ලෙවී කථාව Chapter 21

For English

Read ලෙවී කථාව Chapter 21 Online

Read ලෙවී කථාව Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ලෙවී කථාව and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

ලෙවී කථාව 21

පරිච්ඡේදය 21

1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ආරොන්ගේ පුත්‍රවූ පූජකයන්ට කථාකරමින් මෙසේ කියන්න-කිසිවෙක් තමාගේ සෙනඟ අතරේ මළවුන් උදෙසා අපවිත්‍ර නොවිය යුතුය;

2. එහෙත් ඔහුට කිට්ටුවූ ඔහුගේ නෑයා උදෙසා එනම් තමාගේ මවු උදෙසාද තමාගේ පියා උදෙසාද තමාගේ පුත්‍රයා උදෙසාද තමාගේ දුව උදෙසාද තමාගේ සහෝදරයා උදෙසාද,

3. පුරුෂයෙකු නොගත් තමා ළඟ ඉන්න කන්‍යාවක්වූ තමාගේ සහෝදරී උදෙසාද අපවිත්‍රවෙන්ට ඔහුට පුළුවන.

4. තමාගේ සෙනඟ අතරේ නායකයෙක්වූ ඔහු තමා දූෂණයවන ලෙස අපවිත්‍ර නොවිය යුතුය.

5. ඔව්හු තමුන්ගේ හිස් මුඩු නොකරත්වා, රැවුළේ කොන් බූනොගාත්වා, ඔවුන්ගේ ශරීරයෙහි කිසි කැපීමක් නොකරත්වා.

6. ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේට ශුද්ධව සිටිත්වා, තමුන්ගේ දෙවියන්වහන්සේගේ නාමය දූෂණයනොකරත්වා. මක්නිසාද ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය වන ස්වාමීන්වහන්සේගේ ගිනි පූජා ඔප්පුකරති. එබැවින් ඔවුන් ශුද්ධව සිටිය යුතුය.

7. ඔව්හු වේශ්‍යාවක්වත් කිලුටු කරනු ලැබූ තැනැත්තියෙක්වත් පුරුෂයාගෙන් පහකරනු ලැබූ ස්ත්‍රියෙක්වත් පාවා නොගනිත්වා. මක්නිසාද ඔහු තමාගේ දෙවියන්වහන්සේට ශුද්ධ කෙනෙක්ය.

8. එබැවින් ඔබ ඔහු විශුද්ධකරන්න; මක්නිසාද ඔහු ඔබේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරයි. ඔහු ඔබට ශුද්ධ කෙනෙක් වන්නේය. මක්නිසාද ඔබ සැම විශුද්ධකරන ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය.

9. තවද යම්කිසි පූජකයෙකුගේ දුවක් වේශ්‍යාකමෙන් තොමෝම දූෂණයවන්නීනම් ඈ තමාගේ පියාට අපහාසකරන්නීය. ඈ ගින්නෙන් පුලුස්සා දමනු ලැබිය යුතුය.

10. තමාගේ හිස පිට ආලේප තෛලය වත්කරන ලද්දාවූ, ශුද්ධ වස්ත්‍ර හැඳීමට කැපකරන ලද්දාවූ, තමාගේ සහෝදරයන් අතරේ නායක පූජකයාවූ තැනැත්තේ තමාගේ හිසකේ ලිහානොගත යුතුය, තමාගේ වස්ත්‍රද ඉරා නොගත යුතුය;

11. ඔහු කිසි මළකඳක් ළඟට නොයා යුතුය, තමාගේ පියා උදෙසාවත් තමාගේ මවු උදෙසාවත් අපවිත්‍ර නොවිය යුතුය;

12. ඔහු ශුද්ධස්ථානයෙන් පිටතට නොයා යුතුය, තමාගේ දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානය කිලුටු නොකළ යුතුය; මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේගේ ආලේප තෛලය නමැති ඔටුන්න ඔහු පිට තිබේ. මම ස්වාමීන්වහන්සේය.

13. ඔහු භාර්යාවක් ඇගේ කන්‍යා භාවයෙහිදී පාවාගනීවා.

14. ඔහු වැන්දඹුවක්වත් අත්හරිනලද ස්ත්‍රියෙක්වත් දූෂණයවූ තැනැත්තියෙක්වත් වේශ්‍යාවක්වත් පාවානොගෙන තමාගේම සෙනඟ අතරෙන් කන්‍යාවක් භාර්යාව කොට පාවාගත යුතුය.

15. ඔහු තමාගේම සෙනඟ අතරෙහි තමාගේ වංශය දූෂණයනොකොට සිටිය යුතුය. මක්නිසාද මම ඔහු විශුද්ධකරන ස්වාමීන්වහන්සේ යයි කීසේක.

16. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:

17. ආරොන්ට මෙසේ කියන්න-ඔබේ වංශයේ පරම්පරාවලදී ශරීරයේ කැලලක් ඇති කිසිවෙක් ඇද්ද, හෙතෙම තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරන්ට ළංනොවේවා.

18. කැලලක් ඇති කොයි මනුෂ්‍යයෙක් නුමුත් ළංනොවිය යුතුය. අන්ධයෙක්වත් කොරෙක්වත් මුක්කමෙක්වත් විකල් අංග ඇත්තෙක්වත්,

19. අත පය කැඩුණු කෙනෙක්වත්,

20. කුදෙක්වත් මිට්ටෙක්වත් ඇසේ සුදක් ඇති කෙනෙක්වත් කබොල්ලක් ඇත්තෙක්වත් දද ඇත්තෙක්වත් තැළුණු අණ්ඩ ඇත්තෙක්වත් ළංනොවිය යුතුය;

21. පූජකවූ ආරොන්ගේ වංශයෙහි ශරීරයේ කැලලක් ඇති කිසි මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේගේ දවන පූජා ඔප්පුකරන්ට ළංනොවිය යුතුය; ඔහුට පලුදුවක් ඇති බැවින් තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔප්පුකරන පිණිස ළංනොවිය යුතුය.

22. අති ශුද්ධවූද ශුද්ධවූද දේවලින් තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔහුට කන්ට පුළුවන.

23. නුමුත් ඔහුට කැලලක් තිබෙන බැවින් මාගේ ශුද්ධස්ථානය දූෂණයනොකරන පිණිස ඔහු තිරයෙන් ඇතුළට පැමිණෙන්ටවත් පූජාසනයට ළංවෙන්ටවත් යුතු නැත. මක්නිසාද මම ඒවා විශුද්ධකරන ස්වාමීන්වහන්සේයයි කීසේක.

24. මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද එසේ කීයේය.

About ලෙවී කථාව Chapter 21

Read ලෙවී කථාව Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ලෙවී කථාව
Chapter: 21
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ලෙවී කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ලෙවී කථාව Chapter 21 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ලෙවී කථාව Chapter 21?

ලෙවී කථාව Chapter 21 is part of the Book of ලෙවී කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ලෙවී කථාව Chapter 21 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 25

Explore More from ලෙවී-කථාව

  1. ලෙවී කථාව Chapter 26
  2. ලෙවී කථාව Chapter 17
  3. ලෙවී කථාව Chapter 25
  4. ලෙවී කථාව Chapter 11
  5. ලෙවී කථාව Chapter 23
  6. ලෙවී කථාව Chapter 8
  7. ලෙවී කථාව Chapter 9

Related Chapters & Readings

  1. ද්වීතීය කථාව Chapter 7
  2. ගීතාවලිය Chapter 12
  3. එළිදරව් Chapter 11
  4. හිතෝපදේශ Chapter 19
  5. යෙසායා Chapter 65
  6. 2 ලේකම් Chapter 24
  7. ගීතාවලිය Chapter 85
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *