1 රාජාවලිය Chapter 20

For English

Read 1 රාජාවලිය Chapter 20 Online

Read 1 රාජාවලිය Chapter 20 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 රාජාවලිය and the Holy Bible online.

Choose a Chapter

1 රාජාවලිය 20

පරිච්ඡේදය 20

1. තවද සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගන තවත් රජවරුන් තිස්දෙදෙනෙක්ද අශ්වයන්ද රථද ඇතුව ඇවිත් සමාරිය වටලාගන ඊට විරුද්ධව යුද්ධකෙළේය.

2. ඔහු නුවරට, ඉශ්‍රායෙල් රජවූ ආහබ් වෙතට, පණිවිඩකාරයන් යවමින්:

3. ඔබේ රන් රිදී මාගේය; ඔබේ භාර්යාවරුන්ගෙන්ද දරුවන්ගෙන්ද ඉතා ශෝභන අයත් මාගේය කියා බෙන්-හදද් කියන්නේයයි ඔහුට කියා ඇරියේය.

4. ඉශ්‍රායෙල් රජද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ කීම ප්‍රකාරයට මමත් මට ඇති සියල්ලත් ඔබගේයයි උත්තරදුන්නේය.

5. පණිවිඩකාරයෝ නැවත ඇවිත් කථාකොට: බෙන්-හදද් මෙසේ කියන්නේය-ඔබේ රන් රිදීද ඔබේ අඹු දරුවන්ද ඔබ මට දෙන්ට ඕනෑයයි ඔබට කියා එවමි;

6. ඇරත් හෙට මේ වේලාවට පමණ මාගේ සේවකයන් ඔබ ළඟට එවන්නෙමි, ඔවුන් ඔබේ ගේත් ඔබේ සේවකයන්ගේ ගෙවලුත් සෝදිසිකර, ඔබට ප්‍රසන්නවූ සියල්ලම ඔවුන්ගේ අතට ගෙන එනවා ඇත කියා බෙන්-හදද් කියන්නේයයි කීවෝය.

7. එවිට ඉශ්‍රායෙල් රජ දේශයේ සියලු වැඩිමහල්ලන් කැඳවා: මේ මනුෂ්‍යයා නපුරක් සොයන හැටි කල්පනාකර බලන්න. ඔහු මාගේ භාර්යාවන්ද මාගේ දරුවන්ද මාගේ රන් රිදීද මාගෙන් ඉල්ලා එවූ විට, දෙන්ට බැරිය කියා මම නොකීවෙමියි කීවේය.

8. සියලු වැඩිමහල්ලෝද මුළු සෙනඟද කථාකොට: ඔබ ඇහුම්කන් නුදුන මැනවි, ඊට එකඟනූන මැනවියි ඔහුට කීවේය.

9. එබැවින් ඔහු බෙන්-හදද්ගේ පණිවිඩකාරයන්ට කථාකොට: ඔබ පළමුවෙන් ඔබගේ මෙහෙකරුවාට කියා එවූ සියල්ලම කරන්නෙමි. නුමුත් මේ දේ මට කරන්ට බැරිය කියා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට කියන්නැයි කීවේය. පණිවිඩකාරයෝ පිටත්ව ගොස් ඔහුට උත්තරය කීවෝය.

10. බෙන්-හදද: සමාරියේ ධූලි මා අනුව එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්ටවත් මදිවෙන තරම් මහත්වූ සෙනඟක් නාවොත් දෙවිවරු මටත් එසේමද ඊටත් වැඩියෙන්ද කෙරෙත්වයි ඔහුට කියා ඇරියේය.

11. ඉශ්‍රායෙල් රජ උත්තරදෙමින්: යුද්ධායුධ ගළවා දමන්නා මෙන් ඒවා පැළඳගන්නා ගරුකම් නොකියාවයි ඔහුට කියන්නැයි කීවේය.

12. රජුන් සමඟ කුඩාරම්වල බොමින් සිටියාවූ බෙන්-හදද් තෙමේ ඒ කීම ඇසූ විට: යුද්ධයට සැරසෙන්නැයි තමාගේ සේවකයන්ට කීවේය. ඔව්හුද නුවරට විරුද්ධව සැරසී සිටගත්තෝය.

13. ප්‍රොපේත කෙනෙක් ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් ළඟට ඇවිත් කථාකොට: මේ මුළු මහත් සමූහයා ඔබ දුටුවාද? මා ස්වාමීන්වහන්සේ බව ඔබ දැනගන්නා පිණිස මම අද ඔවුන් ඔබ අතට පාවාදෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.

14. ආහබ්: කා ලවාදැයි ඇසුවේය. ඔහුද: ජනපදවල අධිපතීන්ගේ සේවකයන් ලවායයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. එවිට ආහබ්: සටන පටන්ගන්නේ කවුදැයි ඇසුවේය. ඔහුද: ඔලයයි උත්තරදුන්නේය.

15. එවිට ආහබ් ජනපදවල අධිපතීන්ගේ සේවකයන් රැස්කෙළේය, ඔව්හු දෙසිය තිස් දෙදෙනෙක් වූහ. ඔවුන්ට පසුව ඔහු මුළු සෙනඟ වන සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ද රැස්කෙළේය, ඔව්හු සත් දහසක් වූහ.

16. ඉරමුදුන් වේලේ ඔව්හු පිටතට ගියෝය. එහෙත් බෙන්-හදද් වනාහි තමාට උපකාරකරන රජවරුන් තිස් දෙනාත් සමඟ මත්වෙන තරම් කූඩාරම්වල බිබී හුන්නේය.

17. ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ පළමුකොට පිටතට ගියෝය; බෙන්-හදද් විභාගකෙරෙවු විට: සමහර මිනිස්සු සමාරියෙන් පිටතට ආවෝය කියා ඔහුට දන්වනලද්දේය.

18. ඔහුද: ඔවුන් සමාදානය පිණිස ආ නුමුත් පණපිටින් අල්වාගන්න, යුද්ධය පිණිස ආ නුමුත් පණපිටින් අල්වාගන්නැයි කීවේය.

19. මෙසේ ජනපදවල අධිපතීන්ගේ සේවකයෝද ඔවුන් අනුව ගිය සේනාවද නුවරින් පිටතට ගොස්,

20. එකිනෙකා එක මනුෂ්‍යයෙකු බැගින් මැරුවේය; එවිට සිරියවරු පලාගියෝය, ඉශ්‍රායෙල්වරු ඔවුන් පස්සේ එළවාගන ගියෝය. සිරියේ රජවූ බෙන්-හදද් අශ්වයෙකු පිට නැගී අසරුවන් සමඟ ගැළවීගියේය.

21. ඉශ්‍රායෙල් රජ පිටතට ගොස් අශ්වයන්ටද රථවලටද පහරදී, සිරියවරුන් අතරෙහි මහත් විනාශයක් කෙළේය.

22. ප්‍රොපේත තෙමේ ඉශ්‍රායෙල් රජු ළඟට ඇවිත්: එන අවුරුද්දේ සිරියේ රජ ඔබට විරුද්ධව එනවා ඇත, ඉන්නිසා ඔබ ශක්තිමත්වී කුමක් කටයුතුද කියා කල්පනාකර බැලුව මැනවැයි කීවේය.

23. තවද සිරියේ රජුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඔවුන්ගේ දෙවියෝ කඳුවල දෙවිකෙනෙක්ය; එබැවින් ඔව්හු අපට වඩා බලවත්වූවෝය. නුමුත් සමභූමියෙහි ඔවුන්ට විරුද්ධව සටන්කරමු, එවිට අපි සැබවින් ඔවුන්ට වඩා බලවත් වන්නෙමුව.

24. මෙසේ කරන්ට ඕනෑය; රජවරුන් තම තමුන්ගේ ස්ථානවලින් අහක්කර, ඔවුන් වෙනුවට සේනාපතියන් සිටවා,

25. නැතිවුණ ඔබගේ සේනාවමෙන් සේනාවක්ද අශ්වයන් මෙන් අශ්වයන්ද රථ මෙන් රථද ගණන් කරගතමැනවි. එවිට අපි සමභූමියෙහි ඔවුන්ට විරුද්ධව සටන්කරන්නෙමුව, එවිට අපි සැබවින් ඔවුන්ට වඩා බලවත් වන්නෙමුයයි ඔහුට කීවෝය. ඔහු ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී එසේ කෙළේය.

26. ඊට පසු අවුරුද්දේ බෙන්-හදද් සිරියවරුන් රැස්කොට ඉශ්‍රායෙල්ට විරුද්ධව සටනට අපෙක්ට ගියේය.

27. ඉශ්‍රායෙල් පුත්‍රයෝ රැස්කරනු ලැබුවෝය, ඔව්හු ආහාර ලැබ ඔවුන්ට විරුද්ධව ගියෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ කුඩා එළු රැළවල් දෙකකට සමානව ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියෝය; නුමුත් සිරියවරුන්ගෙන් දේශය පිරී තිබුණේය.

28. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ළංවී ඉශ්‍රායෙල් රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ කඳුවල දෙවිකෙනෙක්වා මිස මිටියාවත්වල දෙවිකෙනෙක් නොවේයයි සිරියවරුන් කී නිසා, මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්න පිණිස මේ මුළු මහත් සමූහයා ඔබ අතට පාවාදෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.

29. තවද එක සෙනඟක් අනික් සෙනඟට ඉස්සරහපිටින් සත් දවසක් කඳවුරු බැඳගන සිටියේය. සත්වෙනිදා යුද්ධය කෙරුණේය; ඉශ්‍රායෙල් පුත්‍රයෝ සිරියවරුන්ගෙන් පාබළ මනුෂ්‍යයන් ලක්ෂයක් එක දවසකදී මැරුවෝය.

30. ඉතිරි අය අපෙක් නම් නුවර ඇතුළට පලා ගියෝය; එහිදී ඉතිරිව සිටිය විසි හත් දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටුණේය. බෙන්-හදද් පලාගොස් නුවරට පැමිණ ඇතුල් ගෙයකට ගියේය.

31. එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඉශ්‍රායෙල් වංශයේ රජවරුන් කරුණාවන්ත රජවරුන් බව අප විසින් අසා තිබේ. ඉතින් අපේ කටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් පිට ලනු දමාගන, ඉශ්‍රායෙල් රජු ළඟට අපට යන්ට දෙනු මැනවි. සමහරවිට ඔහු ඔබගේ ප්‍රාණය ආරක්ෂාකරනවා ඇතැයි කීවෝය.

32. එසේ ඔව්හු තමුන්ගේ කටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් පිට ලනු දමාගෙන, ඉශ්‍රායෙල් රජු ළඟට ඇවිත්: ඔබගේ මෙහෙකරුවූ බෙන්-හදද්-මාගේ ප්‍රාණය ආරක්ෂාකළ මැනවියි කියන්නේයයි කීවෝය. ආහබ් කථාකොට: ඔහු තවම ජීවත්ව සිටීද? ඔහු මාගේ සහෝදරයායයි කීවේය.

33. ඒ මනුෂ්‍යයෝ රජු කී වචනය හොඳ ලකුණක්කොට සලකා, ඒ වචනය වහාම අල්වාගෙන: ඔබගේ සහෝදරවූ බෙන්-හදද්යයි කීවෝය. ඔහුද: ඔබ සැම ගොස් ඔහු කැඳවාගන එන්නැයි කීවේය. එකල බෙන්-හදද් ඔහු වෙතට ආයේය. රජ ඔහු රථයට නංවාගත්තේය.

34. බෙන්-හදද්ද: මාගේ පියාණන් විසින් ඔබගේ පියාණන්ගෙන් ගත් නුවරවල් දෙවනු දෙන්නෙමි; මාගේ පියාණන් සමාරියෙහි වීථි සෑදුවාක් මෙන් ඔබට දමස්කයෙහි සාදාගන්ට පුළුවනැයි කීවේය. ආහබ්ද: මමත් මේ ගිවිසුම පිට ඔබට යන්ට හරිමියි කියා, ඔහු සමඟ ගිවිසුමක් කර ඔහු යන්ට හැරියේය.

35. ප්‍රොපේතවරුන්ගේ පුත්‍රයන්ගෙන් එක්තරා මනුෂ්‍යයෙක් තමාගේ සහකාරයාට ස්වාමීන්වහන්සේගේ වචනයෙන් කථාකොට: මට ගසන්නැයි කීය. නුමුත් ඒ මනුෂ්‍යයා ඔහුට ගසන්ට අකැමැතිවුණේය.

36. එවිට ඔහු: ඔබ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනූණ නිසා ඔබ මා ළඟින් අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් ඔබ මරන්නේයයි කීවේය. ඔහු ළඟින් ඔහු අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් ඔහුට සම්මුඛවී ඔහු මැරුවේය.

37. තවත් මනුෂ්‍යයෙකුට ඔහු සම්මුඛවී: මට ගසන්නැයි කීවේය. ඒ මනුෂ්‍යයා ඔහුට ගසා, එසේ ගැසීමෙන් තුවාලකෙළේය.

38. එවිට ප්‍රොපේත තෙම පිටත්ව තමාගේ හිස්කඩ ඇස් වසා බැඳ, වෙස්මාරුකරගන, රජ එන තෙක් මග බලා සිටියේය.

39. රජු ඒ ළඟින් යන කල ඔහු රජුට මොරගසා: ඔබගේ මෙහෙකරුවූ මම සටන් මධ්‍යයට ගියෙමි; එවිට එක් මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකු මා ළඟට ගෙනැවිත් කථාකොට-මේ මනුෂ්‍යයා බලාගන්න. ඔහු යම් අන්දමකින් ගැළවී ගියොත් ඔහුගේ ප්‍රාණය වෙනුවට ඔබේ ප්‍රාණය දෙන්ට වේ, නැතහොත් රිදී තලෙන්තයක් ගෙවන්ට ඕනෑයයි කීවේය.

40. නුමුත් ඔබගේ මෙහෙකරුවා එහෙ මෙහෙ කටයුතු කරන අතර ඔහු සැඟවී ගියේයයි කීවේය. ඉශ්‍රායෙල් රජ: ඔබේ තීන්දුව එසේම වන්නේය; ඔබම ඒක තීන්දුකෙළහියයි කීවේය.

41. එවිට ඔහු වහාම හිස්කඩ තමාගේ ඇස්වලින් ඉවත්කෙළේය; එවිට ඔහු ප්‍රොපේතවරයෙක් බව ඉශ්‍රායෙල් රජ හැඳිනගත්තේය.

42. ඔහු රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මා විසින් විනාශයට කැපකළ මනුෂ්‍යයා ඔබ නිදහස්කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට ඔබේ ප්‍රාණයද ඔහුගේ සෙනඟ වෙනුවට ඔබේ සෙනඟද දෙන්ට වේය කියා වදාරනසේකැයි කීවේය.

43. ඉශ්‍රායෙල් රජ ශෝකව අසන්තෝෂව තමාගේ ගෙදරට ගොස් සමාරියට ආයේය.

About 1 රාජාවලිය Chapter 20

Read 1 රාජාවලිය Chapter 20 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 රාජාවලිය
Chapter: 20
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 රාජාවලිය Chapter 20 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 රාජාවලිය Chapter 20?

1 රාජාවලිය Chapter 20 is part of the Book of 1 රාජාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 රාජාවලිය Chapter 20 online for free with easy chapter navigation.

More Chapters from 1-රාජාවලිය

  1. 1 රාජාවලිය Chapter 18
  2. 1 රාජාවලිය Chapter 19
  3. 1 රාජාවලිය Chapter 22
  4. 1 රාජාවලිය Chapter 13
  5. 1 රාජාවලිය Chapter 17
  6. 1 රාජාවලිය Chapter 11
  7. 1 රාජාවලිය Chapter 8

Explore More from පැරණි ගිවිසුම

  1. ආමොස් Chapter 2
  2. යෝෂුවා Chapter 20
  3. උත්පත්ති Chapter 46
  4. යෝෂුවා Chapter 10
  5. එසකියෙල් Chapter 9
  6. හිතෝපදේශ Chapter 13
  7. ගීතාවලිය Chapter 101

Related Chapters & Readings

  1. එසකියෙල් Chapter 10
  2. ගීතාවලිය Chapter 24
  3. රෝම Chapter 12
  4. ගණන් කථාව Chapter 18
  5. ශු. ලූක් Chapter 16
  6. 1 පේතෘස් Chapter 5
  7. එසකියෙල් Chapter 24
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *