Read එසකියෙල් Chapter 48 Online
Read එසකියෙල් Chapter 48 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.
Choose a Chapter
එසකියෙල් 48
පරිච්ඡේදය 48
1. ගෝත්‍රවල නාමවල් මේවාය: හමාත්ට පැමිණෙන හෙත්ලොන්හි මාර්ගයද හශර්-ඒනාන්ද උතුරෙහි හමාත්ට ළංවූ දමස්කයේ සීමාවද ළඟ තිබෙන උතුරු කෙළවරේ සිට නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර දක්වා දාන්ට එකක්ය.
2. දාන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ආෂෙර්ට එකක්ය.
3. ආෂෙර්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නප්තලීට එකක්ය.
4. නප්තලීගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා මනස්සේට එකක්ය.
5. මනස්සේගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා එප්‍රායිම්ට එකක්ය.
6. එප්‍රායිම්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා රූබෙන්ට එකක්ය.
7. රූබෙන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා යූදාට එකක්ය.
8. යූදාගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නුඹලා ඔප්පුකළ යුතු උපහාර කොටස වන්නේය, එහි පළල දඬු විසිපන් දහසක්ද එහි දිග අනික් කොටස්වලින් එකක් වාගේ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වාද වන්නේය; ශුද්ධස්ථානය එහි මැද වන්නේය.
9. නුඹලා එයින් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ යුතුවූ උපහාර කොටස විසිපන් දහසක් දිගද දස දහසක් පළලද ඇතුව තිබිය යුතුය.
10. ශුද්ධවූ උපහාරය මොවුන්ට වන්නේය, එනම්, පූජකයන්ට, උතුරට විසිපන් දහසක් දිගද බස්නාහිරට දස දහසක් පළලද නැගෙනහිරට දස දහසක් පළලද දකුණ දෙසට විසිපන් දහසක් දිගද ඇති කොටසක් වන්නේය. ඒක මැද ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය වන්නේය.
11. එය ඉශ්‍රායෙල් පුත්‍රයන් මුළාව ගිය කල ලෙවීවරු මුළාව ගියාක්මෙන් මුළාව නොගොස් මාගේ සේවය පැවැත්තුවාවූ, ශාදොක්ගේ පුත්‍රයන්වූ පවිත්‍රකරනු ලැබූ පූජකයන්ට වන්නේය.
12. එය දේශයේ උපහාරයෙන් ලෙවීවරුන්ගේ සීමාව ළඟ ඔවුන්ට අති ශුද්ධ උපහාර කොටසක් වන්නේය.
13. පූජකයන්ගේ සීමාවට යාව විසිපන් දහසක් දිගද දසදහසක් පළලද ඇති කොටසක් ලෙවීවරුන්ට වන්නේය. මුළු දිග විසිපන් දහසක්ද පළල දස දහසක්ද විය යුතුය.
14. ඔවුන් විසින් එයින් කිසිවක් විකුණන්ටවත් මාරුකරන්ටවත් භූමියේ ප්‍රථම ඵල අහිමිකරන්ටවත් නොයෙදේවා. මක්නිසාද එය ස්වාමීන්වහන්සේට ශුද්ධය.
15. විසිපන් දහසට යාම පළලෙන් ඉතුරුව තිබෙන පන් දහස වාසයකිරීමට නුවර සහ පිට-බිම් පිණිස පොදුවූ කොටසක් වන්නේය. නුවර වනාහි ඒක මැද වන්නේය. එකේ මිමි මෙසේය:
16. උතුරු පැත්ත හාරදාස් පන්සියයක්ය, දකුණු පැත්ත හාරදාස් පන්සියයක්ය, නැගෙනහිර පැත්ත හාරදාස් පන්සියයක්ය, බස්නාහිර පැත්ත හාරදාස් පන්සියයක්ය.
17. නුවරට පිට-බිම් තිබිය යුතුය; උතුරට දඬු දෙසිය පනහක්ව, දකුණට දෙසිය පනහක්ව, නැගෙනහිරට දෙසිය පනහක්ව, බස්නාහිරට දෙසිය පනහක්ව තිබිය යුතුය.
18. ශුද්ධවූ උපහාරයට යාව දිගින් ඉතිරිවෙන්නේ නැගෙනහිරට දස දහසක්ය; බස්නාහිරට දස දහසක්ය. එය ශුද්ධවූ උපහාරය ළඟ වන්නේය; ඒ කොට්ඨාසවල අස්වැන්න නුවර වැඩ කරන්නන්ට කෑම පිණිස වන්නේය;
19. සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් නුවර වැඩකරන්නෝ එය අස්වද්දවත්වා.
20. මුළු උපහාරය විසිපන් දහසක් දිගව, විසිපන් දහසක් පළලව, තිබිය යුතුය. එසේ ශුද්ධවූ උපහාරය නුවර කොටස ඇතුළුව සතරැස් එකක් කොට ඔප්පු කරන්න.
21. ශුද්ධවූ උපහාරයටත් නුවර කොටසටත් දෙපැත්තෙන් එනම් උපහාරයේ විසිපන් දහස ළඟ සිට නැගෙනහිර සීමාව දක්වාද බස්නාහිර දෙසට විසිපන් දහස ළඟ සිට බස්නාහිර සීමාව දක්වාද [ගෝත්‍ර] කොටස් ළඟ ඉතිරිවෙන පංගු අධිපතියාට වන්නේය. ශුද්ධවූ උපහාරයද ගෘහයේ ශුද්ධස්ථානයද එහි මැද වන්නේය.
22. එසේ අධිපතියාට අයිති ඒවාට අතරේ තිබෙන ලෙවීවරුන්ගේ කොටසේ සිටද නුවර කොටසේ සිටද යූදාගේ සීමාවටත් බෙන්යමින්ගේ සීමාවටත් අතරේ තිබෙන කොටස් අධිපතියාට වන්නේය.
23. ඉතිරි ගෝත්‍රවලින් නම් නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා බෙන්යමින්ට එකක්ය.
24. බෙන්යමින්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා සිමියොන්ට එකක්ය.
25. සිමියොන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ඉස්සාකර්ට එකක්ය.
26. ඉස්සාකර්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා සාබුලොන්ට එකක්ය.
27. සාබුලොන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ගාද්ට එකක්ය.
28. ගාද්ගේ සීමාව ළඟ දකුණු දිශාවට දකුණු පැත්තේ සීමාව නම් තාමාර් පටන් මෙරීබත්-කාදෙෂ්හි ජලයත් මිසර ඔයත් මහ මුහුදත් දක්වා තිබෙන්නේය.
29. ඉශ්‍රායෙල් ගෝත්‍රවලට උරුමයක් පිණිස නුඹලා පසඇට දමා බෙදිය යුතුවූ දේශය ඒකය, ඔවුන්ගේ කොටස් ඒවායයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
30. නුවරින් පිටතට යන තැන් මෙසේය: දඬු මිම්මෙන් හාරදාස් පන්සියයක් දිග ඇති උතුරු පැත්තෙහි
31. ඉශ්‍රායෙල් ගෝත්‍රවල නාම ප්‍රකාරයට නම් ඇතුව, නුවර දොරටුවලින් දොරටු තුනක් උතුරට වන්නේය. රූබෙන්ගේ දොරටුව එකක්ය; යූදාගේ දොරටුව එකක්ය; ලෙවීගේ දොරටුව එකක්ය.
32. හාරදාස් පන්සියයක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේය. යෝසෙප්ගේ දොරටුව එකක්ය; බෙන්යමින්ගේ දොරටුව එකක්ය; දාන්ගේ දොරටුව එකක්ය.
33. මිම්මෙන් හාරදාස් පන්සියයක් දිග ඇති දකුණු පැත්තෙහි දොරටු තුනක් වන්නේය. සිමියොන්ගේ දොරටුව එකක්ය; ඉස්සාකර්ගේ දොරටුව එකක්ය; සාබුලොන්ගේ දොරටුව එකක්ය.
34. හාරදාස් පන්සියයක් දිග ඇති බස්නාහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේය. ගාද්ගේ දොරටුව එකක්ය; ආෂෙර්ගේ දොරටුව එකක්ය; නප්තලීගේ දොරටුව එකක්ය.
35. වටකර දහඅට දහසක්ය. ඒ දවසේ පටන් නුවර නාමය යොහෝවා-ෂාමා* වන්නේයයි කීසේක. (* එනම්: ස්වාමීන්වහන්සේ එහිය)
About එසකියෙල් Chapter 48
Read එසකියෙල් Chapter 48 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: එසකියෙල්
Chapter: 48
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading එසකියෙල් Chapter 48 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is එසකියෙල් Chapter 48?
එසකියෙල් Chapter 48 is part of the Book of එසකියෙල් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete එසකියෙල් Chapter 48 online for free with easy chapter navigation.
More Chapters from එසකියෙල්
- එසකියෙල් Chapter 5
- එසකියෙල් Chapter 40
- එසකියෙල් Chapter 34
- එසකියෙල් Chapter 28
- එසකියෙල් Chapter 24
- එසකියෙල් Chapter 17
- එසකියෙල් Chapter 9
Explore More from පැරණි ගිවිසුම
- හිතෝපදේශ Chapter 29
- 1 සාමුවෙල් Chapter 15
- යෝනා Chapter 4
- 2 සාමුවෙල් Chapter 10
- ගීතාවලිය Chapter 112
- යෙරෙමියා Chapter 13
- ද්වීතීය කථාව Chapter 18