Read ද්වීතීය කථාව Chapter 28 Online
Read ද්වීතීය කථාව Chapter 28 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.
Choose a Chapter
ද්වීතීය කථාව 28
පරිච්ඡේදය 28
1. තවද මා විසින් අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා ඔබ උසස් කොට තබනසේක.
2. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඔබ කන්දෙන්නෙහි නම් මේ සියලු ආශීර්වාද ඔබ කරා පැමිණ ඔබ සමඟ වන්නේය.
3. ඔබ නුවරෙහි ආශීර්වාදලද්දෙක් වන්නෙහිය, කෙතෙහිත් ආශීර්වාදලද්දෙක් වන්නෙහිය.
4. ඔබේ ගර්භයේ ඵලයටද ඔබේ භූමියේ ඵලයටද ඔබේ සිවුපාවුන්ගේ ඵලයටද ඔබේ ගවයන්ගේ බෝවීමටද ඔබේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාද ලැබෙන්නේය.
5. ඔබේ පැසටද පිටි අනන ඔරුවටද ආශීර්වාද ලැබෙන්නේය.
6. ඔබ ඇතුළට එන කල්හිද පිටතට යන කල්හිද ආශීර්වාද ලද්දෙක් වන්නෙහිය.
7. ඔබට විරුද්ධව නැගිටින්නාවූ ඔබේ සතුරන් ස්වාමීන්වහන්සේ ඔබ ඉදිරියෙහි පරාජය වෙන්ට සලස්වනසේක. ඔව්හු ඔබට විරුද්ධව එක මගකින් අවුත් සත් මගකින් ඔබ ඉදිරියෙන් පලායන්නෝය.
8. ඔබේ ගබඩා කෙරෙහිද ඔබ අත තබන සියල්ලෙහිද ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදය එවා, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයේදී ඔබට ආශීර්වාදකරනසේක.
9. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වා උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ ඔබට දිවුළලෙස උන්වහන්සේටම ශුද්ධ සෙනඟක් කොට ඔබ ස්ථිරකරනසේක.
10. ස්වාමීන්වහන්සේගේ නාමය ඔබ කෙරෙහි තබා තිබෙන බව පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයෝ දැක ඔබට භයවන්නෝය.
11. ස්වාමීන්වහන්සේ ඔබට දෙන ලෙස ඔබේ පියවරුන්ට දිවුළ භූමිය මතුපිට ඔබේ ගර්භයේ ඵලයද ඔබේ සිවුපාවුන්ගේ ඵලයද භූමියේ ඵලයද යහපත පිණිස ඔබට වැඩිකර දෙනසේක.
12. ස්වාමීන්වහන්සේ නිසි කාලයට ඔබේ දේශයට වර්ෂාව දෙන්ටද ඔබේ අත්වල සියලු වැඩට ආශීර්වාද කරන්ටද අහස නමැති තමන්ගේ උතුම් ගබඩාව ඔබට විවෘත කරනසේක. ඔබ බොහෝ ජාතීන්ට ණයට දෙන නුමුත් ඔබ ණයට නොගන්නෙහිය.
13. මා අද ඔබ සැමට අණකරන සියලු වචනවලින් ඔබ දකුණටවත් වමටවත් හැරී අන් දෙවිවරුන්ට සේවය කරන්ට ඔවුන් පස්සේ නොගොස්,
14. මා අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වමින් ඉෂ්ටකරන ලෙස ඔබ ඒවාට කීකරුවන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ ඔබ වල්ගය නොව හිස වෙන්ට සලස්වනවා ඇත; ඔබද යටින් නොව ඉහළින්ම සිටිනවා ඇත.
15. නුමුත් මා විසින් අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥාද පනත්ද පවත්වන්ට බලාගන්න හැටියට ඔබ උන්වහන්සේගේ හඬට කන්නොදෙන්නෙහිනම්, මේ සියලු ශාප ඔබ පිටට පැමිණ ඔබ අසුකරගන්නේය.
16. ඔබ නුවරෙහි ශාපලද්දෙක්ද කෙතෙහි ශාපලද්දෙක්ද වන්නෙහිය.
17. ඔබේ පැසටද පිටි අනන ඔරුවටද ශාප පැමිණෙන්නේය.
18. ඔබේ ගර්භයේ ඵලයටද ඔබේ භූමියේ ඵලයටද ඔබේ ගවයන්ගේ බෝවීමටද ඔබේ එළු බැටළු පැටවුන්ටද ශාප පැමිණෙන්නේය.
19. ඔබ ඇතුළට එන විටද පිටතට යන විටද ශාප ලබන්නෙහිය.
20. ඔබ විසින් මා අත්හැරීමෙන් කළාවූ ඔබේ නපුරු ක්‍රියා නිසා ඔබ විනාශව ඉක්මනින් නැතිව යන තෙක්, ඔබ කරන්ට අත තබන සියල්ලේදී ස්වාමීන්වහන්සේ ශාපයද පරාජයද තරවටුවද ඔබ පිටට එවනසේක.
21. ස්වාමීන්වහන්සේ ඔබ හිමිකරගන්ට යන භූමිය මතුපිටින් ඔබ නැතිකර දමන තුරුම වසංගතය ඔබට ඇලී තිබෙන්ට සලස්වනසේක.
22. ස්වාමීන්වහන්සේ ක්ෂයරෝගයෙන්ද උණෙන්ද උෂ්ණයෙන්ද දැවිල්ලෙන්ද කඩුවෙන්ද ගොයම් වියළීමෙන්ද ගොයම් රෝගයෙන්ද ඔබට පහරදෙනසේක; ඔබ නැතිවීයන තුරු ඒවා ඔබ එළවාගන එනවා ඇත.
23. ඔබේ හිසට උඩින් තිබෙන අහස පිත්තල වන්නේය, ඔබට යටින් තිබෙන භූමිය යකඩ වන්නේය.
24. ස්වාමීන්වහන්සේ ඔබේ දේශයෙහි වර්ෂාව සුනුද ධූලිද වෙන්ට සලස්වනසේක. ඔබ විනාශවෙන තුරු අහසෙන් ඒවා ඔබ පිටට බසින්නේය.
25. ස්වාමීන්වහන්සේ ඔබේ සතුරන් ඉදිරියෙහි ඔබ පරාජයවෙන්ට සලස්වනසේක. ඔබ ඔවුන්ට විරුද්ධව එක මගකින් ගොස් සත් මගකින් ඔවුන් ඉදිරියෙන් පලායන්නෙහිය. ඔබ පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ ගෙනයනු ලබන්නෙහිය.
26. ඔබේ මළකඳ ආකාශයේ සියලු පක්ෂීන්ටද භූමියේ සියලු මෘගයන්ටද ගොදුරු වන්නේය, කිසිවෙක් උන් භයගන්වා නොඑළවන්නේය.
27. සුවවිය නොහැකි ලෙස ස්වාමීන්වහන්සේ මිසරයේ ගඩුවලින්ද අර්ශස්වලින්ද පිළිකාවලින්ද හොරිවලින්ද ඔබට පහරදෙනසේක.
28. ස්වාමීන්වහන්සේ උමතුකමද අන්ධකමද විස්මිතභාවයද යන මේවායින් ඔබට පහරදෙනසේක.
29. අන්ධයා අඳුරෙහි අතගගා යන්නාක් මෙන් ඔබ ඉර මුදුන් වේලාවෙහි අතගගා යන්නෙහිය, ඔබේ මාර්ගවලදී ඔබ සඵලනොවන්නෙහිය. ඔබ ගළවන්ට කිසිවෙකු නැතුව ඔබ නිරන්තරයෙන් පීඩාවට හා කොල්ලයටම ගොදුරු වන්නෙහිය.
30. ඔබ භාර්යාවකට විවාහ බස් දෙන නුමුත් අනිකෙක් ඈ සමඟ සයනයකරන්නේය. ඔබ ගෙයක් ගොඩනගන නුමුත් එහි නොවසන්නෙහිය. ඔබ මිදිවත්තක් වවන නුමුත් ඒකේ ඵල භුක්තිනොවිඳින්නෙහිය.
31. ඔබේ ගොනා ඔබේ ඇස් ඉදිරියෙහි මරනු ලබන නුමුත් ඔබ එයින් නොකන්නෙහිය. ඔබේ කොටළුවා ඔබ ඉදිරියෙන් බලහත්කාරයෙන් ගනු ලබන්නේය, නැවත ඌ ඔබට නොලැබෙන්නේය. ඔබේ බැටළුවෝ ඔබේ සතුරන්ට දෙනු ලබන්නෝය, ඔබ ගළවන්ට කිසිවෙක් නොවන්නේය.
32. ඔබේ පුත්‍රයෝද දූවරුද අන් සෙනඟකට දෙනු ලබන්නෝය, ඔවුන් ගැන දවස මුළුල්ලේම බලා සිටීමෙන් ඔබේ ඇස් ක්ෂයවන්නේය. ඔබේ අතේ බලයෙන් කිසිවක් කළනොහැකිවන්නේය.
33. ඔබේ භූමියේ පලදාවද ඔබේ මුළු උත්සාහ ලාභයද ඔබ නොදන්න සෙනඟක් භුක්තිවිඳිනවා ඇත, ඔබ නිරන්තරයෙන් පීඩාවට හා බලාත්කාරයටම ගොදුරුවන්නෙහිය.
34. ඔබේ ඇස්වලින් දකින කාරණා නිසා ඔබ උමතුකමට පැමිණෙන්නෙහිය.
35. ඔබේ පතුළ පටන් හිස්මුදුන දක්වා සුවයක් නොහැකිවන ලෙස ස්වාමීන්වහන්සේ ඔබේ දණහිස්වලටද කකුල්වලටද නපුරු ගඩු හටගැන්වීමෙන් ඔබට පහරදෙනසේක.
36. ස්වාමීන්වහන්සේ ඔබද ඔබ කෙරෙහි ඔබ පත්කරගන්න රජුද ඔබවත් ඔබේ පියවරුන්වත් දැන නොගත් ජාතියක් වෙතට පමුණුවනසේක; එහිදී ඔබ ලීද ගල්ද වූ අන් දෙවිවරුන්ට සේවයකරන්නෙහිය.
37. ස්වාමීන්වහන්සේ ඔබ පමුණුවන්නාවූ සියලු ජනයන් අතුරෙහි ඔබ මවිතයට හේතුවක්ද උපමාවක්ද නින්දා කීමක්ද වන්නෙහිය.
38. ඔබ බොහෝ බීජ කෙතට ගෙනයන නුමුත් ස්වල්පයක්ම රැස්කරගන්නෙහිය; මක්නිසාද පළඟැටියෝ ඒවා කාදමන්නෝය.
39. ඔබ මිදිවතු වවා ඒවා සශ්‍රීකකරන නුමුත් පණුවන් ඒවා කාදමන බැවින් ඔබ මුද්‍රිකපානය නොබොන්නෙහිය, ඵල නෙළා නොගන්නෙහිය.
40. ඔබේ සියලු සීමාවල ඔලීව ගස් ඔබට තිබෙන නුමුත් ඔලීව තෙල් ගාගන්ට ඔබට නොලැබේ; මක්නිසාද ඔබේ ඔලීව ඵල වැටීයන්නේය.
41. ඔබ පුත්‍රයන්ද දූවරුන්ද ජාතකකරන නුමුත් ඔව්හු ඔබට නොවන්නෝය; මක්නිසාද ඔව්හු වහල්කමට යන්නෝය.
42. ඔබේ සියලු ගස්ද ඔබේ භූමියේ ඵලද පළඟැටියෝ භුක්තිවිඳින්නෝය.
43. ඔබ අතරේ සිටින විදේශියා වැඩි වැඩිව ඔබට වඩා උසස් වන්නේය; ඔබ වැඩි වැඩිව පහත් වන්නෙහිය.
44. ඔහු ඔබට ණයට දෙනවා මිස ඔබ ඔහුට ණයට දෙන්නේ නැත. ඔහු හිස වන්නේය, ඔබ වල්ගය වන්නෙහිය.
45. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ තමන්ගේ ආඥාද තමන්ගේ පනත්ද පවත්වන පිණිස උන්වහන්සේගේ හඬට කන්නුදුන් බැවින් මේ සියලු ශාප ඔබ පිටට පැමිණ, ඔබ නාස්තිවෙන තුරු ඔබ පස්සේ එළවාගෙන ඇවිත් ඔබ අසුකරගන්නේය.
46. ඒවා ලකුණක් හා පුදුමයක් පිණිස ඔබ පිටත් ඔබේ වංශය පිටත් සදාකාලයටම වන්නේය.
47. සියලු දේ පුරාම තිබෙද්දී ඔබ ප්‍රීතියෙන්ද සිත් සන්තෝෂයෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවය නොකළ නිසා,
48. ස්වාමීන්වහන්සේ ඔබට විරුද්ධව එවන්නාවූ ඔබේ සතුරන්ට ඔබ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් ඔබ විනාශකර දමන තුරු යකඩ වියගහක් ඔබේ කරේ තබනවා ඇත.
49. මහල්ලාට ගෞරව නොකරන්නාවූ, බාලයාට අනුකම්පා නොකරන්නාවූ, රෞද්‍ර මුහුණු ඇත්තාවූ,
50. ඔබට නොතේරෙන භාෂාවක් කථාකරන්නාවූ ජාතියක් රාජාලියා වේගයෙන් එන්නාක් මෙන් දුර සිට පොළොවේ කෙළවරෙන් ස්වාමීන්වහන්සේ ඔබට විරුද්ධව පමුණුවනසේක.
51. ඔබ විනාශවී යන තුරු ඔව්හු ඔබේ සිව්පාවුන්ගේ ඵලයද ඔබේ භූමියේ ඵලයද කාදමන්නෝය. ඔව්හු ඔබ නැතිකරදමන තුරු ඔබට ධාන්‍යවත් මුද්‍රික රසයවත් තෙල්වත් ඔබේ ගව වස්සන්වත් එළු බැටළු පැටවුන්වත් ඉතුරු නොකරන්නෝය.
52. ඔබේ මුළු දේශයෙහි තිබෙන්නාවූ ඔබ විශ්වාසය තැබූ ඔබේ උස්වූ බලවත් පවුරු වැටෙන තුරු, ඔව්හු ඔබේ සියලු නුවර දොරටුවලදී ඔබ වටලාගන්නෝය. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දුන් ඔබේ මුළු දේශයෙහි තිබෙන ඔබේ සියලු නුවර දොරටුවලදී ඔව්හු ඔබ වටලාගන්නෝය.
53. ඔබේ සතුරන් විසින් ඔබ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී ඔබේ ශරීරයේ ඵලය වන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දුන් පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් මාංස කන්නෙහිය.
54. ඔබ සැම අතරේ බොහෝ සැපෙන් සිටි සුමුදු මනුෂ්‍යයා වනාහි, ඔබේ සතුරන් විසින් ඔබේ සියලු නුවර දොරටුවලදී ඔබ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී,
55. තමාට කිසිවක් ඉතුරුව නැති බැවින් කන්නාවූ තමාගේ දරුවන්ගේ මාංසයෙන් කොටසක් තමාගේ සහෝදරයාටවත් තමාගේ ළයේ භාර්යාවටවත් ඔහු ඉතුරු කරන තමාගේ අනික් දරුවන්ගෙන් කිසිවෙකුටවත් නොදෙන හැටියට ඔවුන් කෙරෙහි ඔහුගේ බැල්ම අප්‍රසන්න වන්නේය.
56. මෘදුකම සහ සිව්මැළිකම නිසා පතුල බිම තබන්ට අකැමැතිවූ ඔබ සැම අතරේ සිටින මෘදුවූ සිව්මැළිවූ ස්ත්‍රියගේ බැල්ම ඇගේ කකුල් අතරෙන් පිටත එන්නාවූ ඇගේ වැදෑමහ පිළිබඳයෙන්ද,
57. ඈ බිහිකරන්නාවූ ළදරුවන් පිළිබඳයෙන්ද, ඇගේ ළයෙහි පුරුෂයා කෙරෙහිත් ඇගේ පුත්‍රයා කෙරෙහිත් ඇගේ දුව කෙරෙහිත් අප්‍රසන්න වන්නේය. මක්නිසාද ඔබේ සතුරා ඔබේ නුවර දොරටුවලදී ඔබ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී, ඈට කිසිවක් නැති බැවින් ඈ ඔවුන් රහසින් කන්නීය.
58. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යන මේ මහිමවත් භයානක නාමයට භයවෙන හැටියට මේ පොතෙහි ලියා තිබෙන මේ ව්‍යවස්ථාවේ සියලු වචන රක්ෂාකරන්ට බලානොගන්නෙහි නම්,
59. ස්වාමීන්වහන්සේ ඔබ සහ ඔබේ වංශය කෙරෙහි පුදුමවූ පීඩාවල් එනම් මහත්වූ පවතින්නාවූ පීඩාද නපුරුවූ පවතින්නාවූ රෝගද පමුණුවනසේක.
60. ඔබට භය ඉපදෙවූවාවූ මිසරයේ සියලු රෝගත් ඔබ පිටට නැවත පමුණුවනසේක; ඒවාද ඔබට ඇලී තිබෙන්නේය.
61. ඇරත් මේ ව්‍යවස්ථා පොතෙහි නොලියනලද සියලු රෝග පීඩාද ඔබ විනාශවෙන තුරු ස්වාමීන්වහන්සේ ඔබ පිටට පමුණුවනසේක.
62. ඔබ සැම අහසේ තාරකා මෙන් වැඩිවී සිටිය නුමුත්, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කන්නුදුන් බැවින් ඔබ සැම ස්වල්ප ගණනක්ව ඉතිරි වන්නාහුය.
63. තවද ඔබ සැමට යහපත කරන්ටත් ඔබ සැම වැඩිකරන්ටත් ස්වාමීන්වහන්සේ ඔබ සැම කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන්, ඔබ සැම විනාශකොට නැතිකරන්ට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක; ඔබ විසින් හිමිකරගැනීමට ඇතුල්වෙන දේශයෙන්ද ඔබ සැම උදුරාදමනු ලබන්නහුය.
64. පොළොවේ එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙහි ස්වාමීන්වහන්සේ ඔබ විසුරුවාදමනසේක; එහිදී ඔබවත් ඔබේ පියවරුන්වත් දැනනොගත් ලීද ගල්දවූ අන් දෙවිවරුන්ට ඔබ සේවයකරන්නෙහිය.
65. ඒ ජාතීන් අතරෙහි ඔබට කිසිපහසුවක්වත් ඔබේ පතුලට කිසි සහනයක්වත් නොලැබෙන්නේය. එහි ස්වාමීන්වහන්සේ මවිතවන සිතක්ද ඇස් වැහැරයාමද ආත්මයේ ක්ලාන්තකමද ඔබට දෙනසේක.
66. ඔබේ ජීවිතය ගැන ඔබට අනුමාන ඇතිවන්නේය; ඔබ රෑ දාවල් භය ඇතුව, ඔබේ ජීවිතය ගැන විශ්වාසයක් නැතුව සිටින්නෙහිය.
67. ඔබේ සිතට පැමිණෙන භීතියද ඔබේ ඇස්වලින් දකින කාරණාද නිසා ඔබ උදයකාලයෙහි: අහෝ, දැන් සවස නම් හොඳය කියාද, සවස්කාලයෙහි: අහෝ, දැන් උදය නම් හොඳය කියාද කියන්නෙහිය.
68. ඔබ තවත් ඒක නොදකින්නෙහියයි මා විසින් ඔබ කී මාර්ගයෙන් නැව්වලින් ස්වාමීන්වහන්සේ ඔබ මිසරයට නැවත ගෙනයනසේක. එහිදී ඔබ සැමගේ සතුරන්ට දාසයන්ද දාසීන්ද කොට ඔබ සැමම විකුණනු ලබන්ට සෑදී සිටින නුමුත් කිසිවෙක් ඔබ සැම මිලේට නොගන්නේයයි කීවේය.
About ද්වීතීය කථාව Chapter 28
Read ද්වීතීය කථාව Chapter 28 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ද්වීතීය කථාව
Chapter: 28
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ද්වීතීය කථාව Chapter 28 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ද්වීතීය කථාව Chapter 28?
ද්වීතීය කථාව Chapter 28 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 28 online for free with easy chapter navigation.
More Chapters from ද්වීතීය කථාව
- ද්වීතීය කථාව Chapter 15
- ද්වීතීය කථාව Chapter 7
- ද්වීතීය කථාව Chapter 6
- ද්වීතීය කථාව Chapter 16
- ද්වීතීය කථාව Chapter 32
- ද්වීතීය කථාව Chapter 14
- ද්වීතීය කථාව Chapter 5
Explore More from පැරණි ගිවිසුම
- 2 රාජාවලිය Chapter 21
- 2 ලේකම් Chapter 7
- 2 රාජාවලිය Chapter 8
- ගීතාවලිය Chapter 103
- යෙසායා Chapter 30
- ලෙවී කථාව Chapter 6
- යෙරෙමියා Chapter 25