Read 2 රාජාවලිය Chapter 8 Online
Read 2 රාජාවලිය Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of 2 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 රාජාවලිය and the Holy Bible online.
Choose a Chapter
2 රාජාවලිය 8
පරිච්ඡේදය 8
1. තවද එලිෂා විසින් නැවත පණ දුන්නාවූ ළමයාගේ මවුට ඔහු කථාකොට: ඔබේ ගෙයි වැසියන් සමඟ ඔබ පිටත්ව ගොස් ඔබට සිටින්ට පුළුවන් තැනක සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සාගතයක් නියමකර තිබේ; එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනවා ඇතැය කීවේය.
2. ඒ ස්ත්‍රී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ වචනය ලෙස කරමින් ඇගේ ගෙයි වැසියන් සමඟ පිටත්ව ගොස් පිලිස්තිවරුන්ගේ දේශයෙහි සත් අවුරුද්දක් සිටියාය.
3. සත් අවුරුද්ද කෙළවරදී ඒ ස්ත්‍රී පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී ආවාය. තවද ඈ ඇගේ ගෙය සහ බිම් ගැන රජුට අයදින්ට පිටත්ව ආවාය.
4. එකල්හි රජ: එලිෂා කළාවූ සියලු මහත් දේවල් මට කියන්නැයි කියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ වැඩකාර ගෙහාසී සමඟ කථාකරකර සිටියේය.
5. ඔහු විසින් මළ කෙනෙකු ජීවත්කළ හැටි රජුට කියද්දීම, බලව, එසේ ඔහු විසින් නැවත පණ දුන්නාවූ ළමයාගේ මවු තමාගේ ගෙය සහ බිම් ගැන රජුට අයැද සිටියාය. ගෙහාසී: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මෑ ඒ ස්ත්‍රීය, මේ එලිෂා විසින් නැවත පණ දුන් ඇගේ පුත්‍රයායයි කීය.
6. රජුද ස්ත්‍රීගෙන් ඇසූ විට ඈ ඔහුට කීවාය. තවද රජ තෙමේ ඈ ගැන එක්තරා මුලාදෑනියෙකු නියමකොට: ඈට අයිතිවූ සියල්ලද ඈ දේශය අත්හැර ගිය දා පටන් මේ වන තුරු බිමෙන් හටගත් සියලු ඵලද ඈට ලබදෙන්නැයි කීවේය.
7. එලිෂා දමස්කයට පැමුණුණේය; එකල්හි බෙන්-හදද් රජ ලෙඩින් සිටියේය. එවිට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා මෙහි ආයේය කියා ඔහුට දන්වනලද්දේය.
8. රජ හසායෙල්ට කථාකොට: ඔබේ අතේ තෑග්ගක් රැගෙන දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්මුඛවෙන්ට ගොස්-මේ ලෙඩෙඩන් මට සුව වන්නේදැයි ඔහු ලවා ස්වාමීන්වහන්සේගෙන් විචාරවාපන්නැයි කීවේය.
9. එවිට හසායෙල් තමාගේ අතේ තෑග්ගක් ගෙන, දමස්කයේ සියලු ආකාර හොඳ දේවල් ඔටුවන් සතළිස් දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙතට පැමිණ ඔහු ඉදිරියෙහි සිට: මේ ලෙඩෙන් මට සුවවන්නේද කියා විචාරන්ට ඔබගේ පුත්‍රවූ සිරියේ රජවූ බෙන්-හදද් මා ඔබ ළඟට එවුවේයයි කීවේය.
10. එලිෂාද: ඔබ ගොස්-සැබවින් ඔබට සුවවන්නේයයි ඔහුට කියන්න; නුමුත් ඔහු සැබවින් නසින බව ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබේයයි ඔහුට කීවේය.
11. තවද ඛේදයට පත්වෙන තුරුම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහු දෙස තදින් බලාසිට පසුව ඇඬුවේය.
12. එවිට හසායෙල්; මාගේ ස්වාමියා අඬන්නේ මක්නිසාදැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: ඔබ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කරන්ට යන නපුර මා දන්නා නිසාය. ඔබ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිමගසා මරා, ඔවුන්ගේ ගර්භීණීන් ඉරාදමන්නෙහියයි කීවේය.
13. හසායෙල්ද: බල්ලෙක් වැනිවූ ඔබගේ මෙහෙකරුවා විසින් ඒ බරපතළ දේ කරන්ට ඔහු කවුදැයි කීවේය. එලිෂා: ඔබ සිරිය කෙරෙහි රජ වෙන බව ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබේයයි කීවේය.
14. ඔහු එලිෂා වෙතින් ගොස් තමාගේ ස්වාමියා ළඟට පැමිණි විට එලිෂා ඔබට කීවේ කුමක්දැයි හෙතෙම ඔහුගෙන් ඇසුවේය. සැබවින් ඔබට සුවවෙනවා ඇතැයි මට කීයේයයි ඔහු කීය.
15. පසුවදා ඔහු දළ රෙද්දක් ගෙන වතුරේ ගල්වා ඔහුගේ මුහුණ පිට එළා තැබුවේය, එයින් ඔහු මැරුණේය. හසායෙල් ඔහු වෙනුවට රජ වුණේය.
16. ඉශ්‍රායෙල් රජවූ ආහබ්ගේ පුත්‍රවූ යෝරාම්ගේ පස්වෙනි අවුරුද්දේ යෙහෝෂාපාට් යුදාහි රජව සිටියදී යුදාහි රජවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යෙහෝරාම් රජ වුණේය.
17. ඔහු තිස් දෑවුරුදු වයසේදී රජවී යෙරුසලමේ අට අවුරුද්දක් රජකම්කෙළේය.
18. ආහබ්ගේ වංශය කළාක්මෙන් ඔහු ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසුරුණේය. මක්නිසාද ඔහු ආහබ්ගේ දුව සරණපාවාගෙන ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
19. එසේවී නුමුත් ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ දාවිත්ට ඔහුගේ පුත්‍රයන් අතරෙන් නිතරම පහනක් දෙන්ට පොරොන්දුවුණු ලෙස, ඔහු නිසා යුදා නැතිකරන්ට අකැමැතිවූසේක.
20. ඔහුගේ කාලයේදී ඒදොම්වරු කැරළිගසා, යුදා යටතෙන් අහක්ව, තමුන්ට රජෙකු පත්කරගත්තෝය.
21. එවිට යෝරාම් තමාගේ සියලු රථ රැගෙන ශායීර්ට ගොස් රෑ නැගිට තමා වටකරගන සිටි ඒදොම්වරුන්ටත් රථාධිපතීන්ටත් පහරදුන්නේය. එවිට සෙනඟ තමුන්ගේ කුඩාරම්වලට පලාගියෝය.
22. මෙසේ ඒදොම්වරු අද දක්වා යුදාවරුන්ට විරුද්ධව කැරළිගසන්නෝය. එම කාලයේදී ලිබ්නාවරුද කැරළිගැසුවෝය.
23. යෝරාම්ගේ අනික් ක්‍රියාවල්ද ඔහු කළ සියල්ලද යුදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
24. යෝරාම් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවරුන් සමඟ දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජවුණේය.
25. ඉශ්‍රායෙල් රජවූ ආහබ්ගේ පුත්‍රවූ යෝරාම්ගේ දොළොස්වෙනි අවුරුද්දේදී යුදාහි රජ වන යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියා රජ වුණේය.
26. අහසියා විසි දෑවුරුදු වයසේදී රජවී යෙරුසලමේ අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අතාලියාය, ඈ ඉශ්‍රායෙල් රජවූ ඔම්රීගේ දුවෙක්ය.
27. ඔහු ආහබ්ගේ වංශයේ මාර්ගයෙහි හැසිර, ආහබ්ගේ වංශය කළ ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. මක්නිසාද ඔහු ආහබ්ගේ පවුලට බෑනා වුණේය.
28. ඔහු ආහබ්ගේ පුත්‍රවූ යෝරාම් සමඟ සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව රාමොත්-ගිලියද්හි යුද්ධකරන්ට ගියේය. සිරියවරු යෝරාම්ට තුවාල කළෝය.
29. යෝරාම් රජ තමා සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව යුද්ධ කරද්දී රාමාහිදී සිරියවරුන් විසින් ඔහුට කළ තුවාල යෙස්‍රෙයෙල්හි සුවකර ගන්නා පිණිස හැරී ආවේය. යුදාහි රජවූ යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියාද ආහබ්ගේ පුත්‍රවූ යෝරාම් රෝගාතුරව සිටිය නිසා ඔහු බලන්ට යෙස්‍රෙයෙල්ට ගියේය.
About 2 රාජාවලිය Chapter 8
Read 2 රාජාවලිය Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of 2 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 2 රාජාවලිය
Chapter: 8
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 2 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 2 රාජාවලිය Chapter 8 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 2 රාජාවලිය Chapter 8?
2 රාජාවලිය Chapter 8 is part of the Book of 2 රාජාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 2 රාජාවලිය Chapter 8 online for free with easy chapter navigation.
More Chapters from 2-රාජාවලිය
- 2 රාජාවලිය Chapter 21
- 2 රාජාවලිය Chapter 22
- 2 රාජාවලිය Chapter 16
- 2 රාජාවලිය Chapter 9
- 2 රාජාවලිය Chapter 2
- 2 රාජාවලිය Chapter 1
- 2 රාජාවලිය Chapter 15
Explore More from පැරණි ගිවිසුම
- 2 ලේකම් Chapter 34
- 2 ලේකම් Chapter 24
- යෙසායා Chapter 45
- ශෙපනියා Chapter 3
- එස්තර් Chapter 2
- ගීතාවලිය Chapter 30
- 1 ලේකම් Chapter 2