Read ආමොස් Chapter 8 Online
Read ආමොස් Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of ආමොස් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ආමොස් and the Holy Bible online.
Choose a Chapter
ආමොස් 8
පරිච්ඡේදය 8
1. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ මට පෙන්නූසේක: බලව, ඉදුණු ඵල පෙට්ටියක් විය.
2. උන්වහන්සේ: ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක්දැයි මාගෙන් ඇසූසේක. මමද: ඉදුණු ඵල පෙට්ටියක්යයි කීවෙමි. එකල ස්වාමීන්වහන්සේ: මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අන්තිමය පැමිණ තිබේ; මම නැවත තවත් ඔවුන්ට අච්චු නොකර නොසිටින්නෙමි.
3. මාළිගාවේ ගීතිකා ඒ දවසේදී දුකෙන් කෑගැසීම් වන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. බොහෝ මළකඳන් තිබෙනවා ඇත; ඔවුන් සෑම තැනම ඒවා නිශ්ශබ්දලෙස පිටත දමනවා ඇතැයි මට කීසේක. වංචාකාර වෙළෙන්දන් ගැන.
4. දිළින්දා ගිලදැමීමටත් දේශයේ යටහත් අය නැතිකිරීමටත් හතිදමාගනයමින්,
5. ඒඵාව කුඩාකර, ෂෙකෙල මහත්කර, හොර තරාදිවලින් වංචාකම්කරන්නාවූ, දුප්පතුන් රිදීවලටද දිළින්දා වහන් සඟළකටද ගන්ටත් බොල් ධාන්‍ය විකුණන්ටත් ලැබෙන හැටියට,
6. අප විසින් භෝග විකුණන පිණිස අමාවකද, ධාන්‍ය කඩ අරින පිණිස සබත් දවසද පසුවෙන්නේ කොයි වේලාවේදැයි කියන්නාවූ තැනැත්තෙනි, මෙය අසන්න.
7. ඔවුන්ගේ සියලු ක්‍රියාවල් කවදාවත් මතකනැති නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ තේජස ගැන දිවුරා තිබේ.
8. ඒ ගැන දේශය නොවෙවුලන්නේද? එහි වසන සියල්ලෝම නොවැලපෙන්නෝද? එසේය, ඒක ගංගාව මෙන් මුළුමනින්ම ගලා, කැලඹී, මිසරයේ ගංගාව මෙන් බැසයනවා ඇත.
9. තවද මම ඒ කාලයේ ඉර මුදුන් වේලාවට ඉර බසින්ට සලස්වා, එළිය ඇති දවසේදී දේශය අන්ධකාරකරන්නෙමි.
10. නුඹලාගේ මංගල්‍යවල් වැලපීමටත් නුඹලාගේ සියලු ගීතිකා විලාපයටත් හරවා, සියලුම ඉඟටිවලට ගෝණි රෙදිද සියලුම හිස්වලට මුඩුකමද පමුණුවා, ඒක එකම පුත්‍රයෙකු නිසා වැලපීම මෙන්ද එහි අන්තිමය තික්තවූ දවසක් මෙන්ද කරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
11. බලව, හානියක්, එනම් කෑම හානියක්වත් වතුර පිපාසායක්වත් නොව ස්වාමීන්වහන්සේගේ වචන ඇසීමේ හානියක්, මා විසින් දේශයට එවන දවස් පැමිණෙන්නේය.
12. එවිට මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගේ වචනය සොයන පිණිස මුහුදෙන් මුහුදට ගමන්කරන්නෝය, උතුරේ සිට නැගෙනහිරටද ඔබ මොබ දුවනවා ඇත, නුමුත් ඔවුන්ට සම්බවෙන්නේ නැත.
13. සමාරියේ අපරාධය ගැන දිවුරන්නාවූ, දාන්, නුඹේ දෙවියන් ජීවමාන බව සැබෑවා සේම කියාත් බෙයෙර්-ෂෙබාහි මාර්ගය ජීවමාන බව සැබෑවා සේම කියාත් කියන්නාවූ,
14. ශෝභන කන්‍යාවෝද තරුණයෝද ඒ කාලයේදී පිපාසායෙන් ක්ලාන්තවී, නැවත නොනැගිටින හැටියට වැටෙන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
About ආමොස් Chapter 8
Read ආමොස් Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of ආමොස් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ආමොස්
Chapter: 8
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ආමොස්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ආමොස් Chapter 8 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ආමොස් Chapter 8?
ආමොස් Chapter 8 is part of the Book of ආමොස් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ආමොස් Chapter 8 online for free with easy chapter navigation.
More Chapters from ආමොස්
- ආමොස් Chapter 5
- ආමොස් Chapter 7
- ආමොස් Chapter 6
- ආමොස් Chapter 3
- ආමොස් Chapter 9
- ආමොස් Chapter 4
- ආමොස් Chapter 2
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 112
- ගීතාවලිය Chapter 115
- දේශනාකාරයා Chapter 7
- යෙරෙමියා Chapter 28
- ගීතාවලිය Chapter 52
- 2 ලේකම් Chapter 7
- උත්පත්ති Chapter 12