Read උත්පත්ති Chapter 12 Online
Read උත්පත්ති Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 12
පරිච්ඡේදය 12
1. ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: ඔබේ දේශයෙන්ද ඔබේ නෑයන් කෙරෙන්ද ඔබේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් ඔබට පෙන්වන දේශයට යන්න.
2. මම ඔබ මහත් ජාතියක් කරන්නෙමි; ඔබට ආශීර්වාද කොට ඔබේ නාමය කීර්තිමත් කරන්නෙමි; ඔබද ආශීර්වාදයක් වෙන්න.
3. තවද ඔබට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, ඔබට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් ඔබ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක.
4. මෙසේ ආබ්‍රම් ස්වාමීන්වහන්සේ තමාට කී ලෙස ගියේය. ලොත් ඔහු සමඟ ගියේය; ආබ්‍රම් හාරානෙන් පිටත්වූ කල ඔහුට සැත්තෑ පස් අවුරුද්දක් වයස් විය.
5. ආබ්‍රම් තමාගේ භාර්යාවවූ සාරයිද තම සහෝදරයාගේ පුත්‍රවූ ලොත්ද ඔවුන් රැස්කරගන තිබුණු තමන්ගේ සියලු සම්පත්ද හාරාන්හිදී ඔවුන් ලබාගෙන සිටි මිනිසුන්ද රැගෙන කානාන් දේශයට යන පිණිස පිටත්වුණේය; ඔව්හු කානාන් දේශයට පැමිණියෝය.
6. ආබ්‍රම් ඒ දේශය මැදින් ෂෙඛෙම් නම් ස්ථානයෙහි මොරේගේ ආලොන් වෘක්ෂය දක්වා ගියේය. ඒ කාලයෙහි කානානිවරු දේශයෙහි සිටියෝය.
7. ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මේ දේශය ඔබේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.
8. ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ද නැගෙනහිරින් ආයිද ඇතුව තමාගේ කූඩාරම පිහිටුවාගත්තේය. තවද ඔහු එතැන්හි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේ ගේ නාමය කියා යාච්ඤාකෙළේය.
9. ආබ්‍රම් ගමන්කරනුයේ, දකුණු දෙසටම ගියේය.
10. දේශයෙහි සාගතයක් විය. දේශයෙහි සාගතය මහත් බැවින් ආබ්‍රම් මිසරයෙහි පොරොත්තුව සිටීම පිණිස එහි ගියේය.
11. තවද ඔහු මිසර දේශයට ඇතුල්වෙන්ට ළංවූ කල තම භාර්යාවවූ සාරයිට කථාකොට: බලව, ඔබ ශෝභන පෙනීම ඇති ස්ත්‍රියක් බව දනිමි.
12. මිසරවරුන් ඔබ දුටු විට-මෑ ඔහුගේ භාර්යාවය කියා මා මරා ඔබ ඉතුරු කරනවා ඇත.
13. ඉතින් ඔබ නිසා මට යහපත සිද්ධවෙන පිණිසද ඔබ කරණකොටගෙන මාගේ ප්‍රාණය ගැළවෙන පිණිසද ඔබ මාගේ සහෝදරීයයි කියන ලෙස ඉල්ලමියි කීය.
14. තවද ආබ්‍රම් මිසරයට පැමිණි කල ඒ ස්ත්‍රිය ඉතා ශෝභන බව මිසරවරු දුටුවෝය.
15. ඵාරාවෝගේ ඇමතිවරු ඈ දැක ඵාරාවෝ ඉදිරියෙහි ඈ වර්ණනාකළෝය. එවිට ඒ ස්ත්‍රී ඵාරාවෝගේ ගෙට ගෙනයනලද්දීය.
16. ඔහු ඈ නිසා ආබ්‍රම්ට යහපත කෙළේය. බැටළුවෝද ගවයෝද කොටළුවෝද දාසයෝද දාසියෝද කොටළුදෙන්නුද ඔටුවෝද ඔහුට ලැබුණාහ.
17. ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි නිසා ඵාරාවෝටද ඔහුගේ ගෙයි වැසියන්ටද මහත්වූ පීඩාවලින් පීඩාකළසේක.
18. එවිට ඵාරාවෝ ආබ්‍රම් කැඳවා: ඔබ මට මේ කළේ මොකද? ඈ ඔබේ භාර්යාව බව කුමක් නිසා මට නොකීවෙහිද?
19. ඈ ඔබේ සහෝදරීයයි මට කීවේ මක්නිසාද? එබැවින් ඇය මාගේ භාර්යාව කොට ගතිමි. මෙන්න ඔබේ භාර්යාව, ඇය රැගෙන යන්නැයි ඔහුට කීය.
20. ඵාරාවෝ ඔහු ගැන මිනිසුන්ට අණදුන්නේය. ඔව්හු ඔහු සහ ඔහුගේ භාර්යාවද ඔහු සන්තක සියල්ලද මගට ගෙනැත් ඇරලුවෝය.
About උත්පත්ති Chapter 12
Read උත්පත්ති Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 12
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 12 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 12?
උත්පත්ති Chapter 12 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 12 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 19
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 34
- උත්පත්ති Chapter 30
- උත්පත්ති Chapter 49
Explore More from පැරණි ගිවිසුම
- මීකා Chapter 7
- ලෙවී කථාව Chapter 20
- ගීතාවලිය Chapter 116
- එස්තර් Chapter 9
- යෙසායා Chapter 34
- හිතෝපදේශ Chapter 9
- ගීතාවලිය Chapter 67