එසකියෙල් Chapter 32

For English

Read එසකියෙල් Chapter 32 Online

Read එසකියෙල් Chapter 32 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.

Choose a Chapter

එසකියෙල් 32

පරිච්ඡේදය 32

1. තවද දොළොස්වෙනි අවුරුද්දේ දොළොස්වෙනි මාසයේ පළමුවෙනිදා, ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

2. මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝ ගැන විලාපයක් පවත්වමින් ඔහුට මෙසේ කියන්න-නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමානකරනු ලැබුවෙහිය. නුඹ ජලවල ඉන්න කිඹුලෙක් වැනිය; නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කලඹා, ඔවුන්ගේ ගංගාවල් කිලුටුකෙළෙහිය.

3. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බොහෝ ජනයන් රැස්ව සිටියදී මාගේ දැල නුඹ පිටහෙළන්නෙමි; ඔවුන් මාගේ දැලෙන් නුඹ ගොඩට අදිනවා ඇත.

4. එවිට මම නුඹ බිම දමා, පොළෝ තලය මතුපිට හෙළා, ආකාශයේ සියලු පක්ෂීන් නුඹ පිට ලගින්ටත් මුළු පොළොවේ සත්වයන් නුඹෙන් තෘප්තියට පැමිණෙන්ටත් සලස්වන්නෙමි.

5. මම නුඹේ මස් කඳු පිටදමා, නුඹේ මළකඳෙන් මිටියාවත් පුරවන්නෙමි.

6. නුඹ පීනන දේශය කඳු දක්වා නුඹේ ලෙයෙන් පොඟවන්නෙමි; දෙණිද නුඹෙන් පිරෙනවා ඇත.

7. මා විසින් නුඹ නිවන කල, අහස වසා, එහි තාරකා අඳුරුකර, වලාකුළකින් ඉර වසන්නෙමි, සඳත් එහි එළිය නොදෙන්නේය.

8. අහසේ බබළන සියලු ආලෝකවල් නුඹ නිසා මම අඳුරුකොට, නුඹේ දේශය කෙරෙහි අන්ධකාරය පමුණුවන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

9. නුඹ නොදත් රටවලට, ජාතීන් අතරට, නුඹේ විනාශය මා විසින් පමුණුවන කල, බොහෝ ජනයන්ගේ සිත් ශෝකකරවන්නෙමි.

10. එසේය, මම නුඹ ගැන බොහෝ ජනයන් විස්මයට පමුණුවන්නෙමි, ඔවුන් ඉදිරිපිට මාගේ කඩුව ලෙළවන කල ඔවුන්ගේ රජවරුත් නුඹ නිසා ඉතා භයවන්නෝය; නුඹේ වැටීමේ දවසේදී ඔවුන් එක එකා තම තමාගේ ප්‍රාණය ගැන මොහොතෙන් මොහොත වෙවුලන්නේය.

11. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ රජුගේ කඩුව නුඹ පිටට පැමිණෙන්නේය.

12. නුඹේ සමූහයා බලවන්තයන්ගේ කඩුවලින් වැටෙන්ට සලස්වන්නෙමි; ඔවුන් සියල්ලෝම ජාතීන්ගෙන් ඉතා භයානක අයය. ඔවුන් මිසරයේ මහිමය නැතිකරනවා ඇත, එහි මුළු සමූහයාද නාස්තිවේ.

13. මම එහි සියලු මෘගයන් මහත් ජලවල් ළඟින් නැතිකරන්නෙමි; මනුෂ්‍යයන්ගේ පාදයට ඒවා තවත් නොකැලඹෙන්නේය, මෘගයන්ගේ කුරවලටත් ඒවා නොකැලඹෙන්නේය.

14. ඔවුන්ගේ ජලවල් බැසයන්ටත් ඔවුන්ගේ ගංගා තෙල් මෙන් ගලායන්ටත් සලස්වන්නෙමි.

15. මා විසින් මිසර දේශය පාළුකර, නාස්තියක් කොට, දේශය ඒකේ පූර්ණකමෙන් හිස්වෙන්ට සලස්වන කලද එහි සියලු වැසියන්ට මා පහරදෙන කලද මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

16. මිනිසුන් විසින් කියන්නාවූ විලාපය මේය; ජාතීන්ගේ දූවරුන් එයින් විලාප කියනවා ඇත. මිසරය ගැනත් එහි මුළු සමූහයා ගැනත් ඔවුන් එයින් විලාප කියනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

17. තවද දොළොස්වෙනි අවුරුද්දේ මාසයේ පහළොස්වෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

18. මනුෂ්‍ය පුත්‍රය, නුඹ මිසරයේ සමූහයා ගැන විලාපයක් කියා, ඔවුන් සහ බලවත් ජාතීන්ගේ දූවරුන්ද මිනීවළට බසින්නන් සමඟ පොළොවේ පහත් තැන්වලට හෙළන්න.

19. නුඹ කාට වඩා රූපසම්පන්න වන්නෙහිද? නුඹ බැස ගොස් අචර්මඡේදිතයන් සමඟ වැටී හිඳින්න.

20. කඩුවෙන් මැරුම්කන අය අතරෙහි ඔවුන් වැටෙනවා ඇත. ඈ කඩුවට භාරදී තිබේ. ඈ සහ ඇගේ සියලු සමූහයන් අහකට ඇදගන්න.

21. බලවතුන්ගේ උත්තමයෝ ඔහුගේ උපකාරකාරයන් සමඟ පාතාලය මැද සිට ඔහුට කථාකරන්නෝය. අචර්මඡේදිතවූ, කඩුවෙන් මැරුම්කෑවාවූ අය බැස ගොස් වැටී සිටිති.

22. අෂූර් සහ ඇගේ මුළු සමූහයත් එහිය; ඔහුගේ මිනීවළවල් ඔහු අවටින් ඇත්තේය. ඔවුන් සියල්ලෝම කඩුවෙන් වැටී මැරුම්කෑවෝය.

23. ඔවුන්ගේ මිනීවළවල් වලේ ඉතා දුර තැන්වල සාදා තිබේ, ඇගේ සමූහය ඇගේ මිනීවළ වටකර සිටිති. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි භීතිය ඉපදෙවු ඔවුන් සියල්ලෝම කඩුවෙන් වැටී මැරුම්කෑවෝය.

24. එහි ඒලාම් සහ ඇගේ මිනීවළ වටකර ඇගේ මුළු සමූහයාද සිටිති. ඔවුන් සියල්ලෝම කඩුවෙන් වැටී මැරුම්කෑවෝය, ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි භීතිය ඉපදෙවු ඔව්හු අචර්මඡේදිතව පොළොවේ පහත් තැන්වලට බැස ගියෝය; ඔව්හුද මිනීවළට බසින්නන් සමඟ තමුන්ගේ නින්දාව දරා සිටිති.

25. මැරුම්කෑ අයින් අතරෙහි ඇගේ මුළු සමූහයා ඇතුළුව ඈට යහනක් තබා තිබේ; ඇගේ මිනීවළවල් ඈ වටකර තිබේ. ඔවුන් සියල්ලෝම අචර්මඡේදිතව කඩුවෙන් මැරුම්කෑවෝය. මක්නිසාද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු භීතිය ඉපදෙවුවෝය; ඔව්හු මිනීවළට බසින්නන් හා සමඟ තමුන්ගේ නින්දාව ඉසුලුවෝය. මරනු ලැබූවන් අතරේ ඔහු තබනු ලැබීය.

26. එහි මෙෂෙක්ද තූබල්ද ඇගේ මුළු සමූහයාද සිටිති; ඇගේ මිනීවළවල් ඈ වටකර ඇත්තේය. ඔවුන් සියල්ලෝම අචර්මඡේදිතව කඩුවෙන් මැරුම්කෑවෝය; මක්නිසාද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු භීතිය ඉපදෙවුවෝය.

27. වැටී තමුන්ගේ යුද්ධායුධ පිටින් පාතාලයට බැස ගියාවූද තමුන්ගේ කඩු තමුන්ගේ හිස යට තබාගත්තාවූද තමුන්ගේ අපරාධ තමුන්ගේ ඇට පිට ඇත්තාවූද අචර්මඡේදිත බලවතුන් සමඟ ඔව්හු වැටී නොසිටින්නෝය; මක්නිසාද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු බලවතුන්ට භීතියක්ව සිටියෝය.

28. නුඹත් අචර්මඡේදිතයන් අතරෙහි පොඩිවී කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉන්නෙහිය.

29. එහි ඒදොම් සහ ඇගේ රජවරුද ඇගේ සියලුම අධිපතීහුද සිටිති; ඔව්හු බලවන්තයෝව සිටි නුමුත් කඩුවෙන් මැරුම්කෑ අය සමඟ තබනු ලැබුවෝය. ඔවුන් අචර්මඡේදිතයන්ද මිනීවළට බසින්නන්ද සමඟ වැටී ඉන්නවා ඇත.

30. එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝද සියලු ශිදොන්වරුද සිටිති; ඔව්හු මැරුම්කෑ අය සමඟ බැසගියෝය; ඔව්හු තමුන්ගේ බලවන්තකමෙන් ඉපදෙවු භීතිය ගැන ලජ්ජාවී කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, මිනීවළට බසින්නන් සමඟ තමුන්ගේ නින්දාව දරති.

31. ඵාරාවෝ සහ මුළු සේනාවද කඩුවෙන් මැරුම්කෑ විට, ඵාරාවෝ අනික් අයින් දැක, තමාගේ මුළු සමූහයා ගැන සැනසෙන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

32. මක්නිසාද ඔහුගේ භීතිය ජීවතුන්ගේ දේශයෙහි ඉපදෙවුවෙමි. ඵාරාවෝද ඔහුගේ මුළු සමූහයාද කඩුවෙන් මැරුම්කෑ අයින් සමඟ අචර්මඡේදිතයන් අතරෙහි වැටී ඉන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

About එසකියෙල් Chapter 32

Read එසකියෙල් Chapter 32 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එසකියෙල්
Chapter: 32
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එසකියෙල් Chapter 32 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එසකියෙල් Chapter 32?

එසකියෙල් Chapter 32 is part of the Book of එසකියෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එසකියෙල් Chapter 32 online for free with easy chapter navigation.

More Chapters from එසකියෙල්

  1. එසකියෙල් Chapter 5
  2. එසකියෙල් Chapter 28
  3. එසකියෙල් Chapter 24
  4. එසකියෙල් Chapter 45
  5. එසකියෙල් Chapter 40
  6. එසකියෙල් Chapter 17
  7. එසකියෙල් Chapter 9

Explore More from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 6
  2. ද්වීතීය කථාව Chapter 15
  3. හොෂෙයා Chapter 8
  4. එස්රා Chapter 6
  5. 1 සාමුවෙල් Chapter 29
  6. රූත්ගේ කථාව Chapter 1
  7. 2 රාජාවලිය Chapter 14

Related Chapters & Readings

  1. 2 ලේකම් Chapter 22
  2. හොෂෙයා Chapter 10
  3. යෙසායා Chapter 9
  4. ගණන් කථාව Chapter 22
  5. ගීතාවලිය Chapter 23
  6. රෝම Chapter 3
  7. ගීතාවලිය Chapter 119
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *