එසකියෙල් Chapter 39

For English

Read එසකියෙල් Chapter 39 Online

Read එසකියෙල් Chapter 39 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.

Choose a Chapter

එසකියෙල් 39

පරිච්ඡේදය 39

1. තවද මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොග්ට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. බලව, රොෂ්හිද මෙෂෙක්හිද තූබල්හිද අධිපතියා වන ගොග්, මම නුඹට විරුද්ධවෙමි.

2. මම නුඹ හරවා, නුඹ ඇද, උතුරේ දුරස්ථානවලින් නුඹ ගෙනැවිත්,

3. ඉශ්‍රායෙල් කඳු පිටට නුඹ පමුණුවා, නුඹේ දුන්න නුඹේ වමතෙන් ගසාදමා නුඹේ ඊගස් නුඹේ දකුණතින් වැටෙන්ට සලස්වන්නෙමි.

4. ඉශ්‍රායෙල් කඳුවල නුඹ සහ නුඹේ සියලු සමුදාවල්ද නුඹ සමඟ සිටින ජනයන්ද වැටෙනවා ඇත. සියලු ආකාර ගිජු පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් නුඹ ගොදුරු පිණිස දෙන්නෙමි.

5. නුඹ පොළොව මතුපිට වැටෙනවා ඇත. මක්නිසාද මම එය කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

6. මම මාගොග් පිටටත් ද්වීපවල නිසැකව වාසයකරන්නන් පිටටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.

7. මාගේ ශුද්ධවූ නාමය තවත් කෙලසන්ට ඉඩනෑර, මම මාගේ ශුද්ධවූ නාමය මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දන්වන්නෙමි. ජාතීන්ද ස්වාමීන්වහන්සේ වන මා ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ශුද්ධව සිටින බව දැනගන්නවා ඇත.

8. බලව, එය පැමිණෙයි, එය සිද්ධවේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක; ඒ වනාහි මා විසින් කී දවසය.

9. එවිට ඉශ්‍රායෙල් නුවරවල වැසියෝ පිටතට ගොස්, ගිනි පත්තුකර, ආයුධ වන පලිස්ද මහ පලිස්ද දුනුද ඊගස්ද මුගුරුද සෙල්ලද දවන්නෝය, සත් අවුරුද්දක් ඒවායින් ගිනි පත්තුකරනවා ඇත.

10. ඔවුන් වනයෙන් දර ගෙනෙන්නේවත් මූකළාන්වලින් ඒවා කපාගන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ආයුධවලින් ගිනි පත්තුකරන්නෝය. තමුන්ගෙන් කොල්ලකෑ අයින්ගෙන් කොල්ලකන්නෝය, තමුන්ගෙන් සම්පත් උදුරාගත් අයින්ගෙන් සම්පත් උදුරාගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

11. තවද ඒ කාලයේදී මම එහි ඉඩමක්වන මිනීවළක් ඉශ්‍රායෙල් දේශයෙහි ගොග්ට දෙන්නෙමි; එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන ගමන්යන්නන්ගේ මිටියාවතය. එය ඒ ගමන්යන්නන් නවත්වනවා ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහයාද වළලා, ඊට හාමොන්-ගොග්යයි නම් තබන්නෝය.

12. ඉශ්‍රායෙල් වංශයද දේශය පිරිසිදුකරන පිණිස සත් මසක් ඔවුන් වළලමින් සිටින්නෝය.

13. එසේය, දේශයේ මුළු සෙනඟ ඔවුන් වළලන්නෝය; එය වනාහි මා ගෞරවයට පැමිණෙන කාලයේදී ඔවුන්ට කීර්තියක් වන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

14. තවද ඔව්හු දේශය පිරිසිදුකිරීමට එය මුළුල්ලෙහි ඇවිදිමින්, දේශය මතුපිට ඉතුරුවෙන ඒ ගමන්යන්නන් වැළලීමෙහි නිතරම යෙදී සිටීමට මනුෂ්‍යයන් තෝරාගන්නෝය. ඔව්හු සත් මසකට පසු එසේ සොයා ඇවිදින්නෝය.

15. දේශයෙහි ඇවිදින්නන්ගෙන් යමෙක් මිණි ඇටයක් දුටුවාම වළලන්නෝ ඒක හාමොන්-ගොග්හි වළලන තෙක් ඒ ළඟ කණුවක් ගොඩනගන්නෝය.

16. තවද නුවරක නමත් හාමොනා වන්නේය. මෙසේ ඔවුන් දේශය පිරිසිදු කරනවා ඇත.

17. මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ වනාහි සියලු ආකාර පක්ෂීන්ටද වනයේ සියලු මෘගයන්ටද කථාකොට-තෙපි රැස්වී වරෙව්; මා විසින් ඉශ්‍රායෙල් කඳු පිට තොප උදෙසා ඔප්පුකරන මහත් පූජාවක් වන මාගේ පූජාවට වටකරින් එකතුවී මස් කා ලේ බොව්.

18. තෙපි බලවතුන්ගේ මාංස කන්නහුය, පොළොවේ අධිපතීන්ගේද බැටළුවන්ගේද බැටළු පැටවුන්ගේද එළුවන්ගේද ගවයන්ගේද ලේ බොන්නහුය, උන් සියල්ලෝම බාෂාන්හි තර සත්තුය.

19. මා විසින් තොප උදෙසා ඔප්පුකර තිබෙන මාගේ පූජාවෙන් තෙපි තෘප්තිමත්ලෙස තෙපි කන්නහුය, මත්වෙන තුරු ලේ ද බොන්නහුය.

20. තෙපි අශ්වයන්ගෙන් ද අසරුවන්ගෙන්ද බලවතුන්ගෙන්ද සියලු යුද්ධකාරයන්ගෙන්ද මාගේ මේසය ළඟ තෘප්තියට පැමිණෙන්නහුයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

21. මමද මාගේ තේජස ජාතීන් අතරෙහි පෙන්වන්නෙමි, සියලු ජාතීහු මා ඉෂ්ටකළ විනිශ්චය සහ මා ඔවුන් කෙරෙහි තැබූ මාගේ හස්තය දකින්නෝය.

22. ඉශ්‍රායෙල් වංශයද මා ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඒ දවසේ පටන් මත්තට දැනගන සිටින්නෝය.

23. තවද ඉශ්‍රායෙල් වංශය වහල්කමට ගියේ ඔවුන්ගේ අයුතුකම නිසා බව ජාතීන් දැනගන්නවා ඇත; මක්නිසාද ඔව්හු මට විරුද්ධව ද්‍රෝහිකම් කළෝය, මමද මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගෙන, ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතට ඔවුන් පාවාදුන්නෙමි, ඔවුන් සියල්ලෝ කඩුවෙන් වැටුණෝය.

24. ඔවුන්ගේ අපවිත්‍රකමේ සහ ඔවුන්ගේ වරදවල හැටියට මම ඔවුන්ට කර, මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවා ගතිමි.

25. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: දැන් මම යාකොබ්ගේ වහල්කම පහකොට, මුළු ඉශ්‍රායෙල් වංශයට අනුකම්පාකර, මාගේ ශුද්ධවූ නාමය ගැන සලකන්නෙමි.

26. මා ජනයන් අතරෙන් ඔවුන් නැවත ගෙනැවිත්, ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින් ඔවුන් රැස්කොට, මා ශුද්ධ බව ඔවුන් කරණකොටගෙන බොහෝ ජාතීන් ඉදිරියෙහි පෙන්වනු ලැබුවාම,

27. ඔවුන් කිසිවෙකුගෙන් භයක් නොලැබ, තමුන්ගේ රටෙහි සුවසේ වාසයකරන විට, ඔවුන් තමුන්ගේ ලජ්ජාවත් ඔවුන් මට විරුද්ධව කළාවූ තමුන්ගේ සියලු ද්‍රෝහිකමුත් සිහිනැතිකරනවා ඇත.

28. ඔවුන් ජාතීන් අතරට ගෙනගියාවූ මා විසින් ඔවුන්ගෙන් කිසිවෙකු තවත් එහි අත් නෑර ඔවුන්ගේ රටට ඔවුන් රැස්කරන විට, මා ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.

29. මා විසින් මාගේ ආත්මය ඉශ්‍රායෙල් වංශය කෙරෙහි වැගිරෙවුවාම මාගේ මුහුණ තවත් ඔවුන්ගෙන් සඟවා නොගන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

About එසකියෙල් Chapter 39

Read එසකියෙල් Chapter 39 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එසකියෙල්
Chapter: 39
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එසකියෙල් Chapter 39 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එසකියෙල් Chapter 39?

එසකියෙල් Chapter 39 is part of the Book of එසකියෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එසකියෙල් Chapter 39 online for free with easy chapter navigation.

More Chapters from එසකියෙල්

  1. එසකියෙල් Chapter 5
  2. එසකියෙල් Chapter 28
  3. එසකියෙල් Chapter 24
  4. එසකියෙල් Chapter 45
  5. එසකියෙල් Chapter 40
  6. එසකියෙල් Chapter 17
  7. එසකියෙල් Chapter 9

Explore More from පැරණි ගිවිසුම

  1. 2 සාමුවෙල් Chapter 23
  2. යෙරෙමියා Chapter 52
  3. 2 රාජාවලිය Chapter 3
  4. හිතෝපදේශ Chapter 12
  5. 1 රාජාවලිය Chapter 9
  6. 1 ලේකම් Chapter 4
  7. උත්පත්ති Chapter 33

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 51
  2. දේශනාකාරයා Chapter 3
  3. යෝබ් Chapter 35
  4. 2 ලේකම් Chapter 23
  5. එසකියෙල් Chapter 30
  6. එසකියෙල් Chapter 20
  7. ක්රිරයා Chapter 25
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *