නික්මයාම Chapter 19

For English

Read නික්මයාම Chapter 19 Online

Read නික්මයාම Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.

Choose a Chapter

නික්මයාම 19

පරිච්ඡේදය 19

1. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසර දේශයෙන් ඇවිත් තුන් මාසයක් වූ එම දවසෙහි සීනයි වනාන්තරයට පැමිණියෝය.

2. ඔව්හු රෙඵිඩිම්හි සිට පිටත්ව සීනයි වනාන්තරයට ඇවිත් වනාන්තරයෙහි කූඩාරම් ගසාගත්තෝය; එහි කන්ද ඉදිරිපිට ඉශ්‍රායෙල්වරු කූඩාරම් ගසාගත්තෝය.

3. මෝසෙස් වනාහි දෙවියන්වහන්සේ වෙතට නැගී ගියේය, ස්වාමීන්වහන්සේ කන්දේ සිට ඔහුට හඬගසා: ඔබ මෙසේ යාකොබ්ගේ වංශයට කියා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දන්වන්න:

4. මා විසින් මිසරවරුන්ට කළ දෙයද ඔබ සැම රාජාලීන්ගේ පියාපත් පිට උසුලා මා වෙතට ගෙනා බවද ඔබ සැම දුටුවහුය.

5. දැනුදු ඔබ සැම සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනඟ අතරෙන් ඔබ සැම මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය.

6. ඔබ සැම මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය. ඔබ විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කිය යුතු වචන මේයයි කීසේක.

7. මෝසෙස් අවුත් සෙනඟගේ ප්‍රධානීන් කැඳවා ස්වාමීන්වහන්සේ තමාට අණකළ මේ සියලු වචන ඔවුන් ඉදිරියෙහි තැබුවේය.

8. එවිට මුළු සෙනඟ එක්ව උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ලම කරන්නෙමුයයි කීවෝය. මෝසෙස් සෙනඟගේ වචන ස්වාමීන්වහන්සේට සැලකළේය.

9. ස්වාමීන්වහන්සේද: බලව, මා ඔබ සමඟ කථාකරන කල සෙනඟ අසන පිණිසත් සෑම කල්හිම ඔබ කෙරෙහිද විශ්වාසකරන පිණිසත් ඝන වලාකුළකින් ඔබ වෙතට එමියි මෝසෙස්ට කීසේක. මෝසෙස් සෙනඟගේ වචන ස්වාමීන්වහන්සේට දැන්නුවේය.

10. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔබ සෙනඟ ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍රකරව, ඔව්හු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා.

11. මක්නිසාද තුන්වෙනි දවසේදී ස්වාමීන්වහන්සේ මුළු සෙනඟගේ ඇස් හමුවෙහි සීනයි කන්ද පිටට බසිනසේක.

12. ඔබ සෙනඟට හාත්පසින් සීමා තබා: ඔබ සැම කන්දට නොනගින හැටියටත් එහි අද්දර ස්පර්ශනොවන හැටියටත් බලාගන්නැයි කියන්න. කන්දේ හැපෙන කවරෙක් නුමුත් සැබවින් මරනු ලබන්නේය.

13. කිසි අතක් ඔහුට ස්පර්ශ නොවන්නේය, ඔහු සැබවින් ගල්ගසනු ලබන්නේය, නොහොත් විදදමනු ලබන්නේය; මෘගයෙක් වුවත් මනුෂ්‍යයෙක් වුවත් ජීවත්නොවන්නේය. හොරණෑව බොහෝ වේලා ශබ්දකරන කල්හි ඔව්හු කන්දට පැමිණෙත්වයි කීසේක.

14. මෝසෙස් කන්දෙන් සෙනඟ ළඟට බැස අවුත් ඔවුන් පවිත්‍රකෙළේය; ඔව්හු තමුන්ගේ වස්ත්‍ර අපුල්ලාගත්තෝය.

15. ඔහුද: තුන්වෙනි දවසට සෑදී සිටින්න. ස්ත්‍රියෙකු කරා නොපැමිණෙන්නැයි සෙනඟට කීය.

16. තුන්වෙනි දින උදය වූ කල ගිගිරුම්ද විදුලිද කන්ද පිට ඝන වලාකුළක්ද ඉතා තද හොරණෑ ශබ්දයක්ද විය; එවිට කඳවුරෙහි සිටිය මුළු සෙනඟ වෙවුලුවෝය.

17. දෙවියන්වහන්සේට අභිමුඛවන පිණිස මෝසෙස් සෙනඟ කඳවුරෙන් පිටතට ගෙනායේය; ඔව්හුද කන්ද පහළ සිටියෝය.

18. ස්වාමීන්වහන්සේ සීනයි කන්ද පිටට ගින්නෙන් බැස්ස බැවින් ඒක මුළුල්ල ධූමයෙන් වැසී තිබුණේය. එහි ධූමය උදුනක ධූමයමෙන් නැගුණේය, මුළු කන්ද බොහෝසෙයින් කම්පාවිය.

19. හොරණෑ ශබ්දය වැඩි වැඩිව පැවතුණු විට මෝසෙස් කථාකෙළේය, දෙවියන්වහන්සේ ශබ්දයකින් ඔහුට උත්තරදුන්සේක.

20. ස්වාමීන්වහන්සේ සීනයි කඳු මුදුනට බැස අවුත් කඳු මුදුනට මෝසෙස් කැඳවූසේක; මෝසෙස්ද නැගී ගියේය.

21. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බැස යව, බලන පිණිස සෙනඟ ස්වාමීන්වහන්සේ වෙතට සීමා බිඳගන අවුත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් නොනස්නා පිණිස සීමාව ඉක්මවා නොයනලෙස ඔවුන්ට අණකරව.

22. ස්වාමීන්වහන්සේ ළඟට එන පූජකයෝද ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහර නොදෙන පිණිස තමන්ම පවිත්‍රකරගනිත්වයි කීසේක.

23. මෝසෙස්ද: සෙනඟ සීනයි කන්දට නැගෙන්ට නොහැකිවෙති. මක්නිසාද: කන්ද වටකර සීමා තබා ඒක කැපකරව්ය කියා ඔබ අපට අණකළසේකැයි ස්වාමීන්වහන්සේට කීවේය.

24. ස්වාමීන්වහන්සේද: යන්න, පහළ බසින්න; ඔබද ඔබ සමඟ ආරොන්ද නැගී එන්න. නුමුත් ස්වාමීන්වහන්සේ ඇවිත් පහරනොදෙන පිණිස පූජකයෝද සෙනඟද උන්වහන්සේ වෙතට නැග එන්ට සීමාව බිඳගන නොයෙත්වයි ඔහුට කීසේක.

25. එවිට මෝසෙස් සෙනඟ ළඟට බැස ඔවුන්ට එසේ කීවේය.

About නික්මයාම Chapter 19

Read නික්මයාම Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නික්මයාම
Chapter: 19
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නික්මයාම Chapter 19 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නික්මයාම Chapter 19?

නික්මයාම Chapter 19 is part of the Book of නික්මයාම in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නික්මයාම Chapter 19 online for free with easy chapter navigation.

More Chapters from නික්මයාම

  1. නික්මයාම Chapter 26
  2. නික්මයාම Chapter 6
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 20
  5. නික්මයාම Chapter 2
  6. නික්මයාම Chapter 1
  7. නික්මයාම Chapter 39

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 9
  2. ගීතාවලිය Chapter 128
  3. ගීතාවලිය Chapter 64
  4. එස්තර් Chapter 2
  5. ද්වීතීය කථාව Chapter 17
  6. හිතෝපදේශ Chapter 15
  7. යෝෂුවා Chapter 14

Related Chapters & Readings

  1. 1 ලේකම් Chapter 5
  2. දානියෙල් Chapter 1
  3. 1 රාජාවලිය Chapter 8
  4. යෙසායා Chapter 41
  5. විනිශ්චයකාරයන් Chapter 19
  6. 1 රාජාවලිය Chapter 18
  7. ද්වීතීය කථාව Chapter 15
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *