යෙසායා Chapter 26

For English

Read යෙසායා Chapter 26 Online

Read යෙසායා Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙසායා and the Holy Bible online.

Choose a Chapter

යෙසායා 26

පරිච්ඡේදය 26

1. ඒ දවසෙහි මේ ගීතිකාව යූදා දේශයෙහි ගීතිකාකරනු ලබන්නේය: අපට බලවත් නුවරක් ඇත; තාප්ප හා පවුරු පිණිස උන්වහන්සේ ගැළවීම නියමකරනසේක.

2. විශ්වාසකම පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල්වෙන පිණිස දොරවල් අරින්න.

3. ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.

4. ස්වාමීන්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාසකරන්න. මක්නිසාද යෙහොවඃ නම්වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්ය.

5. මක්නිසාද උන්වහන්සේ උසස්ථානය වන උස්වූ නගරයේ වැසියන් හෙළාදැමූසේක. උන්වහන්සේ එය පහත්කරනසේක, බිමටම ඒක පහත්කර ධූලියටම පමුණුවනසේක.

6. පාදය ඒක පාගන්නේය; දිළිඳුන්ගේ පාදත් දුර්වලයන්ගේ අඩිත් ඒක පාගනවා ඇත.

7. ධර්මිෂ්ඨයාගේ මාර්ගය ඇදනැති මාර්ගයක්ය. සෘජුගුණාන්විතවූ තැනන්වහන්ස, ඔබවහන්සේ ධර්මිෂ්ඨයාගේ මාවත හසුරුවනසේක.

8. එසේය, ස්වාමීන්වහන්ස, ඔබගේ විනිශ්චයවල මාර්ගයෙහි අපි ඔබ ගැන බලාසිටියෙමු; අපේ ආත්මයේ ආශාව ඔබගේ නාමය හා ඔබගේ සංඥා නාමය කෙරෙහිය.

9. මාගේ ආත්මයෙන් මම රාත්‍රියෙහි ඔබ කෙරෙහි ආශාවීමි; එසේය, මා තුළ මාගේ ආත්මයෙන් අලුයම ඔබ සොයන්නෙමි. මක්නිසාද ඔබගේ විනිශ්චයන් පොළොවේ ඇතිකල්හි ලෝ වැසියෝ ධර්මිෂ්ඨකම ඉගෙනගනිති.

10. දුෂ්ටයාට කරුණාව ලැබෙන නුමුත් ඔහු ධර්මිෂ්ඨකම ඉගෙනගන්නේ නැත; යුක්තිය ඇති දේශයෙහිත් ඔහු අපරාධ ක්‍රියාකරනවා ඇත, ඔහු ස්වාමීන්වහන්සේගේ මහන්තත්ත්වයද නොදක්නේය.

11. ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය.

12. ස්වාමීන්වහන්ස, ඔබ අප උදෙසා සමාදානය ප්‍රදානයකරනසේක. මක්නිසාද අපේ සියලු කාරණාම ඔබ අප උදෙසා කරදුන්සේක.

13. අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ඇර වෙන ස්වාමිවරු අප ආණ්ඩුකළෝය; නුමුත් අපි ඔබ සහ ඔබගේ නාමය පමණක් සඳහන්කරන්නෙමුව.

14. මළාවූ ඔව්හු ජීවත්නොවන්නෝය; නැසීගියාවූ ඔව්හු නොනැගිටින්නෝය. එසේය, ඔබ ඔවුන් විමසා බලා ඔවුන් විනාශකොට, ඔවුන් ගැන මුළු සිහිවීම නැති කළසේක.

15. ස්වාමීන්වහන්ස, ඔබ සෙනඟ වැඩිකළසේක, ඔබ සෙනඟ වැඩිකර ගෞරවය ලබාගත්සේක. ඔබ දේශයේ සියලු මායිම්ද විශාලකළසේක.

16. ස්වාමීන්වහන්ස, විපතේදී ඔව්හු ඔබ දෙස බැලුවෝය; ඔබගෙන් ඔවුන්ට දඬුවම පැමුණුණවිට ඔව්හු කන්නලව්වක් වැගිරෙවුවෝය.

17. ගර්භණියක් බිහිකරන්ට ළංවෙන විට විළිරුජාවෙන් මිරිකී කෑගසන්නාක්මෙන්, ස්වාමීන්වහන්ස, ඔබ ඉදිරියෙහි අපි සිටි-යෙමුව.

18. අපි ගර්භිණීව සිට වේදනා විඳිමින් හුළඟ බිහිකළාක්මෙන් බිහිකෙළමුව; දේශයෙහි කිසි මිදීමක් ඉෂ්ට නොකෙළෙමුව; ලෝවැසියෝද නොවැටුණෝය.

19. ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද ඔබගේ පිනි පලාජාතිවල පිනි මෙන්ය, පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වනසේක.

20. මාගේ සෙනඟ එන්න, නුඹලාගේ ඇතුල් ගෙවලට ගොස් නුඹලාගේ දොරවල් වසාගන, කෝපය පහවයන තුරු ස්වල්ප මොහොතක් සැඟවී ඉන්න.

21. මක්නිසාද මෙන්න, ස්වාමීන්වහන්සේ, පොළෝ වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම්කරන්ට තමන්ගේ ස්ථානයෙන් නික්මී එනසේක. පොළොවද එහි මැරුම්කෑවුන් තවත් වසා නොගෙන එහි වැගිරෙවු ලේ ප්‍රකාශකරනවා ඇත.

About යෙසායා Chapter 26

Read යෙසායා Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙසායා
Chapter: 26
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙසායා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙසායා Chapter 26 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙසායා Chapter 26?

යෙසායා Chapter 26 is part of the Book of යෙසායා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙසායා Chapter 26 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 30
  5. නික්මයාම Chapter 26
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 18

Explore More from යෙසායා

  1. යෙසායා Chapter 43
  2. යෙසායා Chapter 37
  3. යෙසායා Chapter 29
  4. යෙසායා Chapter 22
  5. යෙසායා Chapter 2
  6. යෙසායා Chapter 61
  7. යෙසායා Chapter 30

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 141
  2. 2 කොරින්ති Chapter 8
  3. විනිශ්චයකාරයන් Chapter 9
  4. යෙරෙමියා Chapter 21
  5. 1 කොරින්ති Chapter 1
  6. ගීතාවලිය Chapter 75
  7. ද්වීතීය කථාව Chapter 25
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *