Read යෝබ් Chapter 9 Online
Read යෝබ් Chapter 9 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝබ් and the Holy Bible online.
Choose a Chapter
යෝබ් 9
පරිච්ඡේදය 9
1. එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2. ඒ එසේමයයි මම සැබවින් දනිමි. නුමුත් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කෙසේද?
3. උන්වහන්සේ ඔහු සමඟ විවාද කරන්ට කැමතිවුණොත්, උන්වහන්සේට දහසකින් එකකටවත් උත්තරදෙන්ට ඔහුට බැරිය.
4. උන්වහන්සේ සිතින් ප්‍රඥාවන්තය, ශක්තියෙන් බලසම්පන්නය. උන්වහන්සේට විරුද්ධව සිත් දැඩි කරගන සමාදානයෙන් වර්ධනය වුණේ කවුද?
5. උන්වහන්සේ හදිසියෙන්ම කඳු පහකර, තමන්ගේ උදහසින් ඒවා පෙරළා දමනසේක.
6. උන්වහන්සේ පොළොව ඒකේ ස්ථානයෙන් සොලවා හරිනසේක, ඒකේ කණුද වෙවුලන්නේය.
7. ඉර නොපායන හැටියට උන්වහන්සේ අණකරනසේක; තාරකා මුද්‍රකර තබනසේක.
8. උන්වහන්සේ පමණක්ම අහස දිගහරිනසේක, මුහුදු රැළ පිටද ඇවිදිනසේක.
9. උන්වහන්සේ මහවලසාද මුවසිරසද හත්දින්නද දක්ෂිණ නිවාසද සාදනසේක.
10. උන්වහන්සේ සොයා දැනගන්ට බැරිවූ මහත් දේද ගණන් නැති පුදුමවල්ද කරනසේක.
11. බලව, උන්වහන්සේ මා ළඟින් යන නුමුත් මට පෙනෙන්නේ නැත; මා පසුකර යන නුමුත් මට දැනෙන්නේ නැත.
12. උන්වහන්සේ අල්ලාගන්න කල උන්වහන්සේ වලක්වන්නේ කවුද? ඔබ මක්කරනවාදැයි උන්වහන්සේට කියන්ට පුළුවන් කාටද?
13. දෙවියන්වහන්සේ තමන් උදහස පහකර නොගන්නාසේක; උඩඟු උපකාරකාරයෝ උන්වහන්සේට යටත්වෙති.
14. එසේවී නම් මම උන්වහන්සේට උත්තර දෙමින්, උන්වහන්සේ සමඟ විවාදකරන්ට මාගේ වචන තෝරාගන්නේ කොහොමද?
15. මම ධර්මිෂ්ඨවුවත්, උන්වහන්සේට උත්තර නොදී, මාගේ විරුද්ධකාරයාට කන්නලව් කරන්නෙමි.
16. මා යාච්ඤාකළ විට උන්වහන්සේ මට උත්තරදුන්නත්, උන්වහන්සේ මාගේ හඬට කන්දුන් බව විශ්වාස නොකරන්නෙමි.
17. මක්නිසාද උන්වහන්සේ කුණාටුවකින් මා පොඩිකර, නිකරුණේ මාගේ තුවාල වැඩිකරනසේක.
18. උන්වහන්සේ මට හුස්ම ගන්ටනොදී, තික්තකම්වලින් මා පුරවනසේක.
19. ශක්තිය ගැන කථාකරමු නම් එය ඇත්තේ උන්වහන්සේටය; විනිශ්චය ගැන නම් මට කාලයක් නියමකරන්නේ කවරෙක්ද?
20. මම ධර්මිෂ්ඨයයි කීවත් මාගේ මුඛය මා වරදට පත්කරන්නේය, මම නිදොස්යයි කීවත් එය මා වරදකාරයෙක් බව ඔප්පුකරන්නේය.
21. මා නිදොස් වුවත් මාගේ ප්‍රාණය ගැන නොසලකමි; මාගේ ජීවිතය සුළුකොට සිතමි.
22. කොයි එකත් එකය; එහෙයින්: උන්වහන්සේ සම්පූර්ණ අය සහ දුෂ්ටයාද විනාශකරනසේකැයි කියමි.
23. විපත නමැති කස පහරින් හදිසියෙන් මරණය වුවත්, නිදොස් අයගේ විපත්තියට උන්වහන්සේ සිනාසෙනසේක.
24. පොළොව දුෂ්ටයාගේ අතට භාරදී තිබේ. එහි විනිශ්චයකාරයන්ගේ මුහුණු උන්වහන්සේ වසනසේක; ඒ උන්වහන්සේ නොවේනම් වෙන කවුද?
25. මාගේ දවස් දුවන පණිවිඩකාරයෙකුට වඩා වේගවත්ය. ඒවා හොඳක් නොදැක පලායයි.
26. ඒවා ඉක්මනින් දුවන නැව් මෙන්ද ගොදුර පිටට වේගයෙන් බැස යන රාජාලියෙකු මෙන්ද පහව ගියේය.
27. මාගේ විලාපය මතකනැතිකර, මාගේ දුක්මුසු පෙනීම වෙනස් කරගෙන, සොම්නස්වන්නෙමියි කීවත්,
28. මාගේ සියලු දුක්වලට භයෙන් සිටිමි, ඔබ මා නිර්දෝෂ කොට ගණන් නොගන්න බව දනිමි.
29. මම වරදකාරයෙක් වන්නෙමි; එබැවින් නිෂ්ඵලයේ කුමට වෙහෙසෙම්ද?
30. මා හිම දියෙන් නාගන, මාගේ අත් කොපමණ පවිත්‍රකර ගත්තත්,
31. ඔබ මා මඩ වළේ හෙළනසේක, මාගේම ඇඳුම් මට පිළිකුල්ය.
32. මක්නිසාද මා විසින් උන්වහන්සේට උත්තරදෙන්ටත්, මා උන්වහන්සේ සමඟ විනිශ්චයට පැමිණෙන්ටත් පුළුවන්වන ලෙස, උන්වහන්සේ මා වාගේ මනුෂ්‍යයෙක් නොවේය,
33. අප දෙගොල්ල කෙරෙහි තමාගේ අත තබන්ට අප අතරේ බේරුම්කාරයෙක් නැත.
34. උන්වහන්සේ තමන් ඉපල මා කෙරෙන් පහකරගන්නසේක්වා, උන්වහන්සේගේ භීතිය මා ත්‍රස්ත නොකෙරේවා.
35. එවිට මම උන්වහන්සේට භය නැතුව කථාකරන්නෙමි; මක්නිසාද එසේ වීමට මා තුළ කාරණයක් නැත.
About යෝබ් Chapter 9
Read යෝබ් Chapter 9 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෝබ්
Chapter: 9
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෝබ්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෝබ් Chapter 9 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෝබ් Chapter 9?
යෝබ් Chapter 9 is part of the Book of යෝබ් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෝබ් Chapter 9 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 18
Explore More from යෝබ්
- යෝබ් Chapter 39
- යෝබ් Chapter 32
- යෝබ් Chapter 1
- යෝබ් Chapter 6
- යෝබ් Chapter 3
- යෝබ් Chapter 19
- යෝබ් Chapter 17