේදය 26
1. එකොළොස්වෙනි අවුරුද්දේ මාසයේ පළමුවෙනි දවසේදී ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2. මනුෂ්‍ය පුත්‍රය, තීර් යෙරුසලමට විරුද්ධව කථාකොට-ඔහෝ, ජනයන්ගේ දොරටුව වන ඈ කඩා දමනු ලැබුවාය. එය මා දෙසට ඇරී තිබෙයි. ඈ පාළුකරනු ලැබ සිටින නිසා මට පූර්ණකම ඇතිවන්නේයයි කී බැවින්,
3. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා තීර්, මම නුඹට විරුද්ධව සිටිමි, මුහුදේ රැළ නැගී එන්නාක් මෙන් බොහෝ ජාතීන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි.
4. ඔව්හු තීර්හි පවුරු නාස්තිකොට එහි කොත් බිඳදමන්නෝය. මම එහි ධූලි එතනින් අතුගාදමා එය මුඩු පර්වතයක් කරන්නෙමි.
5. එය මුහුද මැද දැල් අතුරන ස්ථානයක් වන්නේය; මක්නිසාද මමම ඒක කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එය ජාතීන්ට කොල්ලයක් වන්නේය.
6. කෙතේ සිටින ඇගේ දූවරු කඩුවෙන් මැරුම්කන්නෝය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.
7. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මම රජවරුන්ගේ රජ වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අසුන් සහ රථද අසරුවන් සහ සමූහයක්ද බොහෝ සෙනඟද ඇතුව උතුරෙන් තීර්ට විරුද්ධව පමුණුවන්නෙමි.
8. කෙතේ සිටින නුඹේ දූවරුන් ඔහු කඩුවෙන් මරා, නුඹට විරුද්ධව කොටු බැඳ, නුඹට විරුද්ධව ගොඩැල්ලක් සාදා, නුඹට විරුද්ධව පලිහ ඔසවනවා ඇත.
9. නුඹේ පවුරුවලට විරුද්ධව තමාගේ යුද්ධ යන්ත්‍ර තබා, තමාගේ පොරෝවලින් නුඹේ කොත් කඩාදමනවා ඇත.
10. ඔහුගේ අශ්වයන්ගේ වැඩිකම නිසා උන්ගේ දූවිල්ලට නුඹ වැසීයනවා ඇත. කපල්ලක් කර තිබෙන නුවරකට මිනිසුන් ඇතුල්වෙන්නාක්මෙන් ඔහු නුඹේ දොරටුවලින් ඇතුල්වෙන කල, අසරුවන්ගෙත් ගැල්වලත් රථවලත් ශබ්දයට පවුරු සෙලවෙන්නේය.
11. ඔහු තමාගේ අශ්වයන්ගේ කුරවලින් නුඹේ වීථි පාගා, නුඹේ සෙනඟ කඩුවෙන් මරනවා ඇත, නුඹේ බලවත් කුළුනුද බිමට වැටෙනවා ඇත.
12. ඔවුන් නුඹේ වස්තු කොල්ලකා, නුඹේ වෙළඳාම් බඩු උදුරාගන්නවා ඇත. නුඹේ පවුරු බිඳදමා, නුඹේ ප්‍රිය ගෙවල් හෙළාදමා, නුඹේ ගල්ද ලීද පස්ද ජල මැදට දමනවා ඇත.
13. නුඹේ ගීතිකාවල ඝෝෂාව නවත්වන්නෙමි; නුඹේ වීණාවල ශබ්දයද තවත් නොඇසෙන්නේය.
14. මම නුඹ මුඩු පර්වතයක් කරන්නෙමි. නුඹ වනාහි දැල් ඇතිරීම පිණිස ස්ථානයක් වන්නෙහිය; නුඹ තවත් ගොඩනගනු නොලබන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ඒක කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
15. ස්වාමිවූ දෙවියන්වහන්සේ තීර්ට මෙසේ කියනසේක: නුඹේ වැටීමේ ශබ්දයටත් නුඹ තුළෙහි තුවාලවූවන්ගේ කෙඳිරිගෑමටත් මිනිසුන් මරා දැමීමටත් ද්වීපයෝ නොසෙල්වන්නෝද?
16. එකල මුහුදේ සියලුම අධිපතීහුද තමුන්ගේ සිංහාසනවලින් බැස, තමුන්ගේ සළු අහක තබා, තමුන්ගේ විසිතුරු වස්ත්‍ර ගළවාදමා, වෙවුලුම් [නමැති වස්ත්‍ර] ඇඳ බිම හිඳගෙන, මොහොතින් මොහොත වෙවුලමින්, නුඹ ගැන විස්මපත් වන්නෝය.
17. ඔව්හු නුඹ ගැන විලාපයක් කියමින්: මුහුදේ යාත්‍රාකරන්නන් විසුවාවූ ප්‍රශංසා ලැබූ නුවරව, මුහුදෙහි බලවත්ව සිටියාවූ නුඹ විනාශවූ හැටි! ඈ සහ එහි වැසියෝ තමුන්ගේ භයානකකම එහි විසූ සියල්ලන් කෙරෙහි තැබුවෝය.
18. දැන් ද්වීපයෝ නුඹේ වැටීමේ දවසේදී වෙවුලන්නෝය; එසේය, මුහුදේ පිහිටි ද්වීපයෝ නුඹේ තුරන්වීමට තැතිගන්නෝයයි නුඹ ගැන කියනවා ඇත.
19. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: වැසියන් නැති නුවරවල් මෙන් මා විසින් නුඹ පාළු නුවරක් කර, මහත් ජලවලින් නුඹ වැසී යන ලෙස ගැඹුර නුඹ පිටට පමුණුවන කල,
20. මිනීවළට බැස්ස පුරාණ ළඟට බසින්ට මම නුඹට සලස්වන්නෙමි, නුඹ තුළ වැසියන් නොසිටින පිණිසද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි මා විසින් මහිමය තබන පිණිසද මිනීවළට බසින අය සමඟ පොළොවේ පහත් තැන්වල එනම් පුරාතන සිට පාළුවූ තැන්හි නුඹ වාසයකරවන්නෙමි.
21. මම නුඹ භීතියක් කරන්නෙමි, නුඹ තවත් නොසිටින්නෙහිය. නුඹව සොයා ආවත් කිසි කලක නුඹ සම්බවෙන්නේ නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
About එසකියෙල් Chapter 26
Read එසකියෙල් Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: එසකියෙල්
Chapter: 26
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading එසකියෙල් Chapter 26 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is එසකියෙල් Chapter 26?
එසකියෙල් Chapter 26 is part of the Book of එසකියෙල් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete එසකියෙල් Chapter 26 online for free with easy chapter navigation.
More Chapters from එසකියෙල්
- එසකියෙල් Chapter 24
- එසකියෙල් Chapter 5
- එසකියෙල් Chapter 28
- එසකියෙල් Chapter 45
- එසකියෙල් Chapter 40
- එසකියෙල් Chapter 17
- එසකියෙල් Chapter 9
Explore More from පැරණි ගිවිසුම
- යෝබ් Chapter 8
- යෙසායා Chapter 8
- දේශනාකාරයා Chapter 5
- දානියෙල් Chapter 7
- ලෙවී කථාව Chapter 15
- යෝෂුවා Chapter 21
- 1 සාමුවෙල් Chapter 31