Read නික්මයාම Chapter 11 Online
Read නික්මයාම Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.
Choose a Chapter
නික්මයාම 11
පරිච්ඡේදය 11
1. තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝ සහ මිසරය පිටට තව එක පීඩාවක් පමුණුවන්නෙමි; ඉන්පසු ඔහු ඔබ සැම මෙතැනින් යන්ට හරින්නේය. ඔහු ඔබ සැම හරින කල සැබවින් සහමුලින්ම ඔබ සැම මෙතැනින් නෙරපන්නේය.
2. දැන් සෙනඟ ඉදිරියෙහි කථාකරව, එක එක පුරුෂයා තම තමාගේ අසල්වාසියාගෙන්ද එක එක ස්ත්‍රී තම තමාගේ අසල්වාසී ස්ත්‍රියගෙන්ද රිදී බඩුත් රත්රන් බඩුත් ඉල්ලාගනිත්වයි කීසේක.
3. ස්වාමීන්වහන්සේ මිසරයන් ඉදිරියෙහි සෙනඟට කරුණාව ලැබෙන්ට සැලැස්සූසේක. එපමණක් නොව මෝසෙස් නම් මනුෂ්‍යයා මිසර දේශයෙහිද ඵාරාවෝගේ සේවකයන් ඉදිරියෙහිද සෙනඟ ඉදිරියෙහිද ඉතා උතුම් කොට සලකන ලද්දේය.
4. මෝසෙස් කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මධ්‍යම රාත්‍රිය පමණේදී මම මිසරය මැදට යන්නෙමි.
5. එවිට සිංහාසනයේ හිඳින ඵාරාවෝගේ කුලුඳුලා පටන් ඇඹරුම් ගල පිටිපස්සේ සිටින දාසියගේ කුලුඳුලා දක්වා මිසර දේශයෙහි සියලු කුලුඳුලෝද සිව්පාවුන්ගේ සියලු කුලුඳුලෝද නසින්නෝය.
6. කිසි කලෙකත් නොතිබුණාවූද මතුත් නොවන්නාවූද ආකාර මහත් හැඬීමක් මුළු මිසර දේශයෙහි වන්නේය.
7. එහෙත් මිසරවරුන් සහ ඉශ්‍රායෙල් අතරෙහි ස්වාමීන්වහන්සේ වෙනසක් කරන බව ඔබ සැම දැන ගන්නා පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කිසි මනුෂ්‍යයෙකුටවත් මෘගයෙකුටවත් විරුද්ධව බල්ලෙක් පවා උගේ දිව නොසොල්වන්නේයයි කීසේක.
8. ඔබගේ මේ සියලු සේවකයෝද මා වෙතට අවුත් මට වැඳ වැටී: ඔබත් ඔබ අනුව යන මුළු සෙනඟත් ගිය මැනවැයි කියන්නෝය. ඉන්පසු යන්නෙමියි කීවේය. මෙසේ කියා ඔහු තද කෝපයෙන් ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියේය.
9. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මිසර දේශයෙහි මාගේ ආශ්චර්යයන් බොහෝවන පිණිස ඵාරාවෝ ඔබ සැමට ඇහුම්කන් නොදෙන්නේයයි කීසේක.
10. මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ ඉදිරියෙහි මේ සියලු ආශ්චර්යයන් කළෝය. ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් තමාගේ දේශයෙන් යන්ට නොහැරියේය.
About නික්මයාම Chapter 11
Read නික්මයාම Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: නික්මයාම
Chapter: 11
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading නික්මයාම Chapter 11 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is නික්මයාම Chapter 11?
නික්මයාම Chapter 11 is part of the Book of නික්මයාම in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete නික්මයාම Chapter 11 online for free with easy chapter navigation.
More Chapters from නික්මයාම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 2
- නික්මයාම Chapter 25
Explore More from පැරණි ගිවිසුම
- සෙකරියා Chapter 7
- ගීතාවලිය Chapter 89
- ලෙවී කථාව Chapter 4
- 2 ලේකම් Chapter 2
- ගීතාවලිය Chapter 123
- යෝබ් Chapter 23
- ගණන් කථාව Chapter 18