උත්පත්ති Chapter 45

For English

Read උත්පත්ති Chapter 45 Online

Read උත්පත්ති Chapter 45 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.

Choose a Chapter

උත්පත්ති 45

පරිච්ඡේදය 45

1. එකල්හි යෝසෙප් තමන් සමඟ සිටි සියල්ලන් ඉදිරියෙහි ඉවසාගන්ට නොහැකිව: සියලු මිනිසුන් මා වෙතින් පිටතට අරින්නැයි මොරගසා කීය. යෝසෙප් තමාගේ සහෝදරයන්ට තමාම අඳුන්වාදෙන අතර ඔහු සමඟ කිසිවෙක් නොසිටියේය.

2. ඔහු ශබ්ද නගා හැඬීය. එය මිසරවරුන්ට ඇසුණේය, ඵාරාවෝගේ ගෙයි වැසියන්ටත් ඇසුණේය.

3. යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම යෝසෙප්ය; මාගේ පියා තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය. ඔහුගේ සහෝදරයෝ ඔහුට උත්තරදෙන්ට නොහැකිවූවෝය; මක්නිසාද ඔහු ඔවුන් ඉදිරියෙහි වූ බැවින් ඔව්හු කැලඹී සිටියෝය.

4. යෝසෙප්: අනේ මා ළඟට එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය. ඔව්හු ළංවුණෝය. එවිට ඔහු: මම ඔබ සැම මිසරයට වික්කාවූ ඔබ සැමගේ සහෝදරවූ යෝසෙප්ය.

5. ඔබ සැම මේ රටට මා වික්ක නිසා ශෝකනොවන්න, ඔබ සැමටම කෝපනොවන්න. මක්නිසාද දෙවියන්වහන්සේ ජීවිත ආරක්ෂාකරන පිණිස ඔබ සැමට පෙරටුව මා එවූසේක.

6. කුමක්හෙයින්ද මේ දෑවුරුද්දේ දේශයෙහි සාගතය පැවතුණේය. සීසෑමක්වත් කැපීමක්වත් නැත්තාවූ තවත් පස් අවුරුද්දක් වන්නේය.

7. දෙවියන්වහන්සේ ඔබ සැම පොළොවෙහි ඉතිරිකරන පිණිසද මහත්වූ ගැළවීමකින් ඔබ සැමගේ ජීවිත ආරක්ෂාකරන පිණිසද ඔබ සැමට පෙරටුව මා එවූසේක.

8. එබැවින් මා මෙහි එවුවේ ඔබ සැම නොව දෙවියන්වහන්සේය. උන්වහන්සේ මා ඵාරාවෝට පියෙක්ද ඔහුගේ මුළු ගෙදරට ස්වාමියෙක්ද මුළු මිසර දේශයට ආණ්ඩුකාරයෙක්ද කළසේක.

9. ඔබ සැම ඉක්මන්කොට මාගේ පියා වෙතට ගොස්: ඔබගේ පුත්‍රවූ යෝසෙප් මෙසේ කියයි-දෙවියන්වහන්සේ මා මුළු මිසර දේශයට ස්වාමියා කළසේක. ප්‍රමාද නොව මා වෙතට අව මැනවි.

10. ඔබ ගෝෂෙන් දේශයෙහි වාසයකරමින් ඔබද ඔබගේ දරුවෝද ඔබගේ දරුවන්ගේ දරුවෝද ඔබගේ එළු බැටළු රැළවල්ද ඔබගේ ගව රැළවල්ද ඔබ සන්තක සියල්ලෝද මා ළඟ සිටින්නහුය.

11. ඔබද ඔබගේ ගෙයි වැසියන්ද ඔබ සන්තක සියල්ලන්ද දිළිඳු බවට නොපැමිණෙන පිණිස එහි ඔබ රක්ෂාකරන්නෙමි; මක්නිසාද සාගතය තව අවුරුදු පහක් පවතින්නේයයි කියන්න.

12. මෙන්න, ඔබ සැමට කථාකරන්නේ මාගේ මුඛය බව ඔබ සැමගේ ඇස්වලටද මාගේ සහෝදරවූ බෙන්යමින්ගේ ඇස්වලටද පෙනෙයි.

13. ඔබ සැම මිසරයෙහි මාගේ සියලු ඓශ්වර්ය ගැනද ඔබ සැම දුටු සියල්ල ගැනද මාගේ පියාට දන්වා ඉක්මන්කොට මාගේ පියා මෙහි කැඳවාගෙන එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය.

14. තවද ඔහු තම සහෝදරවූ බෙන්යමින්ගේ බෙල්ල බදාගෙන හැඬීය; බෙන්යමින්ද ඔහුගේ බෙල්ල බදාගෙන හැඬීය.

15. ඔහු තමාගේ සියලු සහෝදරයන් සිඹ ඔවුන් වැලඳගෙන හැඬුවේය. ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කථාකළෝය.

16. යෝසෙප්ගේ සහෝදරයෝ ආවෝය කියා ඵාරාවෝගේ ගෙයි වැසියන්ට ආරංචිවිය. ඵාරාවෝද ඔහුගේ සේවකයෝද ඊට බොහෝ ප්‍රසන්නවූවෝය.

17. ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: ඔබ සැම මෙසේ කරන්නැයි ඔබේ සහෝදරයන්ට කියන්න-ඔබ සැමගේ මෘගයන් පිට බඩු පැටවිලිකරගෙන ගොස් කානාන් දේශයට පැමිණ,

18. ඔබ සැමගේ පියාණන් සහ ඔබ සැමගේ පවුල්ද රැගෙන මා වෙතට එන්න. මම මිසර දේශයේ ඉතා හොඳ දේ ඔබ සැමට දෙන්නෙමි, ඔබ සැම දේශයේ සාරය භුක්තිවිඳින්නහුය.

19. දැනුදු ඔබට අණ ලැබුණු බැවින් මෙසේ කරන්නැයි ඔවුන්ට කියන්න-ඔබ සැම ඔබ සැමගේ දරුවන්ටද භාර්යාවන්ටද මිසර දේශයෙන් ගැල් රැගෙන ගොස්, ඔබ සැමගේ පියා කැඳවාගෙන එන්න.

20. ඔබ සැමගේ බඩු ගැන කරදරනොවන්න; මක්නිසාද මුළු මිසර දේශයේ ඉතා හොඳ දේ ඔබ සැමගේ ය කියන්නැයි කීයේය.

21. ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ එලෙස කළෝය. ඵාරාවෝගේ අණ ලෙස යෝසෙප් ගැල්ද මගට කෑමද ඔවුන්ට දුන්නේය.

22. ඔහු ඔවුන් එකිනෙකාට ඇඳුම් කුට්ටමක් බැගින් දුන්නේය; නුමුත් බෙන්යමින්ට රිදී තුන්සියයක් සහ ඇඳුම් කුට්ටම් පහක් දුන්නේය.

23. ඔහු තමාගේ පියාට මෙයාකාරයෙන් යැවීය; එනම්, මිසරයේ හොඳ දේවල් පටවනලද කොටළුවන් දසදෙනෙකුත් තමාගේ පියාට මගට ධාන්‍යද රොටිද භෝජනද පටවනලද කොටළුදෙනුන් දසදෙනෙකුත් යැවුවේය.

24. මෙසේ ඔහු තමන් සහෝදරයන් හැරියේය, ඔව්හු පිටත්ව ගියෝය. තවද: මගදී ඩබරනොකරන්ට බලාගන්නැයි ඔහු ඔවුන්ට කීවේය.

25. ඔව්හු මිසරයෙන් නික්ම ගොස් කානාන් දේශයෙහි තමන්ගේ පියවූ යාකොබ් වෙතට පැමිණියෝය.

26. තවද ඔව්හු: යෝසෙප් තවම ජීවත්ව සිටියි, ඔහු මුළු මිසර දේශයට ආණ්ඩුකාරයායයි ඔහුට කීවෝය. ඔහුගේ සිත ක්ලාන්තවිය, මක්නිසාද ඔහු ඔවුන් කී දේ විශ්වාස කළේ නැත.

27. ඔව්හුද යෝසෙප් තමන්ට කී සියලු වචන ඔහුට කීවෝය. තමා ගෙනයන පිණිස යෝසෙප් එවූ ගැල් ඔවුන්ගේ පියවූ යාකොබ් දුටු කල ඔහුගේ සිත ප්‍රාණවත්විය.

28. ඉතින් ඇත; මාගේ පුත්‍රවූ යෝසෙප් තවම ජීවත්ව සිටියි. නහින්ට පළමුවෙන් ගොස් මම ඔහු දක්නෙමියි ඉශ්‍රායෙල් කීවේය.

About උත්පත්ති Chapter 45

Read උත්පත්ති Chapter 45 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: උත්පත්ති
Chapter: 45
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading උත්පත්ති Chapter 45 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is උත්පත්ති Chapter 45?

උත්පත්ති Chapter 45 is part of the Book of උත්පත්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete උත්පත්ති Chapter 45 online for free with easy chapter navigation.

More Chapters from උත්පත්ති

  1. උත්පත්ති Chapter 2
  2. උත්පත්ති Chapter 19
  3. උත්පත්ති Chapter 39
  4. උත්පත්ති Chapter 1
  5. උත්පත්ති Chapter 49
  6. උත්පත්ති Chapter 33
  7. උත්පත්ති Chapter 30

Explore More from පැරණි ගිවිසුම

  1. යෙසායා Chapter 56
  2. ද්වීතීය කථාව Chapter 26
  3. ගීතාවලිය Chapter 82
  4. ගීතාවලිය Chapter 100
  5. යෙරෙමියා Chapter 49
  6. 2 ලේකම් Chapter 13
  7. ලෙවී කථාව Chapter 27

Related Chapters & Readings

  1. යෙරෙමියා Chapter 44
  2. යෙසායා Chapter 33
  3. එසකියෙල් Chapter 26
  4. 1 රාජාවලිය Chapter 3
  5. එසකියෙල් Chapter 2
  6. උත්පත්ති Chapter 20
  7. ගීතාවලිය Chapter 137
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *