ලෙවී කථාව Chapter 4

For English

Read ලෙවී කථාව Chapter 4 Online

Read ලෙවී කථාව Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ලෙවී කථාව and the Holy Bible online.

Choose a Chapter

ලෙවී කථාව 4

පරිච්ඡේදය 4

1. තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:

2. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියාපන්න-නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ විසින් අණකළ කිසිවකට විරුද්ධව යමෙක් නොදැනුවත්ව පව්කොට එයින් එකක් කළොත්, [ඔහු මෙසේ කළ යුතුය.]

3. සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැන ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා.

4. ඔහු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ස්වාමීන්වහන්සේ ඉදිරියට ගොනා ගෙනවුත් තමාගේ අත ගොනාගේ හිස පිට තබා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මරන්ට ඕනෑය.

5. එවිට ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයින් මඳක් රැගෙන එය සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනා යුතුය.

6. පූජකයාද තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා ශුද්ධස්ථානයේ තිරය ඉදිරිපිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒ ලෙයින් සත් වරක් ඉසිය යුතුය.

7. තවද පූජකයා ලෙයින් මඳක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමෙහි තිබෙන සුවඳ දුම් පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ගොනාගේ ලේ සියල්ල වත්කළ යුතුය.

8. ඔහු ශාන්ති පූජාවේ ගොනාගෙන් තෙල වෙන්කොට ගත්තාක් මෙන් පාප පූජා ගොනාගේ තෙල සියල්ලද අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන මුළු තෙලද,

9. වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට දැලද අහක්කළ යුතුය.

10. පූජකයා දවන පූජාසනය පිට

11. ඒවා දවා ගොනාගේ හමද උගේ මාංස සියල්ලද හිසද කකුල්ද

12. අතුණු සහ ගොමද යන මුළු ගොනා කඳවුරෙන් පිටත අළු දමන පවිත්‍ර ස්ථානයකට ගෙනගොස් දර පිට ගින්නෙන් දවන්නේය. අළු දමන ස්ථානයෙහි ඌ පුලුස්සා දැමිය යුතුය.

13. මුළු ඉශ්‍රායෙල් සභාව වැරදි දෙයක් කළොත්, ඒ දෙය සමූහයාගේ ඇස් ඉදිරියෙන් සැඟවී තිබේ නම්, නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් කොට ඔව්හු වැරදිකාරයෝ වූවෝනම්,

14. ඔවුන් කළ පාපය දැනගත් කල සමූහයා පාප පූජාවක් පිණිස ගොන් නාම්බෙකු ඔප්පුකර ඌ සම්මුඛවීමේ කූඩාරම ඉදිරියට ගෙනා යුතුය.

15. සභාවේ වැඩිමහල්ලෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තමන්ගේ අත් ගොනාගේ හිස පිට තැබිය යුතුය. තවද ගොනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මරනු ලබන්නේය.

16. ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයෙන් මඳක් සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනවුත්,

17. තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිරය ඉදිරිපිට සත් වරක් එය ඉසිය යුතුය.

18. තවද ඔහු ලෙයින් මඳක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ තිබෙන පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ඉතිරි ලේ සියල්ල වත්කළ යුතුය.

19. ඔහු උගේ තෙල සියල්ලම අහක්කොට ඒවා පූජාසනය පිට දැවිය යුතුය.

20. ඔහු ගොනාට මෙලෙස කළ යුතුය; පාප පූජාවේ ගොනාට කළාක් මෙන් මේ ගොනාටත් කළයුතුය. මෙසේ පූජකයා ඔවුන් උදෙසා සමඟිකමක් කරන්නේය, එවිට ඔව්හු ක්ෂමාකරනු ලබන්නෝය.

21. ඔහු ඒ ගොනා කඳවුරෙන් පිටතට ගෙනගොස් ප්‍රථම ගොනා දැවුවාක් මෙන් ඌ දැවිය යුතුය. එය සමූහයා උදෙසා පාප පූජාවය.

22. අධිපතියෙක් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නොකටයුතුයයි අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කොට වැරදිකාරයෙක්ව සිටින කල,

23. තමා කළාවූ පාපය ඔහු දැනගත්තොත්, පූජාව පිණිස එළුවන්ගෙන් කැලල් නැති පිරිමි සතෙකු ගෙනවුත්,

24. තමාගේ අත එළුවාගේ හිස පිට තබා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජාව මරන තැන්හිදී ඌ මරාවා. එය පාප පූජාවක්ය.

25. පූජකයාද තමාගේ ඇඟිල්ලෙන් පාප පූජාවේ ලේ ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ දවන පූජාසනය මුල වත්කෙරේවා.

26. උගේ තෙල සියල්ලම ශාන්ති පූජාවේ තෙල මෙන් පූජාසනය පිට දවන්ට ඕනෑය. මෙසේ පූජකයා ඔහුගේ පාපය ගැන ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, එවිට ඔහු ක්ෂමා කරනු ලබන්නේය.

27. පොදු සෙනඟගෙන් කිසිවෙක් නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කිරීමෙන් වැරදිකාරයෙක් වී නම්,

28. ඔහු තමා කළ පාපය ඔහු දැනගත්තොත් තමා කළාවූ පාපය නිසා එළුවන්ගෙන් කැලල් නැති ගෑනු සතෙකු ඔහුගේ පූජාව පිණිස ගෙනා යුතුය.

29. ඔහු තමාගේ අත පාප පූජාවේ හිස පිට තබා දවන පූජාවේ ස්ථානයෙහි පාප පූජාවේ සතා මරාවා.

30. පූජකයාද උගේ ලෙයින් මඳක් තමාගේ ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා.

31. ශාන්ති පූජාවලින් තෙල ගත්තාක් මෙන් උගේ තෙල සියල්ල ගෙනවුත් එය ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් කොට පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.

32. ඉදින් ඔහු පාප පූජාවක් පිණිස බැටළු පැටවෙකු ගෙනෙන්නේනම් කැලල් නැති ගෑනු සතෙකු ගෙනේවා.

33. ඔහු තමාගේ අත පාප පූජාවේ හිස පිට තබා දවන පූජාව මරන තැන්හිදී ඌ පාප පූජාවක් පිණිස මැරිය යුතුය.

34. පූජකයා පාප පූජාවේ ලෙයින් මඳක් ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා.

35. ශාන්ති පූජාවල බැටළුපැටවාගෙන් තෙල් ගත්තාක් මෙන් පූජකයා උගේ තෙල සියල්ල වෙන්කොට ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජා මතුයෙහි පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු කළාවූ පාපය උදෙසා සමඟිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.

About ලෙවී කථාව Chapter 4

Read ලෙවී කථාව Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ලෙවී කථාව
Chapter: 4
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ලෙවී කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ලෙවී කථාව Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ලෙවී කථාව Chapter 4?

ලෙවී කථාව Chapter 4 is part of the Book of ලෙවී කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ලෙවී කථාව Chapter 4 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 21
  6. නික්මයාම Chapter 10
  7. නික්මයාම Chapter 9

Explore More from ලෙවී-කථාව

  1. ලෙවී කථාව Chapter 27
  2. ලෙවී කථාව Chapter 22
  3. ලෙවී කථාව Chapter 5
  4. ලෙවී කථාව Chapter 26
  5. ලෙවී කථාව Chapter 20
  6. ලෙවී කථාව Chapter 13
  7. ලෙවී කථාව Chapter 25

Related Chapters & Readings

  1. යෙසායා Chapter 41
  2. උත්පත්ති Chapter 42
  3. උත්පත්ති Chapter 18
  4. ගීතාවලිය Chapter 8
  5. ගීතාවලිය Chapter 28
  6. 1 ලේකම් Chapter 3
  7. යෙසායා Chapter 21
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *