එසකියෙල් Chapter 23

For English

Read එසකියෙල් Chapter 23 Online

Read එසකියෙල් Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.

Choose a Chapter

එසකියෙල් 23

පරිච්ඡේදය 23

1. ස්වාමීන්වහන්සේගේ වචනය නැවත මා වෙතට පැමිණ කියනුයේ:

2. මනුෂ්‍ය පුත්‍රය, එක මවෙකුගේ දූවරුවූ ස්ත්‍රීන් දෙදෙනෙක් සිටියෝය.

3. ඔව්හු මිසරයේදී වේශ්‍යාකම් කළෝය; ඔවුන්ගේ යෞවන වයසේදී වේශ්‍යාකම්කළෝය. ඔවුන්ගේ පියයුරු එහිදී මිරිකනු ලැබීය, එහිදී ඔවුන්ගේ කන්‍යා වයසේ තනපුඩු තැළුණේය.

4. ඔවුන්ගේ නාම වනාහි වැඩිමහල් තැනැත්තීවූ ඔහොලා සහ ඇගේ සහෝදරීවූ ඔහොලීබාය. ඔව්හු මා සන්තකවී පුත්‍රයන්ද දූවරුන්ද බිහිකළෝය. ඔවුන්ගේ නම් මෙසේය: සමාරිය වනාහි ඔහොලාය, යෙරුසලම ඔහොලීබාය.

5. ඔහොලා මා සන්තකව සිටියදී වේශ්‍යාකම්කළාය; ඇගේ ප්‍රේමවන්තයන් වන අසල්වාසීන්වූ අෂූර්වරුන් කෙරෙහි ඈ ආලයවූවාය.

6. ඔවුන් සියල්ලෝම නීල වස්ත්‍ර ඇන්දාවූ ආණ්ඩුකාරයෝ වන මුලාදෑනියෝව, ප්‍රිය වඩන යෞවනයෝව, අශ්වයන් පිට නැගීයන අසරුවෝව සිටි තැනැත්තෝය.

7. ඈද අෂූර්හි උත්තම පුත්‍රයන්වූ ඔවුන් සියල්ලන් සමඟ වේශ්‍යාකම්කළාය. ඈ ආලයවූ සියල්ලන්ගේ සියලු රූපවලින්ද අපවිත්‍රවූවාය.

8. ඈ මිසරයේදී පටන්ගත් ඇගේ වේශ්‍යාකම් අත්හැරියේ නැත; මක්නිසාද ඇගේ යෞවන වයසේදී ඔව්හු ඈ සමඟ සයනයකළෝය, මොව්හුද ඇගේ කන්‍යා වයසේ තනපුඩු මිරිකා ඔවුන්ගේ වේශ්‍යාකම ඈ පිට වැගිරෙවුවෝය.

9. එබැවින් ඇගේ ප්‍රේමවන්තයන් වන, ඈ ආලයවුණාවූ අෂූර්වරුන් අතට ඈ පාවාදුනිමි.

10. මොව්හු ඇගේ නග්නකම ප්‍රකාශකොට, ඇගේ පුත්‍රයන්ද දූවරුන්ද අරගෙන ගොස්, ඈ කඩුවෙන් මැරුවෝය. ඈ වනාහි ස්ත්‍රීන්ට නින්දා පාඨයක් වුණාය; මෙසේ ඔව්හු ඈ කෙරෙහි විනිශ්චය ඉෂ්ට කළෝය.

11. ඇගේ සහෝදරීවූ ඔහොලීබා මෙය දුටු නුමුත් ඈට වඩා ඇගේ ආලයෙන්ද ඇගේ සහෝදරීගේ වේශ්‍යාකම්වලට වඩා ඇගේ වේශ්‍යාකම්වලින්ද දුෂ්ටලෙස හැසුරුණාය.

12. ඈ අසල්වාසීවූ අලංකාර වස්ත්‍ර ඇන්දාවූ ආණ්ඩුකාරයෝව මුලාදෑනියෝව අශ්වයන් පිට නැගී යන අසරුවෝව සිටි අෂූර්වරුන් කෙරෙහි ආලයවුණාය, ඔවුන් සියල්ලෝම ප්‍රිය වඩන යෞවනයෝය.

13. ඈ අපවිත්‍රව සිටින බව දුටිමි; ඔවුන් දෙදෙනාටම තිබුණේ එක මාර්ගයය.

14. නුමුත් ඈ ඇගේ වේශ්‍යාකම් වැඩිකරගත්තාය; ඈ මනුෂ්‍යයන්ගේ රූප බිත්තියේ සිතියම්කර තිබෙනවා, එනම් කල්දිවරුන්ගේ ස්වරූප සාදිලිංගම්වලින් සිතියම් කර තිබෙනවා දුටුවාය.

15. ඔවුන්ගේ ඉඟටිවල ඉඟපටි බැඳ, පාට ඇති දිග රෙදි ඔවුන්ගේ හිස්වල දමා තිබුණේය. ඔවුන් සියල්ලෝම තමුන් උපන් දේශයවූ කල්දියාවේ බබිලෝනිවරුන්ගේ ස්වරූපයේ හැටියට පෙනීමෙන් වංශාධිපතියෝව සිටියෝය.

16. ඇගේ ඇස්වලින් ඈ දුටු විටම ඔවුන් කෙරෙහි ආලයවී කල්දියාවේ සිටිය ඔවුන් ළඟට පණිවිඩකාරයන් යැවුවාය.

17. බබිලෝනිවරුද ඈ වෙතට ආදර යහනට එළඹ, තමුන්ගේ වේශ්‍යාකමෙන් ඈ අපවිත්‍රකළෝය, ඈ ඔවුන් කරණකොටගෙන අපවිත්‍රවී, පසුව ඇගේ සිත ඔවුන් කෙරෙන් පහව ගියේය.

18. ඈ මෙසේ ඇගේ වේශ්‍යාකම්ද නග්න භාවයද ප්‍රකාශකළ විට, මාගේ සිත ඇගේ සහෝදරී කෙරෙන් පහව ගියාක්මෙන් ඈ කෙරෙන්ද පහව ගියේය.

19. එහෙත් ඈ මිසර දේශයේදී වේශ්‍යාකම්කළාවූ ඇගේ යෞවන වයසේ දවස් සිහිකරමින් ඇගේ වේශ්‍යාකම් වැඩිකළාය.

20. කොටළුවන්ගේ මාංස මෙන් මාංසද අසුන්ගේ වැගිරීම මෙන් වැගිරීමක්ද ඇති ඔවුන්ගේ ප්‍රේමවන්තයන් කෙරෙහි ඈ ආලයවූවාය.

21. මෙසේ නුඹේ යෞවන පියයුරු නිසා මිසරවරුන් නුඹේ තනපුඩු මිරිකන කල හටගත් නුඹේ යෞවන සල්ලාලකමට නුඹ හැරුණෙහිය.

22. එබැවින්, එම්බා ඔහොලීබා, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, නුඹේ සිතෙන් නුඹ පහකළාවූ නුඹේ ප්‍රේමවන්තයන් මම නුඹට විරුද්ධව පොළඹවා, වටකරින් ඔවුන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි.

23. ඔවුන් නම් බබිලෝනිවරු සහ සියලුම කල්දිවරුද පෙකොඩ්ද ෂෝ‍‍වාද කෝවාද ඔවුන් සමඟ අෂූර්වරුද යන මොව්හුය. ඔවුන් සියල්ලෝම ප්‍රිය වඩන යෞවනයෝය, ආණ්ඩුකාරයොත් මුළාදෑනියොත්ය, ඔවුන් සියල්ලෝම අධිපතියෝය, අසුන් පිට නැගී යන්නාවූ කීර්තිමත් තැනැත්තෝය.

24. ඔවුන් නුඹට විරුද්ධව ආයුධ සහ රථද ගැල්ද ජනසමූහයක්ද ඇතුව ඇවිත්, පලිහ සහ කුඩා පලිහද යුද්ධ තොප්පියද ඇතුව නුඹට විරුද්ධව වටකරින් සිටිනවා ඇත. ඔවුන් තමුන්ගේ විනිශ්චයවල හැටියට නුඹ විනිශ්චයකරන පිණිස මම ඔවුන්ට විනිශ්චය භාරදෙන්නෙමි.

25. මාගේ කෝපය නුඹ කෙරෙහි තබමි, ඔවුන්ද නුඹ සමඟ උදහසින් ක්‍රියාකොට, නුඹේ නාසයද නුඹේ කන්ද කපා දමනවා ඇත; නුඹේ ඉතිරි අයද කඩුවෙන් වැටෙනවා ඇත. ඔවුන් නුඹේ පුත්‍රයන්ද නුඹේ දූවරුන්ද අරගන යනවා ඇත; නුඹේ ඉතිරි අයද ගින්නෙන් නාස්තිවන්නෝය.

26. ඔවුන් නුඹේ වස්ත්‍ර නුඹෙන් ගළවාගෙන, නුඹේ අලංකාර ආභරණත් ගන්නවා ඇත.

27. මෙසේ නුඹේ සල්ලාලකමද නුඹ මිසර දේශයේදී පටන්ගත් නුඹේ වේශ්‍යාකමද නුඹෙන් නවත්වන්නෙමි. නුඹ ඔවුන් දෙස නුඹේ ඇස් නොඔසවන්නෙහිය, මිසරය තවත් සිහි නොකරන්නෙහිය.

28. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹ වෛරවෙන්නාවූ, නුඹේ සිතෙන් නුඹ පහකළාවූ අයගේ අතට නුඹ පාවාදෙමි.

29. ඔවුන් වෛරයෙන් නුඹ සමඟ ක්‍රියාකොට, නුඹේ වැඩේ ඵල සියල්ල හැරගෙන, නුඹ නග්නකොට හිස්කර යනවා ඇත. නුඹේ වේශ්‍යාකම්වල නග්නකමද නුඹේ සල්ලාලකමද වේශ්‍යාකම්ද ප්‍රකාශවන්නේය.

30. මේවා නුඹට කරන්ට යෙදෙන්නේ නුඹ ජාතීන් සමඟ වේශ්‍යාකම්කොට ඔවුන්ගේ රූපවලින් අපවිත්‍රවූ නිසාය.

31. නුඹේ සහෝදරීගේ මාර්ගයෙහි නුඹ ගිය බැවින් ඇගේ කුසලාන නුඹේ අතට දෙමි.

32. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ගැඹුරුව පළල්ව තිබෙන නුඹේ සහෝදරීගේ කුසලානෙන් නුඹ බොන්නෙහිය. ඒක නුඹ ගැන සිනාසීමටත් කවටකම්කිරීමටත් පුළුවන් පමණ පිරී තිබේ.

33. නුඹ මත්කමෙන්ද ශෝකයෙන්ද එනම් මවිතකමෙත් පාළුකමෙත් කුසලාන වන නුඹේ සහෝදරීවූ සමාරියේ කුසලානෙන් පූර්ණවන්නෙහිය.

34. නුඹ ඒවා බී උරා, ඒකේ කැබිලිති හපා, නුඹේ තන උදුරාදමන්නෙහිය. මක්නිසාද මම ඒක කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

35. එබැවින් නුඹ මා සිහිනැතිකර නුඹේ පිටිපස්සට මා දැමූ නිසා නුඹද නුඹේ සල්ලාලකම සහ නුඹේ වේශ්‍යාකම් දරන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

36. ස්වාමීන්වහන්සේ මට තවත් කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔහොලා සහ ඔහොලීබා විනිශ්චයකරන්නෙහිද? එසේ නම් ඔවුන්ගේ පිළිකුල්කම් ඔවුන්ට දන්වන්න.

37. මක්නිසාද ඔව්හු කාමමිථ්‍යාචාරයකළෝය, ලේ ඔවුන්ගේ අත්වල තිබේ, තමුන්ගේ පිළිම සමඟ ඔව්හු කාමමිථ්‍යාචාරයකළෝය; ඔව්හු මා නිසා බිහිකළ පුත්‍රයන්ද ගින්නෙහි විනාශවෙන්ට ඒවාට කැපකළෝය.

38. ඔව්හු තව දුරටත් මට මෙසේ කළෝය: එම දවසේ ඔව්හු මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකොට, මාගේ සබත් කෙලසුවෝය.

39. ඔව්හු තමුන්ගේ පිළිමවලට තමුන්ගේ පුත්‍රයන් මරා දුන්නායින් පසු මාගේ ශුද්ධස්ථානය කෙලෙසන ලෙස එම දවසේම ඊට ඇතුල්වූවෝය. එසේය, මාගේ ගෘහය මැද ඔව්හු මෙසේ කළෝය.

40. තවද නුඹලා දුරස්තරයෙහි සිටින මනුෂ්‍යයන්ට අඬගසා ඇරියහුය. ඔවුන් ළඟට පණිවිඩකාරයෙක් අරිනලද්දේය, ඔව්හුද ආවෝය; නුඹ ඔවුන් නිසා නාගන, නුඹේ ඇස්වල අඳුන් ගා ආභරණ පැළඳගෙන, අලංකාර ඇඳක ඉඳගත්තෙහිය,

41. ඒක ඉදිරිපිට පිළියෙළකරනලද මේසයක් උඩ නුඹ මාගේ සුවඳ ද්‍රව්‍යද මාගේ තෙල්ද තැබුවෙහිය.

42. එවිට පහසුගෙන නොසැලකිලිකමින් සිටින සමූහයක හඬ ඈ තුළ නැගුණේය. සාමාන්‍ය උදවියගෙන් මිනිසුන් හා සමඟ බේබද්දෝද කාන්තාරයෙන් ගෙනෙනු ලැබුවෝය; ඔව්හු ඒ අයගේ අත්වල වළලු දමා, ඔවුන්ගේ ඉස් පිට අලංකාර ඔටුනු තැබුවෝය.

43. එවිට මම කාමමිථ්‍යාචාරකම්වලින් ක්ෂයවී සිටින ඈ වැනි තැනැත්තියක් සමඟ ඔවුන් දැන් වේශ්‍යාකම් කරනවා ඇද්දැයි ඈ ගැන කීවෙමි.

44. එසේය, වේශ්‍යාවක් වෙතට මෙන් ඔව්හු ඈ වෙතට පැමුණුණෝය. එසේ ඒ සල්ලාල ස්ත්‍රීන්වූ ඔහොලා සහ ඔහොලීබා වෙතට ඔව්හු පැමුණුණෝය.

45. එබැවින් කාමමිථ‍යාචාරික ස්ත්‍රීන් විනිශ්චයකරන ප්‍රකාරයටත් ලේ වගුරුවන ස්ත්‍රීන් විනිශ්චයකරන ප්‍රකාරයටත් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෝ ඔවුන් විනිශ්චයකරන්නෝය. මක්නිසාද ඔව්හු කාමමිථ්‍යාචාරික ස්ත්‍රියෝය, ලේ ඔවුන්ගේ අත්වල ඇත්තේය.

46. එසේය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම ඔවුන්ට විරුද්ධව සමුදාවක් පමුණුවා, පීඩාවිදීමටත් කොල්ලකනු ලැබීමටත් ඔවුන් පාවාදෙන්නෙමි.

47. ඒ සමුදාව ඔවුන්ට ගල්ගසා, තමුන්ගේ කඩුවලින් ඔවුන් කපාදමා, ඔවුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද මරාදමා, ඔවුන්ගේ ගෙවල් ගින්නෙන් දවාදමන්නෝය.

48. මෙසේ සල්ලාලකම දේශයෙන් පහකරන්නෙමි, සියලු ස්ත්‍රීන්ද දැනමුතුවී, නුඹලාගේ සල්ලාලකමේ හැටියට නොකර සිටිනවා ඇත.

49. ඔවුන් නුඹලාගේ සල්ලාලකමේ ඵල නුඹලා පිටට පමුණුවනවා ඇත, නුඹලාගේ පිළිමවල පාපද නුඹලා දරා, මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීසේක.

About එසකියෙල් Chapter 23

Read එසකියෙල් Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එසකියෙල්
Chapter: 23
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එසකියෙල් Chapter 23 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එසකියෙල් Chapter 23?

එසකියෙල් Chapter 23 is part of the Book of එසකියෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එසකියෙල් Chapter 23 online for free with easy chapter navigation.

More Chapters from එසකියෙල්

  1. එසකියෙල් Chapter 5
  2. එසකියෙල් Chapter 28
  3. එසකියෙල් Chapter 40
  4. එසකියෙල් Chapter 24
  5. එසකියෙල් Chapter 9
  6. එසකියෙල් Chapter 45
  7. එසකියෙල් Chapter 34

Explore More from පැරණි ගිවිසුම

  1. 2 ලේකම් Chapter 18
  2. ගණන් කථාව Chapter 14
  3. යෝබ් Chapter 11
  4. 1 රාජාවලිය Chapter 5
  5. යෙරෙමියා Chapter 31
  6. එස්රා Chapter 7
  7. සාලමොන්ගේ ගීතිකා Chapter 2

Related Chapters & Readings

  1. යෙසායා Chapter 33
  2. හිතෝපදේශ Chapter 10
  3. යෙරෙමියා Chapter 27
  4. 1 රාජාවලිය Chapter 10
  5. නික්මයාම Chapter 30
  6. ගීතාවලිය Chapter 145
  7. 1 ලේකම් Chapter 5
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *