Read නෙහෙමියා Chapter 3 Online
Read නෙහෙමියා Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of නෙහෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නෙහෙමියා and the Holy Bible online.
Choose a Chapter
නෙහෙමියා 3
පරිච්ඡේදය 3
1. එකල උත්තම පූජකයාවූ එලියාෂීබ් තෙම පූජකයන්වූ ඔහුගේ සහෝදරයන් සමඟ නැඟිට බැටළු දොරටුව ගොඩනඟා, ඒක විශුද්ධකොට, ඒකේ දොරවල් තැබුවෝය; හම්මේයාහ කොතද හනනේල්ගේ කොතද දක්වා ඔව්හු ඒක විශුද්ධකළෝය.
2. ඔහු ගාව යෙරිකෝවේ මනුෂ්‍යයෝ පවුර ගොඩනැඟුවෝය. ඔවුන් ගාව ඉම්රීගේ පුත්‍රවූ සක්කූර් ගොඩනැඟුවේය.
3. මත්ස්‍ය දොරටුව හස්සෙනායාගේ පුත්‍රයෝ ගොඩනැඟුවෝය; ඔව්හු ඒකේ බාල්ක පිහිටුවා ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවෝය.
4. ඔවුන් ගාව හක්කොශ්ගේ පුත්‍රවූ උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව මෙෂේසබෙල්ගේ පුත්‍රවූ බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව බානාගේ පුත්‍රවූ ශාදොක් අලුත්වාඩියාකෙළේය.
5. ඔවුන් ගාව තෙකෝවරු අලුත්වැඩියාකෙළෝය; නුමුත් ඔවුන්ගේ උත්තමයෝ තමුන්ගේ ස්වාමීන්ගේ. සේවයට කර නුදුන්නෝය.
6. පරණ දොරටුව පාසේයාගේ පුත්‍රවූ යෝයාදාද බෙසෝදෙයාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ද අලුත්වැඩියාකළෝය, ඔව්හු ඒකේ බාල්ක පිහිටුවා, ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවෝය.
7. ඔවුන් ගාව ගිබියෝනිය මෙලෙටියාද මෙරොනොතිය යාදොන්ද ගිබියොන් සහ මිශ්පාහි මනුෂ්‍යයෝද අලුත්වැඩියාකළෝය, ඔව්හු වනාහි ගඟ මෙගොඩ සිටි දිශාධිපතියාගේ ආණ්ඩුබලය යටතේය.
8. ඔවුන් ගාව රන්කරුවන්වූ හර්හායාගේ පුත්‍රවූ උස්සීයෙල් අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව සුගන්ධ ද්‍රව්‍ය මිශ්‍රකරන්නන්ගෙන් කෙනෙක්වූ හනනියා අලුත්වැඩියාකෙළේය, ඔව්හු පළල් පවුර දක්වා යෙරුසලම සවිකළෝය.
9. ඔවුන් ගාව යෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ හූර්ගේ පුත්‍රවූ රෙපායා අලුත්වැඩියාකෙළේය.
10. ඔහු ගාව හරුමප්ගේ පුත්‍රවූ යෙදායා තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව හෂබ්නෙයාගේ පුත්‍රවූ හට්ටූෂ් අලුත්වැඩියාකෙළේය.
11. හාරීම්ගේ පුත්‍රවූ මල්කියාද පාහත්-මෝවබ්ගේ පුත්‍රවූ හප්ෂූබ්ද තව කොටසක් හා උදුන් කොත අලුත්වැඩියාකළෝය.
12. ඔහු ගාව යෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ හල්ලොහෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම්ද ඔහුගේ දූවරුද අලුත්වැඩියාකළෝය.
13. මිටියාවෙත් දොරටුව හානූන්ද සානොවේ වැසියෝද අලුත්වැඩියාකළෝය; ඔව්හු ඒක ගොඩනඟා, ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තබා, කසළ දොරටුව දක්වා පවුරෙන් රියන් දාහක්ද අලුත්වැඩියාකළෝය.
14. කසළ දොරටුව බෙත්හක්කෙරෙම් පළාතේ අධිපතියාවූ රේකාබ්ගේ පුත්‍රවූ මල්කියා අලුත්වැඩියාකෙළේය; ඔහු ඒක ගොඩනඟා ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවේය.
15. උල්පත් දොරටුව මිශ්පා පළාතේ අධිපතියාවූ කොල්හොසෙගේ පුත්‍රවූ ෂල්ලූන් අලුත්වැඩියාකෙළේය. ඔහු ඒක ගොඩනඟා වසා ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තබා, රජ උයන ළඟ දාවිත්ගේ නුවර සිට බසින පඩි පෙළ දක්වා ෂෙලහේ පොකුණේ පවුර ගොඩනැඟුවේය.
16. ඔහු ගාව බෙත්-ශූර් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ අශ්බුක්ගේ පුත්‍රවූ නෙහෙමියා දාවිත්ගේ සොහොන්පළවල් ඉදිරිපිටට පැමිණෙන තුරුත් සාදනලද පොකුණ දක්වාත් බලවතුන්ගේ ගෙය දක්වාත් අලුත්වැඩියාකෙළේය.
17. ඔහු ගාව ලෙවීවරු බානීගේ පුත්‍රවූ රෙහූම් [යටතේ] අලුත්වැඩියාකළෝය. ඔහු ගාව කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට හෂබියා තමාගේ පළාත වෙනුවට අලුත්වැඩියාකෙළේය.
18. ඔහු ගාව ඔවුන්ගේ සහෝදරයෝ කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ හේනාදාද්ගේ පුත්‍රවූ බව්වයි [යටතේ] අලුත්වැඩියාකෙළේය.
19. ඔහු ගාව මිශ්පායේ අධිපතියාවූ යේෂුවාගේ පුත්‍රවූ එසෙර් පවුරු කොනේ ආයුධ ගබඩාවේ නැගුම ඉදිරිපිට තව කොටසක් අලුත්වැඩියාකෙළේය.
20. ඔහු ගාව සබ්බයිගේ පුත්‍රවූ බාරුක් පවුරු කොනේ සිට උත්තම පූජකයාවූ එලියාෂීබ්ගේ ගෙයි දොරකඩ දක්වා තව කොටසක් ජ්වලිතකමින් අලුත්වැඩියාකෙළේය.
21. ඔහු ගාව හක්කෝශ්ගේ පුත්‍රවූ උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් එලියාෂීබ්ගේ ගෙයි දොරකඩ පටන් එලියාෂීබ්ගේ ගෙයි කෙළවර දක්වා තව කොටසක් අලුත්වැඩියාකෙළේය.
22. ඔහු ගාව සමභූමියේ මනුෂ්‍යයෝවූ පූජකයෝ අලුත්වැඩියාකළෝය.
23. ඔවුන් ගාව බෙන්යමින්ද හෂ්ෂූබ්ද තමුන්ගේ ගෙය ඉදිරිපිට අලුත් වැඩියාකළෝය. ඔවුන් ගාව අනනියාගේ පුත්‍රයා වන මයසේයාගේ පුත්‍රවූ අසරියා තමාගේ ගෙය ළඟ අලුත්වැඩියාකෙළේය.
24. ඔහු ගාව හෙනාදාද්ගේ පුත්‍රවූ බින්නුයි අසරියාගේ ගෙය පටන් පවුරේ හැරෙන තැන සහ කොන දක්වාත් තව කොටසක් අලුත්වැඩියාකෙළේය.
25. ඌසයිගේ පුත්‍රවූ පාලාල් පවුරු කොතත් හිරගෙයි මිදුල ළඟ ඉහළ රජගෙදරට ඉස්සරහපිටින් තිබෙන කොතත් අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව පරොෂ්ගේ පුත්‍රවූ පෙදායා අලුත්වැඩියාකෙළේය.
26. (එකල නෙතිනීම්වරු නැගෙනහිර දිසාවේ වතුර දොරටුවද පිටතින් තිබෙන කොතද ඉදිරිපිට තැන දක්වා ඕපෙල්හි විසුවෝය.)
27. ඔහු ගාව තෙකෝවරු පිටතින් තිබෙන ලොකු කොත ඉදිරිපිටද ඕපෙල්හි පවුර දක්වාද තව කොටසක් අලුත්වැඩියාකළෝය.
28. අශ්ව දොරටුවට ඉහළින් පූජකයෝ එකිනෙකා තම තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකළෝය.
29. ඔවුන් ගාව ඉම්මේර්ගේ පුත්‍රවූ ශාදොක් තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව නැගෙනහිර දොරටුවේ රැකවලාවූ ෂෙකනියාගේ පුත්‍රවූ ෂෙමායා අලුත්වැඩියාකෙළේය.
30. ඔහු ගාව ෂෙලමියාගේ පුත්‍රවූ හනනියාද ශාලාප්ගේ හවෙනි පුත්‍රයාවූ හානූන්ද තව කොටසක් අලුත්වැඩියාකළෝය. ඔහු ගාව බෙරකියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම් තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකෙළේය.
31. ඔහු ගාව රන්කරුවෙක්වූ මල්කියා හම්මිප්කාද් දොරටුව ඉදිරිපිට නෙතිනීම්වරුන්ගේද වෙළෙන්දන්ගේද ගෙවල් දක්වාත් කොනේ උඩුමහල දක්වාත් අලුත්වැඩියාකෙළේය.
32. කොනේ උඩුමහලටත් බැටළුදොරටුවටත් අතරේ රන්කරුවෝද වෙළෙන්දෝද අලුත්වැඩියාකළෝය.
About නෙහෙමියා Chapter 3
Read නෙහෙමියා Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of නෙහෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: නෙහෙමියා
Chapter: 3
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading නෙහෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading නෙහෙමියා Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is නෙහෙමියා Chapter 3?
නෙහෙමියා Chapter 3 is part of the Book of නෙහෙමියා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete නෙහෙමියා Chapter 3 online for free with easy chapter navigation.
More Chapters from නෙහෙමියා
- නෙහෙමියා Chapter 12
- නෙහෙමියා Chapter 13
- නෙහෙමියා Chapter 9
- නෙහෙමියා Chapter 6
- නෙහෙමියා Chapter 8
- නෙහෙමියා Chapter 5
- නෙහෙමියා Chapter 1
Explore More from පැරණි ගිවිසුම
- යෝබ් Chapter 16
- ගීතාවලිය Chapter 21
- යෙරෙමියා Chapter 9
- යෙරෙමියා Chapter 45
- 1 රාජාවලිය Chapter 2
- සාලමොන්ගේ ගීතිකා Chapter 2
- යෝෂුවා Chapter 1