Read උත්පත්ති Chapter 7 Online
Read උත්පත්ති Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 7
පරිච්ඡේදය 7
1. ස්වාමීන්වහන්සේ නෝවාහට කථාකොට: ඔබද ඔබේ මුළු පවුලද නැවට ඇතුල්වෙන්න; මක්නිසාද ඔබ මේ පරම්පරාවෙහි මා ඉදිරියේ ධර්මිෂ්ඨව සිටින බව දුටුවෙමි.
2. මුළු පොළෝතලයෙහි සත්වයන් පවතින පිණිස සියලු පවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් සත් සත් දෙනෙකු බැගින්ද අපවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් දෙදෙනෙකු බැගින්ද
3. ආකාශ පක්ෂීන්ගෙනුත් ගෑනු පිරිමි සතුන් සත් සත් දෙනෙකු බැගින්ද ඔබ වෙතට ගන්න.
4. මක්නිසාද තව සත් දවසකින් දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වස්වන්නෙමි; මා විසින් සාදනලද ජීවමාන සියල්ල භූමිය මතුපිටින් නැතිකරදමන්නෙමියි කීසේක.
5. නෝවා ස්වාමීන්වහන්සේ තමාට අණ කළ සියල්ල ලෙස කෙළේය.
6. පොළොවෙහි ජලගැල්ම වූ කල්හි නෝවා අවුරුදු හසියයක් වයස්ව සිටියේය.
7. ජලගැල්ම නිසා නෝවාද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල්වූවෝය.
8. පවිත්‍ර මෘගයන්ගෙන්ද අපවිත්‍ර මෘගයන්ගෙන්ද පක්ෂීන්ගෙන්ද භූමියෙහි බඩගා යන සියල්ලන්ගෙන්ද ගෑනු පිරිමි සතුන්
9. දෙන්න දෙන්නා බැගින් දෙවියන්වහන්සේ නෝවාට අණ කළ ලෙස නෝවා වෙත නැවට ඇතුල්වූවෝය.
10. ඒ සත් දවසට පසු ජලගැල්ම පොළොවෙහි විය.
11. නෝවාගේ ජීවිතයේ හසියවෙනි අවුරුද්දේ දෙවෙනි මස දස සත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය.
12. දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වැස්සේය.
13. එම දවසෙහිම නෝවාද නෝවාගේ පුත්‍රයන්වූ ෂෙම්, හාම් සහ යඵෙත්ද නෝවාගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන් සමඟ ඔවුන්ගේ භාර්යාවන් තුන්දෙනාද නැවට ඇතුල්වූවෝය;
14. ඔව්හුද එක එක වර්ගයේ සියලු මෘගයෝද එක එක වර්ගයේ සියලු සිව්පාවෝද එක එක වර්ගයේ පොළොවෙහි බඩගා යන සියල්ලෝද එක එක වර්ගයේ සියලු පක්ෂීහුද සියලු වර්ගවල සියලු කුරුල්ලෝද ඇතුල්වූවෝය.
15. මෙසේ ජීවන හුස්ම ඇති මාංසමය සියල්ලන්ගෙන් දෙන්න දෙන්නා බැගින් නෝවා වෙත නැවට ඇතුල්වූවෝය.
16. ඇතුල්වූ සත්වයෝ දෙවියන්වහන්සේ ඔහුට අණකළ ලෙස මාංසමයවූ සියල්ලන්ගෙන් ගෑනු පිරිමි වශයෙන් ඇතුල්වූවෝය. ස්වාමීන්වහන්සේ ඔහු ඇතුල්කොට දොර වැසූසේක.
17. ජලගැල්ම සතළිස් දවසක් පොළොවෙහි විය; ජලය වැඩිව නැව ඉල්පවිය, ඒක පොළොවෙන් ඉවත්ව ගියාය.
18. ජලය බලවත්ව පොළොව පිට බොහෝසෙයින් වැඩිවිය; නැවද ජල මතුයෙහි ගියාය.
19. ජලය පොළොව පිට අතිශයින් බලවත්විය; මුළු අහස යට පිහිටි සියලු උස් කඳු වැසීගියේය.
20. කඳු වැසී ඊට ඉහළින් රියන් පසළොසක් ජලය උස්ව ගියේය.
21. පක්ෂීහුද සිව්පාවෝද මෘගයෝද පොළොවෙහි බඩගා යන සියල්ලෝද සියලු මනුෂ්‍යයෝද යන පොළොව පිට හැසිරෙන මාංසමයවූ සියල්ලෝ නැසුණෝය.
22. තමන්ගේ නාස්පුඩුවල ජීවන හුස්ම ඇත්තාවූ එනම් ගොඩබිම සිටි සියල්ලෝම මළෝය.
23. මෙසේ මනුෂ්‍යයා පටන් සිව්පාවාද බඩගා යන සත්වයාද ආකාශයේ පක්ෂියාද දක්වා භූමිය මතුපිට සිටි සියලු ප්‍රාණීහුම විනාශකරන ලද්දෝය; ඔව්හු පොළොවෙන් විනාශ කරනලද්දෝය. නෝවා සහ ඔහු සමඟ නැවෙහි සිටියාහු පමණක් ඉතිරිවූවෝය.
24. ජලය එකසිය පනස් දවසක් පොළොව පිට බලවත්ව පැවතුණේය.
About උත්පත්ති Chapter 7
Read උත්පත්ති Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 7
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 7 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 7?
උත්පත්ති Chapter 7 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 7 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 19
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 33
- උත්පත්ති Chapter 30
- උත්පත්ති Chapter 22
Explore More from පැරණි ගිවිසුම
- යෙරෙමියා Chapter 14
- උත්පත්ති Chapter 4
- එසකියෙල් Chapter 1
- ගීතාවලිය Chapter 37
- ද්වීතීය කථාව Chapter 11
- යෙරෙමියා Chapter 50
- ගීතාවලිය Chapter 104