1 රාජාවලිය Chapter 15

For English

Read 1 රාජාවලිය Chapter 15 Online

Read 1 රාජාවලිය Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 රාජාවලිය and the Holy Bible online.

Choose a Chapter

1 රාජාවලිය 15

පරිච්ඡේදය 15

1. නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් රජුගේ දහඅටවෙනි අවුරුද්දේදී අබියාම් යුදා කෙරෙහි රජ වී,

2. තුන් අවුරුද්දක් යෙරුසලමේ රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම මයකාය, ඈ අබ්සලොම්ගේ දුවෙක්ය.

3. ඔහුද තමාගේ පියා තමාට පළමුවෙන් කළ සියලු පාපවල හැසුරුණේය. ඔහුගේ සිතද ඔහුගේ පියවූ දාවිත්ගේ සිත මෙන් ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.

4. එහෙත් දාවිත් නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහුට පසුව ඔහුගේ පුත්‍රයා නැගිටවීමෙන්ද යෙරුසලම ස්ථිරකිරීමෙන්ද යෙරුසලමේ ඔහුට පහනක් දුන්සේක.

5. මක්නිසාද හිත්තීය උරියාගේ කාරණය ගැන මිස ස්වාමීන්වහන්සේ දාවිත්ට අණකළ කිසි දෙයකින් ඔහු තමාගේ ජීවිතයේ සියලු දවස්වල අහක්ව නොගොස් උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේවල්ම කෙළේය.

6. රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල යුද්ධ තිබුණේය.

7. අබියාම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යුදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? අබියාම් සහ යෙරොබොවම් අතරේ යුද්ධ පැවතුණේය.

8. අබියාම්ද තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත්කළෝය. ඔහුගේ පුත්‍රවූ ආසා ඔහු වෙනුවට රජවුණේය.

9. ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ විසිවෙනි අවුරුද්දේ ආසා යුදා කෙරෙහි රජවුණේය.

10. ඔහු යෙරුසලමෙහි සතළිස් එක් අවුරුද්දක් රජකම්කළේය. ඔහුගේ මවුගේ නම මයකාය, ඈ අබ්සලොම්ගේ දුවෙක්ය.

11. ආසා තමාගේ පියවූ දාවිත් කළ ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණුදේ කෙළේය.

12. ඔහු සොදොමියයන් දේශයෙන් පහකොට තමාගේ පියවරුන් සෑදූ සියලු දේවරූපද අහක්කර දැමුවේය.

13. තමාගේ මවුවූ මයකා අෂේරා කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින් ඔහු ඈව් බිසෝකමින් අහක්කර, ඇගේ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟදී පුලුස්සාදැමුවේය.

14. එහෙත් උස්තැන් පහනොකරනලද්දේය. එසේවී නුමුත් ආසාගේ සිත ඔහුගේ සියලු දවස්වලදී ස්වාමීන්වහන්සේ කෙරේ සම්පූර්ණව තිබුණේය.

15. ඔහු තමාගේ පියා විසින්ද තමා විසින්ද කැපකළ රන් රිදී සහ බඩුත් ස්වාමීන්වහන්සේගේ ගෘහය ඇතුළට ගෙනායේය.

16. ආසා සහ ඉශ්‍රායෙල් රජවූ බාෂා අතරේ ඔවුන්ගේ සියලු දවස්වල යුද්ධ පැවතුණේය.

17. ඉශ්‍රායෙල් රජවූ බාෂා යුදාට විරුද්ධව ගොස් යුදාහි රජවූ ආසා වෙතට පිටතට යන්ට හෝ ඇතුළට එන්ට හෝ කිසිවෙකුට ඉඩ නොදෙන පිණිස රාමා ගොඩනැඟුවේය.

18. එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහ ගබඩාවල ඉතුරුව තිබුණු රන් රිදී සියල්ලද රජගෙයි තිබුණු වස්තුද ගෙන තමාගේ සේවකයන්ගේ අතට භාරදී, දමස්කයෙහි විසූ සිරියේ රජවූ, හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිම්මොන්ගේ පුත්‍රවූ බෙන්-හදද්ට ඒවා යවමින්:

19. මා සහ ඔබ අතරේද මාගේ සහ ඔබගේ පියා අතරේද ගිවිසුමක් තිබේ; මෙන්න රන් රිදී තෑග්ගක් ඔබට එවමි; ඉශ්‍රායෙල් රජවූ බාෂා මා වෙතින් අහක්ව යන පිණිස ඔබ ඇවිත් ඔහු සමඟ කර තිබෙන ඔබගේ ගිවිසුම කඩකළ මැනවැයි කියා ඇරියේය.

20. එවිට බෙන්-හදද් ආසා රජුට ඇහුම්කන්දී, තමාගේ සේනාපතියන් ඉශ්‍රායෙල් නුවරවලට විරුද්ධව යවා, ඊයොන්ටත් දාන්ටත් ආබෙල්-බෙත්මයකාටත් මුළු නප්තලී දේශය ඇතුළුව මුළු කින්නරෝත්ටත් පහරදුන්නේය.

21. බාෂා ඒ අසා රාමා ගොඩනැගීම නවත්වා, තිර්ශාහි වාසය කෙළේය.

22. එවිට ආසා රජ කිසිවකු අත්නෑර සියලු යුදාවරුන්ට අඬගස්වා, රාමා ගොඩනැගීමට බාෂා විසින් ගත් ගල්ද ලීද ඔවුන් ලවා ගෙන්වාගන, එයින් බෙන්යමින්හි ගෙබාද මිශ්පාද ගොඩනැඟුවේය.

23. ආසාගේ අනික් සියලු කාරණාද ඔහුගේ සියලු බලවන්තකම්ද ඔහු කළ සියල්ලද ඔහු ගොඩනැගූ නුවරවල්ද යුදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? නුමුත් ඔහුගේ මහලු වයසේදී ඔහුගේ පාදවල රෝගයක් සෑදී තිබුණේය.

24. ආසා තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ යෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ වුණේය.

25. යෙරොබොවම්ගේ පුත්‍රවූ නාදාබ් යුදාහි රජවූ ආසාගේ දෙවෙනි අවුරුද්දේ ඉශ්‍රායෙල් කෙරෙහි රජ වී දෑවුරුද්දක් රජකම්කෙළේය.

26. ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, තමාගේ පියාගේ මාර්ගයෙහිද ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපයෙහිද හැසුරුණේය.

27. තවද ඉස්සාඛර් වංශයේ අහියාගේ පුත්‍රවූ බාෂා නාදාබ්ට විරුද්ධව කුමන්ත්‍රණයකොට, නාදාබ් සහ සියලු ඉශ්‍රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන් වටලාගන සිටින අතර එහිදී ඔහුට පහරදුන්නේය.

28. යුදාහි රජවූ ආසාගේ තුන්වෙනි අවුරුද්දේදී බාෂාතෙමේ නාදාබ් මරා ඔහු වෙනුවට රජවුණේය.

29. තවද රජවූ වහාම ඔහු යෙරොබොවම්ගේ මුළු වංශය නැසුවේය; විනාශනොකර පණපිටින් කිසිවෙකු ඔහු යෙරොබොවම්ට ඉතුරු නොකෙළේය.

30. එසේ වුණේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්කරන ලෙස යෙරොබොවම් විසින් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පව් නිසා ස්වාමීන්වහන්සේ තමන්ගේ දාසයාවූ ෂීලොනිය අහියා ලවා කියෙවු උන්වහන්සේගේ වචනයේ හැටියටය.

31. නාදාබ්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?

32. ආසා සහ ඉශ්‍රායෙල්හි රජවූ බාෂා අතරේ ඔවුන්ගේ සියලු දවස්වල යුද්ධ පැවතුණේය.

33. යුදාහි ආසාගේ තුන්වෙනි අවුරුද්දේදී අහියාගේ පුත්‍රවූ බාෂා තිර්ශාහි සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී විසිහතර අවුරුද්දක් රජකම්කෙළේය.

34. ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට යෙරොබොවම්ගේ මාර්ගයෙහිද ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපයේ හැටියටද හැසුරුණේය.

About 1 රාජාවලිය Chapter 15

Read 1 රාජාවලිය Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 රාජාවලිය
Chapter: 15
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 රාජාවලිය Chapter 15 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 රාජාවලිය Chapter 15?

1 රාජාවලිය Chapter 15 is part of the Book of 1 රාජාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 රාජාවලිය Chapter 15 online for free with easy chapter navigation.

More Chapters from 1-රාජාවලිය

  1. 1 රාජාවලිය Chapter 18
  2. 1 රාජාවලිය Chapter 19
  3. 1 රාජාවලිය Chapter 20
  4. 1 රාජාවලිය Chapter 22
  5. 1 රාජාවලිය Chapter 13
  6. 1 රාජාවලිය Chapter 17
  7. 1 රාජාවලිය Chapter 11

Explore More from පැරණි ගිවිසුම

  1. එසකියෙල් Chapter 17
  2. හිතෝපදේශ Chapter 9
  3. 1 රාජාවලිය Chapter 9
  4. යෙසායා Chapter 60
  5. ගණන් කථාව Chapter 11
  6. මීකා Chapter 6
  7. යෙරෙමියා Chapter 25

Related Chapters & Readings

  1. 2 රාජාවලිය Chapter 21
  2. ගීතාවලිය Chapter 132
  3. 2 සාමුවෙල් Chapter 10
  4. ගීතාවලිය Chapter 111
  5. විනිශ්චයකාරයන් Chapter 7
  6. 1 රාජාවලිය Chapter 4
  7. හෙබ්රෙනව් Chapter 10
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *