එසකියෙල් Chapter 17

For English

Read එසකියෙල් Chapter 17 Online

Read එසකියෙල් Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.

Choose a Chapter

එසකියෙල් 17

පරිච්ඡේදය 17

1. ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

2. මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්‍රායෙල් වංශයට තේරවිල්ලක්ද උපමාවක්ද කියමින්-

3. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. මහත් පියාපත්ද දිග පිහාටුද ඇත්තාවූ, පිහාටුවලින් ගැවසීගත්තාවූ, විසිතුරුවූ මහ රාජාලියෙක් ලෙබනොන්ට ඇවිත් කිහිරි ගහේ මුදුන කඩාගත්තේය.

4. ඔහු ඒකේ මුදුන් රිකිලි කඩා, වෙළඳාමේ දේශයකට එය ගෙනැවිත්, වෙළඳුන්ගේ නුවරක එය සිටෙවුවේය.

5. ඔහු දේශයේ බීජයක්ද රැගෙන සාරවත් බිමක සිටෙවුවේය; ඔහු එය බොහෝ දිය ළඟ නළා ගසක් මෙන් එහි පිහිටෙවුවේය.

6. ඒක වැවී පැතිරෙන්නාවූ මිටිවූ මිදිවැලක් විය; එහි අතු ඔහු දෙසට හැරී එහි මුල් ඔහු යටින් ඇද්දේය. මෙසේ ඒක මිදිවැලක් වී අතු ලියලා රිකිලි දැමුවේය.

7. තවද මහත් පියාපත් සහ බොහෝ පිහාටු ඇති තවත් මහත් රාජාලියෙක් විය. එවිට ඒ මිදිවැල එහි මුල් ඔහු දෙසට හරවා, ඔහු ඒකට වතුර වක්කරන පිණිස, එය පිහිටුවා තිබුණු පාත්තිවලින් එහි අතු ඔහු දෙසට දිගුකෙළේය.

8. එය උතුම් මිදිවැලක් වෙන හැටියට අතු ලියලා ඵල දරන පිණිස එය හොඳ බිමක බොහෝ වතුර ළඟ හිටවා තිබුණේය.

9. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: එය සඵලවේද? එය වියළී යන පිණිස ඔහු ඒකේ මුල් උදුරා ඒකේ ඵල කපා නොදමන්නේද? වැඩෙන්නාවූ ඒකේ [අමු] කොළ සියල්ලම වියළී යනවා ඇත; ඒකේ මුල් පිටින් එය උදුරා දමන්ට මහත් හස්තයක්වත් බොහෝ සෙනඟවත් ඕනෑ නොවන්නේය.

10. එය හිටවා තිබෙන නුමුත් එය සඵලවේද? පෙරදිග සුළඟ ඊට වදින විට එය සහ මුලින්ම නොවියලෙන්නේද? එය වැවුණ පාත්තිවලම එය වියළී යනවා ඇතැයි කීය. ශෙදෙකියාගේ කැරළිගැසීම හා එහි ඵලය.

11. තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

12. මේ කාරණා මොනවාද කියා නුඹලා දන්නේ නැද්දැයි කැරළිකාර වංශයට කියන්න. තවත් මෙසේ කියන්න: බබිලෝනියේ රජ යෙරුසලමට ඇවිත් එහි රජු සහ එහි අධිපතීන්ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙනගියේය.

13. ඔහු රාජ වංශයේ කෙනෙක් ගෙන, ඔහු සමඟ ගිවිසුමක් කොට, ඔහු දිවුරවා, දේශයේ බලවන්තයන් ගෙනගියේය.

14. මෙසේ කළේ රාජ්‍යය පහත්ව තිබී ඔහුගේ ගිවිසුම පැවැත්වීම කරණකොටගෙන එය පවතිනවා මිස නැවත උසස් නොවන පිණිසය.

15. නුමුත් ඔහු අශ්වයන් සහ බොහෝ සෙනඟඟ ලබාගන්නට තමාගේ තානාපතියන් මිසරයට යැවීමෙන් ඔහුට විරුද්ධව කැරළිගැසුවේය. ඔහු සඵලවේද? මෙබඳු දේ කරන්නා ගැළවේද? ගිවිසුම කඩකරලාත් ඔහු ගැළවෙනවා ඇද්ද?

16. මා ජීවමාන බව සැබෑවා සේම ඔහු රජකමට පත්කළ රජුගේ දිවුරුම ඔහු සුළුකොට ඔහුගේ ගිවිසුම කඩකළ නිසා, ඔහු ඒ රජුගේ ස්ථානයවූ බබිලෝනිය ඇතුළේදී ඒ රජු ළඟම නසින්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

17. ඔවුන් බොහෝ දෙනෙකු සිඳදමන ලෙස ගොඩැලි සාදා බලකොටු ගොඩනගන කල, යුද්ධයෙහිදී ඵාරාවෝ තමාගේ බලවත් සේනාවද මහත් සමූහයද ඇතුව ඔහු උදෙසා කිසිවක් කරන්නේ නැත.

18. මක්නිසාද ඔහු ගිවිසුම කඩකිරීමෙන් දිවුරුම සුළුකෙළේය; ඔහු තමාගේ අත දී තිබුණ නුමුත් මේ සියල්ල කෙළේය; ඔහු නොගැළවෙන්නේය.

19. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවමාන බව සැබෑවා සේම ඔහු සුළුකළේ මාගේ දිවුරුමය, ඔහු කඩකළෙත් මාගේ ගිවිසුමය, මමද ඔහුගේ හිස පිටට ප්‍රතිඵල දෙන්නෙමි.

20. මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි, ඔහු මාගේ මලපතට අසුවන්නේය, මම ඔහු බබිලෝනියට පමුණුවා, මට විරුද්ධව කර තිබෙන ඔහුගේ ද්‍රෝහිකම ගැන එහිදී ඔහු සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.

21. ඔහුගේ සියලු සමුදාවලින් පලායන සියල්ලන් කඩුවෙන් වැටෙනවා ඇත, ඉතිරිවෙන අය සියලු දිශාවලට විසුරුවනු ලබනවා ඇත. නුඹලාද ස්වාමීන්වහන්සේ වන මා එසේ කී බව දැනගන්නහුය.

22. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මමත් උස්වූ කිහිරි ගසේ මුදුනෙන් කෑල්ලක් ගෙන හිටවන්නෙමි; එහි මුදුන් රිකිලිවලින් ළපටි එකක් කඩාගෙන උසස්ව තිබෙන උස්වූ කන්දක් උඩ හිටවන්නෙමි.

23. මම එය උස්වූ ඉශ්‍රායෙල් කන්ද උඩ හිටවන්නෙමි. එයද අතු ලියලා, ඵල හටගෙන, උතුම් කිහිරි ගසක් වන්නේය. සියලු ආකාර පියාපත් ඇති පක්ෂීහු ඒ යට ලගින්නෝය; එහි අතුවල සෙවණේ උන් ලගින්නෝය.

24. එවිට ස්වාමීන්වහන්සේවූ මා විසින් උස් ගහ පහත් කර, පහත් ගහ උසස්කළ බවත් අමුගහ වියළවා, වියළි ගහ සශ්‍රීකකර තිබෙන බවත් කෙතේ සියලු ගස් දැනගන්නවා ඇත. ස්වාමීන්වහන්සේ වන මම කීවෙමි, එලෙසම කරමියි කීය.

About එසකියෙල් Chapter 17

Read එසකියෙල් Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එසකියෙල්
Chapter: 17
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එසකියෙල් Chapter 17 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එසකියෙල් Chapter 17?

එසකියෙල් Chapter 17 is part of the Book of එසකියෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එසකියෙල් Chapter 17 online for free with easy chapter navigation.

More Chapters from එසකියෙල්

  1. එසකියෙල් Chapter 5
  2. එසකියෙල් Chapter 28
  3. එසකියෙල් Chapter 40
  4. එසකියෙල් Chapter 24
  5. එසකියෙල් Chapter 9
  6. එසකියෙල් Chapter 45
  7. එසකියෙල් Chapter 34

Explore More from පැරණි ගිවිසුම

  1. 1 සාමුවෙල් Chapter 11
  2. විනිශ්චයකාරයන් Chapter 17
  3. විනිශ්චයකාරයන් Chapter 15
  4. එසකියෙල් Chapter 36
  5. ගණන් කථාව Chapter 2
  6. එසකියෙල් Chapter 4
  7. යෝෂුවා Chapter 18

Related Chapters & Readings

  1. ශු. ලූක් Chapter 21
  2. ගණන් කථාව Chapter 28
  3. ගීතාවලිය Chapter 149
  4. ලෙවී කථාව Chapter 11
  5. 2 කොරින්ති Chapter 4
  6. හිතෝපදේශ Chapter 8
  7. 1 ලේකම් Chapter 1
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *