Read ශෙපනියා Chapter 2 Online
Read ශෙපනියා Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of ශෙපනියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශෙපනියා and the Holy Bible online.
Choose a Chapter
ශෙපනියා 2
පරිච්ඡේදය 2
1. එම්බා ලජ්ජා නැති ජාතිය, නියමය ඉෂ්ටවෙන්ට පළමුවෙන්ද, දවස බොල් මෙන් පහවී ගොස් ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද,
2. ස්වාමීන්වහන්සේගේ උදහස් දවස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද, නැමී යටත්වෙන්න.
3. ස්වාමීන්වහන්සේගේ විනිශ්චය ඉෂ්ටකළාවූ දේශයේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි, උන්වහන්සේ සොයන්න; ධර්මිෂ්ඨකම සොයන්න, මොළොක් ගුණය සොයන්න. සමහරවිට නුඹලා ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී සඟවනු ලබනවා ඇත.
4. මක්නිසාද ගාසා අත්හරිනු ලබන්නේය, අෂ්කෙලොන් පාළුවක් වන්නේය. ඔව්හු මද්දහන් වේලාවේ අෂ්දොද්වරුන් එළවා දමන්නෝය, එක්‍රොන්ද උදුරනු ලබන්නේය.
5. මුහුදුබඩ වැසියන් වන කෙරෙතිය ජාතියට දුක්වේ! එම්බා පිලිස්තිවරුන්ගේ දේශය වන කානාන්, ස්වාමීන්වහන්සේගේ වචනය නුඹට විරුද්ධව තිබේ. වැසියෙක් නොසිටින ලෙස නුඹ විනාශකරන්නෙමි.
6. මුහුදුබඩ වනාහි එඬේරුන්ට පැල්ද බැටළු ගාල්ද ඇති පිට්ටනි වන්නේය.
7. තවද මුහුදුබඩ පළාත යූදා වංශයේ ඉතිරි අයට ලැබී, ඔවුන් එහි මෘග රැළවල් පෝෂ්‍යකරනවා ඇත. සවස ඔව්හු අෂ්කෙලොන්හි ගෙවල්වල නිදාගන්නෝය; මක්නිසාද ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් දෙස බලා ඔවුන්ගේ වහල්කම පහකරනසේක.
8. මාගේ සෙනඟට නින්දාකළාවූ, ඔවුන්ගේ සීමාවට විරුද්ධව උඩඟුවුණාවූ මෝවබ්ගේ නින්දාකිරීමත් අම්මොන් පුත්‍රයන්ගේ අපහාස වචනත් ඇසීමි.
9. එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවත්ව සිටින බව සැබෑවා සේම මෝවබ් සොදොම මෙනුත් අම්මොන් පුත්‍රයෝ ගොමොරාව මෙනුත් කහඹිලියා බිමක්ද ලුණු වළවල්ද නිරන්තර පාළුවක්ද වන්නෝය. මාගේ සෙනඟගෙන් ඉතිරි අය ඔවුන්ගෙන් කොල්ලකන්නෝය; මාගේ ජාතියෙන් ඉතිරි තැනැත්තෝ ඔවුන්ගේ රට උරුමකරගන්නෝය.
10. මේක ඔවුන්ට පැමිණෙන්නේ ඔවුන් නින්දාකර, සේනාවල ස්වාමීන්වහන්සේගේ සෙනඟට විරුද්ධව උඩඟුවී පෙන්නූ උදාරම්කම නිසාය.
11. ඔවුන් කෙරෙහි ස්වාමීන්වහන්සේ භයංකරව සිටිනසේක. මක්නිසාද උන්වහන්සේ පොළොවේ සියලුම දෙවිවරුන් ක්ෂයකරනසේක; ජාතීන්ගේ සියලුම ද්වීපවල වැසියෝද තම තමුන්ගේ ස්ථානවල සිට උන්වහන්සේට නමස්කාර කරන්නෝය.
12. එම්බා කූෂ්වරුනි, නුඹලාත් මාගේ කඩුවෙන් මැරුම්කන්නහුය.
13. උන්වහන්සේ තමන් අත උතුරු දිගට විරුද්ධව දිගුකර, අෂූර් විනාශකොට, නිනිවය කාන්තාරය මෙන් දියසීරා නැති පාළුවක් කරනවා ඇත.
14. එහි තුළ මෘග රැළවල් වන සියලු වර්ගවල සත්වයෝ ලගින්නෝය. කරවැල් කොකාද ඉත්තෑවාද එහි පේකඩවල රැය පසුකරන්නෝය. උන්ගේ හඬ කවුළුවල ඇසෙන්නේය; එළිපතුවල පාළුකම ඇතිවන්නේය. මක්නිසාද උන්වහන්සේ කිහිරි ලී කර්මාන්තය බිඳහෙළා තිබේ.
15. ප්‍රීතිමත්ව අප්‍රවේසමෙන් වාසයකරමින්: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි සිත තුළ සිතාගත්තාවූ නුවර මේය. ඒක පාළුවක්ද මෘගයන් ලගින තැනක්ද වූ හැටි! ඒ ළඟින් යන හැම දෙනම කවටකම්කර අත සොලවනවා ඇත.
About ශෙපනියා Chapter 2
Read ශෙපනියා Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of ශෙපනියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ශෙපනියා
Chapter: 2
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ශෙපනියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ශෙපනියා Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ශෙපනියා Chapter 2?
ශෙපනියා Chapter 2 is part of the Book of ශෙපනියා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ශෙපනියා Chapter 2 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 20
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 2