එසකියෙල් Chapter 22

For English

Read එසකියෙල් Chapter 22 Online

Read එසකියෙල් Chapter 22 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.

Choose a Chapter

එසකියෙල් 22

පරිච්ඡේදය 22

1. තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ

2. මනුෂ්‍ය පුත්‍රය, නුඹ විනිශ්චය කරන්නෙහිද? ලේ වගුරුවන නුවර විනිශ්චයකරන්නෙහිද? එසේවී නම් ඇගේ සෑම පිළිකුල්කම් ඈට දන්වමින් මෙසේ කියන්න:

3. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඒ වනාහි එහි කාලය පැමිණෙන පිණිස එහි මැද ලේ වගුරුවන්නාවූද එය අපවිත්‍රවන පිණිස තමාටම විරුද්ධව දේවරූප සාදාගන්නාවූද නුවරක්ය!

4. නුඹ වැගිරෙවු නුඹේ ලේ වලින් නුඹ වරදකාරයෙක්වී, නුඹ සෑදූ නුඹේ රූපවලින් නුඹ අපවිත්‍රවී, මෙසේ නුඹේ දවස් ළංවෙන්ට සලස්වා, නුඹේ අවුරුදුවලට නුඹ පැමින්ණෙහිය. එබැවින් මම නුඹ ජාතීන්ට නින්දාවක්ද සියලුම දේශවලට කවටකමක්ද කෙළෙමි.

5. නුඹට ළංව සිටින්නෝද දුරව සිටින්නෝද අපකීර්තියත් බොහෝ කැලඹීමත් ඇතුව සිටින කෙනෙක් කොට නුඹට කවටකම්කරන්නෝය.

6. ඉශ්‍රායෙල් අධිපතීන් නුඹ තුළ සිටියේ එක එකා තම තමාගේ බලය ලෙස ලේ වගුරුවන පිණිසය.

7. නුඹ තුළ ඔව්හු පියාත් මවුත් සුළුකළෝය; නුඹ ඇතුළෙහි විදේශියාට බලාත්කාරයෙන් ක්‍රියාකළෝය. නුඹ තුළ පියා නැත්තාට සහ වැන්දඹුවටත් පීඩාකළෝය.

8. නුඹ මාගේ ශුද්ධ දේ හෙළාදැක, මාගේ සබත් කෙලහුවෙහිය.

9. ලේ වගුරුවන පිණිස කේලාම්කියන මනුෂ්‍යයෝ නුඹ තුළ සිටියෝය. නුඹ තුළ කඳු පිට කෑවෝය. නුඹ ඇතුළෙහි සල්ලාලකම්කළෝය.

10. නුඹ තුළ පියාගේ නග්නකම ප්‍රකාශකළෝය. නුඹ තුළ ඔසප්ව සිටි තැනැත්තීට අගෞරවකළෝය.

11. එකෙක් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ පිළිකුල්කම්කෙළේය; අනිකෙක් තමාගේ ලේලී සල්ලාලකමින් අපවිත්‍රකෙළේ නුඹ තුළ තවත් කෙනෙක් තම පියාගේ දුවවූ තමාගේ සහෝදරියට අවනම්බු කළේය.

12. ලේ වගුරුවන පිණිස ඔව්හු නුඹ තුළ අල්ලස් ගත්තෝය; නුඹ පොළී සහ ලාභ ගෙන, නුඹේ අසල්වාසීන්ගෙන් අයුක්තියෙන් ලාභ උපදවාගෙන, මා සිහිනැතිකෙළෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

13. එබැවින් බලව, නුඹ ලබාගත් අයුතු ලාභ ගැනත් නුඹ ඇතුළෙහිවූ නුඹේ ලේ වැගිරීම් ගැනත් මාගේ අත් එකට ගසාගතිමි.

14. මා විසින් නුඹ සමඟ ක්‍රියාකරන දවස්වලදී නුඹේ සිත ස්ථිරව නොහොත් නුඹේ අත් බලවත්ව තිබේද? ස්වාමීන්වහන්සේ වන මම ඒ දේ කීමි, එලෙසම කරන්නෙමි.

15. මම නුඹ ජාතීන් අතරට පන්වා, නුඹ දේශවල විසුරුවා, නුඹේ අපවිත්‍රකම නුඹෙන් නැතිකරදමන්නෙමි.

16. නුඹද ජාතීන් ඉදිරියෙහි නුඹ කරණකොටගෙනම කෙලහෙන්නෙහිය; මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නෙහියයි කීය.

17. තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: මනුෂ්‍ය පුත්‍රය,

18. ඉශ්‍රායෙල් වංශය මට බොර මෙන් වී සිටිති. ඔවුන් සියල්ලෝ උඳුන මැද තිබෙන පිත්තලව බෙලෙක්ව යකඩව ඊයම්ව සිටිති; ඔව්හු රිදී-බොරය.

19. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-බලව, නුඹලා සියල්ලන්ම බොර වී සිටින නිසා නුඹලා යෙරුසලම තුළට එකතුකරන් නෙමි.

20. රිදීද පිත්තලද යකඩද ඊයම්ද බෙලෙක්ද ගිනි පිඹ උණුකරන පිණිස උඳුන තුළට එකතුකරන්නාක්මෙන් මම නුඹලා මාගේ උදහසින්ද කෝපයෙන්ද එකතුකර තබා උණුකරන්නෙමි.

21. මම නුඹලා රැස්කර, මාගේ උදහස් ගින්න නුඹලාට පිඹින්නෙමි, නුඹලා එහි තුළ උණුවන්නහුය.

22. උඳුන තුළ රිදී උණුවෙන්නාක්මෙන් නුඹලා එහි තුළ උණුවන්නහුය; ස්වාමීන්වහන්සේ වන මා විසින් මාගේ කෝපය නුඹලා කෙරෙහි වැගිරෙවු බව නුඹලා දැනගන්නවා ඇතැයි කීය.

23. ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

24. මනුෂ්‍ය පුත්‍රය, ඈට මෙසේ කියන්න-නුඹ වනාහි පවිත්‍ර නූණාවූ, උදහස් දවසේදී වැසි නොලබන්නාවූ දේශයක්ය.

25. ඇගේ ප්‍රොපේතවරුන්ගේ ද්‍රෝහිකමක් ඈ තුළ ඇත්තේය. ඔව්හු ගොදුර ඉරන්නාවූ ගොරවන සිංහයෙකු මෙන් ප්‍රාණ කාදැමුවෝය. ඔව්හු වස්තු සහ අනර්ඝ දේ ගනිති; ඔව්හු එහි තුළ වැන්දඹුවක් වැඩි-කළෝය.

26. ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩකොට මාගේ ශුද්ධවූ දේ කෙලහුවෝය. ඔවුන් ශුද්ධ එකද අශුද්ධ එකද අතරේ වෙනසක් කළේවත් අපවිත්‍ර එකද පවිත්‍ර එකද අතරේ තිබෙන වෙනස දැන්නුවේවත් නැත, මාගේ සබත්ද ඔව්හු නොසලකා ඇරියෝය, මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමුණුණේය.

27. එහි තුළ සිටින ඇගේ අධිපතීහු අයුතු ලාභ ලබාගන්නා පිණිස ලේ වැගිරවීමටත් ප්‍රාණ නැතිකිරීමටත් සිටින ගොදුර ඉරන්නාවූ වෘකයන්ට සමානය.

28. ඇගේ ප්‍රොපේතවරුද ප්‍රයෝග දර්ශන දැක, ඔවුන්ට බොරු පේන කියා, ස්වාමීන්වහන්සේ කථා නොකළ නුමුත්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියා පදම් නොකළ බදාම ගෑවෝය.

29. දේශයේ සෙනඟ බලාත්කාරකම්කොට කොල්ලකෑවෝය; අසරණයාටද දිළින්දාටද පීඩාකොට, අයුතුලෙස විදේශියාට බලාත්කාර කළෝය.

30. මා විසින් දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනඟා දේශය උදෙසා මා ඉදිරිපිට කඩුල්ලෙහි සිටීමට ඔවුන් අතරේ මනුෂ්‍යයෙකු සෙවීමි. නුමුත් කිසිවෙක් මට සම්බනූණේය.

31. එබැවින් මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, මාගේ උදහස් ගින්නෙන් ඔවුන් නාස්තිකරදමා ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පැමිණවීමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය

About එසකියෙල් Chapter 22

Read එසකියෙල් Chapter 22 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එසකියෙල්
Chapter: 22
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එසකියෙල් Chapter 22 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එසකියෙල් Chapter 22?

එසකියෙල් Chapter 22 is part of the Book of එසකියෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එසකියෙල් Chapter 22 online for free with easy chapter navigation.

More Chapters from එසකියෙල්

  1. එසකියෙල් Chapter 5
  2. එසකියෙල් Chapter 28
  3. එසකියෙල් Chapter 45
  4. එසකියෙල් Chapter 40
  5. එසකියෙල් Chapter 24
  6. එසකියෙල් Chapter 17
  7. එසකියෙල් Chapter 9

Explore More from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 2
  2. යෙසායා Chapter 3
  3. සෙකරියා Chapter 8
  4. යෝබ් Chapter 25
  5. ගීතාවලිය Chapter 84
  6. දානියෙල් Chapter 12
  7. 1 ලේකම් Chapter 19

Related Chapters & Readings

  1. යෙරෙමියා Chapter 3
  2. යෙසායා Chapter 44
  3. ශෙපනියා Chapter 1
  4. හෙබ්රෙනව් Chapter 5
  5. යෙරෙමියා Chapter 2
  6. ආමොස් Chapter 2
  7. මීකා Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *