Read ශු. මතෙව් Chapter 5 Online
Read ශු. මතෙව් Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මතෙව් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. මතෙව් and the Holy Bible online.
Choose a Chapter
ශු. මතෙව් 5
පරිච්ඡේදය 5
1. උන්වහන්සේ සමූහයන් දැක කන්දට නැගුණසේක. උන්වහන්සේ හිඳගත් කල්හි උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ආවෝය.
2. එවිට උන්වහන්සේ මුඛය හැර ඔවුන්ට උගන්වමින් මෙසේ කීසේක-
3. සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය.
4. ශෝකවන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු සනසනු ලබන්නෝය.
5. මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය.
6. ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය.
7. දයාවන්තයෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දයාව ලබන්නෝය.
8. සිතින් පවිත්‍රව සිටින්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ දකින්නෝය.
9. සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය.
10. ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය.
11. මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය.
12. ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය.
13. නුඹලා පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රසකරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය.
14. නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය.
15. මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි.
16. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.
17. ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතන්න. සම්පූර්ණකරන්ට මිස අවලංගුකරන්ට නාවෙමි.
18. සැබවක් නුඹලාට කියමි: අහසත් පොළොවත් පහව යන තෙක්, සියල්ල සිදුවන තුරු, ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය.
19. එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩකරන්නාවූ, කඩකරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා සුළුයයි කියනු ලබන්නේය. නුමුත් ඒවා පවත්වන්නාවූ, උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි උතුම්යයි කියනු ලබන්නේය.
20. මක්නිසාද නුඹලාගේ ධර්මිෂ්ඨකම ලියන්නන්ගේද ඵරිසිවරුන්ගේද ධර්මිෂ්ඨකමට වැඩි නොවීනම්, නුඹලා කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුයයි නුඹලාට කියමි.
21. මිනී නොමරව, මිනීමරන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙකැයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ.
22. නුමුත් මම නුඹලාට කියමි: තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රකායයි* කියන කවරෙක් නුමුත් මන්ත්‍රණ සභාවෙන් දඬුවම් ලබන්ට සුදුස්සෙක් වන්නේය, නුඹ ජඩයායයි කියන කවරෙක් නුමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය. (* හෙවත් මෝඩයා)
23. එබැවින් නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහිවී නම්,
24. නුඹේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට නුඹේ සහෝදරයා හා සමඟිවී, පසුව ඇවිත් නුඹේ පඬුර පුදන්න.
25. නුඹේ විරුද්ධකාරයා සමඟ පාරේ යන කල්හිම ඉක්මනින් ඔහු හා සමඟිවෙන්න; නැත්නම් විරුද්ධකාරයා නුඹ විනිශ්චයකාරයාට භාරදෙන්නේය, විනිශ්චයකාරයා නුඹ සේවකයාට භාරදෙන්නේය, නුඹද හිරගෙයි දමනු ලබන්නෙහිය.
26. සැබවක් නුඹට කියමි: අන්තිම සල්ලිය ගෙවනතුරු නුඹ කිසිසේත් එයින් පිටවී නොඑන්නෙහිය.
27. කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ.
28. නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.
29. නුඹේ දකුණු ඇස නුඹට බාධාකෙරේ නම්, ඒක උගුළා අහකට දමන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම නුඹට යහපත.
30. නුඹේ දකුණු අත නුඹට බාධාකෙරේ නම්, ඒක කපා අහකදමන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයට යාමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම නුඹට යහපත.
31. ඇරත්, තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඈට අත්හැරීම් පත්‍රයක් දේවයි කියා තිබුණේය.
32. මම නුඹලාට කියමි: වේශ්‍යාකමට මිස වෙන කාරණයකට තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඇය කාමමිථ්‍යාචාරයට පමුණුවන්නේය. යමෙක් අත්හරිනු ලැබූ ඇය විවාහකරගන්නේ නම් ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේය.
33. බොරුවට නොදිවුරව, ස්වාමීන්වහන්සේට නුඹේ දිවුරුම් ඉෂ්ටකරවයි පුරාතනයන්ට කී බවත් නුඹලා අසා තිබේ.
34. නුමුත් මම නුඹලාට කියමි: කිසිසේත් නොදිවුරන්න; ස්වර්ගය දෙවියන්වහන්සේගේ සිංහාසනය බැවින් ඒක ගැනවත්,
35. පොළොව දෙවියන්වහන්සේගේ පාපුටුව බැවින් ඒක ගැනවත්, යෙරුසලම මහරජහුගේ නුවර බැවින් ඒක ගැනවත් නොදිවුරන්න.
36. එක හිසකෙසක් සුදුකරන්ටවත් කළුකරන්ටවත් නුඹට නොහැකි බැවින් හිස ගැනත් නොදිවුරන්න.
37. නුඹලාගේ වචනය: එසේය; එසේය කියාද: නැත, නැත කියාද වේවා. මීට වැඩිවූ යමක් ඇද්ද එය නපුරාගෙන් වේ.
38. ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව නුඹලා අසා තිබේ.
39. නුමුත් මම නුඹලාට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටින්න. යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න.
40. යමෙක් නඩු කියා නුඹේ අඳනය ගන්ට කැමතිවීනම්, ඔහුට නුඹේ උතුරු සළුවත් ගන්ට ඉඩඅරින්න.
41. යමෙක් එක හැතැප්මක් යන්ට නුඹට බලාත්කාරකෙරේද, ඔහු සමඟ හැතැප්ම දෙකක් යන්න. නුඹෙන් ඉල්ලන්නාට දෙන්න,
42. නුඹෙන් ණය ගන්ට කැමති තැනැත්තාට පිටු නොපාන්න.
43. නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව, නුඹේ සතුරාට වෛරකරවයි කී බව නුඹලා අසා තිබේ.
44. නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;
45. මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක.
46. නුඹලාට ප්‍රේමකරන්නන්ටම නුඹලා ප්‍රේමකරනවා නම්, නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අයකරන්නෝ පවා එසේ නොකරද්ද?
47. නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාරකරනවානම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද?
48. එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න.
About ශු. මතෙව් Chapter 5
Read ශු. මතෙව් Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මතෙව් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ශු. මතෙව්
Chapter: 5
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ශු. මතෙව්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ශු. මතෙව් Chapter 5 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ශු. මතෙව් Chapter 5?
ශු. මතෙව් Chapter 5 is part of the Book of ශු. මතෙව් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ශු. මතෙව් Chapter 5 online for free with easy chapter navigation.
More Chapters from නව ගිවිසුම
- එපීස Chapter 1
- එපීස Chapter 4
- එපීස Chapter 3
- එපීස Chapter 2
- එපීස Chapter 5
- ශු. ලූක් Chapter 15
- ශු. ලූක් Chapter 3
Explore More from ශු.-මතෙව්
- ශු. මතෙව් Chapter 6
- ශු. මතෙව් Chapter 17
- ශු. මතෙව් Chapter 1
- ශු. මතෙව් Chapter 4
- ශු. මතෙව් Chapter 11
- ශු. මතෙව් Chapter 13
- ශු. මතෙව් Chapter 10