නික්මයාම Chapter 24

For English

Read නික්මයාම Chapter 24 Online

Read නික්මයාම Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

නික්මයාම 24

පරිච්ඡේදය 24

1. උන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඔබ සහ ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද ස්වාමීන්වහන්සේ වෙතට කන්දට ඇවිත් දුරින් සිට නමස්කාරකරන්න.

2. මෝසෙස් පමණක් ස්වාමීන්වහන්සේ ළඟට එන්නේය; නුමුත් ඔවුන් ළංනොවිය යුතුය; සෙනඟ ඔහු සමඟ නොනැග්ග යුතුයයි කීසේක.

3. මෝසෙස් අවුත් ස්වාමීන්වහන්සේගේ සියලු වචනද විනිශ්චයයන්ද සෙනඟට කියා දුන්නේය. මුළු සෙනඟ එක හඬින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරන්නෙමුයයි කීවෝය.

4. මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ සියලු වචන ලියා අලුයම නැඟිට කන්ද මුල පූජාසනයක් හා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසේ ගණන ලෙස කණු දොළසක්ද ගොඩනැගුවේය.

5. ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් යෞවනයන් යැවීය, ඔව්හු ස්වාමීන්වහන්සේට දවන යාග සහ ශාන්ති යාග කොට ගවයින් පූජාකළෝය.

6. මෝසෙස් ලෙයින් දෙකෙන් කොටසක් ගෙන භාජනවල දමා ඉතිරි කොටස පූජාසනය පිට ඉස්සේය.

7. තවද ඔහු ගිවිසුමේ පොත රැගෙන සෙනඟ ඉදිරියෙහි කියෙවුවේය. ඔව්හුද: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරමින් කීකරුවන්නෙමුයයි කීවෝය.

8. එවිට මෝසෙස් ඒ ලේ රැගෙන සෙනඟට ඉසිමින්: මේ සියලු වචන ගැන ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ කළාවූ ගිවිසුමේ ලේ මේ යයි කීවේය.

9. එකල මෝසෙස්ද ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද නැගී ගොස්,

10. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ දුටුවෝය; උන්වහන්සේගේ පාද යට නීලමාණික්‍ය ආස්තරණයක් වැන්නක්ද දීප්තිමත්කමින් අහස්තලයම වැන්නක්ද වූයේය.

11. උන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උත්තමයන් පිට අත නොහෙළූසේක, ඔව්හු දෙවියන්වහන්සේ දැකලාත් කා බී සිටියෝය.

12. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: මා ළඟට කන්දට නැගී ඇවිත් මෙහි සිටින්න. ඔබ ඔවුන්ට උගන්වන පිණිස මා ලියූ ගල්ලෑලිද ව්‍යවස්ථාවද ආඥාවද ඔබට දෙන්නෙමියි කීසේක.

13. මෝසෙස්ද ඔහුගේ සේවකවූ යෝෂුවාද නැගිට ගියෝය. මෝසෙස් දෙවියන්වහන්සේගේ කන්දට නැගුණේය.

14. ඔහු වැඩිමහල්ලන්ට කථාකොට: අප ඔබ සැම වෙතට නැවත එනතෙක් මෙහි සිටින්න. මෙන්න, ආරොන් සහ හූර් ඔබ සැම සමඟ සිටිති. යමෙකුට කාරණයක් ඇත්නම් ඔහු ඔවුන් වෙතට පැමිණේවයි කීවේය.

15. මෝසෙස් කන්දට නැගී ගියේය, වලාකුළ කන්ද වසාගත්තේය.

16. ස්වාමීන්වහන්සේගේ තේජස සීනයි කන්දේ පැවතුණේය, වලාකුළ සදවසක් ඒක වසා සිටියාය. සත්වෙනි දින උන්වහන්සේ වලාකුළ මැදින් මෝසෙස්ට හඬගැසූසේක.

17. ස්වාමීන්වහන්සේගේ තේජසේ පෙනීම කන්ද මුදුනේ ඇවිළී යන ගිනි මෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ඇස්වලට පෙනුණේය.

18. මෝසෙස් වලාකුළ මැදට ඇතුල්වී කන්දට නැගුණේය. මෝසෙස් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කන්දේ සිටියේය.

About නික්මයාම Chapter 24

Read නික්මයාම Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නික්මයාම
Chapter: 24
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නික්මයාම Chapter 24 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නික්මයාම Chapter 24?

නික්මයාම Chapter 24 is part of the Book of නික්මයාම in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නික්මයාම Chapter 24 online for free with easy chapter navigation.

More Chapters from නික්මයාම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 25

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 89
  2. ගණන් කථාව Chapter 20
  3. ගණන් කථාව Chapter 1
  4. 1 රාජාවලිය Chapter 11
  5. හිතෝපදේශ Chapter 21
  6. 2 සාමුවෙල් Chapter 8
  7. උත්පත්ති Chapter 25

Related Chapters & Readings

  1. ගණන් කථාව Chapter 1
  2. ගීතාවලිය Chapter 59
  3. යෝබ් Chapter 8
  4. 1 තෙසලෝනික Chapter 3
  5. යෝබ් Chapter 5
  6. යෝබ් Chapter 11
  7. 1 ලේකම් Chapter 29
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *