නික්මයාම Chapter 37

For English

Read නික්මයාම Chapter 37 Online

Read නික්මයාම Chapter 37 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.

Choose a Chapter

නික්මයාම 37

පරිච්ඡේදය 37

1. බෙශලෙල් ෂිටිම් ලීවලින් පෙට්ටිය සෑදුවේය. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද විය.

2. ඔහු ඒකේ ඇතුළත් පිටත් පවිත්‍ර රනින් වසා වටකරින් ඊට රන් ලීස්තරයක්ද සෑදුවේය.

3. ඔහු ඊට රන් වළලු සතරක් වාත්තුකර ඒකේ එක පැත්තක වළලු දෙකක්ද අනික් පැත්තේ වළලු දෙකක්ද බැගින් ඒකේ අඩි සතරෙහි තැබුවේය.

4. ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වසා,

5. පෙට්ටිය ඔසවන පිණිස පෙට්ටියේ පැතිවල වළලුවලට ඒ පොලු දැම්මේය.

6. ඔහු පවිත්‍ර රනින් කරුණාසනයක්ද සෑදුවේය. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද විය.

7. තලාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු සාදා

8. එක් කෙරුබයෙක් එක් කෙළවරකද අනික් කෙරුබයා අනික් කෙළවරේද කරුණාසනය දෙකෙළවර පිහිටෙවුවේය. කරුණාසනය හා සම්බන්ධකොට ඒකේ දෙකෙළවර ඔහු කෙරුබ්වරුන් සෑදුවේය.

9. කෙරුබ්වරු ඉහළට පියාපත් විදහා ඔවුන්ගේ පියාපත්වලින් කරුණාසනය වසාගනිමින් ඔවුනොවුන්ට මුහුණට මුහුණලා සිටියෝය; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට විය.

10. ඔහු ෂිටිම් ලීවලින් මේසය සෑදුවේය. ඒකේ දිග දෙරියනක්ද ඒකේ පළල එක්රියනක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද වූයේය.

11. ඔහු ඒක පවිත්‍ර රනින් වසා වටකරින් රන් ලීස්තරයක් සෑදුවේය.

12. ඔහු එහි වටකරින් අල්ලක පළල ඇති පටියක්ද ඒ පටිය වටේ රන් ලීස්තරයක්ද සෑදුවේය.

13. ඊට රන් වළලු සතරක් වාත්තුකර ඒකේ කකුල් සතරේ කොන් සතරෙහි ඒ වළලු දැමීය.

14. මේසය ගෙන යන පිණිස පොලු දැමීමට වළලු, පටිය ළඟම තිබුණේය.

15. මේසය ගෙනයන පිණිස ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වැසුවේය.

16. ඔහු මේසය පිට තබන භාජන වන ඒකේ තැටිද ඒකේ හැඳිද ඒකේ පාත්‍රාද පාන පූජා වත්කරන පිණිස ඒකේ කෙණ්ඩිද පවිත්‍ර රනින් සෑදුවේය.

17. ඔහු පවිත්‍ර රනින් පහන් රුකත් සෑදුවේය. තලාපු කර්මාන්තයෙන් පහන් රුක සෑදුවේය, ඒකේ අඩිය හා කඳද ඒකේ පෙති කුසලානද මොට්ටුද මල්ද ඊටම සම්බන්ධකොට සාදා තිබුණේය.

18. ඒකේ පැතිවලින් නික්මෙන අතු සයක් විය; පහන් රුකේ එක් පැත්තක අතු තුනක්ය, පහන් රුකේ අනික් පැත්තේ අතු තුනක්ය.

19. කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් තුනක්ද ගෙඩියක්ද මලක්ද එක් අත්තක විය; කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් තුනක්ද ගෙඩියක්ද මලක්ද අනික් පැත්තේ විය. පහන් රුකේ අතු හයේම එසේ තිබුණේය.

20. පහන් රුකේ මොට්ටු සහ මල් සහිතව කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් සතරක් වූයේය.

21. පහන් රුකින් නික්මෙන අතු හයට එහි අතු දෙකක් යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද එහි අනික් අතු දෙක යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද අනික් අතු දෙක යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද විය.

22. ඒවායේ මොට්ටුද අතුද ඊටම සම්බන්ධවූයේය. මුළු වැඩය තළනලද පවිත්‍ර රනින් කළ එකම කර්මාන්තයක් වූයේය.

23. ඔහු ඒකේ පහන් සතද ඒකේ කතුරුද ඒකේ කතුරු තැටිද පවිත්‍ර රනින් සෑදුවේය.

24. එයද ඊට ඇතුළත් සියලු භාජනද ඔහු පවිත්‍ර රන් තලෙන්තයකින් සෑදුවේය.

25. ඔහු ෂිටිම් ලීවලින් දුම් පූජාසනය සෑදුවේය. ඒකේ දිග රියනක්ය; ඒකේ පළල රියනක්ය, එය සතරැස් විය; ඒකේ උස දෙරියනක් විය. ඒකේ අං ඊටම සම්බන්ධවිය;

26. ඔහු ඒකේ මුදුනද හාත්පසින් ඒකේ පැතිද ඒකේ අංද පවිත්‍ර රනින් වසා ඒකේ වටේට රන් ලීස්තරයක් සෑදුවේය.

27. ඒක ගෙන යන පිණිස පොලු තැබීමට ඒකේ දෙපැත්තේ ලීස්තරයට යටින් ඒකේ අංශ දෙකේ රන් වළලු දෙකක් සෑදුවේය.

28. පොලුද ෂිටිම් ලීවලින් සාදා ඒවා රනින් වැසුවේය.

29. ඔහු ශුද්ධ ආලේප තෛලයද පිරිසිදු සුවඳ ධූප ද්‍රව්‍යද තෛල මිශ්‍රකරන්නන්ගේ විධියට සෑදුවේය.

About නික්මයාම Chapter 37

Read නික්මයාම Chapter 37 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නික්මයාම
Chapter: 37
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නික්මයාම Chapter 37 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නික්මයාම Chapter 37?

නික්මයාම Chapter 37 is part of the Book of නික්මයාම in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නික්මයාම Chapter 37 online for free with easy chapter navigation.

More Chapters from නික්මයාම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 21
  6. නික්මයාම Chapter 10
  7. නික්මයාම Chapter 9

Explore More from පැරණි ගිවිසුම

  1. 1 රාජාවලිය Chapter 7
  2. 1 සාමුවෙල් Chapter 14
  3. ගීතාවලිය Chapter 94
  4. ලෙවී කථාව Chapter 7
  5. 1 සාමුවෙල් Chapter 24
  6. ගීතාවලිය Chapter 137
  7. විනිශ්චයකාරයන් Chapter 13

Related Chapters & Readings

  1. 1 පේතෘස් Chapter 5
  2. උත්පත්ති Chapter 4
  3. ලෙවී කථාව Chapter 16
  4. ශු. ලූක් Chapter 16
  5. එසකියෙල් Chapter 5
  6. නික්මයාම Chapter 15
  7. රෝම Chapter 9
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *