එසකියෙල් Chapter 25

For English

Read එසකියෙල් Chapter 25 Online

Read එසකියෙල් Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.

Choose a Chapter

එසකියෙල් 25

පරිච්ඡේදය 25

1. ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

2. මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ අම්මොන් පුත්‍රයන් දෙසට හරවාගන, ඔවුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්, මෙසේ කියන්න.

3. ස්වාමිවූ දෙවියන්වහන්සේගේ වචනය අසන්න; ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ ශුද්ධස්ථානය කෙලහුණු නිසා ඊට විරුද්ධවද ඉශ්‍රායෙල් රට පාළුවී තිබෙන නිසා ඊට විරුද්ධවද යූදා වංශය වහල්කමට ගිය නිසා ඔවුන්ට විරුද්ධවද නුඹ ඔහෝයයි කී බැවින්,

4. මම නැගෙනහිර දිශාවේ වැසියන්ට උරුමයක් කොට නුඹ පාවාදෙන්නෙමි, ඔවුන් නුඹ තුළ තමුන්ගේ කඳවුරු බැඳ, තමුන්ගේ වාසස්ථාන නුඹ තුළ පිහිටුවාගන්නවා ඇත; ඔවුන් නුඹේ ඵල කා, නුඹේ කිරිබොනවා ඇත.

5. රබ්බා ඔටුවන්ට තෘණ බිමක්ද අම්මොන් පුත්‍රයන්ගේ රට බැටළුවන් ලගින ඉඩමක්ද කරන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.

6. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ අත්පොළසන් දී, අඩිහපා, නුඹේ මුළු උඩඟුකමින් ඉශ්‍රායෙල් දේශයට විරුද්ධව සිතෙන් ප්‍රීතිවූ බැවින්,

7. මාගේ අත නුඹට විරුද්ධව දිගුකර, ජාතීන්ට කොල්ලයක් කොට නුඹ පාවාදී, ජනයන් අතරෙන් නුඹ සිඳදමා, දේශවලින් නුඹ නැතිකොට විනාශකරන්නෙමි; නුඹ මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෙහිය.

8. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: යූදා වංශය සියලු ජාතීන් වාගේයයි මෝවබ් සහ සේයිර්ද කියන නිසා,

9. මෙන්න, මම මෝවබ්ගේ පැත්ත ඔහුගේ සියලු නුවරවල සිට, එනම් දේශයේ අලංකාරකම වන බෙත්-යෙෂිමොත්ද බාල්-මෙයොන්ද පටන් කිරියාතයිම් දක්වා,

10. අම්මොන් පුත්‍රයන්ගේ රටත් සමඟ නැගෙනහිර දිශාවේ වැසියන්ට ඇරදී, ඒක උරුමයක් කොට දෙන්නෙමි. මෙසේ කරන්නේ ජාතීන් අතරෙහි අම්මොන් පුත්‍රයන් ගැන සිහි නොවන පිණිසය.

11. මම මෝවබ් කෙරෙහි විනිශ්චයවල් ඉෂ්ටකරන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය.

12. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඒදොම් යූදා වංශයෙන් පළිගන්න ලෙස ක්‍රියාකොට බොහෝසෙයින් වරදකාරයන් වූ නිසාත් ඔවුන්ගෙන් පළිගත් නිසාත්,

13. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම ඒදොම්ට විරුද්ධව මාගේ අත දිඟුකොට, එතනින් මනුෂ්‍යයන්ද මෘගයන්ද සිඳදමා, තේමාන් පටන් දෙදාන් දක්වා ඒක පාළුවක් කරන්නෙමි; ඔවුන් කඩුවෙන් වැටෙනවා ඇත.

14. මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ලවා ඒදොම් පිටට මාගේ පළිගැනීම පමුණුවන්නෙමි; ඔවුන් මාගේ උදහසේද මාගේ කෝපයේද ප්‍රකාරයට ඒදොම්ට කරනවා ඇත. ඔවුන් මාගේ පළිගැනීම දැනගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

15. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: පිලිස්තිවරුන් පළිගන්න ලෙස ක්‍රියාකොට, පුරාණ සතුරුකමින් විනාශකිරීමට සිතේ උඩඟුකමින් පළිගත් බැවින්,

16. මාගේ අත පිලිස්තිවරුන්ට විරුද්ධව දිඟුකොට, කෙරෙතිවරුන් සිඳදමා, මුහුදුබඩ ඉතිරිව සිටින්නන් නැතිකරන්නෙමි.

17. කෝප සහිත තර්ජනවලින් ඔවුන්ගෙන් බොහෝසෙයින් පළිගන්නෙමි; එසේ ඔවුන්ගෙන් පළිගන්න කල මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

About එසකියෙල් Chapter 25

Read එසකියෙල් Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එසකියෙල්
Chapter: 25
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එසකියෙල් Chapter 25 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එසකියෙල් Chapter 25?

එසකියෙල් Chapter 25 is part of the Book of එසකියෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එසකියෙල් Chapter 25 online for free with easy chapter navigation.

More Chapters from එසකියෙල්

  1. එසකියෙල් Chapter 5
  2. එසකියෙල් Chapter 28
  3. එසකියෙල් Chapter 40
  4. එසකියෙල් Chapter 24
  5. එසකියෙල් Chapter 17
  6. එසකියෙල් Chapter 9
  7. එසකියෙල් Chapter 45

Explore More from පැරණි ගිවිසුම

  1. ද්වීතීය කථාව Chapter 18
  2. උත්පත්ති Chapter 44
  3. 1 ලේකම් Chapter 26
  4. යෙසායා Chapter 11
  5. එසකියෙල් Chapter 11
  6. විනිශ්චයකාරයන් Chapter 9
  7. ගීතාවලිය Chapter 124

Related Chapters & Readings

  1. විනිශ්චයකාරයන් Chapter 17
  2. නික්මයාම Chapter 4
  3. ගණන් කථාව Chapter 36
  4. 1 සාමුවෙල් Chapter 14
  5. එසකියෙල් Chapter 29
  6. යෙරෙමියා Chapter 6
  7. ශු. මාර්ක් Chapter 6
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *