එසකියෙල් Chapter 12

For English

Read එසකියෙල් Chapter 12 Online

Read එසකියෙල් Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.

Choose a Chapter

එසකියෙල් 12

පරිච්ඡේදය 12

1. ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

2. මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසයකරන්නේ කැරළිකාර වංශයක් අතරෙහිය, දැකීමට ඔවුන්ට ඇස් තිබෙන නුමුත් ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට ඔවුන්ට කන් තිබෙන නුමුත් ඔවුන්ට ඇසෙන්නේ නැත; මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය.

3. ඒ නිසා, මනුෂ්‍ය පුත්‍රය, නුඹ මාර්ගෝපකරණ සූදානම්කරගෙන, දවාලෙහි ඔවුන් බලාසිටියදී පිටත්වෙන්න; ඔවුන් බලාසිටියදී නුඹේ ඉඩමේ සිට වෙන ඉඩමකට පිටත්ව යන්න. ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් සමහරවිට ඔවුන් ඒක සිතට ගන්නවා ඇත.

4. නුඹේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලෙහි ඔවුන් බලාසිටියදී පිටතට ගෙන, මිනිසුන් වහල්කමට පිටත්ව යන්නාක්මෙන් සවස ඔවුන් බලාසිටියදී පිටත්වෙන්න.

5. නුඹ ඔවුන් බලාසිටියදී බිත්තිය හාරා, එයින් බඩු පිටතට ගෙනියන්න.

6. නුඹ ඔවුන් බලාසිටියදී ඒවා කරට ගෙන, අඳුරුවූ කල්හි පිටතට ගෙනියන්න; බිම නොපෙනෙන පිණිස නුඹේ මුහුණ වසාගන්න. මක්නිසාද මම ඉශ්‍රායෙල් වංශයට ලකුණක් පිණිස නුඹ තැබීමියි කීයේය.

7. මමද මට අණකළ ලෙසම කෙළෙමි. මාගේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලේ පිටතටගෙන, සවස මාගේ අතින් බිත්තිය හාරා, අඳුරුවූ කල්හි ඔවුන් බලාසිටියදී ඒවා කරට ගෙන පිටතට ගෙනාවෙමි.

8. උදයේ ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

9. මනුෂ්‍ය පුත්‍රය, කැරළිකාර වංශය වන ඉශ්‍රායෙල් වංශය-නුඹ මක්කරනවාදැයි නුඹට කීවා නොවේද?

10. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: මේ දිව්‍ය ප්‍රකාශනය යෙරුසලමේ අධිපතියා සහ එහි තුළ සිටින මුළු ඉශ්‍රායෙල් වංශය ගැනය.

11. මෙසේ කියන්න-මම නුඹලාගේ සලකුණය. මා කළ ලෙස ඔවුන්ට සිද්ධවන්නේය. ඔව්හු පිටත්වී අන් රටකට වාල්කමට යන්නෝය.

12. ඔවුන් අතරේ සිටින අධිපතියාද බඩු කරට ගෙන, අඳුරුවූ කල්හි පිටතට එනවා ඇත. පිටතට ගෙනෙන පිණිස ඔවුන් පවුර හාරනවා ඇත. ඔහු තමාගේ ඇස්වලින් බිම නොදකින පිණිස තමාගේ මුහුණ වසා ගන්නවා ඇත.

13. මාගේ දැලද ඔහු පිට හෙළන්නෙමි, ඔහු මාගේ මලපතට අසුවන්නේය. මම කල්දිවරුන්ගේ දේශයවූ බබිලෝනියට ඔහු ගෙනෙන්නෙමි; ඔහු එහිදීම නසින නුමුත් ඒක දකින්නේ නැත.

14. ඔහුට උපකාරකරන පිණිස ඔහු වටකර සිටින සියල්ලන්ද ඔහුගේ සියලුම සමුදාවල්ද මම සියලු හුළං දෙසට විසුරුවා ඔවුන් පසුපස්සේ කඩුව දිගුකරන්නෙමි.

15. මා විසින් ඔවුන් ජාතීන් අතරට පන්වා, දේශවල විසිරෙවු කල්හි, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.

16. එහෙත් මම ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ගළවා ඉතිරිකරන්නෙමි; මෙසේ කරන්නේ ඔවුන් පැමිණෙන දේශවල ජාතීන් අතරේදී ඔවුන් තමුන්ගේ සියලු පිළිකුල්කම් ප්‍රකාශකරන පිණිසය; මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීවේය.

17. තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

18. මනුෂ්‍ය පුත්‍රය, නුඹේ කෑම වෙවුලුම ඇතුව කා, චංචලකමද පිරිමැසීමද ඇතුව වතුර බී,

19. දේශයේ සෙනඟට මෙසේ කියන්න-ඉශ්‍රායෙල් රටෙහි සිටින යෙරුසලමේ වැසියන් ගැන ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔව්හු තමුන්ගේ කෑම පිරිමසා ගෙන කා, තමුන්ගේ වතුර කනස්සලුකමින් බොන්නෝය, මෙසේ වන්නේ ඔවුන්ගේ දේශය එහි වැසි සියල්ලන්ගේ බලාත්කාරකම නිසා එහි තිබෙන සියල්ලෙන් පාළුවෙන පිණිසය.

20. වැසියන් ඇති නුවරවල්ද නාස්තිවී, දේශය පාළුවක් වන්නේය; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි කීවේය.

21. තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

22. මනුෂ්‍ය පුත්‍රය, දවස් පසුවන්නේය, දර්ශන සියල්ල නැතිවන්නේය කියා ඉශ්‍රායෙල් රටෙහි නුඹලා අතරේ ව්‍යවහාරවෙන උපමාකීම කිමෙක්ද?

23. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: මම මේ උපමාකීම නවත්වන්නෙමි, එය උපමාකීම කොට ඉශ්‍රායෙල්හි තවත් ව්‍යවහාර නොවන්නේය; එසේය, ඒ දවස්ද සියලු දර්ශනවල කාරණාද ළංවී තිබේයයි ඔවුන්ට කියන්න.

24. මක්නිසාද තවත් කිසි නිෂ්ඵල දර්ශනයක්වත් ඉච්චාකාර දිවස්කීමක්වත් ඉශ්‍රායෙල් වංශය අතරෙහි නොවන්නේය.

25. මක්නිසාද මම ස්වාමීන්වහන්සේය; මම කියන දේ කියන්නෙමි, එය තවත් පමා නොවී ඉෂ්ටවන්නේය. එසේය, එම්බා කැරළිකාර වංශය, මම නුඹලාගේ දවස්වලදීම වචනයක් කියා ඒක ඉෂ්ටකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

26. නැවත ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

27. මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය කථාකොට-ඔහු දකින දර්ශනය ඉෂ්ටවෙන්ට බොහෝ දවස් යන්නේය, ඔහු අනාගතවාක්‍ය කියන්නේ දුර කාලවල් ගැනයයි කියති.

28. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: මාගේ කිසි වචනයක් තවත් ප්‍රමාද නොවී, මා විසින් කියන වචනයක් සිදුවන්නේමය කියා ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීවේය.

About එසකියෙල් Chapter 12

Read එසකියෙල් Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එසකියෙල්
Chapter: 12
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එසකියෙල් Chapter 12 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එසකියෙල් Chapter 12?

එසකියෙල් Chapter 12 is part of the Book of එසකියෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එසකියෙල් Chapter 12 online for free with easy chapter navigation.

More Chapters from එසකියෙල්

  1. එසකියෙල් Chapter 5
  2. එසකියෙල් Chapter 28
  3. එසකියෙල් Chapter 40
  4. එසකියෙල් Chapter 24
  5. එසකියෙල් Chapter 17
  6. එසකියෙල් Chapter 9
  7. එසකියෙල් Chapter 45

Explore More from පැරණි ගිවිසුම

  1. එසකියෙල් Chapter 20
  2. ගීතාවලිය Chapter 8
  3. නික්මයාම Chapter 25
  4. යෝබ් Chapter 34
  5. මීකා Chapter 4
  6. නික්මයාම Chapter 24
  7. දේශනාකාරයා Chapter 6

Related Chapters & Readings

  1. ගණන් කථාව Chapter 29
  2. හිතෝපදේශ Chapter 5
  3. රෝම Chapter 10
  4. නික්මයාම Chapter 37
  5. 1 සාමුවෙල් Chapter 13
  6. ශු. මාර්ක් Chapter 3
  7. එළිදරව් Chapter 17
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *