ක්රිරයා Chapter 23

For English

Read ක්රිරයා Chapter 23 Online

Read ක්රිරයා Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of ක්රිරයා in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ක්රිරයා and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

ක්රිරයා 23

පරිච්ඡේදය 23

1. පාවුල් ඉතා ඕනෑකමින් සභාව දෙස ඇස් හෙළා: සහෝදරයෙනි, මම අද දක්වා දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු ආකාර යහපත් හෘදයසාක්ෂියක් ඇතුව හැසුරුණෙමියි කීවේය.

2. එවිට උත්තම පූජකවූ අනනියස් ඔහුගේ කටට ගසන ලෙස ළඟ සිටියවුන්ට අණකෙළේය.

3. එවිට පාවුල්: සුදුකළ බිත්තියක් බඳුවූ නුඹට දෙවියන්වහන්සේ ගසනසේක. ව්‍යවස්ථාව ලෙස මා විනිශ්චයකරන්ට ඉඳගනම ව්‍යවස්ථාවට විරුද්ධව මට ගසන්ට අණකෙරෙහිදැයි කීවේය.

4. එවිට ළඟ සිටි අය: නුඹ දෙවියන්වහන්සේගේ උත්තම පූජකයාට නින්දාකරනවාදැයි කීවෝය.

5. පාවුල්ද: සහෝදරයෙනි, ඔහු උත්තම පූජකයා බව මම නොදැන සිටියෙමි. මක්නිසාද-නුඹේ සෙනඟගේ අධිපතියෙකු ගැන අගුණ නොකියන්නැයි ලියා තිබේයයි කීවේය.

6. එහෙත් පාවුල් සෙනඟගෙන් එක් කොටසක් සද්දුසිවරුද අනික් කොටස ඵරිසිවරුද බව දැක සභාවෙහි මොරගසා: සහෝදරයෙනි, මම ඵරිසියෙක්මි, ඵරිසිවරුන්ගේ පුත්‍රයෙක්මි. මළවුන්ගේ බලාපොරොත්තුවද නැවත-නැගිටීමද ගැන විචාරනු ලබමියි කීවේය.

7. ඔහු මෙසේ කී කල ඵරිසිවරුන් හා සද්දුසිවරුන් අතරේ භේදයක් හටගත්තේය. රැස්වූ අය බෙදුණෝය.

8. මක්නිසාද සද්දුසිවරු නැවත-නැගිටීමක්වත් දේවදූතයෙක්වත් ආත්මයක්වත් නැතැයි කියති. නුමුත් ඵරිසිවරු දෙකම ඇතැයි කියති.

9. එකල මහත් මොරගැසීමක් විය. ඵරිසිවරුන්ගේ පක්ෂයේ ලියන්නන්ගෙන් සමහරෙක් නැගිට විවාදකොට: මේ මනුෂ්‍යයා අත කිසි නපුරක් අපට නොපෙනේ. ඉඳින් ආත්මයක්වත් දේවදූතයෙක්වත් මොහුට කථාකෙළේනම් කිමෙක්දැයි කීවෝය.

10. නුමුත් මහත් භේදයක් හටගත් කල ඔවුන් විසින් පාවුල් කැබෙලිකොට ඉරාදමනවා ඇත කියා අධිපතියා භයව, හේවායන්ට කථාකොට, ඔවුන්ගෙන් ඔහුව පැහැරගෙන කොටුවට ගෙනයන්ට අණකෙළේය.

11. එදා රාත්‍රියේ ස්වාමීන්වහන්සේ ඔහු ළඟ සිට: ධෛර්ය ඇතුව සිටින්න. නුඹ විසින් යෙරුසලමේදී මා ගැන සාක්ෂිදුන් සේම රෝමයේදීත් සාක්ෂි දෙන්ට ඕනෑයයි කීසේක.

12. පහන්වූ කල යුදෙව්වරු සමාගමක් වී පාවුල් මරන තුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවුරුමකින් බැඳුණෝය.

13. මේ කුමන්ත්‍රණය කළාවූ අය සතළිස් දෙනෙකුට වැඩිව සිටියෝය.

14. ඔව්හු නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද ළඟට ගොස්: පාවුල් මරන තුරු අපි කිසි කෑමක රස නොබලන්ට මහත් දිවිරිල්ලකින් අපම බැඳගතිමුව.

15. එබැවින්, නුඹලා ඔහුගේ කාරණා ගැන වඩා හරිලෙස විභාගකරන්ට යනවා වාගේ, හෙට නුඹලා ළඟට ඔහු ගෙනෙන ලෙස සභාව සමඟ අධිපතියාට දන්වා අරින්න. ඔහු මෙහාට ළංවෙන්ට පළමුවෙන් අපි ඔහු මරන්ට සූදානම්ව සිටිමුයයි කීවෝය.

16. ඒ ඔවුන්ගේ රැකසිටීම ගැන පාවුල්ගේ සහෝදරීගේ පුත්‍රයා අසා ඇවිත්, කොටුවට ඇතුල්වී, පාවුල්ට දැනුම්දුන්නේය.

17. එවිට පාවුල් සියයකට මුලාදෑනීන්ගෙන් එක්කෙනෙකු කැඳවා: මේ යෞවනයා ප්‍රධාන සේනාපතියා ළඟට ගෙනියන්න. ඔහුට කාරණයක් දන්වන්ට තිබේයයි කීවේය.

18. එසේ ඔහු අධිපතියා ළඟට ඔහුව ගෙනගොස්: හිරකාරවූ පාවුල් මා කැඳවා, ඔබට දන්වන්ට කාරණයක් ඇත්තාවූ මේ යෞවනයා ඔබ වෙතට ගෙනෙන්ට මාගෙන් ඉල්ලුවේයයි කීවේය.

19. එකල අධිපතියා ඔහුගේ අත අල්ලා අහකට ගෙනගොස්: මට දන්වන්ට නුඹට තිබෙන කාරණය මොකදැයි ඇසුවේය.

20. ඔහු කථාකොට: පාවුල් ගැන ඔබ වඩා හරිලෙස විභාගකරන්ට යනවා වාගේ ඔහු හෙට සභාවට ගෙනෙන ලෙස යුදෙව්වරු ඔබගෙන් ඉල්ලන්ට නියමකරගත්තෝය.

21. නුමුත් ඔවුන්ගේ කැමැත්තට ඉඩ නුදුන මැනවි. මක්නිසාද ඔවුන්ගෙන් හතළිහකට වැඩි දෙනෙක් ඔහු මරන තුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවිරිල්ලකින් තමුන්ම බැඳගෙන රැකසිටිති. දැන් ඔව්හු සූදානම්ව ඔබගේ පොරොන්දුව බලාසිටිතියි කීවේය.

22. එවිට අධිපතියා: නුඹ මේ දේවල් මට දැන්නූ බව කාටවත් කියන්ට එපායයි අණකොට යෞවනයා යන්ට හැරියේය.

23. එවිට ඔහු සියයකට මුලාදෑනීන් දෙදෙනෙකුට අඬගසා: කායිසාරිය දක්වා යන පිණිස හේවායන් දෙසියයක්ද අසරුවන් සැත්තෑවක්ද හෙල්ල දරන්නන් දෙසියයක්ද රාත්‍රියේ තුන්වෙනි පැයට සූදානම්කරන්නැයි කීවේය.

24. පීලික්ස් නම් ආණ්ඩුකාරයා ළඟට ප්‍රවේසමෙන් පාවුල් නංවාගන යන පිණිස මෘගයන් සපයා තබන්ටද අණකෙළේය.

25. තවද ඔහු මෙසේ ලියුමක් ලියුවේය:

26. ක්ලෞදියස් ලිසියස් විසින් අති උත්තමවූ පීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට ශුභසිද්ධවේවයි ලියා එවන වග නම්-

27. යුදෙව්වරුන් විසින් මේ මනුෂ්‍යයා අල්ලා මරන්ට සාදන කල, ඔහු රෝමයෙකු බව මම දැනගන, හේවායන් සමඟ ගොස් ඔහු ගළවාගතිමි.

28. ඔවුන් ඔහුට තබන වරද මම දැනගන්ට කැමතිව, ඔවුන්ගේ සභාවට ඔහු ගෙනගියෙමි.

29. එවිට ඔවුන්ගේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස මරණයටවත් බැඳුම්වලටවත් සුදුසු යම් දෝෂයක් ඔහු පිට නොතබන බව දැනගතිමි.

30. නුමුත් ඒ මනුෂ්‍යයාට විරුද්ධව උපායක් යොදන්ට යන බව මට දන්වන්ට යෙදුණු බැවින් එවේලේම ඔහු ඔබ වෙතට එවා, ඔහුට විරුද්ධව තිබෙන දේවල් ඔබ ඉදිරියේ කියන්ට වරද තබන්නන්ට අණකෙළෙමි යනුයි.

31. මෙසේ හේවායන්ට අණකළ ප්‍රකාරයට ඔව්හු පාවුල් රැගෙන රාත්‍රියෙහි අන්තිපත්‍රිසට ගියෝය.

32. පසුවදා අසරුවන් ඔහු සමඟ යන්ට හැර, ඔව්හු කොටුවට හැරී ආවෝය.

33. අසරුවෝ කායිසාරියට ඇවිත් ආණ්ඩුකාරයාට ලියුම භාරදී පාවුල්ද ඔහු ඉදිරියෙහි සිටෙවුවෝය.

34. එවිට ඔහු ඒ ලියුම කියවා. ඔහු කොයි පළාතේ කෙනෙක්ද කියා අසා, කිලිකියේ කෙනෙකු බව දැනගත් විට:

35. නුඹට වැරදි තබන්නන් ආවාම නුඹේ මුළු කාරණය විභාගකරන්නෙමියි කියා, හෙරොද්ගේ මාළිගාවෙහි ඔහු රැකවල් කරන්ට අණකෙළේය.

About ක්රිරයා Chapter 23

Read ක්රිරයා Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of ක්රිරයා in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ක්රිරයා
Chapter: 23
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ක්රිරයා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ක්රිරයා Chapter 23 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ක්රිරයා Chapter 23?

ක්රිරයා Chapter 23 is part of the Book of ක්රිරයා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ක්රිරයා Chapter 23 online for free with easy chapter navigation.

More Chapters from ක්රිරයා

  1. ක්රිරයා Chapter 17
  2. ක්රිරයා Chapter 28
  3. ක්රිරයා Chapter 26
  4. ක්රිරයා Chapter 25
  5. ක්රිරයා Chapter 20
  6. ක්රිරයා Chapter 6
  7. ක්රිරයා Chapter 1

Explore More from නව ගිවිසුම

  1. හෙබ්රෙනව් Chapter 10
  2. ක්රිරයා Chapter 7
  3. 1 යොහන් Chapter 5
  4. 2 කොරින්ති Chapter 4
  5. ශු. මාර්ක් Chapter 9
  6. ක්රිරයා Chapter 21
  7. එළිදරව් Chapter 4

Related Chapters & Readings

  1. යෝබ් Chapter 5
  2. 2 කොරින්ති Chapter 8
  3. උත්පත්ති Chapter 37
  4. ශු. යොහන් Chapter 18
  5. ගීතාවලිය Chapter 54
  6. නික්මයාම Chapter 6
  7. 1 ලේකම් Chapter 11
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *