උත්පත්ති Chapter 20

For English

Read උත්පත්ති Chapter 20 Online

Read උත්පත්ති Chapter 20 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.

Choose a Chapter

උත්පත්ති 20

පරිච්ඡේදය 20

1. ආබ්‍රහම් එතැනින් දකුණු දේශයට ගමන්කර කාදෙෂ්ද ෂූර්ද අතරේ වාසය කෙළේය; ඔහු ගෙරාර්හිද පොරොත්තුවුණේය.

2. ආබ්‍රහම් තම භාර්යාවවූ සාරා ගැන: ඈ මගේ සහෝදරීයයි කීවේය. එවිට ගෙරාර්හි රජවූ අබිමෙලෙක් මිනිසුන් යවා සාරා ගෙන්වා ගත්තේය.

3. නුමුත් දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අබිමෙලෙක් වෙතට පැමිණ: බලව, ඔබ ගෙන්වාගත් ස්ත්‍රිය නිසා ඔබ මළ කෙනෙක්ය, මක්නිසාද ඈ මනුෂ්‍යයෙකුගේ භාර්යාවයයි ඔහුට කීසේක.

4. නුමුත් අබිමෙලෙක් ඈ කරා නොපැමිණ සිටියේය. ඔහු කියනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ජාතියක් පවා නසනසේක්ද?

5. ඈ මාගේ සහෝදරීයයි ඔහුම මට නොකීයේද? ඈ පවා: ඔහු මාගේ සහෝදරයායයි කීවාය; මාගේ සිතේ අවංකකමින්ද මාගේ අත්වල නිදොස්කමෙන්ද මේක කෙළෙමියි කීවේය.

6. දෙවියන්වහන්සේ ස්වප්නයෙන් ඔහුට කථාකොට: එසේය, ඔබේ සිතේ අවංකකමින් මේක කළ බව දනිමි, මට විරුද්ධව පව්කිරීමෙන් ඔබ වැළැක්කුවේ මමය. එබැවින් ඈට ස්පර්ශකරන්ට ඔබට ඉඩනෑරියෙමි.

7. එහෙයින් දැන් ඒ මනුෂ්‍යයාගේ භාර්යාව ආපසු දෙන්න; මක්නිසාද ඔහු අනාගතවක්තෘ කෙනෙක්ය, ඔහු ඔබ ජීවත්වෙන පිණිස ඔබ උදෙසා යාච්ඤා කරන්නේය. එහෙත් ඈ ආපසු නොදෙන්නෙහි නම් ඔබද ඔබ සන්තක සියල්ලන්ද ඒකාන්තයෙන් නසින බව දැනගන්නැයි කීසේක.

8. අබිමෙලෙක් අලුයම් වේලෙහි නැගිට තමාගේ සියලු මෙහෙකරුවන් කැඳවා මේ සියල්ල ඔවුන් ඉදිරියෙහි කීවේය. ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් භයවුණෝය.

9. එකල අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා ඔහුට කථාකොට: ඔබ අපට කළේ මොකද? මා සහ මාගේ රාජ්‍යය කෙරෙහි ඔබ මහත් පාපයක් පැමිණෙවුවේ මා විසින් ඔබට විරුද්ධව කුමන පාපයක් කළ නිසාද? ඔබ මට නොකටයුතු ක්‍රියාවල් කෙළෙහියයි කීය.

10. තවද අබිමෙලෙක්: ඔබ මේ දෙය කළේ කුමක් දුටු නිසාදැයි ආබ්‍රහම්ට කීය.

11. ආබ්‍රහම්: සැබවින්ම මේ ස්ථානයෙහි දේව භය නැත්තේය කියාත් ඔවුන් මාගේ භාර්යාව නිසා මා මරනවා ඇත කියාත් මට සිතුණු නිසාය.

12. ඇරත් ඈ ඇත්තෙන්ම මාගේ සහෝදරීය, මාගේ පියාගේ දුවය; නුමුත් මාගේ මවුගේ දුව නොවේය; ඈ මාගේ භාර්යාව වූවාය.

13. තවද දෙවියන්වහන්සේ මාගේ පියාගේ ගෙයින් යන්ට මට සැලැස්සූ කල මම ඈට කථාකර: ඔබ මට පෙන්විය යුතු කරුණාව මේය, අප පැමිණෙන්නාවූ සියලු තැන්හිදීම-ඔහු මාගේ සහෝදරයායයි මා ගැන කියන්නැයි කීමියි කීයේය.

14. අබිමෙලෙක් බැටළුවන්ද ගවයන්ද දාසයන්ද දාසීන්ද රැගෙන ආබ්‍රහම්ට දී ඔහුගේ භාර්යාවවූ සාරාද ඔහුට ආපසු දුන්නේය.

15. අබිමෙලෙක්: බලව, මාගේ දේශය ඔබ ඉදිරියෙහිය, කැමති තැනක වාසය කරන්නැයි කීවේය.

16. ඔහු සාරාට කථාකොට: බලව, මම ඔබේ සහෝදරයාට රිදී දහසක් දුනිමි. එය ඔබ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි ඔබට ඇස් වැස්මක් පිණිසය; සියල්ලන් ඉදිරියෙහි ඔබට යුක්තිය සිදුකරනලද්දේයයි කීවේය.

17. ආබ්‍රහම් දෙවියන්වහන්සේට යාච්ඤාකෙළේය. දෙවියන්වහන්සේ අබිමෙලෙක් සහ ඔහුගේ භාර්යාවද ඔහුගේ දාසීන්ද සුවපත් කළසේක; එවිට ඔව්හු දරුවන් බිහිකළෝය.

18. මක්නිසාද ස්වාමීන්වහන්සේ විසින් ආබ්‍රහම්ගේ භාර්යාවවූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෙයි සියල්ලන්ගේ ගර්භ තදින් පියා තිබුණේය.

About උත්පත්ති Chapter 20

Read උත්පත්ති Chapter 20 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: උත්පත්ති
Chapter: 20
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading උත්පත්ති Chapter 20 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is උත්පත්ති Chapter 20?

උත්පත්ති Chapter 20 is part of the Book of උත්පත්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete උත්පත්ති Chapter 20 online for free with easy chapter navigation.

More Chapters from උත්පත්ති

  1. උත්පත්ති Chapter 2
  2. උත්පත්ති Chapter 19
  3. උත්පත්ති Chapter 39
  4. උත්පත්ති Chapter 1
  5. උත්පත්ති Chapter 49
  6. උත්පත්ති Chapter 34
  7. උත්පත්ති Chapter 33

Explore More from පැරණි ගිවිසුම

  1. යෙරෙමියා Chapter 14
  2. සෙකරියා Chapter 8
  3. ගීතාවලිය Chapter 28
  4. උත්පත්ති Chapter 48
  5. නෙහෙමියා Chapter 10
  6. යෙරෙමියා Chapter 3
  7. නෙහෙමියා Chapter 1

Related Chapters & Readings

  1. නෙහෙමියා Chapter 5
  2. ගීතාවලිය Chapter 58
  3. ද්වීතීය කථාව Chapter 6
  4. ගීතාවලිය Chapter 113
  5. 1 තෙසලෝනික Chapter 2
  6. නික්මයාම Chapter 39
  7. හිතෝපදේශ Chapter 25
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *