යෙරෙමියා Chapter 37

For English

Read යෙරෙමියා Chapter 37 Online

Read යෙරෙමියා Chapter 37 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.

Choose a Chapter

යෙරෙමියා 37

පරිච්ඡේදය 37

1. යෙහෝයාකීම්ගේ පුත්‍රවූ කෝනියා වෙනුවට බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් විසින් යූදා දේශයෙහි රජකමට පත්කළ යොෂියාගේ පුත්‍රවූ ශෙදෙකියා රජව රජකම්කෙළේය.

2. නුමුත් ඔහුවත් ඔහුගේ සේවකයෝවත් දේශයේ සෙනඟවත් ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යෙරෙමියා ලවා කියෙවු උන්වහන්සේගේ වචනවලට ඇහුම්කන් නුදුන්නෝය.

3. එහෙත් ශෙදෙකියා රජ ෂෙලෙමියාගේ පුත්‍රවූ යෙහූකල්ද පූජකවූ මයසේයාගේ පුත්‍රවූ ශෙපනියාද අත: අනේ අප උදෙසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නැයි අනාගතවක්තෘවූ යෙරෙමියාට කියා ඇරියේය.

4. යෙරෙමියා වනාහි සෙනඟ අතරේ යමින් එමින් සිටියේය. මක්නිසාද ඒතාක්කල් ඔවුන් ඔහු හිරගෙයි දමා තිබුණේ නැත.

5. තවද ඵාරාවෝගේ සේනාව මිසරයෙන් පිටත්ව ආවෝය. යෙරුසලම වටලාගන සිටි කල්දිවරු ඔවුන් ගැන ආරංචි අසා යෙරුසලම කෙරෙන් අහක්ව ගියෝය.

6. එවිට ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:

7. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මාගෙන් විභාගකරන්ට නුඹලා මා වෙතට එවූ යූදාහි රජුට මෙසේ කියන්න: බලව, නුඹලාට උදව්වෙන්ට පිටත්ව ආවාවූ ඵාරාවෝගේ සේනාව තමුන්ගේ දේශය වන මිසරයට හැරීයනවා ඇත.

8. කල්දිවරු හැරී ඇවිත් මේ නුවරට විරුද්ධව යුද්ධකොට, මේක අල්වා, ගින්නෙන් දවාදමනවා ඇත.

9. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සැබවින්ම කල්දිවරුන් අප කෙරෙන් යනවා ඇත කියා නොරැවටෙන්න; ඔවුන් යන්නේ නැත.

10. මක්නිසාද නුඹලාට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන්ගේ මුළු සේනාවට නුඹලා විසින් පහරදී, සැර තුවාල ලත් මනුෂ්‍යයන් පමණක් එක එකා තම තමාගේ කූඩාරමෙහි ඔවුන්ගෙන් ඉතුරුවුණත්, ඔවුන් නැගිට මේ නුවර ගින්නෙන් දවාදමනවා ඇත යනුය. යෙරෙමියා හිරේ දමනු ලැබීම. රජු විසින් ඔහුට පහසුදීම.

11. තවද ඵාරාවෝගේ සේනාවට භයින් කල්දිවරුන්ගේ සේනාව යෙරුසලම කෙරෙන් ගිය කල,

12. යෙරෙමියා බෙන්යමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්නා පිණිස යෙරුසලමෙන් පිටත්ව ගියේය.

13. ඔහු බෙන්යමින් දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත්‍රවූ ෂෙලෙමියාගේ පුත්‍රයා වන ඉරියා නම්වූ මුරපළේ මුලාදෑනියෙක් එහි සිටියේය; ඔහු අනාගතවක්තෘවූ යෙරෙමියා අල්ලාගෙන: නුඹ කල්දිවරුන්ට එකතුවෙන්ට යන්නෙහියයි කීය.

14. ඒක බොරුවක්ය; මම කල්දිවරුන්ට එකතුවෙන්ට නොයමියි යෙරෙමියා කීය. නුමුත් ඉරියා යෙරෙමියාට ඇහුම්කන් නොදී, ඔහු අල්වා, අධිපතීන් ළඟට ගෙනගියේය.

15. එවිට අධිපතීහු යෙරෙමියා කෙරෙහි උදහස්වී, ඔහුට තළා, යොනාතාන් ලේකමගේ ගෙයි ඔහු හිරඅඩස්සිකළෝය; මක්නිසාද ඔවුන් ඒක හිරගෙයක් කර තිබුණේය.

16. යෙරෙමියා හිරගෙයි බිම්ගෙවලට පැමිණ, එහි බොහෝ දවස් සිටි පසු, ශෙදෙකියා රජ ඔහු ගෙන්වා:

17. ස්වාමීන්වහන්සේගෙන් වචනයක් තිබේදැයි තමාගේ ගෙදරදී රහසින් ඔහුගෙන් ඇසුවේය. යෙරෙමියාද: තිබේයයි කියා-නුඹ බබිලෝනියේ රජුගේ අතට අසුවෙන්නෙහියයි කීවේය.

18. තවද යෙරෙමියා ශෙදෙකියා රජුට කථාකොට: මා හිරගෙයි දැමීමට නුඹටවත් නුඹේ සේවකයන්ටවත් මේ සෙනඟටවත් විරුද්ධව මා විසින් කළ පාපය මොකද?

19. බබිලෝනියේ රජ නුඹටවත් මේ දේශයටවත් විරුද්ධව නොඑන්නේය කියා නුඹලාට අනාගතවාක්‍ය කීවාවූ නුඹලාගේ අනාගතවක්තෘවරු ඉතින් කොයිද?

20. එබැවින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, අනේ මාගේ බස් අසා, මාගේ කන්නලව්ව පිළිගෙන, මා නොනසින පිණිස යොනාතාන් ලේකමගේ ගෙට මා නැවත නෑරිය මැනවයි කීවේය.

21. ශෙදෙකියා රජද, යෙරෙමියා හිරගෙයි මළුවෙහි තබාගන්ටත් රොටි සියල්ලම නුවරින් කම්මුතුවී යන තුරු දවස් පතා රොටියක් රොටි සාදන්නන්ගේ වීථියෙන් ඔහුට ගෙනදෙන්ටත් අණකෙළේය. මෙසේ යෙරෙමියා හිරගෙයි මළුවෙහි සිටියේය.

About යෙරෙමියා Chapter 37

Read යෙරෙමියා Chapter 37 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙරෙමියා
Chapter: 37
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙරෙමියා Chapter 37 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙරෙමියා Chapter 37?

යෙරෙමියා Chapter 37 is part of the Book of යෙරෙමියා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙරෙමියා Chapter 37 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 20
  6. නික්මයාම Chapter 6
  7. නික්මයාම Chapter 2

Explore More from යෙරෙමියා

  1. යෙරෙමියා Chapter 10
  2. යෙරෙමියා Chapter 50
  3. යෙරෙමියා Chapter 24
  4. යෙරෙමියා Chapter 13
  5. යෙරෙමියා Chapter 22
  6. යෙරෙමියා Chapter 14
  7. යෙරෙමියා Chapter 12

Related Chapters & Readings

  1. ගණන් කථාව Chapter 22
  2. රෝම Chapter 5
  3. යෙරෙමියා Chapter 4
  4. ක්රිරයා Chapter 14
  5. ද්වීතීය කථාව Chapter 34
  6. හිතෝපදේශ Chapter 20
  7. 1 තෙසලෝනික Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *