Read 1 සාමුවෙල් Chapter 14 Online
Read 1 සාමුවෙල් Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 සාමුවෙල් and the Holy Bible online.
Choose a Chapter
1 සාමුවෙල් 14
පරිච්ඡේදය 14
1. එක් දවසක් සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අර පැත්තේ සිටින පිලිස්තිවරුන්ගේ මුර සමුදාව ළඟට යමුයයි කීවේය. නුමුත් ඔහු තමාගේ පියාට දැන්නුවේ නැත.
2. සාවුල් ගිබියාහි කෙළවර මිග්‍රොන්හි තිබෙන දෙළුම් ගස යට සිටියේය. ඔහු සමඟ සිටි සෙනඟ හසියයක් පමණ මනුෂ්‍යයෝය.
3. ෂීලෝහි ස්වාමීන්වහන්සේගේ පූජකයාව සිටි ඒලීගේ පුත්‍රවූ පීනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදරවූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා එහි ඒඵොද් සැට්ටයක් ඇඳගන සිටියේය. යොනාතාන් ගිය බව සෙනඟ නොදැන සිටියෝය.
4. පිලිස්තිවරුන්ගේ මුර සමුදාව ළඟට යොනාතාන් යන්ට උත්සාහකළ කඳු පාරවල් අතරේ එක පැත්තක ගිරිකුළක්ද අනික් පැත්තේ ගිරිකුළක්ද තිබුණේය. එකක නම බෝශෙශ්ය, අනිකේ නම සෙනේය.
5. එක ගිරිකුළක් උතුරට මික්මාෂ් ඉදිරිපිටද අනික් එක දකුණට ගෙබා ඉදිරිපිටද උස්ව තිබුණේය.
6. යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය.
7. ඔහුගේ ආයුධ ගෙනයන්නාද: ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න. එහි යමු, ඔබේ සිතේ හැටියටම මම ඔබ සමඟ සිටිමියි ඔහුට කීවේය.
8. එවිට යොනාතාන්: අපි මේ මනුෂ්‍යයන් ළඟට ගොස් ඔවුන්ට පෙනෙමුව.
9. එවිට ඔවුන්ඔබ සැම ළඟට අප එන කල් නවතින්නැයි අපට කීවොත් අපි ඔවුන් ළඟට නැගී නොගොස් අපේ ස්ථානයෙහිම සිටිමුව.
10. එහෙත් ඔවුන්අප ළඟට නැගී එන්නැයි කීවොත්, අපි නැගී යමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබේ. ඒක අපට ලකුණ වන්නේයයි කීය.
11. ඔවුන් දෙදෙනා ගොස් පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පෙනුණාහ. පිලිස්තිවරු: අන්න, හෙබ්‍රෙව්වෝ සැඟවී සිටින ගුහාවලින් පිටතට එතියි කීවෝය.
12. මුර සමුදාවේ මිනිස්සු යොනාතාන්ටත් ඔහුගේ ආයුධ ගෙනයන්නාටත් කථාකොට: අප ළඟට නැගී එන්න, අපි ඔබ සැමට කාරණයක් පෙන්වන්නෙමුයයි කීවෝය. යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: මා පස්සේ එන්න, ස්වාමීන්වහන්සේ ඔවුන් ඉශ්‍රායෙල් අතට පාවාදී තිබේයයි කීවේය.
13. යොනාතාන්ද ඔහු පස්සේ ඔහුගේ ආයුධ ගෙනයන්නාද අත් පා ගගහා නැගී ගියෝය. ඔව්හු යොනාතාන් ඉදිරියෙහි පැරදී වැටුණෝය; ආයුධ ගෙනයන්නාද ඔහු පස්සේ ගොස් ඔවුන් මැරුවේය.
14. යොනාතාන්ද ඔහුගේ ආයුධ ගෙනයන්නාද මුලදී මෙසේ මැරුවේ අක්කරයක බිමේ හීවිටි බාගයක දිග ප්‍රමාණය හරියේ විසි දෙනෙකු පමණය.
15. කඳවුරේද එළිමහනේද මුළු සෙනඟ අතරේද වෙවුලුමක් හටගත්තේය; මුර සමුදාවත් කොල්ලකාරයොත් වෙවුලුවෝය. පොළොව කම්පාවිය; මෙසේ ඉතා මහත් වෙවුලුමක් වූයේය.
16. බෙන්යමින් ගිබියාහි සාවුල්ගේ රැකවල්ලු බැලූ විට ඒ සමූහයා අඩුවෙවී ඔබ මොබ විසිර යනවා දුටුවෝය.
17. එවිට සාවුල් තමා සමඟ සිටි සෙනඟට කථාකොට: අප කෙරෙන් ගියේ කවුද කියා ගණන්කර බලන්නැයි කීවේය. ඔවුන් ගණන්කළ විට යොනාතාන්ද ඔහුගේ ආයුධ ගෙනයන්නාද එහි නැති බව පෙනී ගියේය.
18. සාවුල් අහියාට කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මෙහි ගෙනෙන්නැයි කීවේය. මක්නිසාද එකල්හි දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත තිබුණේය.
19. සාවුල් පූජකයාට කථාකරන අතර පිලිස්තිවරුන්ගේ කඳවුරේ තිබුණ කෝලාහලය වැඩි වැඩිව පැවැත්තේය. ඔබේ අත අහකට ගන්නැයි සාවුල් පූජකයාට කීය.
20. එවිට සාවුල්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද එකට රැස්ව යුද්ධයට පැමිණියෝය. එවිට එක එක මනුෂ්‍යයාගේ කඩුව තම තමා ළඟ සිටි තැනැත්තාට විරුද්ධව තිබී, ඉතා මහත් විසිරීමක් හටගෙන තිබෙන බව ඔව්හු දුටුවෝය.
21. අවට ප්‍රදේශවලින් පිලිස්තිවරුන් සමඟ කඳවුරට ඇවිත් පෙර ලෙස ඔවුන් සමඟ සිටියාවූ හෙබ්‍රෙව්වරුන් සාවුල් හා යොනාතාන් සමඟ සිටි ඉශ්‍රායෙල්වරුන්ට එකතු වුණෝය.
22. එසේම එප්‍රායිම් කඳු රටේ සැඟවී සිටි සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයොත් පිලිස්තිවරුන් පලායන බව අසා සටන්කරමින් ඔවුන් පස්සේ හයියෙන් එළවාගන ගියෝය.
23. මෙසේ ස්වාමීන්වහන්සේ ඒ දවසේදී ඉශ්‍රායෙල්වරුන් ගැළවූසේක. යුද්ධයද බෙත්-ආවන් ඉක්මවා පැවතුණේය.
24. ඒ දවසේදී ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පෙළෙමින් සිටියෝය. එහෙත් සාවුල් කථාකොට: මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සවස්වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ දිවුරෙවුවේය. එබැවින් සෙනඟගෙන් කිසි කෙනෙක් කෑම කෑවේ නැත.
25. මුළු සෙනඟ වනයට පැමින්නෝය; එහි බිම පිට මීපැණි තිබුණේය.
26. සෙනඟ වනයට පැමිණි විට මීපැණි වැගිරෙනවා දුටුවෝය. නුමුත් සෙනඟ දිවුරුම ගැන භයවූ බැවින් කවරෙක්වත් තමාගේ අත කටට ගත්තේ නැත.
27. නුමුත් තමාගේ පියා සෙනඟ දිවුරවනවා යොනාතාන්ට ඇසුණේ නැත. ඔහු තමාගේ අතේ තිබුණු සැරයටිය දිඟුකොට එහි අග මීවදයක ගල්වා ඒවා අරගන කටට ගත්තේය; එයින් ඔහුගේ ඇස් පැහැදුණේය.
28. එවිට සෙනඟගෙන් එක්කෙනෙක් කථාකරමින්: ඔබේ පියාණෝ අද කෑම කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ තදින් දිවුරෙවුවාහ. මෙසේ සෙනඟද විඩාවී සිටිතියි කීවේය.
29. එවිට යොනාතාන් කථාකොට: මාගේ පියාණන් දේශය කළඹා තිබේ. මේ මීපැණි ටික කෑමෙන් මාගේ ඇස් පැහැදුණ හැටි බලන්න.
30. ඉදින් සෙනඟ තමුන්ගේ සතුරන්ගෙන් ලබාගත් කොල්ලයෙන් රිසිසේ අද කෑවානම් තව කොපමණ හොඳද? මක්නිසාද දැනට පිලිස්තිවරුන් අතරෙහි මහත් නාස්තියක් වී නැතැයි කීවේය.
31. ඔව්හු ඒ දවසේදී මික්මාෂ් පටන් ආයලොන් දක්වා පිලිස්තිවරුන්ට පහරදුන්නෝය. සෙනඟ ඉතා විඩාවී සිටියෝය.
32. සෙනඟ කොල්ලය පිටට පැන, බැටළුවන්ද හරකුන්ද වස්සන්ද අරගන බිමදමා මරා, ලේ පිටින් කෑවෝය.
33. එවිට: සෙනඟ ලේ පිටින් කෑමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කරතියි කියා සාවුල්ට දන්වනලද්දේය. ඔහුද: ඔබ සැම ද්‍රෝහි ලෙස ක්‍රියාකළහුය. අද මා ළඟට මහත් ගලක් පෙරළා ගෙන එන්නැයි කීවේය.
34. තවද සාවුල්: ඔබ සැම සෙනඟ අතරට ගොස්-ලේ සමඟ කෑමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්නොකර, ඔබ සැම එකිනෙකා තම තමාගේ හරකාද තම තමාගේ බැටළුවාද මා ළඟට ගෙනැවිත් මෙහි මරා කන්නැයි කියන්ට කීවේය. මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ හරකා රාත්‍රියෙහි ගෙනවුත් එහි මැරුවෝය.
35. සාවුල් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේය. එය ඔහු විසින් ස්වාමීන්වහන්සේට ගොඩනැගූ පළමුවෙනි පූජාසනයය.
36. තවද සාවුල් කථාකොට: අපි අද රාත්‍රියේ පිලිස්තිවරුන් පස්සේ ගොස් ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොකර පහන්වෙන තෙක් ඔවුන්ගෙන් කොල්ලගනිමුයයි කීවේය. ඔව්හුද: ඔබට හොඳව පෙනෙන කොයි දේ වුවත් එය කළ මැනවැයි කීවෝය. එවිට පූජකයා: අපි මෙහි දෙවියන්වහන්සේ වෙතට ළංවමුයයි කීවේය.
37. සාවුල්ද: මා පිලිස්තිවරුන්ට විරුද්ධව යන්ට ඕනෑද? ඔබවහන්සේ ඔවුන් ඉශ්‍රායෙල් අතට පාවාදෙනසේක්දැයි දෙවියන්වහන්සේගෙන් විචාළේය. නුමුත් උන්වහන්සේ එදා ඔහුට උත්තර නුදුන්සේක.
38. එවිට සාවුල් කථාකොට: සෙනඟගේ සියලු ප්‍රධානියෙනි, මෙහි ඇවිත්, අද මේ පාපය සිද්ධවුණේ කුමක් කරණකොටගෙනද කියා බලා දැනගන්න.
39. මක්නිසාද එය තිබෙන්නේ මාගේ පුත්‍රවූ යොනාතාන් කෙරෙහි වුණත්, ඉශ්‍රායෙල් ගළවන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔහු නසින්නටම ඕනෑයයි කීවේය. නුමුත් මුළු සෙනඟ අතරෙන් කිසිවෙක් ඔහුට උත්තර දුන්නේ නැත.
40. එවිට ඔහු: ඔබ සැම එක පක්ෂයක සිටින්න, මමද මාගේ පුත්‍රවූ යොනාතාන්ද අනික් පක්ෂයේ සිටිමුයයි සියලු ඉශ්‍රායෙල්වරුන්ට කීවේය. ඔබට යහපත්ව පෙනෙන දෙයක් කළමැනවයි සෙනඟ සාවුල්ට කීවෝය.
41. සාවුල්ද: ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, හරි දේ පෙන්වාදුනමැනවයි ස්වාමීන්වහන්සේට කීවේය. පසඇට දැමූ විට සාවුල් සහ යොනාතාන් අසුවුණෝය, සෙනඟ ගැළවුණෝය.
42. මා සහ මාගේ පුත්‍රවූ යොනාතාන් අතරේ පසඇට දමන්නැයි සාවුල් කීය. එවිට යොනාතාන් අසුවිය.
43. ඔබ කළේ මොකද කියා මට කියන්නැයි සාවුල් යොනාතාන්ට කීවේය. යොනාතාන් ඔහුට කියනුයේ: මාගේ අතේ තිබුණු සැරයටියේ අගින් මීපැණි ටිකක් ගෙන කෑවා සැබෑය; ඔන්න, මා නසින්ට ඕනෑයයි කීවේය.
44. සාවුල්ද: යොනාතාන්, ඔබ නසින්ටම ඕනෑය, නැත්නම් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කීයේය.
45. එවිට සෙනඟ සාවුල්ට කථාකොට: ඉශ්‍රායෙල්හි මේ මහත් ගැළවීම සිද්ධකළ යොනාතාන් නසින්ට ඕනෑද? එසේ නොවේවා. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම ඔහුගේ හිසෙන් කේශයක්වත් බිම නොවැටෙන්නේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ සමඟ අද දවසේ ක්‍රියාකෙළේයයි කීවෝය. මෙසේ යොනාතාන් නොනසින ලෙස සෙනඟ ඔහු මුදාගත්තෝය.
46. එවිට සාවුල් පිලිස්තිවරුන් පස්සේ නොගොස් හැරී ආවේය. පිලිස්තිවරු තමුන්ගේ ස්ථානයට ගියෝය.
47. මෙසේ සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම ලැබුවායින් පසු වටකර සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත් අම්මොන් පුත්‍රයන්ටත් ඒදොම්වරුන්ටත් ශෝබාහි රජුන්ටත් පිලිස්තිවරුන්ටත් විරුද්ධව යුද්ධ කෙළේය. ඔහු ගිය ගිය තැන ජයගත්තේය.
48. ඔහු වික්‍රමාන්විතව ක්‍රියාකරනුයේ, අමලෙක්වරුන්ට පහරදී, ඉශ්‍රායෙල් කොල්ලකන අයින්ගේ අත්වලින් ඔවුන් ගළවා ගත්තේය.
49. සාවුල්ගේ පුත්‍රයෝනම් යොනාතාන්ද ඉශ්වීද මල්කීෂුවාද යන මොව්හුය. ඔහුගේ දූවරුන් දෙදෙනාගේ නාම මේය: වැඩිමහල් දුවගේ නම මේරබ්ය, බාල දුවගේ නම මීඛල්ය.
50. සාවුල්ගේ භාර්යාවගේ නම අහීනොවම්ය, ඈ අහීමයශ්ගේ දුවය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර්ය, ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයාය.
51. සාවුල්ගේ පියා කීෂ්ය. අබ්නේර්ගේ පියවූ නේර් අබියෙල්ගේ පුත්‍රයාය.
52. සාවුල්ගේ සියලු දවස්වල පිලිස්තිවරුන්ට විරුද්ධව දරුණුවූ යුද්ධ පැවතුණේය. සාවුල් වනාහි යම් බලසම්පන්න මනුෂ්‍යයෙකු හෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු හෝ දුටු විට ඔහු තමා යටතට පත්කරගත්තේය.
About 1 සාමුවෙල් Chapter 14
Read 1 සාමුවෙල් Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 සාමුවෙල්
Chapter: 14
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 සාමුවෙල් Chapter 14 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 සාමුවෙල් Chapter 14?
1 සාමුවෙල් Chapter 14 is part of the Book of 1 සාමුවෙල් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 සාමුවෙල් Chapter 14 online for free with easy chapter navigation.
More Chapters from 1-සාමුවෙල්
- 1 සාමුවෙල් Chapter 11
- 1 සාමුවෙල් Chapter 24
- 1 සාමුවෙල් Chapter 20
- 1 සාමුවෙල් Chapter 7
- 1 සාමුවෙල් Chapter 22
- 1 සාමුවෙල් Chapter 21
- 1 සාමුවෙල් Chapter 30
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 73
- යෝබ් Chapter 1
- ලෙවී කථාව Chapter 1
- මීකා Chapter 7
- 1 සාමුවෙල් Chapter 31
- නික්මයාම Chapter 12
- යෙසායා Chapter 61