Read 1 ලේකම් Chapter 14 Online
Read 1 ලේකම් Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 ලේකම් and the Holy Bible online.
Choose a Chapter
1 ලේකම් 14
පරිච්ඡේදය 14
1. තීර්හි රජවූ හීරාම් දාවිත්ට ගෘහයක් ගොඩනැගීම පිණිස ඔහු වෙතට පණිවිඩකාරයන්ද කිහිරි ලීද ගල්වඩුවන්ද වඩුවන්ද එවුවේය.
2. දාවිත්ද තමා ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ස්වාමීන්වහන්සේ විසින් ස්ථිරකළ බව දැනගත්තේය, මක්නිසාද උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල් උදෙසා ඔහුගේ රාජ්‍යය උසස්වී තිබුණේය.
3. දාවිත් යෙරුසලමේදී තවත් භාර්යාවන් පාවාගත්තේය. දාවිත්ට දාව තව පුත්‍රයොත් දූවරුත් උපන්නෝය.
4. යෙරුසලමේදී ඔහුට උපන් පුත්‍රයන්ගේ නාම මෙසේය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන් සහ සාලමොන්ය;
5. ඉබ්හාර්, එලීෂුවා සහ එල්පෙලෙත්ය;
6. නොගා, නෙපෙග් සහ යපියාය;
7. එලීෂාමා, බෙයෙලියාදා සහ එලීපෙලෙත්ය.
8. දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන් සියල්ලෝම දාවිත් සොයා ආවෝය. දාවිත් ඒ අසා ඔවුන්ට විරුද්ධව පිටතට ගියේය.
9. පිලිස්තිවරුත් ඇවිත් රෙපායිම් මිටියාවතෙහි පැතිර කොල්ල කෑවෝය.
10. දාවිත්: මා පිලිස්තිවරුන්ට විරුද්ධව යන්ටද? ඔබවහන්සේ ඔවුන් මා අතට පාවාදෙනසේක්ද කියා දෙවියන්වහන්සේගෙන් පිළිවිසීය. ස්වාමීන්වහන්සේද: යව; මම ඔවුන් ඔබ අතට පාවාදෙමියි ඔහුට කීසේක.
11. ඔව්හු බාල්-පෙරාශීම්ට ආවෝය, දාවිත් එහිදී ඔවුන්ට පහරදී: දෙවියන්වහන්සේ මා අතින් මාගේ සතුරන් ජලගැලීමක් මෙන් විසුරුවා හැරියසේකැයි කීවේය. ඒ නිසා ඒ ස්ථානයට බාල්-පෙරාශීම් යන නම තැබූහ.
12. ඔව්හු තමුන්ගේ දේව රූප එහි අත්හැර ගියෝය; එකල දාවිත් දුන් ආඥාව ලෙස ඒවා ගින්නෙන් පුලුස්සාදමන ලද්දේය.
13. නැවතත් පිලිස්තිවරු මිටියාවතෙහි පැතිර කොල්ල කෑවෝය.
14. දාවිත් නැවත දෙවියන්වහන්සේගෙන් විචාළේය; දෙවියන්වහන්සේද: ඔබ ඔවුන් පස්සේ නොගොස් ඔවුන් වෙතින් හැරී වටකරගොස් ඇඹිල්ල ගස්වලට ඉස්සරහපිටින් ඔවුන් වෙතට පැමිණෙන්න.
15. තවද ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබාගන යන ශබ්දයක් ඔබට ඇසෙන විට සටනට පිටත්ව යන්න. මක්නිසාද දෙවියන්වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහරදෙන්ට ඔට පෙරටුවෙන් පිටත්ව යනසේකැයි ඔහුට කීසේක.
16. දාවිත් දෙවියන්වහන්සේ අණකළ ලෙස කෙළේය. ඔව්හු ගිබියොන් සිට ගෙසෙර් දක්වා පිලිස්තිවරුන්ගේ සේනාවට පහරදුන්නෝය.
17. දාවිත්ගේ කීර්තිය සියලු රටවල පතළවී ගියේය; ස්වාමීන්වහන්සේ සියලු ජාතීන් පිටට ඔහු කෙරෙහි භයක් පැමිණෙවුසේක.
About 1 ලේකම් Chapter 14
Read 1 ලේකම් Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 ලේකම්
Chapter: 14
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 ලේකම් Chapter 14 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 ලේකම් Chapter 14?
1 ලේකම් Chapter 14 is part of the Book of 1 ලේකම් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 ලේකම් Chapter 14 online for free with easy chapter navigation.
More Chapters from 1-ලේකම්
- 1 ලේකම් Chapter 25
- 1 ලේකම් Chapter 5
- 1 ලේකම් Chapter 22
- 1 ලේකම් Chapter 16
- 1 ලේකම් Chapter 15
- 1 ලේකම් Chapter 2
- 1 ලේකම් Chapter 11
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 30
- ද්වීතීය කථාව Chapter 33
- ගීතාවලිය Chapter 128
- එසකියෙල් Chapter 46
- යෝෂුවා Chapter 4
- 1 සාමුවෙල් Chapter 25
- යෝෂුවා Chapter 10