Read 2 කොරින්ති Chapter 8 Online
Read 2 කොරින්ති Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of 2 කොරින්ති in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 කොරින්ති and the Holy Bible online.
Choose a Chapter
2 කොරින්ති 8
පරිච්ඡේදය 8
1. තවද, සහෝදරයෙනි, මකිදෝනියේ සහාවලට දී තිබෙන දෙවියන්වහන්සේගේ අනුග්‍රහය අපි නුඹලාට දන්වමුව.
2. එනම්, බොහෝ දුක්විඳීම නැමති පරීක්ෂාවකදී ඔවුන්ගේ ප්‍රීතිය වැඩිවූ බවත්, ඔවුන්ගේ මහත් දිළිඳුකමේ ප්‍රමාණයට ඔවුන් ඔවුන්ගේ තෑගිවන්තකම නැමති ධනයෙන් වැඩිවූ බවත්ය.
3. මක්නිසාද, තමුන්ගේ පුළුවන්කමේ ප්‍රකාරයටත්, එසේය, ඊට වැඩියෙනුත්, ස්වකීය කැමැත්තෙන්ම ඔව්හු දුන්නෝයයි සාක්ෂිදෙමි.
4. ශුද්ධවන්තයන්ට උපස්ථානකිරීමට පංගුකාරයන්වීමේ ප්‍රසාදය බොහෝ කන්නලව් ඇතුව ඔව්හු අපගෙන් ඉල්ලුවෝය.
5. අප සිතූ ලෙස නොව පළමුකොට තුමූම ස්වාමීන්වහන්සේටද දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන අපටද භාරවුණෝය.
6. එහෙයින් තීතස් පළමුවෙන් පටන්ගත් ලෙසම මේ අනුග්‍රහයත් නුඹලා අතරෙහි සම්පූර්ණකරන්ට අපි ඔහුට අවවාදකළෙමුව.
7. ඉදින් නුඹලා සියලු දෙයින්, එනම් ඇදහිල්ලෙන්ද කථාවෙන්ද ඥානයෙන්ද සියලු උත්සාහවලින්ද අප කෙරෙහි තිබෙන නුඹලාගේ ප්‍රේමයෙන්ද අධිකව සිටින්නාක්මෙන්ම මෙම අනුග්‍රහයෙන්ද අධිකවන්ට බලාගන්න.
8. මේක මා කියන්නේ අණක් ලෙස නොව වෙන අයවලුන්ගේ උත්සාහවන්තකමෙන් නුඹලාගෙත් ප්‍රේමයේ සැබෑකම විභාගකරන පිණිසය.
9. මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව, එනම්, උන්වහන්සේ ධනවන්තව සිටිය නුමුත්, තමන්වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන නුඹලා ධනවන්ත වන පිණිස, නුඹලා උදෙසා දිළිඳුවූ බව නුඹලා දන්නහුය.
10. මේ කාරණය ගැන මාගේ කල්පනාව කියමි. මක්නිසාද අවුරුද්දකට ප්‍රථම සිට ඒක කරන්ට පමණක් නොව ඊට කැමැතිවෙන්ටත් පටන්ගත් නුඹලාට ඒක ප්‍රයෝජනවත්ය.
11. ඉතින් කැමතිවීමට සූදානම්ව සිටියාක්මෙන්ම නුඹලාගේ පුළුවන්කමේ හැටියට එහි තීන්දුවත් පැමිණෙන පිණිස දැන් කිරීමත් තීන්දුකරන්න.
12. මක්නිසාද මනාපය තිබේ නම්, යමෙකුට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්‍රකාරයට පිළිගනු ලැබේ.
13. මෙසේ කියන්නේ අනුන්ට පහසුවත් නුඹලාට අමාරුවත් පැමිණෙන පිණිස නොව සමකම පිණිසය;
14. මේ කාලයේ නුඹලාගේ වැඩිකම ඔවුන්ගේ හිඟකමට ආධාරයක් වූයෙන්, (මත්තට) ඔවුන්ගේ වැඩිකමත් නුඹලාගේ හිඟකමට ආධාරයක් වීමෙන් සමකමක් වන පිණිසය.
15. එසේම: බොහෝ එකතුකළ අයට වැඩිවුණේවත් ස්වල්පයක් එකතුකළ අයට අඩුවුණේවත් නැතැයි ලියා තිබේ.
16. ඉතින් නුඹලා ගැන එම උනන්දුකම තීතස්ගේ සිතට දුන් දෙවියන්වහන්සේට ස්තුතිවේවා.
17. මක්නිසාද ඔහු අපේ අවවාදය සැබවින් පිළිගත්තේය; නුමුත් තමාම ඉතා උනන්දුව සිටිය බැවින්, ඔහු තමාගේම කැමත්තෙන් නුඹලා ළඟට ආයේය.
18. තවද ශුභාරංචිය ගැන සියලු සභාවලින් ප්‍රශංසාව ලබන සහෝදරයා ඔහු සමඟ එවීමුව;
19. එපමණක් නොව අපේ සේවයෙන් ඉෂ්ටකරන්නාවූ මේ ප්‍රසාදය ගැන අප සමඟ ගමන්කිරීමට ස්වාමීන්වහන්සේගේ ගෞරවයද අපගේ මනාපවීමද සඳහා ඔහුත් සභාවන් විසින් නියමකරනලද්දේය.
20. මෙසේ, අපේ සේවයෙන් ඉෂ්ටකරන මේ දීමනාව ගැන කිසිවෙක් අපට දෝෂාරෝපණය නොකරන පිණිස ප්‍රවේසම්වෙමුව.
21. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ගරුකටයුතු දේ කරන්ට සිතට ගනිමුව.
22. තවද නොයෙක්විට නොයෙක් කාරණාවලදී උනන්දු කෙනෙක් බව අපට ඔප්පුවුණාවූ, දැන් නුඹලා කෙරෙහි ඇති මහත් විශ්වාසය නිසා ඊටත් වඩා උනන්දුකම ඇත්තෙක්වූ අපේ සහෝදරයා ඔවුන් සමඟ එවීමුව.
23. තීතස් වනාහි මාගේ පංගුකාරයෙක්ව, නුඹලා උදෙසා මාගේ හවුල් සේවකයෙක්ව සිටින්නේය. අපගේ සහෝදරයෝ වනාහි සභාවල ප්‍රේරිතයෝව, ක්‍රිස්තුස්වහන්සේගේ තේජසක්ව සිටිති.
24. එහෙයින් නුඹලාගේ ප්‍රේමයේද නුඹලා ගැන අපේ පාරට්ටුවේද ඔප්පුව ඔවුන්ට සභාවන් ඉදිරියෙහිදී පෙන්වන්න.
About 2 කොරින්ති Chapter 8
Read 2 කොරින්ති Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of 2 කොරින්ති in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 2 කොරින්ති
Chapter: 8
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 2 කොරින්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 2 කොරින්ති Chapter 8 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 2 කොරින්ති Chapter 8?
2 කොරින්ති Chapter 8 is part of the Book of 2 කොරින්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 2 කොරින්ති Chapter 8 online for free with easy chapter navigation.
More Chapters from 2-කොරින්ති
- 2 කොරින්ති Chapter 11
- 2 කොරින්ති Chapter 7
- 2 කොරින්ති Chapter 5
- 2 කොරින්ති Chapter 12
- 2 කොරින්ති Chapter 9
- 2 කොරින්ති Chapter 6
- 2 කොරින්ති Chapter 2
Explore More from නව ගිවිසුම
- ශු. ලූක් Chapter 21
- එළිදරව් Chapter 8
- 1 පේතෘස් Chapter 1
- රෝම Chapter 5
- එළිදරව් Chapter 22
- 1 කොරින්ති Chapter 2
- යාකොබ් Chapter 3