යෝෂුවා Chapter 18

For English

Read යෝෂුවා Chapter 18 Online

Read යෝෂුවා Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝෂුවා and the Holy Bible online.

Choose a Chapter

යෝෂුවා 18

පරිච්ඡේදය 18

1. තවද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්ව සම්මුඛවීමේ කූඩාරම එහි පිහිටෙවුවාය. දේශයද ඔවුන් ඉදිරියෙහි යටත්ව තිබුණේය.

2. තමුන්ගේ උරුමය නොලැබූ ගෝත්‍ර සතක් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ඉතුරුව සිටියෝය.

3. යෝෂුවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දී තිබෙන දේශය හිමිකරගැනීමට යන්ට ඔබ සැම කොපමණකල් ප්‍රමාදවන්නහුද?

4. ඔබ සැම උදෙසා එක එක ගෝත්‍රයට මනුෂ්‍යයන් තුන් දෙනෙකු බැගින් පත්කරන්න. මම ඔවුන් යවන්නෙමි, ඔව්හු පිටත්ව දේශයෙහි ගමන්කොට තමුන්ගේ උරුමවලට සුදුසු ලෙස ඒක සටහන් කරගන මා වෙතට එන්නෝය.

5. ඔව්හු ඒක සත් කොටසකට බෙදන්නෝය. යූදා දකුණු දිග තමාගේ සීමාව තුළ සිටීවා, යෝසෙප්ගේ වංශය උතුරු දිග තිබෙන තමුන්ගේ සීමාව තුළ සිටීවා.

6. ඔබ සැම දේශය සත් කොටසකට බෙදා සටහන්කරගන, මෙහි මා ළඟට එන්න. මම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැම වෙනුවට මෙහිදී පස ඇට දමන්නෙමි.

7. මක්නිසාද ලෙවීවරුන්ට ඔබ සැම අතරෙහි කොටසක් නැත; ඔවුන්ගේ උරුමය වනාහි ස්වාමීන්වහන්සේගේ පූජක තනතුරය. ගාද්ටත් රූබෙන්ටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් ඔවුන්ට දුන්නාවූ ඔවුන්ගේ උරුමය නැගෙනහිරට යොර්දානෙන් එගොඩ ලැබී තිබේයයි කීවේය.

8. ඒ මනුෂ්‍යයෝ පිටත්ව ගියෝය. යෝෂුවා දේශයේ සටහනක් ගැනීමට පිටත්ව යන අයට අණකරමින්: ඔබ සැම ගොස් ඒ දේශයෙහි ඇවිද ඒක සටහන්කරගන මා ළඟට හැරී එන්න, මම මෙහිදී ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැම උදෙසා පස ඇට දමන්නෙමියි කීවේය.

9. ඒ මනුෂ්‍යයෝ දේශයෙහි ඇවිද, එය කොටස් සතකට බෙදා, නුවරවල ප්‍රකාරයට පොතක සටහන්කරගන, ෂීලෝහි කඳවුරේ යෝෂුවා ළගට ආවෝය.

10. යෝෂුවා ඔවුන් උදෙසා ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොට්ඨාසවල හැටියට ඔවුන්ට දේශය බෙදාදුන්නේය.

11. බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ කොටස ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ කොටසේ පළාත යූදා පුත්‍රයන්ට හා යෝසෙප් පුත්‍රයන්ටත් අතරේ නියමවුණේය.

12. උතුරු පැත්තෙහි ඔවුන්ගේ සීමාව යොර්දානේ සිට ගොස්, යෙරිකෝවට උතුරු පැත්තෙන් නැගී, කඳු රටෙහි බස්නාහිරට ගොස්, බෙත්-ආවන්හි කාන්තාරය ළඟ කෙළවරවුණේය.

13. එතනින් සීමාව බෙතෙල් නම්වූ ලූස්ට ගොස්, දකුණු පැත්තෙන් ලූස් පසුකර පහළ බෙත්-හෝරොන්ට දකුණෙන් තිබෙන කන්දෙන් අටාරොත්-අද්දාර්ට බැස්සේය.

14. එතනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තෙහි හැරීගොස්, යූදා පුත්‍රයන්ගේ නුවරක්වූ කිරියත්-යෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවරවුණේය. බස්නාහිර පැත්ත මේය.

15. දකුණු පැත්ත කිරියත්-යෙයාරීම්හි කෙළවර සිට පිහිටා තිබුණේය, සීමාවද බස්නාහිර දෙස නෙප්තෝවාහි දිය උල්පත ළඟට ගියේය.

16. එතනින් සීමාව හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත ඉදිරිපිට රෙඵාවරුන්ගේ මිටියාවතෙහි උතුරට තිබෙන කන්දේ කෙළවරට බැස, එතනින් යෙබූසිවරුන්ට දකුණු පැත්තෙන් තිබෙන හින්නොම්ගේ මිටියාවතට බැස, එතනින් ඒන්-රොගෙල්ට බැස්සේය.

17. එය උතුරෙන් ගොස් ඒන්-ෂෙමෙෂ්ටත්, එතනින් අදුම්මීම්හි නැගුම ඉදිරිපිට තිබෙන ගෙලීලොත්ටත් පැමිණ, එතනින් රූබෙන්ගේ පුත්‍රවූ බොහන්ගේ ගල ළඟට බැස්සේය;

18. එතනින් අරබා සමභූමිය ඉදිරිපිට උතුරු පැත්තෙන් ගොස් අරබා සමභූමියට බැස,

19. එතනින් සීමාව උතුරු පැත්තෙන් බෙත්-හොග්ලාට ගොස්, යොර්දානේ දකුණු කෙළවරේ තිබෙන ලුණු මුහුදේ උතුරු වරායෙහි කෙළවරවුණේය. දකුණු සීමාව මේය.

20. එහි නැගෙනහිර පැත්තේ සීමාව නම් යොර්දානය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට, වටකර සීමාවල හැටියට, ඔවුන්ගේ උරුමය මේය.

21. බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ නුවරවල් නම්: යෙරිකෝවද බෙත්-හොග්ලාද ඒමෙක්-කෙශිශ්ද,

22. බෙත්-අරබාද ශෙමාරයිම්ද බෙතෙල්ද,

23. අව්වීම්ද පාරාද ඔප්‍රාද,

24. කෙපර්-අම්මෝනිද ඔප්නීද ගෙබාද යන නුවරවල් දොළොස සහ ඒවායේ ගම්ය.

25. ගිබියොන්ද රාමාද බෙයේරොත්ද,

26. මිශ්පේද කෙපිරාද මොශාද,

27. රෙකෙම්ද ඉර්පෙයෙල්ද තරලාද,

28. ශේලාද එලෙප්ද යෙරුසලම වන යෙබූසියද ගිබෙයත්ද කිරියත්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මේය.

About යෝෂුවා Chapter 18

Read යෝෂුවා Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝෂුවා
Chapter: 18
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝෂුවා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝෂුවා Chapter 18 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝෂුවා Chapter 18?

යෝෂුවා Chapter 18 is part of the Book of යෝෂුවා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝෂුවා Chapter 18 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 20
  6. නික්මයාම Chapter 6
  7. නික්මයාම Chapter 2

Explore More from යෝෂුවා

  1. යෝෂුවා Chapter 10
  2. යෝෂුවා Chapter 6
  3. යෝෂුවා Chapter 19
  4. යෝෂුවා Chapter 2
  5. යෝෂුවා Chapter 20
  6. යෝෂුවා Chapter 23
  7. යෝෂුවා Chapter 14

Related Chapters & Readings

  1. විලාප ගී Chapter 3
  2. යෙරෙමියා Chapter 35
  3. විලාප ගී Chapter 2
  4. හිතෝපදේශ Chapter 4
  5. 2 සාමුවෙල් Chapter 2
  6. තීතස් Chapter 2
  7. හෙබ්රෙනව් Chapter 5
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *