මලාකි Chapter 2

For English

Read මලාකි Chapter 2 Online

Read මලාකි Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of මලාකි in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of මලාකි and the Holy Bible online.

Choose a Chapter

මලාකි 2

පරිච්ඡේදය 2

1. ඉතින් පූජකයෙනි, මේ ආඥාව නුඹලාටය.

2. මාගේ නාමයට ගෞරවදෙන හැටියට නුඹලා අසා සිතට නොගන්නහුනම් මම නුඹලා අතරට ශාපය එවා, නුඹලාගේ ආශීර්වාදවලට ශාපකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එසේය, නුඹලා සිතට නොගන්න නිසා මම ඒවාට ශාපම කෙළෙමි.

3. බලව, මම නුඹලා නිසා බීජ වලක්වමි, නුඹලාගේ මුහුණු පිට කසළ, එනම් නුඹලාගේ මංගල්‍ය පූජාවල කසළ ඉසිමි; ඒවා සමඟ නුඹලා අහකට ගෙනයනු ලබනවා ඇත.

4. එවිට මාගේ ගිවිසුම ලෙවී සමඟ පවතින පිණිස මේ ආඥාව මා විසින් නුඹලාට එවූ බව නුඹලා දැනගන්නවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

5. ජීවනයද සමාදානයද ඇති මාගේ ගිවිසුම ඔහු සමඟ විය; භය ඇතුව සිටින පිණිස ඒවා ඔහුට දුනිමි, එසේ ඔහු භයව, මාගේ නාමය කෙරෙහි භයාදුකමින් සිටියේය.

6. සැබෑකමේ ව්‍යවස්ථාව ඔහුගේ මුඛයෙහි තිබුණේය, අධර්මිෂ්ඨකමක් ඔහුගේ තොල්වල සම්බ නොවීය. ඔහු සමාදානයෙන්ද අවංකකමෙන්ද මා සමඟ හැසිර, බොහෝ දෙනෙකු අපරාධයෙන් හරවාගත්තේය.

7. මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයෙක්ය.

8. එහෙත් නුඹලා මාර්ගයෙන් ඉවත්ව ගොස්, ව්‍යවස්ථාව ගැන බොහෝ දෙනෙකු පැකිලෙන්ට සැලැස්වූහුය; නුඹලා ලෙවීගේ ගිවිසුම බිඳදැමුවහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

9. එබැවින් නුඹලා මාගේ මාර්ගයන් රක්ෂා නොකොට, ව්‍යවස්ථාව ගැන තරාතිරම් බලන ප්‍රකාරයටම, මමත් නුඹලා මුළු සෙනඟ ඉදිරියෙහි නීචවූ පහත්වූ අය කෙළෙමි.

10. අප සියල්ලන්ට ඇත්තේ එක පියා නොවේද? අප මැවුවේ එක දෙවියන්වහන්සේ නොවේද? අපේ පියවරුන්ගේ ගිවිසුම කෙලසන හැටයට අපි එකිනෙකාට විරුද්ධව මක්නිසා ද්‍රෝහිකම්කරමුද?

11. යූදාවරු ද්‍රෝහිලෙස ක්‍රියාකළෝය, ඉශ්‍රායෙල්හිද යෙරුසලමෙහිද පිළිකුලක් කෙරී තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකළාවූ උන්වහන්සේගේ ශුද්ධකම යූදා කෙලහා, අන්‍ය දෙවියෙකුගේ දුව සරණපාවාගත්තේය.

12. මෙසේ කරන මනුෂ්‍යයාගෙන් රැකවළා සහ උත්තරදෙන අයත් සේනාවල ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකරන්නාත් ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ කූඩාරම්වලින් සිඳදමනසේක.

13. නුඹලා මේ කාරණය දෙවෙනි වරත් කර, ස්වාමීන්වහන්සේගේ පූජාසනය කඳුළුවලින්ද ඇඬීමෙන්ද සුසුම්ලෑමෙන්ද වසන්නහුය. එබැවින් උන්වහන්සේ පූජාව තවත් නොසලකනසේක, නුඹලාගේ අත්වලින් සතුටු සිතින් එය පිළිනොගන්නාසේක.

14. එහෙත් නුඹලා: ඒ මක්නිසාදැයි අසන්නහුය. ස්වාමීන්වහන්සේ නුඹ සහ නුඹේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව සිටි නිසාය; ඈ නුඹේ පංගුකාරීව, නුඹේ ගිවිසුමේ භාර්යාවව සිටින නුමුත්, නුඹම ඈට විරුද්ධව ද්‍රෝහිකම්කළෙහිය.

15. ආත්මයේ ඉතිරි කොටස උන්වහන්සේට තිබුණු නුමුත් උන්වහන්සේ එකෙකු නොසෑදූසේක්ද? එකෙකු සෑදුවේ මක්නිසාද? උන්වහන්සේ භක්තිවන්ත වංශයක් සෙවූ නිසාය. එබැවින් නුඹලාගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙන්න, කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා.

16. මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක; තමාගේ වස්ත්‍රය බලාත්කාරයෙන් වසන්නාටත් මම ද්වේෂකරමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එබැවින් නුඹලාගේ ආත්ම ගැන ප්‍රවේසම්වී, ද්‍රෝහිකම් නොකර සිටින්න.

17. නුඹලාගේ වචනවලින් නුඹලා ස්වාමීන්වහන්සේ වෙහෙසූහුය. එහෙත්: අපි කුමකින් උන්වහන්සේ වෙහෙසූයෙමුදැයි නුඹලා අසන්නහුය. නපුර කරන සියල්ලෝම ස්වාමීන්වහන්සේ ඉදිරියේ යහපත්ය, උන්වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්නය; නැතහොත් යුක්තියේ දෙවියන්වහන්සේ කොතැනදැයි නුඹලා විසින් කීමෙන්ය.

About මලාකි Chapter 2

Read මලාකි Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of මලාකි in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: මලාකි
Chapter: 2
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading මලාකි. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading මලාකි Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is මලාකි Chapter 2?

මලාකි Chapter 2 is part of the Book of මලාකි in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete මලාකි Chapter 2 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 20
  6. නික්මයාම Chapter 6
  7. නික්මයාම Chapter 2

Explore More from මලාකි

  1. මලාකි Chapter 1
  2. මලාකි Chapter 4
  3. මලාකි Chapter 3

Related Chapters & Readings

  1. ද්වීතීය කථාව Chapter 18
  2. උත්පත්ති Chapter 4
  3. නෙහෙමියා Chapter 1
  4. එස්තර් Chapter 3
  5. නික්මයාම Chapter 32
  6. ගණන් කථාව Chapter 7
  7. 1 කොරින්ති Chapter 5
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *