යෝබ් Chapter 15

For English

Read යෝබ් Chapter 15 Online

Read යෝබ් Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝබ් and the Holy Bible online.

Choose a Chapter

යෝබ් 15

පරිච්ඡේදය 15

1. එකල තේමානිය එලීපස් උත්තර දෙමින් කියනුයේ:

2. ප්‍රඥාවතෙක් සුළඟ වැනි හිස්වූ දැනගැන්මෙන් උත්තරදෙමින්, නැගෙනහිර සුළඟින් තමාගේ ළය පුරවාගන්නේද?

3. ඔහු නිෂ්ඵල වචනවලින් හෝ අප්‍රයෝජන කථාවලින් හෝ විවාද කරනවා ඇද්ද?

4. එසේය, ඔබ භක්තිය දුරුකර, දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෙනෙහිකිරීම නවත්වන්නෙහිය.

5. ඔබ ප්‍රයෝගකාරයන්ගේ දිව තෝරාගන්න නුමුත්, ඔබේ අයුතුකම ඔබේ මුඛයෙන් ඔප්පුවෙන්නේය;

6. මා නොව ඔබේම මුඛය ඔබ වරදට පත්කරන්නේය; එසේය, ඔබේම තොල් ඔබට විරුද්ධව සාක්ෂිදෙන්නේය.

7. උපන්නාවූ පළමුවෙනි මනුෂ්‍යයා ඔබද? නොහොත් ඔබ හෙල්වලට පළමුවෙන් ඉපදුණාද?

8. ඔබ දෙවියන්වහන්සේගේ මන්ත්‍රණ සභාවෙහි හිඳ, ඔබ වෙත ප්‍රඥාව තබාගන්නෙහිද?

9. අප නොදන්න මොන දෙයක් ඔබ දන්නවාද? අපට නැති මොන දැනගැන්මක් ඔබට තිබෙනවාද?

10. ඔබේ පියාටත් වඩා මහලුවූ හිස පැසුණු අයද ඉතා වයස්ගතවූවෝද අප අතරේ සිටිති.

11. දෙවියන්වහන්සේගේ සැනසිලිත් ඔබ සමඟ මෘදුලෙස කථාකරන වචනයත් ඔබට මදිද?

12. දෙවියන්වහන්සේට විරුද්ධව ඔබේ සිත හරවා, ඔබේ කටින් මෙබඳු වචන නික්මවන හැටියට,

13. ඔබේ සිත ඔබව ගෙනයන්නේ මන්ද? ඔබේ ඇස් ඉඟිකරන්නෙත් මක්නිසාද?

14. මනුෂ්‍යයා පිරිසිදුව පෙනෙන්ටත් ස්ත්‍රියගෙන් උපන් තැනැත්තා ධර්මිෂ්ඨව පෙනෙන්ටත් ඔහු කවරෙක්ද?

15. බලව, උන්වහන්සේ තමන් ශුද්ධවන්තයන් කෙරෙහි විශ්වාසය නොතබනසේක. එසේය, ස්වර්ගවල් උන්වහන්සේගේ ඇස් ඉදිරිපිට පිරිසිදු නැත.

16. එසේ නම් පිළිකුල්වූ, කිළිටුවූ, අපරාධය වතුර මෙන් බොන්නාවූ මනුෂ්‍යයා පිරිසිදුකමින් ඊටත් කොපමණ අඩු නොවන්නේද?

17. ඔබට පෙන්වන්නෙමි, මා කියන දේ අසන්න; මා දැක තිබෙන දේද කියාදෙන්නෙමි.

18. එය ප්‍රඥාවන්තයෝ තමුන්ගේ පියවරුන්ගෙන් දැනගෙන, නොසඟවා දැන්නුවෝය.

19. දේශය දෙනලද්දේ ඔවුන්ට පමණක්ය, විදේශිකයෙක්ද ඔවුන් අතරට නොපැමුණුණේය.

20. දුෂ්ටයා තමාගේ සියලු දවස්වලද බලාත්කාරකාරයාට නියමකර තිබෙන අවුරුදු ගණන මුළුල්ලෙහිද වේදනාවෙන් පෙළෙන්නේය.

21. භයංකර ශබ්ද ඔහුගේ කන්වලට ඇසෙන්නේය; සමෘධියේදී නාස්තිකරන්නා ඔහු පිටට පැමිණෙන්නේය.

22. තමා අන්ධකාරයෙන් මිදෙන්නේය කියා ඔහු විශ්වාස නොකරයි; ඔහු කඩුවට නියමව සිටින්නේය.

23. කෑම කොතැන තිබේද කියා සොයමින් ඔහු ඔබ මොබ යන්නේය; අන්ධකාරයේ දවස තමාගේ අත ළඟ සූදානම්ව තිබෙන බව ඔහු දන්නේය.

24. විපත්තියත් වේදනාවත් ඔහු භයගන්වා, සටනට සැරසී සිටින රජෙකු මෙන් ඔහු පරාජයකරන්නේය.

25. මක්නිසාද ඔහු දෙවියන්වහන්සේට විරුද්ධව තමාගේ අත දිගුකළේය, සර්වපරාක්‍රමයාණන්ට විරුද්ධව උඩඟුකම් කර,

26. තමාගේ පලිස් ඝන ලෙස එකිනෙකට යාකරගන, තද කුළලක් ඇතුව උන්වහන්සේට විරුද්ධව දුවන්නේය.

27. ඔහු තමාගේ මුහුණ තරකමෙන් වසා, තුනටිය තරකරගෙන,

28. පාළු නුවරවලද වැසියන් නැත්තාවූ ගල් ගොඩවල් වෙන්ට නියමවූ ගෙවල්වලද වාසයකළේය.

29. ඔහු පොහොසත් වන්නේවත්, ඔහුගේ වස්තුව පවතින්නේවත්, ඔවුන්ගේ සම්පත් පොළොවෙහි පැතිර යන්නේවත් නැත.

30. ඔහු අන්ධකාරයෙන් පිටවී නොයන්නේය; ගිනි දළුවට ඔහුගේ අතු වියළී, උන්වහන්සේගේ මුඛයේ හුස්මට ඔහු පහව යන්නේය.

31. තමාම රවටාගනිමින් ඔහු දුෂ්ටකම කෙරෙහි විශ්වාසය නොතබාවා. මක්නිසාද දුෂ්ටකම ඔහුගේ විපාකය වන්නේය.

32. ඔහුගේ කාලයට පළමුවෙන් එය ඉෂ්ට වන්නේය, ඔහුගේ තල්අත්ත අමුව නොතිබෙන්නේය.

33. ඔහු මුද්‍රිකවැල මෙන් තමාගේ නො පැසුණු ඵල හෙළාදමන්නේය, ඔලීව ගස මෙන් තමාගේ මල් සොලවාදමන්නේය.

34. මක්නිසාද අභක්තිකයාගේ සමාගම නිස්සාරය; අල්ලස් ගැනීමේ කූඩාරම්ද ගින්නට දාලා යන්නේය.

35. ඔව්හු අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහිකරන්නෝය, ඔවුන්ගේ ගර්භයද ප්‍රයෝගය යොදන්නේයයි කීවේය.

About යෝබ් Chapter 15

Read යෝබ් Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝබ්
Chapter: 15
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝබ්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝබ් Chapter 15 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝබ් Chapter 15?

යෝබ් Chapter 15 is part of the Book of යෝබ් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝබ් Chapter 15 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 21
  6. නික්මයාම Chapter 10
  7. නික්මයාම Chapter 9

Explore More from යෝබ්

  1. යෝබ් Chapter 37
  2. යෝබ් Chapter 9
  3. යෝබ් Chapter 18
  4. යෝබ් Chapter 1
  5. යෝබ් Chapter 5
  6. යෝබ් Chapter 20
  7. යෝබ් Chapter 25

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 66
  2. ශු. ලූක් Chapter 17
  3. යෙරෙමියා Chapter 9
  4. ගලාති Chapter 2
  5. යෙසායා Chapter 37
  6. ලෙවී කථාව Chapter 3
  7. ගීතාවලිය Chapter 33
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *