යෝනා Chapter 1

For English

Read යෝනා Chapter 1 Online

Read යෝනා Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of යෝනා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝනා and the Holy Bible online.

Choose a Chapter

යෝනා 1

පරිච්ඡේදය 1

1. ස්වාමීන්වහන්සේගේ වචනය අමිත්තයිගේ පුත්‍රවූ යෝනා වෙතට පැමිණ:

2. නුඹ නැගිට නිනිවය නම් මහත් නුවරට ගොස් ඊට විරුද්ධව මොරගසන්න; මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මා ඉදිරියට පැමිණ තිබේයයි කීසේක.

3. එහෙත් යෝනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් තර්ෂිෂ්ට පලා යන පිණිස නැගිට, යොප්පාවට බැසගොස්, තර්ෂිෂ්ට යන නැවක් එහි සම්බවී, ඊට ගාස්තුව ගෙවා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමඟ තර්ෂිෂ්ට යන පිණිස ඒකට නැගුණේය.

4. නුමුත් ස්වාමීන්වහන්සේ තද හුළඟක් මුහුද පිටට පැමිණෙවුසේක, එයින් මුහුදේ මහත් කුණාටුවක් වී නැව බිඳෙන්ට ළංවිය.

5. එකල නැව්කාරයෝ භයව, එක එකා තම තමාගේ දෙවියන්ට මොරගසා, නැව සැහැල්ලුකරගැනීමට එහි තිබුණු බඩු මුහුදේ දැමුවෝය. එහෙත් යෝනා නැවේ ඇතුළට බැස හාන්සිවී තද නින්දට පැමිණ හුන්නේය.

6. එවිට නැවේ ප්‍රධානියා ඔහු ළඟට ඇවිත්: නුඹ නිදාගන ඉන්නේ මක්නිසාද? නැගිට නුඹේ දෙවියන්වහන්සේගෙන් පිහිට ඉල්ලන්න, සමහරවිට අප විනාශ නොවන ලෙස දෙවියන්වහන්සේ අප ගැන කල්පනාකරනවා ඇතැයි ඔහුට කීවේය.

7. ඔව්හු: මේ විපත්තිය අපට පැමුණුණේ කා නිසාදැයි දැනගන්නා පිණිස පසඇට දමමුයයි ඔවුනොවුන් කථාකරගත්තෝය. එසේ ඔවුන් පසඇට දැමූ විට පසඇටය යෝනාට වැටුණේය.

8. එවිට ඔව්හු: මේ විපත්තිය අපට පැමුණුණේ මක්නිසාද කියා අපට කියන්න; නුඹේ රක්ෂාව මොකද? නුඹ කොතන සිට ආවාද? නුඹේ රට කිමෙක්ද? නුඹ මොන ජාතියේ කෙනෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය.

9. ඔහුද: මම හෙබ්‍රෙව්වෙක්ය; මම වනාහි මුහුදත් ගොඩබිමත් මැවුවාවූ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අදහමියි ඔවුන්ට කීය.

10. එකල ඒ මනුෂ්‍යයෝ ඉතා භයපත්ව: නුඹ කළ මේ දේ කිමෙක්දැයි ඔහුට කීවෝය. එසේ කීවේ තමා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පලායන බව ඔහු ඒ මනුෂ්‍යයන්ට කියා තිබී, ඔවුන් එය දැනගන සිටි නිසාය.

11. එකල ඔව්හු: මුහුද අපට නිශ්චලවෙන පිණිස අප විසින් නුඹට කරන්ට ඕනෑ මොකදැයි ඔහුගෙන් ඇසුවෝය; මක්නිසාද මුහුද වඩ වඩා වේගවත් විය.

12. මා අරන් මුහුදේ දමන්න; එවිට මුහුද නුඹලාට නිශ්චලවන්නේය. කුමක්හෙයින්ද මේ මහත් කුණාටුව නුඹලා පිටට පැමිණ තිබෙන්නේ මා නිසා බව දනිමියි ඔහු ඔවුන්ට කීවේය.

13. එහෙත් ඒ මනුෂ්‍යයෝ ගොඩට හැරීඑන පිණිස තදින් පැද්දෝය; නුමුත් මුහුද ඔවුන්ට විරුද්ධව වඩ වඩා සැරවූ බැවින් ඔවුන්ට බැරිවිය.

14. එවිට ඔව්හු ස්වාමීන්වහන්සේට හඬගසා: අහෝ ස්වාමීන්වහන්ස, මේ මනුෂ්‍යයාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නොවේවා, නිදොස් ලේද අප පිට තැබුව මැනව. මක්නිසාද, ස්වාමීන්වහන්ස, ඔබ කැමති ලෙසම කළසේකැයි කීවෝය.

15. එවිට ඔව්හු යෝනා අරන් මුහුදේ දැමූහ. මුහුදේ වේගයද නැවතුණේය.

16. එකල ඒ මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේ කෙරේ අතිශයින් භයව, ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකොට, බාරවල් වුණෝය.

17. තවද ස්වාමීන්වහන්සේ යෝනා ගිලින්ට මහා මත්ස්‍යයෙකු පත්කලසේක; යෝනා වනාහි දාවල් තුනක්ද රෑ තුනක්ද මත්ස්‍යයාගේ බඩේ සිටියේය.

About යෝනා Chapter 1

Read යෝනා Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of යෝනා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝනා
Chapter: 1
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝනා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝනා Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝනා Chapter 1?

යෝනා Chapter 1 is part of the Book of යෝනා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝනා Chapter 1 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 21
  6. නික්මයාම Chapter 9
  7. නික්මයාම Chapter 2

Explore More from යෝනා

  1. යෝනා Chapter 4
  2. යෝනා Chapter 3
  3. යෝනා Chapter 2

Related Chapters & Readings

  1. 2 රාජාවලිය Chapter 1
  2. 2 රාජාවලිය Chapter 25
  3. ක්රිරයා Chapter 23
  4. ශෙපනියා Chapter 3
  5. යෝබ් Chapter 16
  6. 2 රාජාවලිය Chapter 19
  7. ද්වීතීය කථාව Chapter 9
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *