Read එසකියෙල් Chapter 41 Online
Read එසකියෙල් Chapter 41 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.
Choose a Chapter
එසකියෙල් 41
පරිච්ඡේදය 41
1. එවිට ඔහු මාළිගාවට මා ගෙනවුත් එහි කණු මැන්නේය, ඒවා එක පැත්තක හරියනක් පළලටද අනික් පැත්තෙහි හරියනක් පළලටද තිබුණේය, එය කූඩාරමේ පළලය.
2. දොරකඩ පළල රියන් දසයක්ය; දොරකඩ එක පැත්තක් රියන් පහක්ය, අනික් පැත්තත් රියන් පහක්ය. ඔහු මාළිගාව මැන්නේය, ඒකේ දිග රියන් සතළිසක්ය, පළල රියන් විස්සක්ය.
3. එවිට ඔහු ඇතුළට ගොස් දොරකඩ එක එක කණුව මැන්නේය, එය රියන් දෙකක්ය. දොරකඩ රියන් හයක්ය; දොරකඩ පළල රියන් සතක්ය.
4. ඔහු මාළිගාවට ඉදිරිපිටින් ඒකේ දිගට රියන් විස්සක්ද පළලට රියන් විස්සක්ද මැන: මෙය අති ශුද්ධස්ථානයයයි මට කීවේය.
5. ඔහු ගෘහයේ බිත්තියත් මැන්නේය, ඒක රියන් හයක්ය; වටකරම ගෘහයට තිබුණු කාමරවල පළල රියන් සතරක්ය.
6. ඒ කාමර, කාමරයක් පිට කාමරයක් වශයෙන් තුනක්ද පේළියට තිහක්ද බැගින් තිබුණේය; කාමර වනාහි ගෘහයේ බිත්තියට අල්ලන්නේ නැතුව, ඒවා අල්ලා තිබීම පිණිස වටකරම ගෘහයට තිබුණු බිත්තියට වැදී තිබුණේය.
7. කාමරවලට නැගී යන්ට යන්ට වටකරින්ම ඒවා වඩ වඩා පළල්ව තිබුණේය; මක්නිසාද ගෘහය වටකරම ඉහළින් ඉහළට ගෘහය කාමරවලින් වටවී තිබුණේය. එබැවින් ගෘහයේ පළල ඉහළින් වැඩිව තිබුණේය; එසේ යට තට්ටුවේ සිට මැද එක මැදින් ඉහළ එකට නගිති.
8. වටකරින් ගෘහයේ උස දුටිමි; කාමරවල අත්තිවාරම මුළු දණ්ඩක්වූ සම්පූර්ණ රියන් හයක්ය.
9. පිට පැත්ත දක්වා කාමරවලට තිබුණු බිත්තියේ පළල පස් රියනක්ය. ගෘහයට තිබුණු කාමර පේළි ඇතුළේ හිස් ඉඩමක් තිබුණේය.
10. ඒවාටත් මළුවේ කාමරවලටත් අතරේ ගෘහය වටකරින්ම විසි රියනක් පළල ඇති ඉඩමක් තිබුණේය.
11. කාමරවල දොරකඩ හිස් ඉඩම දෙසට තිබුණේය, එක දොරකඩක් උතුරු දෙසටත් එක දොරකඩක් දකුණු දෙසටත් තිබුණේය. හිස් ඉඩමේ පළල වටකරම පස් රියනක්ය.
12. බස්නාහිර පැත්තෙහි වෙන්වූ මළුවට ඉදිරිපිට තිබුණු ගොඩනැගිල්ලේ පළල රියන් සැත්තෑවක්ය; ඒ ගොඩනැගිල්ලේ බිත්තියේ පළල වටකරම රියන් පහක්ය, ඒකේ දිග රියන් අනූවක්ය.
13. ඔහු ගෘහයත් මැන්නේය, එහි දිග රියන් සියයක්ය; වෙන්වූ මළුවේද එහි තිබුණු ගොඩනැගිල්ලේද ඒකේ බිත්තිවලද දිග රියන් සියයක්ය;
14. නැගෙනහිරට තිබුණු ගෙයි ඉස්සරහ පැත්තේද වෙන්වූ මළුවේද පළල රියන් සියයක්ය.
15. වෙන්වූ මළුවට ඉදිරිපිටින් ඊට පිටි පස්සෙන් තිබුණු ගොඩනැගිල්ලේ දිගද දෙපැත්තෙහි තිබුණු ඒකේ පිට-ශාලාද මැන්නේය, ඒවා රියන් සියයක්ය;
16. ඇතුල් මාළිගාවද මිදුලේ ශාලාද එළිපත්ද පටු කවුළුද මහල් තුනටම එළිපත්ත ඉස්සරහ වටකර තිබුණු පිට-ශාලාද තුනී ලෑලිවලින් වසා තිබුණේය, බිම සිට කවුළු දක්වාත් එසේම තිබුණේය; කවුළුත් වසා තිබුණේය;
17. දොරකඩට ඉහළින්ද ඇතුල් ගෘහය දක්වාද පිටතින්ද වටකරම ඇතුළ සහ පිට මුළු බිත්තියද මැන්නේය.
18. කෙරුබ්ද තල් ගස්ද සාදා තිබුණේය; කෙරුබ් දෙකකට අතරේ තල්ගසක් බැගින් තිබුණේය, කෙරුබ් එකකට මුහුණු දෙකක් තිබුණේය.
19. එනම් එක පැත්තක තල්ගහ දෙසට මනුෂ්‍ය මුහුණක්ද අනික් පැත්තෙහි තල්ගහ දෙසට තරුණ සිංහ මුහුණක්ද තිබුණේය. වටකරම මුළු ගෘහයෙහි එසේ සාදා තිබුණේය.
20. බිම සිට දොරකඩ ඉහළ දක්වා කෙරුබ් සහ තල්ගස්ද මාළිගාවේ බිත්තියෙහි සාදා තිබුණේය.
21. මාළිගාවේ උළුවහු කණු සතරැස්ව තිබුණේය; ශුද්ධස්ථානයේ ඉස්සරහ පැත්තේ පෙනීමද මාළිගාවේ පෙනීම වාගේය.
22. පූජාසනය ලී පූජාසනයක්ය, උස රියන් තුනක්ය, ඒකේ දිග දෙරියනක්ය; ඒකේ කොන්ද ඒකේ අඩියද ඒකේ පැතිද ලීවලින්ය. එවිට ඔහු: මෙය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන මේසයයයි මට කීය.
23. මාළිගාවටත් ශුද්ධස්ථානයටත් දොරවල් දෙකක් තිබුණේය.
24. දොරවලට දෙපියන් එනම් හැරෙන පියන් දෙකක් තිබුණේය; එක දොරකට පියන් දෙකක්ද අනික් එකට පියන් දෙකක්ද තිබුණේය.
25. බිත්තිවල සාදා තිබුණාක්මෙන් මාළිගාවේ දොරවල් පිටත් කෙරුබ් සහ තල්ගස් සාදා තිබුණේය; පිටතින් ශාලාව ඉස්සරහ ඝනවූ ලී පඩි කඳන් තිබුණේය.
26. පටු කවුළු සහ තල්ගස් ශාලාවේ දෙපැත්තෙහිද කාමරවලද තිබුණේය, ඝනවූ (ලී) පඩි කඳන්ද තිබුණේය.
About එසකියෙල් Chapter 41
Read එසකියෙල් Chapter 41 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: එසකියෙල්
Chapter: 41
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading එසකියෙල් Chapter 41 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is එසකියෙල් Chapter 41?
එසකියෙල් Chapter 41 is part of the Book of එසකියෙල් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete එසකියෙල් Chapter 41 online for free with easy chapter navigation.
More Chapters from එසකියෙල්
- එසකියෙල් Chapter 24
- එසකියෙල් Chapter 5
- එසකියෙල් Chapter 28
- එසකියෙල් Chapter 45
- එසකියෙල් Chapter 40
- එසකියෙල් Chapter 17
- එසකියෙල් Chapter 9
Explore More from පැරණි ගිවිසුම
- යෙරෙමියා Chapter 39
- 1 සාමුවෙල් Chapter 3
- දේශනාකාරයා Chapter 5
- 2 ලේකම් Chapter 33
- 1 ලේකම් Chapter 3
- හොෂෙයා Chapter 3
- නාහුම් Chapter 1